සුන්දර ගීයක ඇරබුම,..

Mar 26, 2008
414
30
0
kurunegala
මෙන්න අපේ යාළුවො ගොඩාක් ඉල්ලීම් කරපු ගීතයක්.....

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා


තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි


ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!

අපිට දිරියක් වෙන්න රෙප් නැතත් කමක්නෑ.... කමෙන්ට් එකක් දෙන්න මචන්ස්ල....

මේකේ කදු රැල්ල කියන්නේ විවාහය නෙවේ බන් හන්තාන කන්ද
බැච් එකේ පලවෙනි අවුරැද්දේ හයික් එක යන්නේ හන්තානට ඒ ඉස්සර ජෙප්පොන්ගේ කාලේ කැම්පස් කොල්ලො මරද්දි හන්තානට ගිහින් හැන්ගිලා බේරිලා තියනවා ඒක සිහිකරන්න
ඉතින් මේ හන්තානේ කදු 13 ක් තියනවා මේ 13 ට කෙල්ලො එක්ක යන්න අමාරැයි 1ක් දෙකක් නගිද්දි කෙල්ලො හැක් වෙනවා
කොල්ලො තමා කෙල්ලොන්ව එක්කන් යන්නේ එතකොට
එකෙ දවසක් විතර කෙල්ලෙක්ව එක්ක ගියාම කෙල්ලන්ට සමහර කොල්ලො ගැන විස්වාසය ඇතිවෙලා යාලු වෙනවා
ඒක ගැනයි එතන කියන්නේ
පේරාදෙණිය කැම්පස් එකේ ඇතිවෙච්ච ප්‍රේමයක් ගැනයි කියන්නේ මේකෙන්
 

choomara

Member
Feb 3, 2012
21
3
0
wede nam elakiri machan.pankadu 5i.meka ahu une pahuwela.digatama kiyewwa bro.yantan 15k ewara kara.narakada fb ake page ekak upload karot???hamooma kamathi wevi.e kohoma unat patan gattu sahodarayatat,adagena yana umbatat bohoooma stutiy machanlaaaaaaaaaa;);););););)
 

choomara

Member
Feb 3, 2012
21
3
0
83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
Code:
http://www.mediafire.com/?m2mhhvlbxlo




පසුව ලියමි.
මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..

thankz machan wede patan gattata
 

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    https://www.facebook.com/photo.php?fbid=329185590477812&set=a.228141770582195.58780.228131663916539&type=1

    සස්ලීට් සහෝදරයා මෙන්න ඔයාගේ විචාර හොරෙන් උස්සලා. මම හිතන විදිහට මේකේ වරදක් නෑ.ඒත් මෙක ලියපු පුද්ගලයා කවුද කින්ද මන්ද හොයලා බලන්නේ නැතුව මෙහෙම පෝස්ට් කරන එක හරිද මන්ද?
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සුභ උදෑසනක් හැමෝටම,
    මචන් මට නම් එච්චර සුභ නෑ.උදේ පාන්දර ඔෆිස් එකට ඇවිත් ඊ මේල් චෙක් කරද්දි යලුවෙක්ගෙන් ඊ මේල් එකක් ඇවිත් තිබ්බා කොල්ලෙක් කියන සින්දු ටිකක්.ඒ ක්ලිප් එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.ලස්සන සින්දු කියනවා විරහව මාරෙටම ගැබ් වෙලා තියෙනවා ඒ කටහඬ තුල.මට ඊ මේල් එක එවපු යාලුවාගෙන් විස්තරේ ඇහුව කිව්වේ කෙල්ලගෙන් බූට් එක කාල දවසක් කොල්ලෝ ටිකක් එක්ක රෑ සෙට් වෙලා ඉන්නකොට ඌ කියපු සින්දුලු මේ.හැබැයි ඒ කොල්ලා ජීවිතෙට අන්තිමට කියපු සින්දු ටිකත් මේ ටිකලු.එදා රෑ ගෙදර යද්දි බයික් එක හැප්පිල එතනම මැරිලලු.කවුරු හරි මේක ගැන හරි විස්තරයක් දන්නවා නම් කරුණාකරල දාන්න.විඩියෝවක් තියෙනවා කියල කිව්වත් නමුත් ඒක් නෑ හොයා ගන්න.


    http://www.mediafire.com/?7o62de6p4fbd3hh
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    https://www.facebook.com/photo.php?fbid=329185590477812&set=a.228141770582195.58780.228131663916539&type=1

    සස්ලීට් සහෝදරයා මෙන්න ඔයාගේ විචාර හොරෙන් උස්සලා. මම හිතන විදිහට මේකේ වරදක් නෑ.ඒත් මෙක ලියපු පුද්ගලයා කවුද කින්ද මන්ද හොයලා බලන්නේ නැතුව මෙහෙම පෝස්ට් කරන එක හරිද මන්ද?

    වෙන වෙන තැන්වලින් උස්සලා එළකිරියට දාන කාලයේ ....
    වෙන වෙන තැන් වලින් ඇවිත් දැන් අපෙන් උස්සනවා ....
    මේක මටවත් වෙන කිසිවෙකුටත් නෙමෙයි ....
    එළකිරියටම ආඩම්බරයක් නොවේද... ?
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    වෙන වෙන තැන්වලින් උස්සලා එළකිරියට දාන කාලයේ ....
    වෙන වෙන තැන් වලින් ඇවිත් දැන් අපෙන් උස්සනවා ....
    මේක මටවත් වෙන කිසිවෙකුටත් නෙමෙයි ....
    එළකිරියටම ආඩම්බරයක් නොවේද... ?

    ඒක නම් ඇත්ත සහෝදරයා. කමක් නෑ ඉතින් කවුරු යමක් ගන්නව නම් හොද දේකින් අඩම්බර වෙන්න පුලුවන්....ඔයාගේ විචාර වලට තියෙන ප්‍රසිදියේ තරම පෙනවා නේද.නමුත් හැමදාම වගේ ඔබ නිහතමානි පුද්ගලයෙක්...ජය වේවා දිගටම කරගෙන යමු....
     

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0


    කුලරත්න ආරියවන්ස ගී රචකයන් විසින් අමරදෙවයන්ට සඳ හොරෙන් හොරෙන් ගීතය ලියා දුන් පසු, අමරදේව මාස්ටර් සිය ඇදුම් කලමනාද රැගෙනම ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ නිවසට ගියේ ඊට උචිත තනුවක් කෙසේ හෝ දමා ගැනීමේ අරමුනින්ය.. එහෙත් ගී පද මාලාවේ වචන නිසා අල්විස් මහතා අපහසුතාවයට පත් වීය.. ඒ අන් කවරක් නිසාවත් නොව, මුල් පද පෙලේ තිබුනේ "සඳ හොරෙන් හොරෙන්...." ලෙස "හොරෙන්" යන පද දෙකක් පමණී.. විසඳුමක් නොවිනි.. පද රචකයාගේ අවසරයකින් තොරව වෙනස් කමක් කිරීමටද නොහැක..
    කිරීමට දෙයක් නොමැති කල්හි අමරදේව මාස්ටර් "කමක් නෑ.. අපි කුලේට හොරෙන් දාමු" කීය.. එය අල්විස් මහතාට ඇසී ඇත්තේ "හොරෙන්" ලෙස දාමු යනුවෙනි.. ඒ අයුරින් "සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...." ලෙස ගීය පබැඳි, සාර්තක තනුවක් සමගින් ගීතය බිහිවීය..




