සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම සතියකින් විතර ආවෙ :rolleyes:
පුදුම දුකක් දැනුන, ඇහැට කදුළු ආව වෙලා තියෙන දේට :sorry:
නමුත් දැන් ඒක යථා තත්වයට පත් වෙලා බව පෙනුනත් තවමත් අපේ සහෝදරයන්ගෙ හිත්වල දුක ඇතිබව පේනවා
එකම ඉල්ලීමක් කරනවා
සාහිත්‍ය රසයට කැමති අපි වගේ අය ගැන අනුකම්පා කරල දිගටම විචාර සහ නිදාන කතා දාන්න
මම අවුරුදු 4 විතර එළකිරි ආවගියා. එකවුන්ට් තිබ්බෙ නෑ. මේ ත්‍රෙඩ් එක මම දැකපු වටිනම ත්‍රෙඩ් එක නිසා මේකට කමෙන්ට් දාන්නමයි එකවුන්ට් එකක් හැදුවෙ. මම හිතුනෙ නෑ කවදානත් මෙහෙම වෙයි කියල. වසලයකු ගේ වදනකට නොසැලෙන මෙන් ඉල්ලමි
:(

සස්ලිට් ඇතුළු පෝස්ට් දාන අ‍යගෙන් කාරුණිකව ඉල්ලමි
*රෑ ඉරපාන* කියන වචනය ඔයාලගෙ හිතෙන් අයින් කරන්න
ආයෙත් මේ ත්‍රෙඩ් එකට ඔය වචනෙ ගාවගන්න එපා

අපි සියළු දෙනා දන්නවා ඔයාල මේ ත්‍රෙඩ් එකේ ගීත විචාර දැමීමට මහන්සි වන තරම
අපි ඔබලාට ඒ වෙනුවෙන් පිං දෙනවා මේ කරන ධර්ම දානයට

කරුණාකර මේ ත්‍රෙඩ් එක පෙර පරිදිම කිසිදු වෙනසකින් තොරව දිගටම කර ගෙන යනමෙන් සස්ලිට් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ලමි
ඔබ සියල්ලන්ට ජය !
:)

මාගේ ප්‍රාර්ථනය - *ලොව පවතින සිංහල ගීත සියල්ලේම නිදාන කතා සහ විචාර දමා අවසන් වූවත් මේ ත්‍රෙඩ් එක ඉවර නොවේවා !*:love:
ආමග කෙටී - යායුතු මග දුරයි .....

11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    [FONT=&quot]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT]

    [FONT=&quot]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    [FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]
    [FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]
    [FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]
    [FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

    [FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]
    [FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]
    [FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]
    [FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

    [FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]
    [FONT=&quot]මාල බැදුණු ගෙල ‍කුමරිගෙ හදපානේ[/FONT]
    [FONT=&quot]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT]
    [FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

    [FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]
    [FONT=&quot]කිමද ‍කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

    අපෙ උපාධි උත්සවය තිබ්බා 14 වෙනිදා:) මෙ සින්දුවෙ කියන කතාව මෙ දවස්වල හදවතටම දැනෙනවා සරසවියෙ දාලා එන්න බැරි කෙනෙක් නැති උනත් මම මේ දවස්වල වැරදිලාවත් මෙ සින්දුව අහන්නෙ නැ පපුව හිරවෙලා මැරෙන්න ඉඩ තියනවා:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ කවුරු උනත් ජීවිතේ තනිකම පාලුව කාන්සිය මොහොතක් හෝ විදල දැනිලා ඇති.... ඒත් ඒ විදින තනිකම ඔබට මොහොතකින් අමතක වෙලා යනව. මොහොතකින් ඒ තනිකම මැකෙන කුමන හෝ සිදුවීමක් සිදුවන නිසයි එහෙම තනිකම අමතක වෙලා යන්නෙ...

