සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,305
    17,247
    113
    උම්මග්ග ජාතකයෙන් බිදක්......

    උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් ගැන ඔබ අසා ඇති... ඔහු වගේම බුද්ධිමත් කෙනෙක් තමයි ඔහුගේ බිසව වන අමරා දේවිය.... ඇය ගැනත් ගොඩාක් අය අසා ඇති. ඔන්න මම අද අපේ යාළුවන්ට කියන්න යන්නේ ලස්සන කතාවක්. ඒ තමා, මහෞෂධ පණ්ඩිතයන් මේ අමරා දේවිය තමන්ගේ බිසව විදියට තෝර ගත්ත කතාව... තමන්ගේ බුද්ධි මට්ටමටම සරිලනවදැයි සොයාගත් විදිය....

    මහෞෂධ පණ්ඩිතයන්, රජතුමාට උපදෙස් දෙමින් සේවය කරන්නට උනා. ඔහුට දැන් සැප සම්පත් වලින් කිසිම අඩුවක් නෑ. ඉතින් ඔහුගේ මෑනියන් මේ පණ්ඩිතයන් සොළොස් හැවිරිදි වුනාම අපිට සමාන කුලයෙකින් ස්ත්‍රියක් පණ්ඩිත තුමාට සරණ පාවා දෙන බව සුදුසුයි කියල හිතල ඒ බව මහෞෂධ පණ්ඩිතයන්ට සැල කලා. ඔබ සොයාදෙන කෙනෙක් මට සරිලන්නෙ නෑ... මම මටම සරිලන කෙනා සොයාගන්නම් නමුත් ඊට පළමු ඇයගේ බුද්ධිය පරීක්ෂා කල යුතුමයි පණ්ඩිතයන් ප්‍රකාශ කලා.

    ඒ කාලයේ උතුරු යව මැදුම් ගමේ දුප්පත් පවුලක් සිටියා. මොවුන් අතීතයේ පොහොසත් වෙලා සිටියත් දැන් දුප්පත්. මේ පැරණී සිටු පවලේ සිටියා අමරා කියල කුමාරිකාවක්. ඇයගේ පියා දැන් කුඹුරු වැඩ තමා කරන්නෙ. ඉතින් පියාට ඇඹුල අරගෙන ඇය යනවා කුඹුරට.

    මහෞෂධ පණ්ඩිතයන් තමාගේ කාර්යයකට යන ගමනේදී දකිනව ඉදිරියෙන් එන මේ ස්ත්‍රිය දේහ ලක්ෂණ වලින් ඔහුට තේරෙනව මැය නම් මගේ බිසවට සරිලනව. නමුත් මැය විවාහකද නැද්ද, බුද්ධිමත්ද නැද්ද මා පරීක්ෂා කල යුතුයි. මහෞෂධ පණ්ඩිතයන් සිතනව. ඇයත් අදුනගන්නව තමා ඉදිරියට එන මේ පණ්ඩිතතුමා මහෞෂධ පණ්ඩිතයන් කියල. ඇයටත් යම් සිතක් පහලවෙනවා ඔහු ගැන.

    මහෞෂධ පණ්ඩිතයන් ඈතදිම සිය ඇගිලි හකුලල මිට මොලව ගත්ත. අමරා දේවිය මෙය දැකල අත්ල විදාහැරිය. හස්ථ මුද්‍රා වලින් දෙන්නම තේරුම් ගත්ත දෙදෙනාම අවිවාහකයි කියල. ඇයට ලංවුන පණ්ඩිතයන් මේ විදියට විචාරණව... බලන්න අපේ යාළුවන්ටත් මේ සංවාදයේදී අසන ප්‍රශ්ණ හා පිළිතුරු වැටහෙනවද කියලා....... (කරුණාකරල යාළුවනේ ගීතය අහන ගමන්ම පහල තිබෙන ප්‍රශ්ණ හා පිළිතුරු ටික කියවන්න... ඔබට උපරිම රසවින්දනයක් ලබාගන්න පුළුවන් වෙයි...)

    ප්‍රශ්ණය...
    මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
    කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...?

    පිළිතුර...
    ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක (සොහොන් බිම අසල)
    පියා සීසායි මම බත ගෙනයමි හනිකට

    ප්‍රශ්ණය...
    සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
    ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...?

    පිළිතුර...
    පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
    නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි (නොමැරෙන = අමර)

    අමරා දේවී ඔබ අමරා දේවී
    නැණවත් දේවී ඔබ අමරාදේවී

    දැන් ඉතින් ගීතය ගැන මොනව කියන්නද... මෙතැනින් ගිහින් අහන්නකෝ... - http://ranatunga.saatunes.com/track/sandak-sadisi-landak

    මෙතැනින් ගිහින් බාගත කරගන්න (ගීතය සොයා දුන්නේ JHHA සොයුරා) - http://www.mediafire.com/?25e757w6v5kbwtm

    ඉන් පසුවද තවත් ප්‍රශ්ණ කිහිපයක් අසන ලදී. උම්මග්ග ජාතකයේ 12 වන කොටසේ ජන්නපථ ප්‍රශ්නය නම් පරිච්ඡේදයේ සියළු විස්තර සදහන් වී ඇත.