    Sasliit තරම් මා රචනයෙහි දක්ෂ නොවෙන බැවින් වාක්‍ය් වල අඩු පාඩුවක් දුටුවොත් තරහා වෙන්න එපෝ..

    patta machan
     

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    ඔන්න ආයෙත් මම ගීතයක් අරගෙන ආව..... දැන් ටිකකට කලින් යාළුවෙක්ගෙ ඉල්ලීමක් තමයි මම මේ දැන් දෙන්නෙ. අනේ යාළුවනේ කිහිපදෙනයි කමෙන්ට් දෙන්නෙ.... ඔයාලම හිතන්න මෙච්චර අමාරුවෙන් ටයිප් කරල අපි ආසාවෙන් බලාගෙන ඉන්නව ඔයාල අපේ විචාරය ගැන කියන අදහස් මොනවද කියලා... නමුත් විචාර දෙකක් අතර කමෙනට්ස් 5,6 කට වඩා නෑ. ඒකත් නිතරම එන අයගෙන්... 9000ට ආසන්න පිරිසක් මේ වනවිටත් බලල තියෙනවනම්........................ අනේ මන්ද................. හරි කමක් නෑ , අපි යමු ගීතයට.......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    හරි ලස්සන ප්‍රේමණීය සින්දුවක්.... ආදරවන්තයින් කී දෙනෙක් තමන්ගෙ පෙම් හසුන්වල, එස් එම් එස් වල, ඊමේල් වල මේ ගීතය ලියන්න ඇත්ද.....? ආදරවන්තියින් කීදෙනෙක් මේ ගීතය සිය සහකරු හෝ සහකාරිය ළග තියාගෙන ගායනා කරන්න ඇත්ද....? ඒ තරමටම ප්‍රේමණීයවූත්, සුන්දරවූත්, ඉත්මත් ඉක්මනින් සිත්තුල තැන්පත්වී ජනප්‍රිය වූත් ගීතයක් තමා මේ.

    ඒත් මේ ගීතය සමලිංගික ඇසුර සාධාරණයයි පවසමින් සමලිංගික ආදරය ගැන ප්‍රකාශකරන ගීතයක්... දැන් අපි බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.....

    හැමෝම වගේ මේ ගීතයේ මුල් කොටසන්ම තීරණයකට ඇවිත් ඉවරයි ආදර වන්තයෙක් ආදර වන්තියකට කියන ගීතයක් කියල.... ඇත්ත ඕන කෙනෙකුට එහෙම හිතෙනව තමා .... මොකද සරලව පද ගැලපීමක් සිදුකරල තියෙනව ඒ මුල් කොටසෙ. මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...


    නමුත් දෙවන කොටස ගැඹුරින් විශ්ලේෂණය කලොත් අපිට ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්ථය හොයාගන්න පුළුවන්.. සැබෑ අර්ථය බුද්ධිමත් ශ්‍රාවකයාට පමණක් තේරුම්ගැනීමට අවස්ථාවක් ලබාදීමටත් සාමාන්‍ය ශ්‍රාවක රසයෙන් එය වසන් කිරීමට මෙහි ගීත රචකයා ප්‍රභල සාර්ථක උත්සාහයක් දරල තියෙනව.

    ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව...

    "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන් "


    ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.

    "සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම් "

    සරලව පැහැදිලි කරන්න හරිම අපහසු ගීතයක් .... ඒත් ඉල්ලීමක් කල නිසා පුලුවන් තරම් සරලව විග්රසහ කලා.... දැන් අපේ යාළුවො තවමත් ඉන්නෙ ආදරවන්තයෙක් ආදරවන්තිට කියනවා කියන මතයේද.... ඔන්න දන්නකෙනෙකුට මම මුළින් සදහන් කලා වගේ ලියුම් වල ලියල යවන්න දෙන්න එපා හොදේ.... හිතන්න ඔබේ ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය දැන් ඔබට මේ ගීතය ලියල දුන්නොතින් වෙන දේ.......... හොදට අහගනී නේද යාළුවනේ..... සිංහල ගීතයේ තියෙන රසය ඒක තාමා කියන්නෙ එකක් නමුත් යටින් හැමෝටම හොරෙන් ගලාගෙන යන්නෙ තවත් අර්ථයක්..... ඒ යටි අර්ථය සැබෑවටම හදුනගන්නෙ ඔබ වගේ බුද්ධිමත් හා ඉහල රසයක් තියෙන සීමිත පිරිසක් පමණයි....

    කොහොම උනත් අපිට මේ ගීතය විවිධ පැතිකඩයන් හා විවිධ මාන ඔස්සේ හා විවිධ බුද්ධිමට්ටම් වලින් දකින්න විදින්න පුළුවන් කමක් තියෙනවා..... තවත් ගීතයක් තව ටිකකින් දෙන්නම්... දැනට නවතින්නම්..... කමෙන්ට්ස් ඕනී......

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේුමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
    පද රචනය - යමුනා මාලනී පෙරේරා
    තනුව - ගුණදාස කපුගේ


    fatta pata pata brther.umba nam adahanna watinawa.:love:bohoma pin machan
     

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා

    kamak naha saho umbe atdakim apit ekka beda hada gattata.wenna tiyena dewal walakwanna baha machan.
     

    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    දුකක්, විරහවක්, හිත කීරී ගැහෙන හැඟීමක් එක්ක විමල් ජයශාන්ත මහත්මය රචනා කල සනත් නන්දසිරි මහත්ම‍යගේ මේ ගීතයට ඇත්තටම මා නම් අකමැතියි... මා කැමති උනත්, මේ ගීතය මට මතක් කලේ අපේ මේ ත්රෙඩ් එකේම යාළුවෙක්... හෙට දින ‍හෝ මතු උපදින ආත්මයක මෙවන් සිද්ධීන් ඇසීමටවත් ඉඩ ‍‍නොලැබේවායි කියල මම මුළින්ම ප්‍රාර්ථනය කරනවා...

    අපි අපේ ආදරය පූජාකරන්න, අපේ හිත ගිය ස්ත්‍රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ.... ඒ අපේ හිත් කියනව ඇය අපිට කැමති වෙයි මොනම වෙලාවක හරි කියල..... කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනව. ඇයව සතුටුකරන්න කියල හැම තිස්සෙම කියනව....... ඇය තරහ උනොත් ඇයව යාළු කරගන්නත් නොගන්න උත්සාහයක් නෑ..... මොකද හිත කියනව ඇයි යාළුවෙයි කොයියම් මොහොතක හෝ යාළුවෙයි කියල....... ඒත් ඇය සදහටම අපිව දාල මේලෝකෙන් සමුගෙන ගියොත්......... හිත නෙමෙයි මහා බ්‍රහ්මය ඇවිදින් මොනදේ කීවත් වැඩක් නෑ.... වැඩක් නෑ..... වැඩක් නෑ මයි..... ඇය එන්නෙ නෑනේ.... හිත රවට්ටගන්නත් බෑනේ..... එවිටදි දැනෙන දුක කොහොම දරාගන්නද....? මේ ගීතය අන්න ඒ දුක ගැන කියන දුක්බර කතාවක්.........

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමන
    සොදුරිය මට‍ නොකියාම ගියා...


