'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    owwa wadak naa yako!!! tho adahana deyiyek adahagena 'kanna' laasthi weyan!!! !!! !!![/SIZE]


    ලැජ්ජයි වගේ නේද?
    ලජ්ජා වෙන්න එපා , අපි දන්නවා ඔය try කරලා විසේකාර කෙල්ලන් හෙව්වේ වෙන දෙයකට නෙවෙයි සෝවාන් කරන්න කියලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එහෙනම් කට්ටිය සෝතාපන්න වෙන්න ලෑස්තිවෙන්න!!! !!! !!! තව ටිකකින් post එක දානවා!!! ඔය සෝවාන් certificate ගන්න ගිහිල්ල _ක ඉරාගෙන ඉන්න එවුන්ටත් හොම්බට දෙකක් ඇනල, මේක බලන්න කියහල්ලා... :yes::yes::yes:

    Kisima ekek muge post balanna epa..kisima kenek oya link walata yanna epa,,,me thread promote karanna epa...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Kisima ekek muge post balanna epa..kisima kenek oya link walata yanna epa,,,me thread promote karanna epa...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Kisima ekek muge post balanna epa..kisima kenek oya link walata yanna epa,,,me thread promote karanna epa... .............
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    හරි! ඉතින් මේ වෙනකොට මේක උවමනාවෙන් බලාගෙන ආපු හැමෝම දන්නවා ඇති, සත්වයා කියන එකා 'සංකතයක්' කියන බව!!! උන් හැදෙන්නේ / උපදින්නේ අලුතෙන්මයි!!! ඒ සත්වයෙක් ඉපදිච්ච තැනින් පටන් අරන් මරණයෙන් ඒකගෙ ජීවිත කතාව අවසන් වෙනවා මිසක්, එවුන්ට පින්කරලා... පෙරුම් පුරලා... ප්‍රාර්ථනා කරලා... කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! ආයුෂ ඉවර වෙනවත් එක්කම, උන්ව අනිවාර්යයෙන් නැතිවෙනවාම තමයි!!! !!! !!! ඉතින්... ඒ ගැන දුක්වෙන්න එපා!!! මොකද, ඒක තමයි මේ අපේ ජීවිත වල හැටි!!! අපිට කරන්න තියෙන්නේ අපිව නැතිවෙන එක ගැන දුක් වෙවී ඉන්න නෙවෙයි. මොකද, අපි මේ ජීවිත ලබල ඉපදුනේ ඉබේ වත්... කාගෙවත් උවමනාවකට වත්... නෙවෙයි!!! 'සංසාර පැවැත්ම' නමැති ස්වභාවික වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසයි!!! ඒ සංසාර ගමන 'දාර වළක්'!!! !!! !!! මේ හැමෝම ඉන්නේ ඒ වළේ තමයි!!! හැබැයි එහෙම වෙලා තියෙන්නේ කවුරුවත් අපිව වළට දාලවත්... අපිම වැඩ වරද්දාගෙන වළට බැහැලවත්... නිසා නෙවෙයි!!! !!! !!! ඉබේම වැටිලා... නැත්නම්, 'නොදන්න කම' නිසා වැරදිලා වලට වැටිලා නිසයි!!! !!! !!! අනිත් එක, ඒ වැටිලා තියෙන්නෙත් 'අපි'ම නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බාකෝටි න පඤ්ඥායති" (සත්වයා සංසාරයට වැටිච්ච දවසක් බුදු ණෙතට වත් පෙන්නේ නෑ!!) කියපු තරමේ, හිතාගන්නවත් බැරි තරම් දුර ඈත අතීතයේ දවසක 'අලුතෙන්ම හැදිච්ච' සත්වයෙකුට, ලොකු 'පටලැවිල්ලක්' සිද්ධ වෙලා!!! !!! !!! අන්න එතනින් පටන්ගත්ත අපි එක එක්කෙනාගේ 'සංසාර ගමන' ඒ පටලැවිල්ලේ ස්වභාවය නිසාම, ඒක ලිහෙනවා වෙනුවට තව තවත් පටලැවී පටලැවී මේ වෙනකන්ම පැවතිච්ච නිසා 'අපි'ව හැදුණා මිසක්, නැත්නම් අපි කවුරුවත් මේ ජීවිතයේ උපදින්නේ නෑ!!! !!! !!! ඒවගේම අපි එක එක්කෙනාගේ සංසාර ගමනේදී මීට කලින් හැදුණු හැම සත්වයෙකුටම සිදුවුනෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳින්න තමයි!!! ඊළඟට, අපිට මේ ජීවිතකාලය තුලදී ඒ පටලැවිල්ල ලිහාගන්න බැරිඋනොත්, මේ ජීවිතය අවසාන වනවාත් සමගම අනිවාර්යයෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම නිසා, ඒ හැදෙන සත්වයාට වෙන්නෙත් 'මේ අපි විඳින විදියටම' දුක් / සැප / දුක් සැප රහිත වේදනාවල් විඳීමටම තමයි!!! !!! !!!