    නමුත් ආදරය සෙනෙහස වැනි කාරණා වලදි අපි අපේ ජීවිතේ තනිවෙලා කියල දැනුනම.... භෞතිකව සිදුවන තනිවීමට වඩා දරාගන්න අපහසුම කාරණය තමා අපි අපේ සිතන්ම තනිවෙලා කියන තත්වයට පත්වීම හා අපේ සිතට එය දැනීම... එවිටදි ඒ තනිකම දුරස්කරන්න සිව්රග සේනාව පැමිණීයත් වැඩක් නෑ.. ඇය හෝ ඔහු නැතිනම්... මේ ගීතයත් අන්න ඒ වගේ ගීතයක් ලෝකයටම මූසල දේවල් ඔහු ලංකරගෙන... තනිකම විදිනවා... සංගීතයත් පද රචනයත් එකතුවෙලා අපිට ඈත ගම්මානයක, කටුමැටි ගෙදරක කළුවරේ පැදුරක් එලාන හාන්සිවී සිටින පුද්ගලයෙකුගේ අදෝනාවක් ගැන ගීතයක් නෙමෙයි චිත්‍රපටියක් පෙන්වනවා.... මේ ගීතය මගින් ඔබ හා මම ජීවිතය ගෙවද්දී විඳපු සුන්දර වගේම අසුන්දර සිද්ධි, විරහව... එක්‌වීම්... වෙන්වීම්... මේ හැම දෙයක්‌ම අප ඉදිරියේ චිත්‍රණය කරනවා........

    තවදෙයක් තමයි අපි හැමෝම වගේම අපිටත් වඩා අපේ අච්චිල සීයල පැරණි මත සමග ගොඩාක් බැදිල ඉන්නෙ... මටනම් අදටත් හූනෙක් චික් චික් සද්දයක් දැම්මොතින් සූදානම් උන ගමන යනව බොරු... මොහොතක්වත් ඉන්න වෙනව... හිටියෙ නැතිනම් බලෙන් හරි නවත්තගන්නව... බස්සෙක් ඇඩලීම, උලලේනාගේ සද්දය, ගොම්මන වගේ දේවල් අශුබ දේවල් විදියටයි අපේ පැරැන්නො සලකන්නෙ... ඒ අසුබ දේවල් මේ ගීතයේදි තනිකඩය ලගට ගන්නෙ ඇයි කියන ගැටළුව මේ ගීතය පුරාවටම ප්‍රශ්ණාර්ථයක්... අපි බලමු ගීතය ගැන කතාරමින්ම ඒ පිළිබදව...

    මේ පුද්ගලයාගේ ජීවිතයේ අවසානයේ ඔහුගේ තනියට ඉන්නේ තනිකම විතරයි. ඉඳිකඩ පැන එන්නැයි තනිකමට ආරාධනා කරන්නේ වෙන කිසිවකට නොවේ. තුරුළු වෙලා නිදාගන්න ඔහුට ඉන්නේ මේ තනිකම විතරයි. තමා දමා ගිය කෙනා නිසා ඔහු තනිවෙලා.... ඒ තිනකම ඔහු විදිනවා... හැබැයි පුළුවන් කමකට නෙමෙයි.. ඔහුට විදින්න වෙලා... ඇය ඔහුව තනි කරලා....

    පිලේ පහන නිව්වා මං
    ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ...

    ගොම්මන් කළුවර නැතිවෙල ගියේ මගේ මේ පාළු පැල්පතේ තිබුන පහන් එළියෙන්... ඒ අඳුර කපාගෙන දැල්වෙන පහන නිවා දමා මම නිදි පැදුරට වැටුණා. මෙහෙම කළුවරේ නිදි නැතිව හාන්සිඋනාම තමා සිතුවිලි ගලා ගෙන එන්නෙ.. ඝනඳුරත් එක්‌ක හුදෙකලාව තදින් දැනෙනවා. මොනවා කරන්නද..? හැමදාම තනියම ඉන්න තනිකම වෙනදා වගේම ඉදිකඩ පැනලා වරෙන්. මම උඹ එන තුරු නිදි පැදුරේ බලා ඉන්නවා.