    මේක සත්‍ය සිදුවීමක් කියලයි පොත්පත් වල සදහන් වෙන්නෙ... සිදුවීමට මුහුණදීල තියෙන්නෙ මේ පද රචකයමයි... මේක ඔහුගෙ එකම පද රචනය ලෙසත් සමහර පොත්පත් වල සටහන් වෙනව...ආදරවන්තියගේ නිසල දේහය දිහා බලාගෙන තමා ආදරවන්තය මේ කතාව කියන්නෙ.....

    ඔය නෙත් දෙකට මම දන්න කාලෙ ඉදලාම උරුම වෙලා තිබුනෙ කදුළු විතරයි... ඔයා කොච්චරනම් මගේ ලග ඉදගෙන දුක කිය කියා අඩන්න ඇද්ද.... මගේ පපුට ඔලුව තියානෙ හිතේ හැටියට අඩන්න, දුක කියන්න එන්නෙ නැද්ද ඔයා අද..... මේ උරහිස, මේ පපුව තවමත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ දුකට කදුලට වාරුවක් වෙන්න. ඒත් කෝ කෙල්ලෙ ඔයා මගේ දිහා බලන්නෙවත් නෑනේ...... ඒ කදුලු පිරි දෙනෙත් නොඇරෙන්නම ඔයා වසාගෙන.... ලස්සන සිනහ පිරුණු දෙතොල් දෙක වසාගෙන.... වෙනදා රෝස මල් ‍වගේ පිපුණ ඔය දෙකොපුල් අනේ අද පරවෙලා.....මාව ආදරෙන් බදා ගත්තු ඔය දෑත් පොඩි අද එකට බැඳගෙන ළයට තද කරගත්තට මේ ආදරේ වාන් දමනව මිසක් අඩු වෙන්නෙ නම් නෑ කවදාවත්ම.... ඒත් ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම යන්න ගියා....

    දෑස් කවුළු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවදින්...


    කොච්චර ඇස්දෙක තද කරගත්තත් ඇහිපිය කඩාගෙන දෝරෙ ගලන කඳුළු මං කොහොම නවත්ත ගන්නද ‍සොදුරියෙ...කවුරු කොහොම කිව්වත් ඒක කරන්න මට බෑ... කවුරු හිටියත් කමක් නෑ.... මට හිතෙනව ඔය නලල තව එක පාරක් සිබ ගන්න... මම වෙන මොනව කරන්නද දෙවියනේ... ඉතින් මට කියලා ගියා නම් "අඬන්නෙපා...මට දුකයි කියලා...වස්තුවේ" කියලා මං කොහොම හරි නාඬා ඉන්නවනෙ වස්තුවේ...ඔය සුවඳ මට දැනෙන කොට වාවගන්න මට කොහෙත්ම බෑ...එතකොට මම අඬන‍වා නෙවෙයි මැණික මට ඇඬෙනවා...අනේ කඳුළක් වැටුණට ඔය චූටි දෙතොලට තරහ වෙන්න නම් එපා... ඔයාගෙ මේ අහිංසක සිරුරට ඇයි මේ සුවද පැන් වත්කරන්නෙ... ඒ කියන්නෙ ඔයා දැන් අවසන් ගමන් යන්න ලගයි... අනේ මගේ පුංචි අහිංසක දගකාරි අවසන් ගමන් යන්න ලග හින්ද තමා මේ සුවද පැන් ඉහින්නෙ... අපිට මොනවටද සුවද පැන්... ඔයාට මොනවටද සුවද පැන්... මටත් , මගේ හිතටත් ජාති ජතිත් ඔයවා අමරණීය වූ සුවදක්.... මම ඒ සුවද මත්තෙම ඉන්නවා... අනේ මට බෑ ඒ සුවදින් ඈත් වෙන්න....

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ...
    ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
    ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...


    මෙච්චර ඉක්මනට මට තනිවෙන්න වෙයි කියලා මං හිතුවෙ නෑ...මමං හැමදාම හිතුවේ මේ ගමන අපි දෙන්නම එකට යන්න..ඒත් ඇයි ධෛවය ඔයාව ඉක්මන් කලේ...නැත්නම් මට ඉස්සෙල්ල යන්න දෙන්න තිබුණනෙ...දෙහිතක ආදරය තනි හිතකට දරන්න වුනාම හරි අමාරුයි කෙල්ලෙ....ඒත් අපේ ආදරේ මහමෙරක් වගේ මං බලාගන්නම්..මගේ මැණික මං ළඟට එනකල්....ඔයා නැති මේ ලෝකෙ දැන් මට කියලා කව්ද රත්තරං ඉන්නෙ..අපිට අපි වුන්න ඒ ආදරේ මතක එක්ක මං මේ පාළු ජීවිතය ගෙවා දමන්නම්...ආයෙමත් දවසක අපි මේ වගේම ආදරෙන් ඉමු...මං බලාන ඉන්නවා මගේ පුංවි කෙල්ලේ...හීනෙන් හරි ඇවිත් යන්න එන්න.... මම ඔයාවෙනුවෙන් මේ ආත්මෙ ගෙවනව... ඒ ඊලග ආත්මෙ ඔයාව ලබා ගන්න ඕනි නිසා මම දන්නව ඔයත් එහෙම තමා... අපි දෙන්නගෙ හදවත් එක වගේ නිසා අපේ පැතුම් එකවගේ නිසා අපි ඊලග බවයේ අපේම වෙන්න පෙරුම් පුරාගෙනම ඉපදෙමු.
    වංකගිරියෙ කදු මුදුනේ සැගවුණු....... - කෙල්ලේ නුඹ කොහෙදැයි කියපන්...............
    හැබහින් බැරිනම් හීනෙන් ඇවිදින්.... - ඈත ඉදන් මට අත වනපන්..............

    හැගීම්බර වැඩියි.... සමහරවිට මේ විචාරය එතරම් සාර්ථක නොවෙන්න පුළුවන්... එහෙම උනොත් සමාවෙන්න...අපිත් හැගීම් දැනීම් තියෙන මිනිස්සුනේ...............

    එදා මෙදා තුර කදුලට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
    සිනා පිරුණු රත් දෙතොල් වසා...
    මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවසන් ගමනක
    සොදුරිය මට‍ නොකියාම ගියා...

    දෑස් කවුළු පත් පලා කදුලු කැට
    වෑහෙද්දී මගෙ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් සිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමයි ඒ සුවදින්...

    එදා මෙදා තුර...//

    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ...
    ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
    ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

    එදා මෙදා තුර...//



    kiyanna wadan ne machan hagum site hirawelaaa
    haduna denna baha machan mage hita obata pahadalaaa
    ela ela kollo
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ සංගීතයත්, පද මාලාවත් ඉතාම උසස් තත්ත්වයේ තිබෙන ගීතයක්... මේ ගීතය ගැන කතාකරන්න ගියාම කොහෙන් නවතීද දන්නෙ නෑ.. ඒ තරමටම මෙම ගීතය සියළු උසස් ලක්ෂණ වලින් පරිපූර්ණයි.. ආදරවන්තයකුගේ සිත මේ තරම් ලස්සන උපමා යොදාගෙන පැහැදිලි කරන තවත් ගීතයක් මා දැක නැති තරම්.... අරම්භයේ සිටම අවසානය දක්වාම ගීතයේ තණුව හා කරට කර තරගකරන පද මාලවක්... හරිම සුන්දර ගීතයක්... මා මේ ගීතය ඔබ වෙත ගෙනආවේ විශේෂයෙන්ම මෙහි තිබෙන අතිශය සුන්දර වූ උපමා පෙන්වීමටයි... මෙවැනි ගීතයක් ලියන්න සාමාන්‍ය පදරචකයෙකුට කිසිසේත්ම පුළුවන් කමක් නෑ... මන්දයත් මේ ගීතයට සංගීතය කියන්නෙ ආභරණයක් පමණයි ... සංගීතය නැතත් ප්‍රේම කීර්ති ද අල්විස් විසින් ලියා ඇති මේ පද මාලාව ගීතයට අවශ්‍ය තනුව නිරායාසයෙන්ම ලබා දෙනව....

