උම්මග්ග ජාතකයෙන් බිදක්......
උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් ගැන ඔබ අසා ඇති... ඔහු වගේම බුද්ධිමත් කෙනෙක් තමයි ඔහුගේ බිසව වන අමරා දේවිය.... ඇය ගැනත් ගොඩාක් අය අසා ඇති. ඔන්න මම අද අපේ යාළුවන්ට කියන්න යන්නේ ලස්සන කතාවක්. ඒ තමා, මහෞෂධ පණ්ඩිතයන් මේ අමරා දේවිය තමන්ගේ බිසව විදියට තෝර ගත්ත කතාව... තමන්ගේ බුද්ධි මට්ටමටම සරිලනවදැයි සොයාගත් විදිය....
මහෞෂධ පණ්ඩිතයන්, රජතුමාට උපදෙස් දෙමින් සේවය කරන්නට උනා. ඔහුට දැන් සැප සම්පත් වලින් කිසිම අඩුවක් නෑ. ඉතින් ඔහුගේ මෑනියන් මේ පණ්ඩිතයන් සොළොස් හැවිරිදි වුනාම අපිට සමාන කුලයෙකින් ස්ත්‍රියක් පණ්ඩිත තුමාට සරණ පාවා දෙන බව සුදුසුයි කියල හිතල ඒ බව මහෞෂධ පණ්ඩිතයන්ට සැල කලා. ඔබ සොයාදෙන කෙනෙක් මට සරිලන්නෙ නෑ... මම මටම සරිලන කෙනා සොයාගන්නම් නමුත් ඊට පළමු ඇයගේ බුද්ධිය පරීක්ෂා කල යුතුමයි පණ්ඩිතයන් ප්‍රකාශ කලා.
ඒ කාලයේ උතුරු යව මැදුම් ගමේ දුප්පත් පවුලක් සිටියා. මොවුන් අතීතයේ පොහොසත් වෙලා සිටියත් දැන් දුප්පත්. මේ පැරණී සිටු පවලේ සිටියා අමරා කියල කුමාරිකාවක්. ඇයගේ පියා දැන් කුඹුරු වැඩ තමා කරන්නෙ. ඉතින් පියාට ඇඹුල අරගෙන ඇය යනවා කුඹුරට.
මහෞෂධ පණ්ඩිතයන් තමාගේ කාර්යයකට යන ගමනේදී දකිනව ඉදිරියෙන් එන මේ ස්ත්‍රිය දේහ ලක්ෂණ වලින් ඔහුට තේරෙනව මැය නම් මගේ බිසවට සරිලනව. නමුත් මැය විවාහකද නැද්ද, බුද්ධිමත්ද නැද්ද මා පරීක්ෂා කල යුතුයි. මහෞෂධ පණ්ඩිතයන් සිතනව. ඇයත් අදුනගන්නව තමා ඉදිරියට එන මේ පණ්ඩිතතුමා මහෞෂධ පණ්ඩිතයන් කියල. ඇයටත් යම් සිතක් පහලවෙනවා ඔහු ගැන.
මහෞෂධ පණ්ඩිතයන් ඈතදිම සිය ඇගිලි හකුලල මිට මොලව ගත්ත. අමරා දේවිය මෙය දැකල අත්ල විදාහැරිය. හස්ථ මුද්‍රා වලින් දෙන්නම තේරුම් ගත්ත දෙදෙනාම අවිවාහකයි කියල. ඇයට ලංවුන පණ්ඩිතයන් මේ විදියට විචාරණව... බලන්න අපේ යාළුවන්ටත් මේ සංවාදයේදී අසන ප්‍රශ්ණ හා පිළිතුරු වැටහෙනවද කියලා....... (කරුණාකරල යාළුවනේ ගීතය අහන ගමන්ම පහල තිබෙන ප්‍රශ්ණ හා පිළිතුරු ටික කියවන්න... ඔබට උපරිම රසවින්දනයක් ලබාගන්න පුළුවන් වෙයි...)
ප්‍රශ්ණය...
මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...?
පිළිතුර...
ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක (සොහොන් බිම අසල)
පියා සීසායි මම බත ගෙනයමි හනිකට
ප්‍රශ්ණය...
සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...?
පිළිතුර...
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි (නොමැරෙන = අමර)
අමරා දේවී ඔබ අමරා දේවී
නැණවත් දේවී ඔබ අමරාදේවී
දැන් ඉතින් ගීතය ගැන මොනව කියන්නද... මෙතැනින් ගිහින් අහන්නකෝ... - http://ranatunga.saatunes.com/track/sandak-sadisi-landak
මෙතැනින් ගිහින් බාගත කරගන්න (ගීතය සොයා දුන්නේ JHHA සොයුරා) - http://www.mediafire.com/?25e757w6v5kbwtm
ඉන් පසුවද තවත් ප්‍රශ්ණ කිහිපයක් අසන ලදී. උම්මග්ග ජාතකයේ 12 වන කොටසේ ජන්නපථ ප්රශ්නය නම් පරිච්ඡේදයේ සියළු විස්තර සදහන් වී ඇත.