    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
    දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න...

    පසලොස්වක හද පායල දැන් පසලොස්වක ඉදන් අමාවකට යන කාලයේ... ඒ කියන්නෙ හදේ පිරිපුන් බව අඩුවෙමින් පවතින කාලය.... මේ පරාජිතයාගේ තනියට ඉන්නේ අන්න ඒ බැස යන සීතල පසළොස්‌වක සඳ. ඒ විතරක් නෙමෙයි දොළේ වතුර බැසයන තාලෙට වැනි වැනී නටන උණ පඳුරත් ඔහුගේ තනිය මකනවා. උලලේනා කියන්නේ මූසල සතෙක්‌ විදිහටයි සැලකෙන්නේ. උලලේනා හඬන්නේ දුක්‌බර මොහොතක. ඒ සුබ සුන්දර හඬක්‌ නොවේ. නමුත් උලලේනට හඩා යන්න කියනව... ඇයිමේ මෙහෙම අසුන්දර දෙවල් ලංකරගෙන.....?

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
    මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
    බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
    මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක...

    ඇයි මේ තිනිකඩයා වේදනා විදින්නේ... මූසල දේවල් ලංකර ගන්නේ කියල අපිට පැහැදිලි කරන්නෙ මෙන්න මේ පද පේලිවලින්... හැමෝටම වගේ මටත් සතුටු කාලයක් තිබුනා.... මටත් තනිකමට කෙනෙක් හිටියා... ඒත් ඒ සතුට එක්‌ හවසක පස්‌සා දොරෙන්ම යන්න ගිහින්. අන්න ඒ වේදනවා තමාටම කියාගන්නත්, සාමජයට පිටට නොදී ඒ වේදනාව විදින්නත්, ඒ සිදුවීම් නිසා ඔහු තුල සමාජය හා ඇති සියුම් වෛරය ප්‍රතිනිර්මාණය වීමටත් අවැසි නිසා තමයි මේ මහා මූසල දේවල් ඔහු සිය ජීවිතයට සුන්දර විදියට ලං කරගන්නේ... සමාජයටම එපා දේවල් සමාජයට හොදනැති දේවල් ඔහුට හොදයි.... දැන් මගේ සුසුම් නමැති මල් යායේ හමන්නේ බොල් ඉපනැලි සුවඳ විතරයි. ඇය නැති තනියත් එක්‌ක මගේ හිතේ ඉපදෙන දුක නිසායි දෙනෙත් තෙත් වන්නේ......

    අපේ ගී පද රචකයා පවසන්නෙ මෙන්න මෙවැනි අදහසක්...
    සොබා දහමේ සත්‍ය ස්‌වභාවය ආදරයටත්, ජීවිතයටත් පොදුයි කියා කියන්නයි මම උත්සාහ කළේ. මා ලියූ ගීත අතුරින් විශේෂිත ගීයක්‌. මට මතක හැටියට අසූහත අසූඅට වගේ කාලයක සුනිල් එදිරිසිංහ කැසට්‌ එකකට සිංදුවක්‌ ලියන්න මට ආරාධනා කළා. ප්‍රේමයේ සුන්දරත්වය වගේම ආදරයේ ජයග්‍රහණය ආදී ගීත ඒ කැසට්‌ පටයේ තිබුණා. මම හිතුවා ප්‍රේමය වුණත් පරාජිත ස්‌වභාවය විවරණය කරන ගී සුනිල් ගේ හඬින් එතරම් ගායනා වෙලා නෑ කියලා. එවැනි නිර්මාණවලට ඉඩකඩ තිබුණා. එනිසා මම ප්‍රේමය ගාවන්නේ නැතුව හුදෙකලාව, පාළුව ගැන කියෑවෙන ගීයක්‌ හැදුවා. ඒක තමයි මේ ගීතය.

    පිලේ පහන නිව්වා මං
    ගොම්මන් අඳුරේ...
    තනිකම වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ...