    මේ ගීතය ඔබට ගෙන ඒමට පෙර තොටගමුවේ විජයබා පිරිවෙණාධිපති ව සිටි, ශ්‍රී රාහුල ස්ථිවිරයන් වහන්සේ විසින් රචිත සැලළිහිණි සන්දේශයේ කවියක් ඔබට පෙන්වන්නම්...

    වලඳින අදහසින් මෙත් සුර ගඟ...........අඟන
    නල බල සසල දළ රළ පෙළ නුබ...නැඟෙන
    වෙලළ'සැ ගැවසි මුතු සක් පබළු......බබළන
    බල මහ මුහුද එම සඳ උතුරෙන්....පෙනෙන

    (ආකාශ ගංගාව බදා වැළඳ ගන්නා ආශාව මෙන්, සුළඟින් කැළැතුනු මහා රළ ගෙඩි ඉහළ නගින්නාවු, වෙරළ පුරා විසිරුනු මුතු හක්ගෙඩි හා පබළු බබළන, උතුරු දිශාවෙන් පෙනෙන මහ මුහුද බලාගන්න.)

    සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කර ඇති මෙම කවියේ “නල බල සසල දළ රළ පෙළ නුබ...නැඟෙන” ආදි පද පෙලයන් හිදී මුහුදක රැළි ඉහල පහල නැගෙන ආකාරයට පද යොදා ගෙන ඇති ලස්සන බලන්න. එයයි පද වල ඇති සුන්දරත්වය රචකයා පවසනාදේට අමතරව එම පවසන පද වල ශබ්දයෙන් පවා යමක් රසිකයාට ගෙන එනවා...... හොදයි අපි දැන් යමු අපේ ගීතයට මේ ගීතයෙන් පද නම් ඉතින් අපේ භාෂාවෙන් කියවානම් පට්ටම පට්ට තමා... මේ ගීතයේ තියෙන උපමා වල තිබෙන උචිත බව හා වටිනාකම පවසලා වැඩක් නෑ එය මා මේ විදියට ඔබට ලිපියකින් ලබා දෙන්නම්. බලන් මේ ගීතයේ පද ඉහත කවියට දෙවෙනි නෑ නේද කියලා.....

    ආදරණීය සුදූ..

    ඔයා ආසයිනෙ ඉතින් මම ලියුමක් එවනවට... හැමදාම කතා කලත් කොහෙද ඔයාට මදිනේ ඔයා කියන්නෙම අනේ අයියෙ ඔයාගෙ තරු අත් අකුරින් ලියා එවන්න කියලනේ... හා ඔන්න ඉතින් මම අද ඔයාට ලියනව හොදේ....

    මම ලියන්න පටන් ගත්තත් මොනව ලියන්න කියලද කියල මට හිතා ගන්න බෑ... මම මෙහෙම කියන්නම් මේ ලෝකෙ මට කිසිම සැපක් වැඩක් නෑ කෙල්ලෙ.. මගේ ජීවිතේට ඕන කරන්නෙ ඔයා. ජීවිතේ ඉල්ලන්නෙ ඔයා. කෙල්ලෙ මට ඔබේ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත.

    ඔයා දන්නවද කෙල්ලෙ තනියම ඉන්න වෙලාවට මට හිතෙන දේවල්... ඉස්සර මම හරි ආසයි නිසංසලේ ඉදගෙන කල්පනා කරන්න.. එතකොට හමාගෙන එන සුළග පවා හරිම සුන්දරයි... ඒත් ඔයා ලැබුන දවසේ ඉදල මට හිතෙන්නෙම එදා මට සුන්දර වු මද පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් කියල.... ඇයි රෑට ඔයා මගෙත් එක්ක කතා කරල ඉවර වුනාම... මම කොච්චරනම් අහස දිහා හද දිහා බලාගෙන ඔයා ගැන කල්පනා කරනවද..? අනේ මන්ද මගේ මෝඩ කමද කියල... මේ පුංචි කෙල්ල මාව පිස්සෙක් කරල...අන්න ඒ වගේ වලාවල් වලදී මට හිතෙන දේතමා ඒ සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම් කියල.. මට ඔයාට දෙන්න කියල මහාලොකු සැප සම්පත් නෑ... ඒත් සොදුරියේ හදවතින් නම් මම දුප්පතෙක් නෙමෙයි. ඔයාට තියෙන ආදරේ නිසාම මගේ හදවත කියන්නම් මම ඔයාට. ඔයාට හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්.... මහා ලොකු මිල මුදල් නැතත් පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්.... ඒ නිසා ඔයා මාව තේරුම් අරගෙන මගේම වෙනව නේද....?

    ඔයාව මට ලැබුණ දිනේ ඉදල මට මතක නෑ ඔබව මතක් නොවුනු එක දිනයක්වත්. හැමදාම රෑට කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ... ඒ තරමටම මම ඔබට ආදරෙයි... මට මතක නෑ ඔයාව මතක් නොවුනු එක මොහොතක් වත්... ඔයා හිතනවද මම පිස්සු කියවනව කියලා.. නෑ.. මේ අහන්න කෙල්ලෙ.. මම එහෙම පිස්සෙක් නෙමෙයි. ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ කියල තමා ඔයාට කියන්න වෙන්නෙ.. මට ඔයාව හොදටම දැනුන තේරුණ නිසා තමා මම මෙහෙම කියන්නෙ... මම, මගේ හදවත දැන් සූදානම් ඔයා එක්ක ඕනම කරදර බාධකයක් විදගෙන ජීවිතේ ගෙවන්න... දැන් මගේ එකම අරමුණ ඔයා... අපි අපිට පුළුවං විදියට ජීවත් වෙමු. මම ඔයාව බලා ගන්නම්... මම ඔයාගෙන් අන්තිමටම ඉල්ලන්නෙ කෙල්ලෙ එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ.................. කියල.

    මම ඔයාගෙම
    අයියා...


    මෙන්න ගීතය


    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම්පත...
    ඔබේ සෙවණ පමනි මිහිපිට
    ඇති එකම සම්පත...

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම්
    සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම්
    හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්....

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ


    ඔන්න ඔහොමයි යාළුවනේ ඒ විචාරයත් අවසන් කලේ... මේ පද මාලාවනම් අතිශයින්ම ප්‍රභලයි... තනුව ඊට එහා.. ඒ නිසයි මම විචාරයක් නොකර පද ගැන ඔබට දැනෙන කතාවක් කලේ.. මොහොතක් හිතන්න කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ , ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ, හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම් , පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම් කියන පද පේලි ගැන... කොතරම් ලස්සනද... අපේ පැරණි අය මෙතරම් ලස්සනට සුභාවිත ගීත අපිට දායාද කර දෙද්දි මට අද මීට සමාන අර්ථයකින්ම ලියවුන අදකාලේ ගීතයක් අහන්නට ලැබුනා... මටනම් වමනෙ යන්න වගේ... හරියට මලලසේකර ශබ්දකෝෂයෙන් වචන ටිකක් හොයාගෙන එහෙන් මෙහෙන් අස්සට රිංගවල වගේ.... ලොවේ දනන්, සක්මන් කරන සද, සවිමත් පවුරක් වගේ ලොකු වචන ටිකක් දාල ඒත් ඉහත ගීතයත් එක්ක සසදන විට බලු නොවටී (සමාවෙන්න මෙවැනි යෙදුමක් භාවිතා කලාට)... ඔන්න මම අප්ලෝඩ් කලා ඒ ගීතයත්, ඔබම ටිකක් අහල බලන්න ගීත දෙකෙහි වෙනස....