    11.gif
    11.gif
    11.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,305
    17,247
    113
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.

    :):):)
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Kawuruwath_Naha_Amarasiri_Peries.jpg

    අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන මේ සින්දුව ගැන කාට හරි විචාරයක් දෙන්න පුලුවන්ද?
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37

    :)
    "කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    "
    පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.

    අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්‌. කේමදාස මාස්‌ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්‌ටර්, අමරසිරි පීරිස්‌ මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා.
    අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්‌ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්‌ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා......

    කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
    කවුරුවත් නෑ... කවුරුවත් නෑ

    ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......

    දවසින් දවසම පාළම හැදුනා
    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...

    ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....
    මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි.......

    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
    ගෙනියන්නට බැරි මහ බර තිබුණා
    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
    මට හිනැහී ගෙන යනවා වාගෙයි....

    තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........
    තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි......

    පද :- හේමසිරි ගුණතුංග
    තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    හඩ :- අමරසිරි පීරිස්‌

    මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    වර්තමාන සමාජ සන්දර්භය තුල විදවන සොයුරු පෙම............

    අම්මා නැති මට කිරි අම්මා වී..............

    අම්මා නැති මට කිරි අම්මා වී
    කළුවර ගෙදරට මිනි පහනක් වී
    දැන ගත් දා සිට - පෙරුම් පිරූවේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
    පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
    ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
    මා ලද සිල්පද නුඹ හා එක මුල්ලේ...........

    අම්මා නැති කල අප්පා කවර කල යයි පිරුලකින් කියවේ. නමුත් අම්මා නැති කළ අම්මෙක් වූ සොයුරියක් ගැනය මේ ගී සිතිවිල්ල. තම බාල සොයුරා උගැන්මෙහි පරතෙරට යැවීමේ අදිටනින් නොවක් දුක් විදින අක්කෙකු ගේ ඒ උත්සාහය, වර්මාන පාහර සමාජ, ආර්ථික පසුබිම තුළ මිලින වන අයුරු, ඒ සොයුරා ගේ ම කෝණයෙන් යුක්තව කදිමට ගොතා ඇත මේ පද රචනයෙහි.

    ඇය අම්මමෙක් නැති ඔහුට කිරි මවක වූවාය. ගෙදර දැල් වූ මිණි පහනක් විය. සොයුරා මේ අසන්නේ මෙලෙස දහ දුක් විදිමින් අක්කා වෙහෙසෙන්නේ ඔහු මතු යම් දාක සක්විත් රජ වේ යයි ඇය සිතන නිසා දැයි කියාය. පළමු පද සතරෙන් ම ඇය ගේ මේ ව්‍යායාමය ව්‍යර්ථ වී ඇති බව පෙන්වීමට සමත් වන සියුම් වූ සැත් පහරක් ශ්‍රාවකයා ගේ මනස හරහා යැවීමට රචතයා සමත් වන්නේ "අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ" යන පදයෙනි.එය තුලම ඇය ගේ වෙර පල නොදරා ඇති බව අප ගේ මනසට කාන්දු වේ.

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළග කඩයප්පන් ගොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹ ගේ
    පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    සොයුරියගේ මේ මහා ව්‍යායාමය, ශ්‍රාවකයා ‍ෙග් මනස තුල චිත්ත රූප ඇතිවන අයුරින් චිත්‍රණය කර ඇති ආකාරය බලන්න. ඇය රැය නිදිවරා පැදුරු ‍වියයි. එමතු ද නොව උදැසන පහන්දොරින් අවදිව විකිනීමට කඩයප්පන් පිසියි. මේ සියලු වේලේ දීම ඇය ගේ දෙකම්මුලින් වැටෙන දාඩිය බිදු වටය, සොයුරා දකින්නේ මුතු ලෙසටය. මේ මුතු වට්ටියකට රැස්කර ඇය සිය සොයුරා ගේ අනාගතය සදහා විකුණයි. නමුත් ඒ සා වටනා මුතු වට්ටියම ඇය මිල කරන්නේ පනමකටය! වර්තමාන ආර්ථික යථාර්තය තුළ ශ්‍රමය සදහා වැටෙන අඩු ලංසුව අප ගේ මනසට ඥාණනය කිරිමට සමත් මෙයට වඩා හොද උපමාවක් තවත් කොහිද?