    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
    දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

    මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    තනිකම කියන දේ සහ තමාට අත්වූ ඉරණම මේ විදියට මූසල දේවල් ලංකරගෙන ආදරවන්තයෙක් ප්‍රකාශ කරද්දි, ආදරවන්තියක් තමාට වූ අසාධාරණය ඉතා සුන්දර වූ යෙදුම් යොදාගෙන අපිට ගෙන එනවා... සුන්දර ගීතය, කැටපත් පවුර, අසුරු සැන ආදිය විතරක් නෙමෙයි ඇය තමා හැර ගිය පෙම්වතාට, සමාජයට පමණක් නෙමෙයි ආදරයට පවා වෛර නොකර දුක්වෙනවා.. ඔබ දුක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා... රසවිදලම බලන්න ගීත දෙකේ තේමාවන් සමාන උනත් එය සුන්දරව ප්‍රකාශකරන්නාවූ ස්වරූපයන් දෙක...... (මේ ගීතය ගැනත් විචාරයක් ලබා දිය යුතුයි. එය පසුවට...)

    • Like
    Reactions: Dinushasankalpa

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    ඔබ කවුරු උනත් ජීවිතේ තනිකම පාලුව කාන්සිය මොහොතක් හෝ විදල දැනිලා ඇති....

    පිලේ පහන නිව්වා මං
    ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ...

    mama asama lassana sinduwak. me sinduwe sangeethayai sunil edirisinghe ge hangimbara katahandai e lassana thawath wadi karanawa :)
    lassanay wicharaya :D digatama karan yanna ...
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    අපෙ උපාධි උත්සවය තිබ්බා 14 වෙනිදා:) මෙ සින්දුවෙ කියන කතාව මෙ දවස්වල හදවතටම දැනෙනවා සරසවියෙ දාලා එන්න බැරි කෙනෙක් නැති උනත් මම මේ දවස්වල වැරදිලාවත් මෙ සින්දුව අහන්නෙ නැ පපුව හිරවෙලා මැරෙන්න ඉඩ තියනවා:(:(
    awurudu ganak ekata indala okkoma yaluwo wen wela yaddi dukaine :( :( :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමාවෙන්න වැරදි නිවැරදි කිරීමක්... අපේ මේ නූල කියවන සහෝදරියක් තමා පෙන්නල දුන්නේ මගේ අතපසුවීම... මේ ගීතයේ පදරචකයා ගැන... ඔන්න නිවැරදි කලා මම..
    p-15.jpg
     
    • Like
    Reactions: JHHA

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    තනිකම කියන දේ සහ තමාට අත්වූ ඉරණම මේ විදියට මූසල දේවල් ලංකරගෙන ආදරවන්තයෙක් ප්‍රකාශ කරද්දි, ආදරවන්තියක් තමාට වූ අසාධාරණය ඉතා සුන්දර වූ යෙදුම් යොදාගෙන අපිට ගෙන එනවා... සුන්දර ගීතය, කැටපත් පවුර, අසුරු සැන ආදිය විතරක් නෙමෙයි ඇය තමා හැර ගිය පෙම්වතාට, සමාජයට පමණක් නෙමෙයි ආදරයට පවා වෛර නොකර දුක්වෙනවා.. ඔබ දුක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා... රසවිදලම බලන්න ගීත දෙකේ තේමාවන් සමාන උනත් එය සුන්දරව ප්‍රකාශකරන්නාවූ ස්වරූපයන් දෙක...... (මේ ගීතය ගැනත් විචාරයක් ලබා දිය යුතුයි. එය පසුවට...)

