සුන්දර ගීයක ඇරබුම,..

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT=&quot]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT=&quot]ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT=&quot]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති.[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot]පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT=&quot]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යෙදුමින්[/FONT][FONT=&quot]පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම[/FONT][FONT=&quot]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT=&quot]කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්න ගානක් නැත.[/FONT][FONT=&quot]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT=&quot]නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන්[/FONT][FONT=&quot]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT=&quot]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ[/FONT][FONT=&quot]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත්[/FONT][FONT=&quot]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT=&quot]ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]
    [FONT=&quot]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT=&quot], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]

    ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ
    සංගීතය - එච්. එම්. ජයවර්ධන
    චිත්‍රපටය - මංගල තෑග්ග
    අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

    [FONT=&quot]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.
    [/FONT]

    lassanata liyala thiyenewa .. :yes::yes:
     
    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    den dawas deka thunakata kalin thamai mama me thread eka dakke wealawak nathi nisa mama podi reply ekak damma. Eth ada mama kiyeuwa pages 34k lassani kiyanna wath isthuthi karanna tharamwath mata hayyak naha.Oyage aurudu hayaka research ekak mama paya hayakin balalala ehema kaloth oyata eka maha nindawak....mama monawa kiuwath nathath,

    You are Great Bro
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගැඹුරු අර්ථවත් ගීත සමාලෝචනය කරන අයට මෙන්න පොඩි විරාමයක්....:yes:

    ගීතය ගායනා කරන්නේ සනත් නන්දසිරි....

    ගිනි නිවන භටයෙක්ට තම පෙම්වතිය හමුවුන ආකාරය සිහිපත් කරවන අපූරු ගීතයක්... :cool::rolleyes::P
    (විහිලුවට හොදේ.. )
    7.gif

    මොනවා උනත් ලස්සන ගීතයක්.... අරුත් පැහැදීම ඔබට බාරයි...

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT]

    මා දන්නා තරමින් මේ නූලේ මෙතෙක් හමුවූ එකම විචාරිකාව ඔබයි...

    ලස්සන විචාරයක් සහෝදරිය.... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා අපේ විචාරකයන් ගොන්නට... තව තවත් ගීත මෙහි දාන්න... එය අපිටත් ලොකු ශක්තියක්.. අවශ්‍ය ඕනෑම වේලාවක අපේ සහාය ලබා දෙන්නම්...
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    එළකිරියේ තියෙන පට්ටම පට්ට... පට පට ත්‍රෙඩ් එකක් මේක. මේකෙ පොස්ට් කරන එළකිරියන් සදාකල් දිනේවා.
     
    • Like
    Reactions: sasliit

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඇයි මේ ත්‍රෙඩ් එක 'ස්ටිකි' පොස්ට් එකක් කරන්නෙ නැත්තෙ? මේ තරම් වටින ත්‍රෙඩ් එකක් පස්සට යන එක මාර අපරාදයක්. අනේ ඇඩ්ඩින් අයියේ මේක ස්ටිකියක් කරමුකො.:cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරියේ තියෙන පට්ටම පට්ට... පට පට ත්‍රෙඩ් එකක් මේක. මේකෙ පොස්ට් කරන එළකිරියන් සදාකල් දිනේවා.
    ලොකු ශක්තියක්..
    ඇයි මේ ත්‍රෙඩ් එක 'ස්ටිකි' පොස්ට් එකක් කරන්නෙ නැත්තෙ? මේ තරම් වටින ත්‍රෙඩ් එකක් පස්සට යන එක මාර අපරාදයක්. අනේ ඇඩ්ඩින් අයියේ මේක ස්ටිකියක් කරමුකො.:cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]
    /SIZE][/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

    [/FONT]

    ගැහැනු ලමයකුට නම් අදහසක් ලියන්න නියන ගීතයක්...... කොහොම උනත් නියමයි..... හැමදාම අපිත් එක්ක ඉන්න...... මොනව උනත් මේක ටයිප් කරල මෙතන පොස්ට් කරන්න ගොඩක් මහන්සිවෙලා තියනව වගේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