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිනේ
    ඉහිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරි ගේ ඇතුලේ
    මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ

    මේ සොයුරිය සිය සොයුරා වෙනුවෙන් සිය තරුණ විය මුළුමනින් ම කැප කරයි. ඇය පෙම්වතුන් ගැන හෝ රාගාන්විත ප්‍රේමයක අවැසිතාවය බැහැර කරයි. ඇගේ හද ගැබ පෙම් මල් නොපිපෙන්නේත්, ඇය බද වට ඉහුණු ගෝමර ළතැවෙන්නේ ත් එබැවිනි. ඇය තම සොයුරා වෙනුවෙන් ම විය කොට සිය තුරුණු විය ද ඉක්මවා යයි. ඇය බාල යොවුන් හදක් නම්, ඒ සදවත ගේ තුළ ම වැහැරෙන්නේ එනිසාය. අවසාන පදය, ඇය ගේ සියළු ම වෙර, සියලු ම කදුළු සහ දහඩිය මල්පල ඇති නොකරම මිය ගිය බව අපට පසක් කරයි. සොයුරා කියන්නේ සියලු දුක් දරා, කැප කිරීම් කර සොයුරිය ඔහුට ලබා දුන් ශිල්පයද, ඇය සේම ගේ මුල්ලේ බවය. ඔහු ගේ උගතකමට හෝ අධ්‍යාපනයට නිසි තැන නොලද බව, ඇය ගේ මෙන් ම ඔහු ගේ ද අනාගත සිහින වියැකී ගොස් ඇති බවය, රචකයා අපේ හද දෙදරවමින් මේ කියන්නේ.

    වික්ටර් රත්නායකයන් මේ ගීතයට යොදා ඇති තනුවද, සංගීතයද අප හද තුල වචනයට පෙරලිය නොහැකි භාවයන් උපදවීමට සමත්ය. එසේම ඔහු මේ ගීතය ගයන හදවත ට දැනෙන මේ ස්වරය, ඔහු ගේ කිසිදු ගීතයක මම ශ්‍රවනය කොට නැත්තෙමි. වර්තමාන සමාජ සහ ආර්ථික සත්තතාවය නොවක් කැපකිරීම් කල සොයුරියක ගේ ධෛර්ය සුන් කරන ආකාරය, මිතුරනි වෙන කිසිදු ගීයක මා මේ තරම් විද නැත.ඇත්තෙන්ම මෙවැනි අත්දැකීමක් නොමැති වුවද, මේ ගීතය ශ්‍රවනය කරන හැම වරකදී ම මා නෙත උපදින කදුළ, ඒ සොයුරිය ගේ ඒ උපමා දැක්විය නොහෙන සොයුරු පෙම වෙත වන පස මලක් කොට පුදමි.......!!!!!!
    ලස්සන විචාරයක් :)
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.
    මම මේ සින්දුව හරියට අහල තිබුණෙ නැහැ. දැන් විචාරයත් එක්කම සින්දුවත් රියටම දැනගත්තා. :D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දින දෙකක් තිස්සේ... එකෙක්වත් නැත... අපව දිරිමත් කරන්නේ අළුතෙන් මෙහි එනඋන්ය.... තොපිට මක් වීද... :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry::angry:

    අපි ඉන්නවා මචන්..:D:D
     
    • Like
    Reactions: sanddun

    ලස්සනයි මචන්..තවත් වටිනා කියන විචාරයක්..:D:D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,305
    17,247
    113
    දින දෙකක් තිස්සේ... එකෙක්වත් නැත... අපව දිරිමත් කරන්නේ අළුතෙන් මෙහි එනඋන්ය.... තොපිට මක් වීද... :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry::angry:

    පොඩි ගමනක් යන්න වෙලා එලකිරිය පැත්තෙ දවසක් දෙකක් එන්න උනේ නෑ...ආපු ගමන් මේ පැත්තට තමයි ආවෙ..:):)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ දවස් වල වැඩිය EK එන්න උනේ නැහැ බන්
    කියවන්න ගොඩක් තියනව...
    උබල ඔක්කොටම බොහොම පින්
    :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දින දෙකක් තිස්සේ... එකෙක්වත් නැත... අපව දිරිමත් කරන්නේ අළුතෙන් මෙහි එනඋන්ය.... තොපිට මක් වීද... :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry::angry:

    සමාවෙන්න යාලු,, මම පහුගිය දවස් දෙකක් එලකිරියට ආව.. ඒත් කමෙන්ට් දාන්න වෙලාවක් සහ සුදුසු වටපිටාවක් තිබුනේ නෑ... අද හරි .... ඉ තින් සමාවෙන්න...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......

    Ma_Ahase_Liyu_De_Shashika.jpg

    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.

    මම ඈත්තටම හිතන් හිටියෙ මෙක විරහ ගීටක් කියල.. ස්තූති මහාචාර්යතුමා