    විචාරය ගෑනනම් කියන්න වචන නෑ යාලි.. මේ ගීත තෝරාගෑනීම ඊට නොදෙවෙනි.. අවසාන ගීතයේ විචාරයක් බලා පොරොත්තු වෙමි
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    තනිකම කියන දේ සහ තමාට අත්වූ ඉරණම මේ විදියට මූසල දේවල් ලංකරගෙන ආදරවන්තයෙක් ප්‍රකාශ කරද්දි, ආදරවන්තියක් තමාට වූ අසාධාරණය ඉතා සුන්දර වූ යෙදුම් යොදාගෙන අපිට ගෙන එනවා... සුන්දර ගීතය, කැටපත් පවුර, අසුරු සැන ආදිය විතරක් නෙමෙයි ඇය තමා හැර ගිය පෙම්වතාට, සමාජයට පමණක් නෙමෙයි ආදරයට පවා වෛර නොකර දුක්වෙනවා.. ඔබ දුක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා... රසවිදලම බලන්න ගීත දෙකේ තේමාවන් සමාන උනත් එය සුන්දරව ප්‍රකාශකරන්නාවූ ස්වරූපයන් දෙක...... (මේ ගීතය ගැනත් විචාරයක් ලබා දිය යුතුයි. එය පසුවට...)

    I freaking love this song, Hope to see your interpretation on it. :)

    it captures the thoughts of a person who's defeated from love, you know, when two people have been in love and one of them gets out of it and moves on, it sucks for the other person to be in love with him still, knowing that he doesn't love her anymore. it's a form of most unbearable pain. to still be in love while the one you loved has moved on with his/her life.

    some people go thru this pain and wish the other person will get to go thru the same while some other people wish the person they love, will never know what it feels like to be hurt that way :) I think that's why this song is so beautiful. in this song, this person, while going thru hell, wishes that the other person will never ache like she does. so in that way, she has actually won in her love, not defeated. may this song be a guiding star to all the people who's hurt in the name of love.

    besides, this song has one of the best line's ever in sinhala songs :)
    "ahimi wijithayen, samugena yannam, obata so thewul noma wewa" - this line showcases the entire song nicely.
     
    well said bro... seems like i have nothings to interpret. :D:D:yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well said bro... seems like i have nothings to interpret. :D:D:yes::yes::yes:

    I would love to read your thoughts on this song :P because your thoughts give so much insight into the songs, I've been listen to sinhala songs all day, and after reading the stuff here, the feelings these song inspire are never the same..there's magic in words bro. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ කවුරු උනත් ජීවිතේ තනිකම පාලුව කාන්සිය මොහොතක් හෝ විදල දැනිලා ඇති.... ඒත් ඒ විදින තනිකම ඔබට මොහොතකින් අමතක වෙලා යනව. මොහොතකින් ඒ තනිකම මැකෙන කුමන හෝ සිදුවීමක් සිදුවන නිසයි එහෙම තනිකම අමතක වෙලා යන්නෙ...

    නමුත් ආදරය සෙනෙහස වැනි කාරණා වලදි අපි අපේ ජීවිතේ තනිවෙලා කියල දැනුනම.... භෞතිකව සිදුවන තනිවීමට වඩා දරාගන්න අපහසුම කාරණය තමා අපි අපේ සිතන්ම තනිවෙලා කියන තත්වයට පත්වීම හා අපේ සිතට එය දැනීම... එවිටදි ඒ තනිකම දුරස්කරන්න සිව්රග සේනාව පැමිණීයත් වැඩක් නෑ.. ඇය හෝ ඔහු නැතිනම්... මේ ගීතයත් අන්න ඒ වගේ ගීතයක් ලෝකයටම මූසල දේවල් ඔහු ලංකරගෙන... තනිකම විදිනවා... සංගීතයත් පද රචනයත් එකතුවෙලා අපිට ඈත ගම්මානයක, කටුමැටි ගෙදරක කළුවරේ පැදුරක් එලාන හාන්සිවී සිටින පුද්ගලයෙකුගේ අදෝනාවක් ගැන ගීතයක් නෙමෙයි චිත්‍රපටියක් පෙන්වනවා.... මේ ගීතය මගින් ඔබ හා මම ජීවිතය ගෙවද්දී විඳපු සුන්දර වගේම අසුන්දර සිද්ධි, විරහව... එක්‌වීම්... වෙන්වීම්... මේ හැම දෙයක්‌ම අප ඉදිරියේ චිත්‍රණය කරනවා........