    ඔබේ අදහසකුත් දීලම යන්න....
    (මෙහි සදහන් කරුණු වල දෝශයක් වෙත්නම් මට පෙන්වා දෙන්න..)

    මම මේ කල්පනා කලේ මේකට මේ අදහස් කොහෙන් එනවද කියල..නියමයි මචං.තව ලියපන්..උඹට පින්..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ සංගීතයත්, පද මාලාවත් ඉතාම උසස් තත්ත්වයේ තිබෙන ගීතයක්... මේ ගීතය ගැන කතාකරන්න ගියාම කොහෙන් නවතීද දන්නෙ නෑ.. ඒ තරමටම මෙම ගීතය සියළු උසස් ලක්ෂණ වලින් පරිපූර්ණයි.. ආදරවන්තයකුගේ සිත මේ තරම් ලස්සන උපමා යොදාගෙන පැහැදිලි කරන තවත් ගීතයක් මා දැක නැති තරම්.... අරම්භයේ සිටම අවසානය දක්වාම ගීතයේ තණුව හා කරට කර තරගකරන පද මාලවක්... හරිම සුන්දර ගීතයක්... මා මේ ගීතය ඔබ වෙත ගෙනආවේ විශේෂයෙන්ම මෙහි තිබෙන අතිශය සුන්දර වූ උපමා පෙන්වීමටයි... මෙවැනි ගීතයක් ලියන්න සාමාන්‍ය පදරචකයෙකුට කිසිසේත්ම පුළුවන් කමක් නෑ... මන්දයත් මේ ගීතයට සංගීතය කියන්නෙ ආභරණයක් පමණයි ... සංගීතය නැතත් ප්‍රේම කීර්ති ද අල්විස් විසින් ලියා ඇති මේ පද මාලාව ගීතයට අවශ්‍ය තනුව නිරායාසයෙන්ම ලබා දෙනව....

    මේ ගීතය ඔබට ගෙන ඒමට පෙර තොටගමුවේ විජයබා පිරිවෙණාධිපති ව සිටි, ශ්‍රී රාහුල ස්ථිවිරයන් වහන්සේ විසින් රචිත සැලළිහිණි සන්දේශයේ කවියක් ඔබට පෙන්වන්නම්...

    වලඳින අදහසින් මෙත් සුර ගඟ...........අඟන
    නල බල සසල දළ රළ පෙළ නුබ...නැඟෙන
    වෙලළ'සැ ගැවසි මුතු සක් පබළු......බබළන
    බල මහ මුහුද එම සඳ උතුරෙන්....පෙනෙන

    (ආකාශ ගංගාව බදා වැළඳ ගන්නා ආශාව මෙන්, සුළඟින් කැළැතුනු මහා රළ ගෙඩි ඉහළ නගින්නාවු, වෙරළ පුරා විසිරුනු මුතු හක්ගෙඩි හා පබළු බබළන, උතුරු දිශාවෙන් පෙනෙන මහ මුහුද බලාගන්න.)

    සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කර ඇති මෙම කවියේ “නල බල සසල දළ රළ පෙළ නුබ...නැඟෙන” ආදි පද පෙලයන් හිදී මුහුදක රැළි ඉහල පහල නැගෙන ආකාරයට පද යොදා ගෙන ඇති ලස්සන බලන්න. එයයි පද වල ඇති සුන්දරත්වය රචකයා පවසනාදේට අමතරව එම පවසන පද වල ශබ්දයෙන් පවා යමක් රසිකයාට ගෙන එනවා...... හොදයි අපි දැන් යමු අපේ ගීතයට මේ ගීතයෙන් පද නම් ඉතින් අපේ භාෂාවෙන් කියවානම් පට්ටම පට්ට තමා... මේ ගීතයේ තියෙන උපමා වල තිබෙන උචිත බව හා වටිනාකම පවසලා වැඩක් නෑ එය මා මේ විදියට ඔබට ලිපියකින් ලබා දෙන්නම්. බලන් මේ ගීතයේ පද ඉහත කවියට දෙවෙනි නෑ නේද කියලා.....

    ආදරණීය සුදූ..

    ඔයා ආසයිනෙ ඉතින් මම ලියුමක් එවනවට... හැමදාම කතා කලත් කොහෙද ඔයාට මදිනේ ඔයා කියන්නෙම අනේ අයියෙ ඔයාගෙ තරු අත් අකුරින් ලියා එවන්න කියලනේ... හා ඔන්න ඉතින් මම අද ඔයාට ලියනව හොදේ....

    මම ලියන්න පටන් ගත්තත් මොනව ලියන්න කියලද කියල මට හිතා ගන්න බෑ... මම මෙහෙම කියන්නම් මේ ලෝකෙ මට කිසිම සැපක් වැඩක් නෑ කෙල්ලෙ.. මගේ ජීවිතේට ඕන කරන්නෙ ඔයා. ජීවිතේ ඉල්ලන්නෙ ඔයා. කෙල්ලෙ මට ඔබේ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත.

    ඔයා දන්නවද කෙල්ලෙ තනියම ඉන්න වෙලාවට මට හිතෙන දේවල්... ඉස්සර මම හරි ආසයි නිසංසලේ ඉදගෙන කල්පනා කරන්න.. එතකොට හමාගෙන එන සුළග පවා හරිම සුන්දරයි... ඒත් ඔයා ලැබුන දවසේ ඉදල මට හිතෙන්නෙම එදා මට සුන්දර වු මද පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් කියල.... ඇයි රෑට ඔයා මගෙත් එක්ක කතා කරල ඉවර වුනාම... මම කොච්චරනම් අහස දිහා හද දිහා බලාගෙන ඔයා ගැන කල්පනා කරනවද..? අනේ මන්ද මගේ මෝඩ කමද කියල... මේ පුංචි කෙල්ල මාව පිස්සෙක් කරල...අන්න ඒ වගේ වලාවල් වලදී මට හිතෙන දේතමා ඒ සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම් කියල.. මට ඔයාට දෙන්න කියල මහාලොකු සැප සම්පත් නෑ... ඒත් සොදුරියේ හදවතින් නම් මම දුප්පතෙක් නෙමෙයි. ඔයාට තියෙන ආදරේ නිසාම මගේ හදවත කියන්නම් මම ඔයාට. ඔයාට හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්.... මහා ලොකු මිල මුදල් නැතත් පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්.... ඒ නිසා ඔයා මාව තේරුම් අරගෙන මගේම වෙනව නේද....?