    ඉතින්, මේක තමයි සියලු ලෝක සත්වයන්ගේ ජීවිත සම්බන්ධ ඇත්තම ඇත්ත කතාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මේ ඇත්තම ඇත්ත කතන්දරය ඔයාලට දැනගන්න ලැබුණේ මෙච්චර දුරක් මාත් එක්ක ආව නිසයි!!! නැත්නම් ලේසියෙන් කෙනෙක්... සාමාන්‍ය මනුස්සයෝ කවුරුවත්... 'සත්වයෝ කවුරුවත් සංසාරේ ඇවිල්ල නෑ!! තමන් සන්කතයක්!! තමන් ඉපදුන තැනින් පටන් ගත්ත තමන්ගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවාමයි!! කොච්චර දුක උනත් කරන්න දෙයක් නෑ... තමන්ට කොච්චර උවමනා උනත් දිගටම පවතින්න විදියක් නෑ... සත්වයින්ට සංසාරේ යන්න බෑ!!' බව දැනගන්නේ නෑ!!! !!! !!! ඒ වගේම, 'තමුන් හාහාපුරා කියල අලුතෙන්ම ඉපදුනාට, ඒ ඉපදුනේ මීට කලින් ජීවත්ව සිටිය අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් හරහා කෙනෙක්ගෙන් කෙනෙක්ට මාරු වෙවී... තව තවත් දේවල් අලුතෙනුත් එකතුවෙවී... ආව අප්‍රමාණ මතකයක් නිසයි!! තමන් නොදන්නවා උනාට... තමන්ට නොතේරුණාට... සිහි කරලා (මතක් කරලා) ඉවරයක් කරන්න බැරි තරම් 'මහා විශාල මතකයක්' තමන්ට උපතින්ම ලැබිල තියනවය!! උරුම වෙලා තියනවය!!' කියල මේ මනුස්සයෝ / දෙවියෝ කවුරුවත් දැනගන්නේ නෑ!!! !!! !!! ධර්මයට යොමුවුන පලියට... සීලයෙන් සංවර වෙලා, සිල්ම රැක රැක / පස් පව් - දස අකුසල් වලින් වැළකිලා / පින්ම කර කර හිටිය පලියට... ගිහි / පැවිදි කිසිම කෙනෙක් වැරදිලාවත්, අහම්බෙන් වත්, මේ ඇත්තම ඇත්ත සිද්ධිය දැනගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළේ, "ධර්මය අවබෝධ කරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ, "මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි... අනික් සියලු දෙනාම උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල කිව්වෙත්, මිනිස්සු සංසාර දුකෙන් නිදහස් වෙන්න කියල... 'ණිවන් සැප' ලබන්න කියල... උන්ට හිතෙන හිතෙන මල විකාර කර කර ඉඳලා සංසාරය අනාගන්නව මිසක්, හරියට ධර්මය අවබෝධ කරන් කලයුතු දේ කරලා සංසාරෙන් නිදහස් වෙන්නේ නැති බව දැක්ක නිසයි!!! !!! !!! අපේ හාමුදුරුවෝ කියන විදියට, උන්වහන්සේ ලඟට set වෙච්ච / set වෙන එවුන්ගෙනුත් 99.5% ම පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහලත් අවබෝධ කරගන්නේ නැතුව වටේ යන එකේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් කූරු ගාපු / ගූ කරපු ධර්මය අහන එවුන්ට නම්, මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්න තියා ණිවන් තියන පැත්ත පලාතකට වත් එන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවොන්ට, නැත්නම් 'පිරිසුදු බුද්ධ දේශණා' වලට බණින කාලකන්ණියෝ හැම එකාමත්... උපාසකම්මල සුරතල් කරන / හිනස්සන / නලවන ගොං සංඝයින්ගේ බූරු ධර්මය (අධර්මය) අහන හැම එකාමත්... මරණින් මතු උපදින්නේ, හරියටම කිව්වොත් උන්ගෙන් හැදෙන හැදෙන එවුන් උපදින්නේ, නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    Note 1:-