    තවදෙයක් තමයි අපි හැමෝම වගේම අපිටත් වඩා අපේ අච්චිල සීයල පැරණි මත සමග ගොඩාක් බැදිල ඉන්නෙ... මටනම් අදටත් හූනෙක් චික් චික් සද්දයක් දැම්මොතින් සූදානම් උන ගමන යනව බොරු... මොහොතක්වත් ඉන්න වෙනව... හිටියෙ නැතිනම් බලෙන් හරි නවත්තගන්නව... බස්සෙක් ඇඩලීම, උලලේනාගේ සද්දය, ගොම්මන වගේ දේවල් අශුබ දේවල් විදියටයි අපේ පැරැන්නො සලකන්නෙ... ඒ අසුබ දේවල් මේ ගීතයේදි තනිකඩය ලගට ගන්නෙ ඇයි කියන ගැටළුව මේ ගීතය පුරාවටම ප්‍රශ්ණාර්ථයක්... අපි බලමු ගීතය ගැන කතාරමින්ම ඒ පිළිබදව...

    මේ පුද්ගලයාගේ ජීවිතයේ අවසානයේ ඔහුගේ තනියට ඉන්නේ තනිකම විතරයි. ඉඳිකඩ පැන එන්නැයි තනිකමට ආරාධනා කරන්නේ වෙන කිසිවකට නොවේ. තුරුළු වෙලා නිදාගන්න ඔහුට ඉන්නේ මේ තනිකම විතරයි. තමා දමා ගිය කෙනා නිසා ඔහු තනිවෙලා.... ඒ තිනකම ඔහු විදිනවා... හැබැයි පුළුවන් කමකට නෙමෙයි.. ඔහුට විදින්න වෙලා... ඇය ඔහුව තනි කරලා....

    පිලේ පහන නිව්වා මං
    ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ...

    ගොම්මන් කළුවර නැතිවෙල ගියේ මගේ මේ පාළු පැල්පතේ තිබුන පහන් එළියෙන්... ඒ අඳුර කපාගෙන දැල්වෙන පහන නිවා දමා මම නිදි පැදුරට වැටුණා. මෙහෙම කළුවරේ නිදි නැතිව හාන්සිඋනාම තමා සිතුවිලි ගලා ගෙන එන්නෙ.. ඝනඳුරත් එක්‌ක හුදෙකලාව තදින් දැනෙනවා. මොනවා කරන්නද..? හැමදාම තනියම ඉන්න තනිකම වෙනදා වගේම ඉදිකඩ පැනලා වරෙන්. මම උඹ එන තුරු නිදි පැදුරේ බලා ඉන්නවා.

    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
    දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න...

    පසලොස්වක හද පායල දැන් පසලොස්වක ඉදන් අමාවකට යන කාලයේ... ඒ කියන්නෙ හදේ පිරිපුන් බව අඩුවෙමින් පවතින කාලය.... මේ පරාජිතයාගේ තනියට ඉන්නේ අන්න ඒ බැස යන සීතල පසළොස්‌වක සඳ. ඒ විතරක් නෙමෙයි දොළේ වතුර බැසයන තාලෙට වැනි වැනී නටන උණ පඳුරත් ඔහුගේ තනිය මකනවා. උලලේනා කියන්නේ මූසල සතෙක්‌ විදිහටයි සැලකෙන්නේ. උලලේනා හඬන්නේ දුක්‌බර මොහොතක. ඒ සුබ සුන්දර හඬක්‌ නොවේ. නමුත් උලලේනට හඩා යන්න කියනව... ඇයිමේ මෙහෙම අසුන්දර දෙවල් ලංකරගෙන.....?

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
    මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
    බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
    මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක...