    ඔයාව මට ලැබුණ දිනේ ඉදල මට මතක නෑ ඔබව මතක් නොවුනු එක දිනයක්වත්. හැමදාම රෑට කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ... ඒ තරමටම මම ඔබට ආදරෙයි... මට මතක නෑ ඔයාව මතක් නොවුනු එක මොහොතක් වත්... ඔයා හිතනවද මම පිස්සු කියවනව කියලා.. නෑ.. මේ අහන්න කෙල්ලෙ.. මම එහෙම පිස්සෙක් නෙමෙයි. ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ කියල තමා ඔයාට කියන්න වෙන්නෙ.. මට ඔයාව හොදටම දැනුන තේරුණ නිසා තමා මම මෙහෙම කියන්නෙ... මම, මගේ හදවත දැන් සූදානම් ඔයා එක්ක ඕනම කරදර බාධකයක් විදගෙන ජීවිතේ ගෙවන්න... දැන් මගේ එකම අරමුණ ඔයා... අපි අපිට පුළුවං විදියට ජීවත් වෙමු. මම ඔයාව බලා ගන්නම්... මම ඔයාගෙන් අන්තිමටම ඉල්ලන්නෙ කෙල්ලෙ එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ.................. කියල.

    මම ඔයාගෙම
    අයියා...


    මෙන්න ගීතය


    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම්පත...
    ඔබේ සෙවණ පමනි මිහිපිට
    ඇති එකම සම්පත...

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම්
    සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම්
    හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්....

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රියකතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ


    ඔන්න ඔහොමයි යාළුවනේ ඒ විචාරයත් අවසන් කලේ... මේ පද මාලාවනම් අතිශයින්ම ප්‍රභලයි... තනුව ඊට එහා.. ඒ නිසයි මම විචාරයක් නොකර පද ගැන ඔබට දැනෙන කතාවක් කලේ.. මොහොතක් හිතන්න කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ , ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ, හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම් , පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම් කියන පද පේලි ගැන... කොතරම් ලස්සනද... අපේ පැරණි අය මෙතරම් ලස්සනට සුභාවිත ගීත අපිට දායාද කර දෙද්දි මට අද මීට සමාන අර්ථයකින්ම ලියවුන අදකාලේ ගීතයක් අහන්නට ලැබුනා... මටනම් වමනෙ යන්න වගේ... හරියට මලලසේකර ශබ්දකෝෂයෙන් වචන ටිකක් හොයාගෙන එහෙන් මෙහෙන් අස්සට රිංගවල වගේ.... ලොවේ දනන්, සක්මන් කරන සද, සවිමත් පවුරක් වගේ ලොකු වචන ටිකක් දාල ඒත් ඉහත ගීතයත් එක්ක සසදන විට බලු නොවටී (සමාවෙන්න මෙවැනි යෙදුමක් භාවිතා කලාට)... ඔන්න මම අප්ලෝඩ් කලා ඒ ගීතයත්, ඔබම ටිකක් අහල බලන්න ගීත දෙකෙහි වෙනස....



    ඔබේ අදහසකුත් දීලම යන්න....
    (මෙහි සදහන් කරුණු වල දෝශයක් වෙත්නම් මට පෙන්වා දෙන්න..)

    කියවගෙන යද්දි මටනම් එපා උන ගීතයක් උනත් අහන්න හිතෙනවා, උඹව වර්ණනා කරන්න එපා කියලා කොච්චර කීවත් , මේවගේ සුපිරි විචාරයක් කරපු එකෙක්ට නොදෙන වදන් මොටද.. අර ගීත දෙකේ වෙනස කතාකරද්දි නම් මට පේන්නේ වර්තමාන නිර්මාණකරුට සියුම් හැඟීම් ව්‍යාOගයෙන් ඉදිරිපත් කරන්න තරම් දැනුමක් බුද්ධියක් නැති බවයි...

    ගී සයුරේ අනේක විද මුතු මැණික් අපට පෙන්වා හරය වටහා දෙන සැස්ලිට් සහෝදරයාට ස්තූතිය...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට මේ ගීතය ගැන ලියන්න හිතුන විශේශ හේතුවක් තියනවා. ඒ හේතුව අන්තිමට ලියන්නම්. නමුත් බලන්න තමන්ගේ හිතේ තියන දේවල් තවත් කෙනෙකුට දැනෙන්න කියන්න අපි කොතරම් නම් ක්‍රම පාවිච්චි කරනවද කියල. සමහර විට අදාල සිදුවීම හා උදාහරණය අහසට පොලව වගේ...
    මේකට සිංහල ගීතයේ ගනිත පාඩම කියමුකෝ......

    සමකෝණී ත්‍රිකෝණයකි
    ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා
    ඇය තව මුල්ලක හිටියා
    නෙත් හතරක පහස ලබා
    මම මේ මුල්ලේ හිටියා

    ඔබ දෙදෙනා සහ මම සමකෝණී ත්‍රිකෝණයක එකිනෙක දිහා බලාසිටින ශීර්ශ වැනිය. ඔබ දෙදෙනාගෙම නෙත් යුග වල පහස මට හිමිවූවත් මට ඔබ දෙදෙනාම සමාන දුරකින් පෙනෙන්නේ සමකෝණී ත්‍රිකෝණයක අනිවාර්යයෙන්ම පාද දිගින් සමාන වන නිසාය......

    ඔබ මගෙ ආදරය පතයි
    ඇය මගෙ ආදරය පතයි
    දෙදෙනාටම මාත් හිතයි
    ත්‍රිකෝණයේ පාද සමයි

    ඔබ දෙදෙනාම මගෙන් ආදරය බලාපොරොත්තුවෙන් මාදෙස බලා සිටියද ඔබ දෙදෙනා කෙරෙහි මගේ ඇති හැගීමෙහි එකිනෙකාට වෙනසක් නොවන්නේ ත්‍රිකෝණයේ පාද සමවන්නා සේමය.....

    සමච්ඡේදනය කරලා
    දෙන්නට බෑ පෙම බෙදලා
    අපි තුන්මුල්ලටම වෙලා
    ඉමු මුහුණට මුහුණ බලා

    සමපාද ත්‍රිකෝණයක් සමච්ඡේදනය කරලා නිවැරදිව බෙදන්න පුලුවන් වුනත් මේ හැගීම කෙසේනම් සමානව බෙදාම් ද. නමුත් කාලය බොහෝදේ විසදාවි එතෙක් මේ දිගින් සමාන වූ පාද තුන එලෙසම තියේවි......

    පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග


    රචකයා ගිතයෙ මුල පදවලදී යොදා ඇති උපමාව හා සිදුවීම දකින ආකාරය අනූව යම් බොලද පුද්ගල යෙකු යැයි හැගේ නමුත් අවසාන පද කිහිපය තුල ඔහු මේ ගැටලුව දෙස බලන ආකාරය හා දෙනු ලබන විසදුම අනූව යම් වියත් භාවයක් ද පෙන්නුම් කෙරේ......

    මේ ගීතය මා විශාල අවකාශයක් තුල අතරමං කිරීමට තරම් දරුනු චිත්ත රූප මාතුල මවන්නට විය. රචකයා සැබැවින්ම ත්‍රිකෝණය මේ සදහා භාවිත කලේ හුදු ගීතයට අපූර්වත්වයක් එක් කිරීමටද? නැතහොත් මහා ගැබුරක් මතු කිරීමටද? එසේනම් මෙම ත්‍රිකෝණයේ පාද දෙකක් පමනක් සමාන නොවුනේ ඇයි. පාද තුනම සමාන වීම තුලින් රචකයා මෙහි ඔබ යන්නෙන් අමතන්නේ කාටද යන පැනය මනසේ දෝංකාර නොදෙන්නේ ද?.... තවත් සරලව කියන්නේ නම් ඇය ඇයක්මය නමුත් ඔබ............