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා කාරුණික නිසා, උන්වහන්සේ කිසිම කෙනෙකුට හිත් වේදනා දෙන / හිත් රිදෙන දේවල් කියල නෑ!!! ඒත් උන්වහන්සේ හොඳටම දැනගෙන හිටියා, "මේ මොට්ට මෝල් මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ!! මුන්ට 'සංසාරෝඝන් මහබ්භයං' (සංසාර අනතුර භයානකයි!!) කියල කට කැඩෙනකම් කිව්වත්, මුන් ඒක තේරුම් ගන්නේ නෑ!!" කියන බව!!! !!! !!! හැබැයි උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මෝඩයන්ට ඇත්ත කියල / තෝරලා දෙන්න, මේ දැන් මං පාවිච්චි කරන drills මොකුත්ම තිබුණේ නැති නිසා, උන්වහන්සේට මෝඩයන් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ හැම වෙලාවේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." "මං ධර්මය කියන්නේ, 'ඇහෙන' අයටයි... 'කන් තියන' අයටයි..." "මං ධර්මය කියන්නේ 'පේන' අයටයි... 'ඇස්' තියන අයටයි..." කියල නිහඬ වුනේ!!! !!! !!! ඉතින්, 'අහවල්එක පණ නැති එකාට වැඩේ කරන්න බෑ' වගේ, මොට්ට මෝල්ලුන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්නත් බැරි උනත්, උන් පව්!! නිසාත්... ඒ වගේම උන් ජීවත් වෙනකම් පිස්සු කෙලින්න තියාගත්තොත් ඊළඟට හැදෙන එවුන් මීටත් වඩා අමාරුවේ වැටෙන නිසාත්... වර්තමාණයේ මොට්ට බූරුවෙක් හැදෙන්න හේතුවෙච්ච 'පංච උපාදානස්කන්ධයක්' ධර්මය අවබෝධ කළහැකි බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැදෙන මට්ටමට පත්කළ හැකි (charge කල හැකි) එකම ක්‍රමය 'පින් කිරීම' පමණක් නිසාත්... උන්වහන්සේ හැම විටම සීලයේ අගය හුවා දක්වමින්, පින් කිරීමටම සියලු දෙවි / මිනිසුන් පොළඹවමින්, කටයුතු කළා!!! !!! !!! හැබැයි උන්වහන්සේ, මිනිස්සුන්ව අකුසලයෙන් මුදවා කුසලයෙහි පිහිටුවීමට... එවුන්ව ඒ සඳහා උනන්දු කරවීමට... 'පන්සිල් රැක්කොත් අපායේ යන්නේ නෑ!! දිව්‍ය ලෝකේ යන්න පුළුවන්!!' වගේ සුන්දර කතා කියල තිබුණට, හැබෑ ලෝකේ එහෙම එව්වා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබෑ ලෝකේ තියන ඇත්තම ඇත්ත තත්වය තමයි උන්වහන්සේ බුද්ධිමත් මනුෂ්‍යයන්ට කියල දුන්නේ, "ධර්මය අවබෝධ කලත්, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි... ආයි සුගතියේ (දෙවි / මිනිසුන් අතර) උපතක් ලැබුවත්, ඒත් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි..." කියල!!! !!! !!! තොපිට තේරුණාද???