    [/FONT]
    පළමුව ඔබේ විචාරය සහ රසවින්දනය පසසමි.......!!!
    තව දුරටත් මෙසේ ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි......!!!
    දැන් අප මෙයින් ගියද කම් නැතැයි සිතමි...අපි කරගෙන ආ කාරියය කරගෙන යාමට සමත් පිරිසක් මෙය වටා රොක්වී සිටිති.
    කෙසේ වුවත් පැරනි මලවුන් අළුත් මලවුන් හට ඉඩදිය යුතු නොවැ........:)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    [/FONT][FONT=&quot]
    [/FONT]

    ලස්සනට ලියල තියෙනවා.දිගටම අපිත් එක්ක ඉන්න.ඔබට ජය..:D:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පළමුව ඔබේ විචාරය සහ රසවින්දනය පසසමි.......!!!
    තව දුරටත් මෙසේ ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි......!!!
    දැන් අප මෙයින් ගියද කම් නැතැයි සිතමි...අපි කරගෙන ආ කාරියය කරගෙන යාමට සමත් පිරිසක් මෙය වටා රොක්වී සිටිති.
    කෙසේ වුවත් පැරනි මලවුන් අළුත් මලවුන් හට ඉඩදිය යුතු නොවැ........:)

    :confused::confused::confused: :confused::confused::confused: :confused::confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොරිය...අප නොවේ මම විය යුතුය.............!!!!
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන පැරණි අප්‍රිකානු ආතෝපදේශය මම පිලිගනිමි.

    අප දිගටම මෙහි එල්ලි හිදිම ට වඩා අලුත් අය මේ දෙයට පොළඹව මෙයින් යාමට පුලුවන් නම් හොද යයි සිතමි.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගැඹුරු අර්ථවත් ගීත සමාලෝචනය කරන අයට මෙන්න පොඩි විරාමයක්....:yes:

    ගීතය ගායනා කරන්නේ සනත් නන්දසිරි....

    ගිනි නිවන භටයෙක්ට තම පෙම්වතිය හමුවුන ආකාරය සිහිපත් කරවන අපූරු ගීතයක්... :cool::rolleyes::P
    (විහිලුවට හොදේ.. )
    7.gif

    මොනවා උනත් ලස්සන ගීතයක්.... අරුත් පැහැදීම ඔබට බාරයි...

    මචං ඔන්න මට තේරෙන විදියට වැඩේට බහින්නම්..මොකද මම ගැඹුරු අර්ථවත් ගීත සමාලෝචනය කරන අයෙකු නොවන බැවින්..

    තම පාළුව කාන්සිය මගහරවා ගන්න මුහුදු වෙරළට යන තරුනයෙකුට ඉර අවරට යන හැන්දෑවක තමන්ගේ සිතේ සිටි සිහින කුමරිය හමු වූ බවක් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.... :D:D

    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
    ඈ මට හමුවූවා.....
    සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
    ඈ මට හමුවූවා.....
    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී....

    රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී....//
    හිරු අවරට ඇදුනා..
    පාළුව තනිකම රජයන විටදී....//
    ඈ මට හමුවූවා....

    සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී....//
    රහසක් මට කීවා..
    සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී....//
    ඈ මට හමුවූවා....

    ඇවිලුනු ගිනිදැල්....//
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සොරිය...අප නොවේ මම විය යුතුය.............!!!!
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන පැරණි අප්‍රිකානු ආතෝපදේශය මම පිලිගනිමි.

    අප දිගටම මෙහි එල්ලි හිදිම ට වඩා අලුත් අය මේ දෙයට පොළඹව මෙයින් යාමට පුලුවන් නම් හොද යයි සිතමි.