    ඇයි මේ තිනිකඩයා වේදනා විදින්නේ... මූසල දේවල් ලංකර ගන්නේ කියල අපිට පැහැදිලි කරන්නෙ මෙන්න මේ පද පේලිවලින්... හැමෝටම වගේ මටත් සතුටු කාලයක් තිබුනා.... මටත් තනිකමට කෙනෙක් හිටියා... ඒත් ඒ සතුට එක්‌ හවසක පස්‌සා දොරෙන්ම යන්න ගිහින්. අන්න ඒ වේදනවා තමාටම කියාගන්නත්, සාමජයට පිටට නොදී ඒ වේදනාව විදින්නත්, ඒ සිදුවීම් නිසා ඔහු තුල සමාජය හා ඇති සියුම් වෛරය ප්‍රතිනිර්මාණය වීමටත් අවැසි නිසා තමයි මේ මහා මූසල දේවල් ඔහු සිය ජීවිතයට සුන්දර විදියට ලං කරගන්නේ... සමාජයටම එපා දේවල් සමාජයට හොදනැති දේවල් ඔහුට හොදයි.... දැන් මගේ සුසුම් නමැති මල් යායේ හමන්නේ බොල් ඉපනැලි සුවඳ විතරයි. ඇය නැති තනියත් එක්‌ක මගේ හිතේ ඉපදෙන දුක නිසායි දෙනෙත් තෙත් වන්නේ......

    අපේ ගී පද රචකයා පවසන්නෙ මෙන්න මෙවැනි අදහසක්...
    සොබා දහමේ සත්‍ය ස්‌වභාවය ආදරයටත්, ජීවිතයටත් පොදුයි කියා කියන්නයි මම උත්සාහ කළේ. මා ලියූ ගීත අතුරින් විශේෂිත ගීයක්‌. මට මතක හැටියට අසූහත අසූඅට වගේ කාලයක සුනිල් එදිරිසිංහ කැසට්‌ එකකට සිංදුවක්‌ ලියන්න මට ආරාධනා කළා. ප්‍රේමයේ සුන්දරත්වය වගේම ආදරයේ ජයග්‍රහණය ආදී ගීත ඒ කැසට්‌ පටයේ තිබුණා. මම හිතුවා ප්‍රේමය වුණත් පරාජිත ස්‌වභාවය විවරණය කරන ගී සුනිල් ගේ හඬින් එතරම් ගායනා වෙලා නෑ කියලා. එවැනි නිර්මාණවලට ඉඩකඩ තිබුණා. එනිසා මම ප්‍රේමය ගාවන්නේ නැතුව හුදෙකලාව, පාළුව ගැන කියෑවෙන ගීයක්‌ හැදුවා. ඒක තමයි මේ ගීතය.

    පිලේ පහන නිව්වා මං
    ගොම්මන් අඳුරේ...
    තනිකම වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ...

    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
    දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
    මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
    බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
    මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    තනිකම කියන දේ සහ තමාට අත්වූ ඉරණම මේ විදියට මූසල දේවල් ලංකරගෙන ආදරවන්තයෙක් ප්‍රකාශ කරද්දි, ආදරවන්තියක් තමාට වූ අසාධාරණය ඉතා සුන්දර වූ යෙදුම් යොදාගෙන අපිට ගෙන එනවා... සුන්දර ගීතය, කැටපත් පවුර, අසුරු සැන ආදිය විතරක් නෙමෙයි ඇය තමා හැර ගිය පෙම්වතාට, සමාජයට පමණක් නෙමෙයි ආදරයට පවා වෛර නොකර දුක්වෙනවා.. ඔබ දුක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා... රසවිදලම බලන්න ගීත දෙකේ තේමාවන් සමාන උනත් එය සුන්දරව ප්‍රකාශකරන්නාවූ ස්වරූපයන් දෙක...... (මේ ගීතය ගැනත් විචාරයක් ලබා දිය යුතුයි. එය පසුවට...)

    11.gif
    11.gif
    11.gif
    niyamai machan...