    Note 2:-
    ණිවන් සැප ලබන්න කියල සීලය බදාගත්ත, පින් කර කර පෙරුම්පුරන්න තියාගත්ත මොට්ට බූරුවෝ හැමෝම මෙන්න මේ ටික හොඳට දැනගනිල්ලා... සත්වයින් සංසාර ගමනකට වැටුණේ නොදැනුවත් කමක් / අනවබෝධයක් නිසයි!!! ඉතින්, ඒ සංසාර දුකින් නිදහස් වීම කරගන්න තියෙන්නෙත් අවබෝධ කරගැනීමෙන් / නොදැන සිටි දේ දැනගනීමෙන්ම පමණයි!!! !!! !!! සිල් රැකගෙන රැකගෙන ගියාට... පින් කරගෙන කරගෙන ගියාට... 'ණිවන් සැප ලැබෙනවා' කියල කෙහෙල්මලක් කවදාවත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි... මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි... මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි පින් කර කර / සිල් රැක රැක ඉඳල හරියන්නේ නෑ... තොපිට සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් මේ මං කියන දේවල් අවබෝධ කරගන්න, ඒ අවබෝධය සම්පූර්ණ වෙලා තොපිලගේ හිත් ආශ්‍රවයන්ගෙන් මිදෙන්න (නිකෙලෙස් වෙන්න) තව අම්බානක් දුර යන්න තියනවා!!! !!! !!! ඒකෙනුත්, තොපි මැරෙන්න කලින් තොපේ ගැලවීමට අවශ්‍ය 'අවම ප්‍රමාණයට වත්' තොපි ඇත්තම ඇත්ත කතන්දරය දැනගත්තේ... අවබෝධ කරගත්තේ... නැත්නම්, තොපි මැරෙණ කොටම මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් කෙලවිලා යනවා!!! !!! !!! දැනට මෙන්න මේ ටික තේරුම් ගනිල්ලා... තොපි සීලයෙන් සංවර වෙලා සිත / කය / වචනය පරිස්සම් කරගත්තේ නැත්නම්, තොපි ඇහැ / කණ / කට / බඩ / අහවල් එක පිනවීම තමයි ජීවිතේ කියල හිතාගෙන ඒවා පිනව පිනව ඉන්න ගියොත්, තොපිට ධර්මය අහන්න / කියවන්න වෙලාවක් / විවේකයක් නැතුව යනවා!!! ඕපාදූප / එක එකාගේ රෙද්දවල් ගැන හොයන්න බලන්න, කතාකරන්න තියාගත්තත් වෙන්නේ ඒකමයි!!! ඊළඟට තොපි අනවශ්‍ය කරදර වලට පැටලිලා පව් කරගත්තොත්, ඒකෙ පාඩුවත් තොපිටමයි!!! අන්න ඒ නිසා පරිස්සම් වෙලා, ජීවිතය අවබෝධ කරගන්න එකට මුල්තැන දීපල්ලා!!! !!! !!! මං ඉස්සරහට මේවා ගැන තව විස්තර / detail කරලා කියල දෙන්නම්. හුඟාක් වෙලාවට, උඹලගේ ආච්චිලා / සීයල / මුත්තල / මී මුත්තලට වෙච්ච දේ තේරෙන්න ගත්තම... තොපිට වෙන්න ගිය දේ තේරෙන්න ගත්තම... තොපිට රෙවෙයි!!! !!! !!! 'මොලයක් තියන එවුන්ට' ඒ හරිය දැනගන්න ලැබුණාම, බයවෙලා... heart attack හැදිලා... මැරෙයිද කියලත් හිතෙනවා!!! !!! !!! කොහොමත් තොපිට රෙදි / සිවුරු කරට අරන් දුවන්න වෙයි...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි මං පටන්ගන්න කොටම කිව්වා නේ මං උඹලට සංසාරේ යන්න දෙන්නේ නෑ... මේ සැරේ නම් miss වෙන්න දෙන්නේ නෑ... කියල!!! අන්න ඒ නිසා ඉල්ලගෙන කාපු කාලකන්ණින්ට හැරෙන්න, උඹල කාටවත් කිසිම අවුලක් වෙන්නේ නෑ!!! !!! !!! අපේ මේ ජීවිත සම්බන්ධ ඇත්ත කතාව නොදැන හිටිය නිසා, 'අවිද්‍යාව' නිසා තමයි මෙච්චර දුරක් අපි ඇවිල්ලා තියෙන්නේ!!! !!! !!! ඇත්තටම මේ මුළු කතන්දරයම 3D වලින් බලන්න ඕනේ... 