    මගුලක් කියනවා,ඔයා ඔය කියන කතාවට මම එකඟ වෙනවා අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ ගීත පහක් හයක් උනා නම් ,මොකද ඔයාල ඒ ගීත විචාරය කලාම අලුත් අයට නැතිවෙනවනේ.:P:P.ඒ උනාට දෙයනේ කියල අපේ ගීත සාහිත්‍යයේ තාමත් විචාරයට නොකළ ගීත ඕන තරම් තියෙනවා,,ඒක නිසා අලුත් අය ඒවාගෙන ගීත තෝරාගෙන විචාරය කරයි..ඔය අයියා මෙතෙක් කරගෙන ආපු වැඩේ අපේ ලේ රත්කරන්නේ නැතුව කරගෙන යන්න...:frown::frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මගුලක් කියනවා,ඔයා ඔය කියන කතාවට මම එකඟ වෙනවා අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ ගීත පහක් හයක් උනා නම් ,මොකද ඔයාල ඒ ගීත විචාරය කලාම අලුත් අයට නැතිවෙනවනේ.:P:P.ඒ උනාට දෙයනේ කියල අපේ ගීත සාහිත්‍යයේ තාමත් විචාරයට නොකළ ගීත ඕන තරම් තියෙනවා,,ඒක නිසා අලුත් අය ඒවාගෙන ගීත තෝරාගෙන විචාරය කරයි..ඔය අයියා මෙතෙක් කරගෙන ආපු වැඩේ අපේ ලේ රත්කරන්නේ නැතුව කරගෙන යන්න...:frown::frown:

    පිස්සුද බන් කිඹුල කොහෙයන්නද...? ඔය අද උදේ පාන්දර කිඹුලක්ක බැනල ඒකයි මචෝ සීන් එක.. :P:P:P:P
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සොරිය...අප නොවේ මම විය යුතුය.............!!!!
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන පැරණි අප්‍රිකානු ආතෝපදේශය මම පිලිගනිමි.

    අප දිගටම මෙහි එල්ලි හිදිම ට වඩා අලුත් අය මේ දෙයට පොළඹව මෙයින් යාමට පුලුවන් නම් හොද යයි සිතමි.

    හයියෝ අපි මොන වරදක් කලාටද 'කිඹුලයියෙ' අපිව දාල යන්න හදන්නෙ?

    ම්ට මේ ත්‍රෙඩ් එක ගැන කිව්වෙ 'පින්ක් පැන්තරයා' ඊයෙ දවල්. පාන්දර හතර වෙනකන් පිටු 100ක් යන්තම් කියෝගත්තා. උදේ නැගිට්ට ගමන් තේ එකක් වත් බොන්නෙ නැතුව කියවලා දැන් තමයි උදේට කෑවෙ. මේ කතාව ඇහුවා විතරයි බඩ පපුව දාල ගියා. :baffled:

    කිඹුලයියෙ අපෙන් වරදක් උනා නම් සමාවෙලා මේක දිගටම කරගෙන යමුකො.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]මේ අපට දුර පියෙකු ගැනය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා.................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]සුභාවිත ගීතයේ ඉදිරියෙන් ම වැජඹෙන පිය ගුණ ගීත දෙකක් මා විස්වාස කරන අයුරින් පවතින බව මම ඔබට එම ගීත දෙකෙහි මුල් තැන තිබෙන ගීතය වන “දරු දුක උහුලා” ගීතය පිළිබද රස මං සොයාගිය ලිපියෙහි පැවසූයෙමි. මේ එවන් ගීත අතලොස්සේ දෙවන තැන ඇති යයි මා විශ්වාස කරන ගීතයයි. මේ ගීතය මදක් අපෙන් දුරස් වූ අත්දැකීමක් ගෙන එන නිසා දෝ හෝ රසවිදීමට යම් බාධාවක් ගෙන එයි. එනිසා ම මෙම හුය කියවන අපේ සාධු ජනයා ගේ පහන් සංවේග පිණිසම මේ ගීතයේ පසුබිම සහ රසවින්දනය පිළිබද මගේ අදහස මෙසේ මෙහි හොවමි.[/FONT]

    [FONT=&quot]ගීතය ලියවී ඇත්තේ අ‍පට මදක් දුර වූ භූ මානව අර්ථයකින්ය. ගීතයට ප්‍රස්තූතය වන්නේ නුවර කලාවියේ වියළි කටුක පරිසරයක සිය සුතඹුවන් වැර වෑයමින් රකිනා පියෙකු පිලිබදවය. ඒ පියා අප මේ ගෙන්දම් පොළවේ දකින පියා සේම සිය දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරිම් කරමින් දහඩිය වගුරුවයි.[/FONT]