    මා අවසාන පැවසූවෙහි අරමුන එකම දෙයක ඇති විවිධ පැති පෙන්වීම හා උපමා භාවිතයේ ගැබුර හා යම්තාක් දුරට එහි භයානක භාවය පෙන්වීම මිස කාගේ හෝ මනො විකෘතිතාවයක් පෙන්වීමට නොවන බැවින් වරදක් ඇතොත් සමාවෙන්න.......



    :D:D
    yep agree,sankeernama ne neda...issara karapu dewal mathak wenawa hahah:rolleyes::(:(:shocked:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........

    ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

    ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා


    ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා


    ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා


    මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    මම ඔයාගේ
    පුංචි කිරිල්ලි.



    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    මාල මල් ලතා මලාතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    පද රචනය - දේවිකා ජයසුන්දර
    තනුව - විමල් දයානන්ද
    ගායනය - මංගලිකා තෙන්නකෝන්


    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!
    :cool::cool:...
    me wage kello inne dan sihina loka wala witharai:(
    randu wela sathiyak hitiyoth mala geyak :shocked:
    niyamai sasliit well done
    9.gif
    9.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක ඇරඹුමක් වූ නිදාන කතාවක් අරගෙන ආවා..... ඊට පළමුවෙන් අපිව කමෙන්ටස් මගින් හා පීඑම් මගින් දිරිමත් කරන සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම ස්තූතිය පිරිනැමිය යුතුමයි.... යාළුවනේ ඔබලාගේ දිරිමත් කිරීම සහයෝගය හා උවමනාව නිසා තමයි මෙතරම් ගී ප්‍රමාණයක් විචාරය වී තිබෙන්නෙ. අනික් කරුණ එළකිරියටත් මේක ලොකු අභිමානයක්. මොකද කිසිම ග්‍රන්ථයක, කිසිම අන්තර්ජාල වෙබ් පිටුවක හා වැඩසටහනක නොමැති තරම් ගීත ප්‍රමාණයක් මේ වනවිට එළකිරි.කොම්හි “සුන්දර ගීයක ඇරඹුම” ත්රෙඩ් තුළින් විචාරය වී තිබෙනවා...

    හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.

    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....


    රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...

    මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....

    යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
    රන් සිනා පාමි පූජාසනේ...


    යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...

    මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යනතුරා මිලින වී මතු දිනේ
    සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
    පූජනීයයි උතුම් ආදරේ...


    ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....

    හරි ඔන්න ගීතය ඉතාමත් සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන කතාව....



    හොදයි යාළුවනේ මේ ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ ඇසුරින් තමා ඔහු මේ ගීතය නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන.

    "අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක සුඛෝපබෝගි බස් එකක්. මේ බස් එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා.

    දෑන් බස් එක මේ විදිහට ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින් බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම.

    අපේ කාලයේ නම් ආදරය කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි...

    එහෙම හිතාගෙන ලියූ ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස් හොද සාධාරණයක් ඉටු කලා කියලා...


    ඔන්න එහෙනම් නිදාන කතාවත් එම ගීතයේ සරල විචාරයකුත් එකම පෝස්ට් එකකින් දුන්නා... රසවින්දොතින් කමෙන්ට් එකක් දාලම යන්න....


    (තොරතුරු ලබාදුන් මගේ විශ්ව විද්‍යාල සහෘදයන්ට තුති.)
    11.gif
    11.gif
    mage number one list eke geethayak meka!
    kocchara lassanada atthenma....
    sahodaraya pothak liyamu.....:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    [FONT=&quot]වචනාර්ථය ඉක්ම වූ කාව්‍ය මව් ගුණය ගැනද[/FONT]? [FONT=&quot]ප්‍රේමය ගැනද[/FONT]?

    [FONT=&quot]මා නුවන් පුරා............[/FONT]



    [FONT=&quot]මා නුවන් පුරා - නිල් අහස වසා[/FONT]
    [FONT=&quot]මා ලවන් පුරා - මල් සුවද සරා[/FONT]

    [FONT=&quot]මල් හීන වැසි වැටෙනා විල් තෙරේ[/FONT]

    [FONT=&quot]උණ පදුරු හෙවනේ[/FONT]

    [FONT=&quot]රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ[/FONT]

    [FONT=&quot]ආකාස කුසුම් යහනාවේ[/FONT]

    [FONT=&quot]මට දැනෙනවා.........ආදරේ...[/FONT]

    [FONT=&quot]මට හැගෙනවා.........ආදරේ........[/FONT]


    [FONT=&quot]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT]

    [FONT=&quot]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT]

    [FONT=&quot]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT]

    [FONT=&quot]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT]

    [FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

    [FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]


    [FONT=&quot]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT]

    [FONT=&quot]මගෙ සිත ළග නතර වෙලා[/FONT]

    [FONT=&quot]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT]

    [FONT=&quot]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT]

    [FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

    [FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]



    [FONT=&quot]ආදරයක් ඇස් වසා මුළු අහසම වසා ලන්නට තරම් විශාලය. ඒ සෙනෙහස ම තොල් පෙති තෙමා ලමින් මල් සුවද ගවසාලයි. මේ ආදරය ම මල් හීන, දිවියෙහි විල් තෙර මත පෙන්වයි. තමා වටා ඇති සියළු ම පරිසරය රසවත් කරයි. නමුත් ඒ ආදරය රෝසමල් වල සුවද ඇදගනී. ඇයි ඒ....? ආතාසයම කුසුම් යහනාවක් කරමින් ජීවිතය සුව පහසුව දනවමින් මේ ආදරය සිතට දැනේ.............මේ කාගේ ආදරයද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT]
    [FONT=&quot]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT]

    [FONT=&quot]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT]

    [FONT=&quot]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT]

    [FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

    [FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]



    [FONT=&quot]ඇගේ නිල් දෙනෙත තුළ ඔහු අහස තරම් නිමාවක් නොදකින තෙර නොපෙනෙන ආදරයක් දකී. ඒ ආදරයම ඇසිපිය නොසලා ම ඔහු සිප ගන්නට ලංවේ..........ඒ ආදරය ඔහු දකින්නේ සද දිගේ ගලා එන සද වතුර පුවාහයක් ලෙසටය. එය ඒ තරම් ම මුදුය, මොළොක්ය. මේ ආදරේ ඔහු ට හැගෙන්නේ එතරම් ම අලහාදයක් සිත තුළ ජනිත කැරමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT]
    [FONT=&quot]මගෙ සිත ළග නතර වෙලා[/FONT]

    [FONT=&quot]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT]

    [FONT=&quot]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT]

    [FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

    [FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]



    [FONT=&quot]මේ සෙනෙහස මල් සුවදක් සේ ඔහු ගේ සිත ළග නතර වෙයි. ඒ ආදරය පෙම් බමර තුඩකින් සැලෙන පැණි වල සුවද ද පරයා, සිත් විල් තෙරේ ආදර මල් වල සුවද ගලායවයි. මේ කිනම් නම් ආදරයක් ද?[/FONT]