'ත්‍රිමාණ' විදියට බැලුවොත් විතරක් හරියට පේන දෙයක්, 2D වලින්... එහෙම නැත්නම් 'ද්විමාණයෙන්' බලන්න ගිහිල්ලා වෙච්ච පටලැවිල්ලක්, 'අනාගත්ත case එකක්' විතරයි!!! !!! !!! අවිද්‍යාවෙන් ඉන්නකම්... 3D බලන්න හැකියාවක් නැතිතාක් කල්... නැත්නම්, 3D පේන්නේ නැති පොට්ටයෙක් වගේ ඉන්නකම්... 'මං' සංසාරේ ඇවිල්ලා!! 'මං' සංසාරේ යනවා!! කියල හිතන / හිතපු, දකින / දැකපු 'ඔටුවෝ' හැම එකාම (දෙවි / මිනිස් හැමෝම) විද්‍යාව පහලවුනායින් පස්සේ... 3D වලින් පේන්න පටන්ගත්තයින් පස්සේ... දැනගන්නවා, 'මොන කුණුහරුපයක්ද මේ??' කියන බව!!! !!! !!! 'මං' සංසාරේ ඇවිල්ලා නෑ නේද?? 'ඉපදිලා හිටිය සත්වයින්ට තිබුණු මතකය...' 'උන් ඇඳන් හිටිය ජංගිය / ජොකා...' එහෙමත් නැත්නම්, 'සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් එකතුවෙලා දුවපු relay එකේ relay පොල්ල...' විතර නේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ!! තව ඉස්සරහට ගියත් යන්නේ!! කියන බව!!! !!! !!! ඉතින් උන් සංසාරෙන් නිදහස් වෙනවා!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් උඹලා වගෙයි!!! !!! !!! ** වැඩේ තියෙන්නේ, මාර ආතල් case එකකුත් තියනවා!!! 3D view එක තියන (මොලේ තියන / බුද්ධිමත් අය) හැම කෙනාම හොඳ ලස්සනට මේ කතාව තේරුම් අරගෙන ඉන්දැද්දි... මේ කතාව දැකල delight වෙලා ඉන්දැද්දී... 3D පේන්නේ නැති මෝඩ පකයෝ ටිකක් බෙරිහන් දුන්නා / දෙනවා, 'මේ කතාව upset...' 'සාසනය කනවා...' 'ධර්මය විකුර්ති කරනවා...' 'දහම කනවා...' කිය කියා!!! උන් තාම දන්නේ නෑ උන් කාපු කෑමේ රඟේ!!! ඉස්සරහට යනකොට පෙනෙයි ඕකුන්ව සුනාමියට අහුවෙච්ච එවුන් වගේ හතර අපායටම විසිවෙලා යන හැටි!!! !!! !!! මට කෙසේ වෙතත් අපේ හාමුදුරුවොන්ට වචනයක් හරි කියපු කාලකණ්නි හැම එකාටම, මේ ජීවිතේ ඉවර වෙනකොට 'පොලව පලාගෙන අපා ගත උනා' කියන එක වෙන්නේ කොහොමද කියල experience කරන්න ලැබෙයි... උන්ට 'සසර වසනා තුරු' සතර අපායේ ලගින්න වෙන්නත් පුළුවන්... who cares??? ** ඉතින්, ඒ කාලකණ්නි ටිකට හැරෙන්න අනික් අපේ හාමුදුරුවොන්ට ආදරය කරන, මාව පිළිගත්, මේක උවමනාවෙන් බලපු ඔයාලගේ නම් දැන් සංසාර අනතුර ගොඩාක් දුරට ඉවරයි!!! බය වෙන්න එපා!!! !!! !!! මං උඹලව හිනා වෙවී මැරෙන්න පුළුවන් ගානටම හදනවා!!! !!! !!!

    ඇත්තටම මේ සත්‍යය සිද්ධිය දැනගන්න ලැබෙන කම් ගිහි / පැවිදි / අන්‍යාගමික කිසිම මනුෂ්‍යයෙකුට සංසාර අනතුරින් ගැලවෙන්න / සංසාර දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! මාත් එක්ක ආව ඔයාලට අමතරව, පිරිසුදු බුද්ධ දේශණා ඒ විදියටම අහල නිවැරදිව අවබෝධකරගන්න උදවිය ඉතාම සීමිත පිරිසක්... 