    [FONT=&quot]අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා[/FONT]
    [FONT=&quot]අපේ කුසේ ගිනි නිවලා නුඹ කුස ගින්නේ[/FONT]
    [FONT=&quot]ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී[/FONT]
    [FONT=&quot]නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී..................[/FONT]

    [FONT=&quot]නුවර කාලාවියේ ගැමියන් ගේ ප්‍රධාන ජීවිකාව මහපොලෙව සමග හරි හරියට ඔට්ටු වෙමින් කෘෂිකර්මයෙහි යෙදීමය. රචකයා මේ කාෂ්ඨ පොලව සමග ඔවුන් කරන ගණුදෙනුව පලමු පදයෙන්ම ගෙන හැර පාන්නේ තම අප්පච්චී අව්වේ තම දහඩිය මුතු ඇට වපුරන බව කියමිනි. කොතරම් මනරම්, හදවතෙහි ගැඹුරෙහිම ඇනෙන උපමාවක් ද මේ. අප්පච්චි අවුවේ වපුරන මුතු ඇට, අස්වැන්න ලෙස ගෙන පනමට හුවමාරු කරයි. නමුත් ඒ “පනම” වචනයේ අර්ථයෙන් ම “පනමකි”, එනම් සොච්චම් මුදලකි. රචකයා නුවර කලාවයේ ගොවියන් ගේ සදාකාලික අර්බුදය වන අස්වැන්න කුණු කොල්ලයට විකිණෙන ඛේදවාචකය මෙයින් මොනවට ඉදිරිපත් කරයි. මා මෙම රචනය අප සුභාවිත ගීයෙහි පිය ගුණ ගී අතර මුල් පෙලක රදවන්නේ පළමු පද දෙකෙන් ම පමණක්, පියෙකු ගේ වෙර පමනක් නොව සමාජ අසාධාරණය ද තත්ත්වාකාරයෙන්, අතිශෝක්තියෙන් තොරව රසික මනස තුළ ගින්නක් කොට අවුලවන මේ දක්ෂ-පක්ෂ භාවය නිසාමය. මෙසේ සියලු ම අසාධාරණකම් හමුවේදීත් තම දහඩිය වෙනුවෙන් ලබන සොච්චමින් ඔහු තම දරුවන් ගේ කුසගිනි නිවාලයි. නමුත් ඒ සියළු ම දෙනා ගේ කුස් පිරවීමට තරම් පමන නැත. එනිසා ම මේ අප්පච්චි කුසගින්නේය. නමුත් ඔහු කුසගින්නේ හිද වුවද තම දරුවන් ගේ කුස් පිරවෙනු බලා හිනැහෙයි. තම කුසගිනි දාරක ප්‍රේමයේ මහිමය නිසා ම ඔහුට නොනැගේ. සොයුරනි, බහුතරයක් අප පියවරුන් මේ අප්පච්චී පසුපස සිටින බව ඔබට පෙනෙන්නේද?[/FONT]

    [FONT=&quot]අපා දෙපා සිව්පාවුන් - ගෙන එන විණ වළකන්නට[/FONT]
    [FONT=&quot]සනසා නුඹ අප වටකර දඩු වැට වෙච්චී[/FONT]
    [FONT=&quot]මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී............[/FONT]

    [FONT=&quot]දරුවන් හට එන ආපත්ති-විපත්ති වලින් උන් වලකාලීමට මේ අප්පච්චි, නුවර කලාවියේ හේනක් වටා දැඩිව බදින දඩු වැටකට රචකයා උපමා කරයි. ඒ දරුවන් හට “අපා-දෙපා-සිවුපා” සියලු ම “සතුන්” ගෙන් වන විපත්ති වලට රැහැණිවය. මේ සමාජය මහ කැලයක් ලෙස දකින රචකයා, එහි සතුන් ගෙන් වන විපත් ගැන නිතොරව ම සෝදිසියෙන් සිටින තම පියා මේ මහා සමාජ වනයට ඇස් මානාගෙන හිදින බව දක්වන්නේ, පියෙකු ගේ ආරක්ෂාව තරම් අන්අස්වැසිල්ලක් දරුවන් හට නැති බව පසක් කරදෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජීවිතයේ බඹර හෙලේ - පැණි හොයලා රූටන්නේ[/FONT]
    [FONT=&quot]හිත හයියට කළ වැල් පොට වරපට වෙච්චී[/FONT]
    [FONT=&quot]විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී..............[/FONT]