    [FONT=&quot]නූතනයේ ඉදිරිපත් වූ ගීත අතරින් මා අතිශය හද ඇද බැද ගත් ගීතය මෙයයි. ඒ හද[/FONT]
    [FONT=&quot]බැද ගැනීමට හේතුව වන්නේ මෙය විවිධ කෝණ වලින් බැලූ විට විවිධ රටා පෙන්වන[/FONT] [FONT=&quot]දියමන්තියක් සේ අපට ආරම්මණය වීමයි[/FONT], [FONT=&quot]රස ගෙන ඒමයි. උපුල් ශාන්ත සන්නස්ගල කියන[/FONT] [FONT=&quot]මේ ආදරය කාගේද[/FONT]? [FONT=&quot]මෑණියන් ගේ ද[/FONT]? [FONT=&quot]නැතිනම් පෙම්වතියක ගේද[/FONT]? [FONT=&quot]එය දුහුනනි[/FONT], [FONT=&quot]ඔබ ම[/FONT] [FONT=&quot]විද ගත යුතු[/FONT], [FONT=&quot]ඔබම රස විදිය යුතු එකකි......මා නම් සිතන්නේ “අම්මා” නම් වදන පවා භාවිතා නොකොටම සන්නස්ගල මෑණි කෙනෙකු ගේ තෙර නොපෙනෙන සෙනෙහස අපේ සිත තුළට කාන්දු කරවන බවය. අපේ සිංහල භාෂාවේ රමණිය ස්වභාවය පෙන්වන පද රචනයකි එසේ නම් මෙය.[/FONT]

    [FONT=&quot]ගීත ක්ෂෙත්‍රයට නවකයෙක් වූ සමන් නිශාන්ත නම් අතිශය භාවාත්මක කටහඩෙහි උරුමහරුම කරුවා මේ ගීතය ගයන මේ ස්වරය, අසන්නන් ගේ සියළු භාවයන් ප්‍රකම්පනයට සමත්ය. ඔහු ගේ මෙවන් ගීත අපට අසන්නට නොලඅබෙන්නේ ඇයි ද යන්න නම් නොවිමසා සිටිය නොහෙන පැණයකි. එපමණක් නොවේ. මේ ගීතය සංගීතවත් කරන්නේ, භාතිය-සංතුෂ් වැන්නවුන්ට දෙපා වලට රිද්මය සපයන ගීත සදහා සංගීතය රචනා කරන රංග දසනායක තරුණ සංගීතවේදියාය. මේ ගීතයේ විනාඩි 2-තත්පර 45ක් ගිය තැන අසන්නට ලැබෙන භාවමය වූ චෙලෝ වාදනය අසන්න. ඒ වාදනය අපේ හැගීම් සමග කරන ඒ නිහඩ සංවාදයේ ගැඹුර ඔබම රසවිද බලන්න. අපේ වර්තමාන තරුණ ගදඹ පරපුර විකල්ව ගිය මනස් ඇත්තවුන් යයි පහර ගසනා අම්බරුවන්ට රංග දී ඇත්තේ කදිම පිළිතුරක් යයි මට සිතේ..............නමුත් පරහ වන්නේ මෙවැනි එක් පිළිතුරකින් පමණක් අප සෑහීමකට පත් නොවන බව රංග වැනි වුන් නොදැනීමය...........[/FONT]


    [FONT=&quot]මේ හුය නිතොරව පරිශීලනය කරමින් පෙදෙහි රස හවු විදින මිතුරනි, මේ ගීතය විදුලි එළි නිවා දැමූ පාළු, නිසල රාත්‍රියක අසන්න. ඔබේ සිතට දැනුනු භාවයන් මෙහි සදහන් කරන්න. ඔබට ඔබේ සිතට නැගෙන හැගීම් මෙහි ලිවීමට බැරි වන බවට මෙන්න ඔට්ටු....!!!! හේතුව මේ ගීතයෙහි රස දැනෙන්නේ වදනට නොව, මනසට-සිතට ම වන බැවිනි. එවන් හැගීම් කිසි දිනෙක -කිසි විටෙක, වදනට නම් පෙරලනු බැරිය.............!!!!!!![/FONT]
    wow pissu hedenawa :confused:
    dosthara dena geetha walin mama danne ithamath seemitha prmanayak:nerd:
    adamai mekath ahuwe:dull:
    eth sansun eke rasa widinna kiyaapu geethayak!!
    11.gif
    good job brother
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පෑහෑදිලිව දෙයක් කිව යුතුව ඈත.. මේ නූල පටන් ගත්ත දින සිට අද දක්වා මම මේ නූල සමග සිටිය අයෙකු නිසා මෙවෑනේ දෙයක් කීමට මට අයිතියක් තිබෙන බව සිතමි..

    මේ නූල පටන්ගත්තෙ දනුශ්ක්ක වුනාට මේක මෙච්චර දුර ඈදෑන් ආවෙ සසිලිට් සහෝදරයා, දත් කිබුලාන් සහෝදරයන් විසීනි.. යූසර් 52. තෝමියන්, පින්ක් පෙන්ත ඊට ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්න...

    නමුත් එක්වරම මේ නූලට කඩා වෑටුන සහෘර්දයෙක් සසිලිට් ට චෝදනා කරනව ඔහු ආර්තමාර්ත කාමේයෙක් කියල.. හොදට හිතල බල්න්න ඔහු තමාගෑන සිතන්වනම් මොන මගුලකටද මෙතෙන පස්සපෑත්ත ඉරාගෙන රෑයක් දාවලාක් නෑතුව පෝස්ට් දාන්නෙ???

    මොනාද උන්ට හම්බෙන කෙංගෙඩිය මෙතෙන ගීත විචාර , නිදාන කතා දෑම්ම කියල...????

    ඔය යාලුව කියන රෑ ඉරපාන මමත් අහනව.. ඒත් ඒක හා මේක අතර සම්බන්දය මට තේරෙන්නෙ නෑ..

    දෙයක් කියන්න කලින්, චෝදනාවක් කරන්න කලින් දෙතුන් පාරක් සිතාබලන්න ..

    එක්දිනක් මගේ ඉල්ලීමකට සසිලිට් සහෝදරය ගීතක විචාරය දාද්දි රෑ 2.00ත් පහු වුනා.. එහෙම කරන කෙනාටයි යාලු උබ ඔය ආර්තමාර්ත කමිය කියල කියල තියෙන්නෙ???

    කරුනා කරල ඔය චෝදනාව ඉල්ලා අස්කරගනින්.. නෑත්නම් වෙන්නෙ මෙතෙන අලුතෙන් ගීතයක් වෑටෙනකම් බලන් ඉන්න අපි වගේ අයට ලොකු අසාදාරනයක්..

    සලිට් සහෝදරය ඔබට දෙයක් කියන්නම්.. පල ඈති රුකට ගල් ගසනා බවත්, බල්ලෙක් බිරුවාට කන්දක් පහත් නොවන බවත් සිහියටගෙන මේ නූල දිගටන කරගෙන යමු.. අපි (උබ දන්නවානෙ අපි කිවූවෙ කවුද කියලා) හෑම දාම ඔබත් එක්ක ඉන්නව...

    අලුතින් ආපු කෙනෙක් කරපු පදනමල් නෑති චෝදානාවක් නිසා එලකීරිය තුල සිටින සියලුම දේනාට අසාදාරනයක් කරන්න එපා කියල ඔබගෙන් ඉතාමත් ආදරය්න් ගෞරවය්න් ඉලාසිටිනව
    11.gif
    11.gif
    11.gif

    aniwa api innawa....sasliit ,kibula ekka
    11.gif

    me site ekata enneth me thread eka hinda ...