    [FONT=&quot]මේ පියා පුරන්නේ බෝසත් වරුන් බුද්ධත්වය පතා කරන වීර්යය පාරමිතාව බව ය රචකයා පවසන්නේ. ඊට ඔහු යොදනා උපමාව වර්ණනාවිෂයක්‍රාන්තය. ජීවිතය බඹර හෙලක් බව ඔහු කියයි. බඹරුන් වද බදින්නේ මහා ගිරි කුළු ප්‍රපාත වලය. මේ බඹර වද වල බඹර පැනි ගැරිමට යන්නෝ උස් ගිරි පව්වේ උඩ සිට තනි වැල් පොටකින් එල්ලී පහලට රූටති. බඹර කපන්නා ගේ එකම වහල සහ පිලිසරණ මේ වැල්පට ම පමනි. මේලෙස ජීවිතය අනතුරේ හොවා බඹර කපන්නෙකුට තම අප්පච්චි උපමා කරන රචකයා, ඔහු ගේ එකම රැකියාව වන ගොවිතැන, දුර්වල කළ වැල් පොටක් බදු එකම ජීවිකාව, හයිය හත්තිය ඇති මීමුන් ආංබාං කරන වර පොටකට පෙරලා ගෙන ඇති බව කියන මේ පද දෙක, අප තුල ඇති කරන්නේ අප පියවරුන් ගැන අප හද තුළ ඇති අප්‍රකාශිත සෙනෙහසට විරේචකයක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිය සෙනෙහසක් පිලිබදව මෙතරම් අර්ථරූපී, භාවරූපී රචනයක් ගෙන ආ විශිෂ්ටතම ගේය පද රචකයෙකු වන මහින්ද දිසානායකයන් ගේ පුත් ගයාමන් දිසානායකයන් හට ද, පොහොසත් සංගිතයක් මේ ගීයට ලබා දුන් අභාවප්‍රාප්ත ගුණදාස කපුගේ සහෘදයාණන් හටද, ගීතය ගයන ක්‍රිෂාන්ත එරන්දක හටද සුභාවිත හෙළ ගීතයේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන ඔබ අප සැම ගේ ප්‍රණාමයද, පිං පෙත් අනුමෝදනාවද විය යුතු බව හගිමි.[/FONT]
     
    • Like
    Reactions: ColdBreath

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෝ අපි මොන වරදක් කලාටද 'කිඹුලයියෙ' අපිව දාල යන්න හදන්නෙ?

    ම්ට මේ ත්‍රෙඩ් එක ගැන කිව්වෙ 'පින්ක් පැන්තරයා' ඊයෙ දවල්. පාන්දර හතර වෙනකන් පිටු 100ක් යන්තම් කියෝගත්තා. උදේ නැගිට්ට ගමන් තේ එකක් වත් බොන්නෙ නැතුව කියවලා දැන් තමයි උදේට කෑවෙ. මේ කතාව ඇහුවා විතරයි බඩ පපුව දාල ගියා. :baffled:

    කිඹුලයියෙ අපෙන් වරදක් උනා නම් සමාවෙලා මේක දිගටම කරගෙන යමුකො.
    නෑ මචං එහෙම දෙයක් නෙවෙයි....නමුත් තව අයත් මේකට පෝස්ට් දැමීමට පෙළඹෙන්න ඕන නේද? මොකද "මං පොර" වෙලා හරියන්නේ නෑනේ..........
    අළුතෙන් එන උන්ට ගුරු උපදේශ ලෙස දෙයක් දෙමින්, අළුත් අය මේක පවත්වාගෙන යනු දැකීමයි මගේ සතුට........
    අපි අලුත් පරම්පරාවට ඉඩ දෙන්න ඕන නේද???????????