'අතලොස්සක්' හැරෙන්න, ඉතුරු දෙවි / මිනිස් හැමෝටම ඔය ඇත්ත සිද්ධිය 'කතන්දරය' දැනගන්න ලැබෙන්නේ / දැනගන්න වෙන්නේ, ආයුෂ ගෙවිල ඉවරවෙලා... මරණයට ලං වෙලා... තමුන්ට කියල තිබ්බ හැකියාවල් සේරම disable වෙලා... හිතන්න / කතා කරගන්න බැරුව ගිහින්, තමුන්ගේ පාලණය ගිලිහෙන කොටයි!!! !!! !!! අනික මැරෙන්න වැටිච්ච එකා time bomb එකක් ගැටගහලා පැත්තකට දාපු එකෙක් ගාණයි... ඌට ඉන්න තරමක් ලොකු ලොකු යාලුවෝ / ඥාතියෝ හතර වටේ පිරුණත්... ඌව අල්ලගෙන / බදාගෙන හිටියත්... කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ඌ තනි වෙනවා!!! !!! !!! එතකොට ඌ එහෙම්පිටින් අසරණ වෙනවාමයි!!! !!! !!! ජීවත් වෙනකම් සේරම හොල්ලගෙන ඉන්න මෝඩ බූරුවෝ ඕනෙම එකෙක්ගේ ලොකුකම් සේරම ඔතනදි අහවර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකාටත් අන්තිමට ඉතුරුවෙන්නේ ඌයි, උගේ හිතයි විතරයි!!! !!! !!! තමුන්ගේ 'හොඳම යාළුවා' හැටියට තමුන්ගේ ලඟින්ම හිටිය එකා, 'තමුන්ගේම හිත' තමයි 'තමුන්ගේ පරම හතුරා' කියල හැම එකාටම දැනගන්න ලැබෙන්නේ / දැනගන්න වෙන්නේ එතකොටයි!!! !!! !!! ඒ 'හිත' ඌව අනිවාර්යයෙන්ම කනවා!!! !!! !!! ** කජ්ජනීය සුත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඕක ලස්සනට කියල තියනවා!!! උන්වහන්සේ කිව්වා, 'මොකක් පිළිගත්තත් හිත නම් පිළිගන්න එපා!!' කියල. මං, උන්වහන්සේ එහෙම කිව්වේ ඇයි? කියන එකේ technical background එක මොකද්ද කියල මුලදීම පෙන්නුවා. ** ඌට ඌ ජීවත් වෙනතාක් කල් කරපු කියපු හොඳවැඩ / බලුවැඩ සේරම film එකක් පේනවා වගේ replay වෙන්න, 'සිහිවෙන්න' ගන්නවා... උගේ ජීවිතේට අදාළ නැති, කල්ප කාලාන්තරයක් තිස්සේ හැදිච්ච සත්වයොන්ට වෙච්ච දේවල්... උන් කියපු / කරපු හොඳවැඩ / බලුවැඩත් තමන් කරපු / කියපු දේවල්... තමන්ටම වෙච්ච දේවල්... වගේම පේන්න ගන්නවා!!! !!! !!! ** මේ ඇවිල්ලා මාස ගණනාවක් තිස්සේ හරි, තත්පර ගානක් ඇතුලත හරි සිද්ධවෙන කතන්දරයක්!!! (හිතේ speed එකට 'මොහොතක්' කියන්නෙත් සුමානයක හමාරක තරමේ දිග කාලයක්) මැරෙන්න වැටුණම මුණදීල පරිප්පුව කනවා මිසක්, සාමාන්‍ය මිනිස්සුන්ට මෙව්වා වේලපහ දකින්නත් බෑ!!! !!! !!! but, Damiya is capable of visualizing many of these things now ;) **

    මෙතැනදී වැදගත්ම දේ, මේ ජීවිතයේදී සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා... සංසාර බිය ඇතිවෙලා... පරාණ බයටම, කුරා කූඹියෙකුටවත් වරදක් නොකර... මස් කෑල්ලක්, මාළු / කරවල / උම්බලකඩ කෑල්ලක් වත් නොකා... අරක්කු පොදක් කටේවත් නොතිය... ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙණකන්ම උපරීම වශයෙන් සීලයෙන් සංවර වෙලා, සිල්වත්ව හිටියත්... ධර්මයම අහ අහ, හතර අතේ වැඳ වැටි වැටි හිටියත්... කෙනෙකුට එකතුවෙන්නේ අවුරුදු 50-60ක් තරමේ සුළු කාලයක මතකයක් විතරයි!!! !!! !!! ඒත්, 'පටන්ගත්තු කෙළවරක් පේන්නේ නෑ!!' කියපු තරම් දුර ඈත අතීතයේ ඉඳල මේ වෙනකම් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල හැදිච්ච සත්ව ජීවිත ගතකරපු කාලවලදී වත්, අන්‍යාගමික මනුස්ස ජීවිත ලබලා දුකෙන් නිදහස්වෙන්න කියල පිස්සු මරගාත කර කර ගතකල කාලවලදී වත්, මීට පෙර අවස්ථාවල සම්ප්‍රදායික / නමට බෞද්ධ එවුන් හැටියට ඉපදිලා ගොං සංඝයන්ට අහුවෙලා... උන් වලඳපු / ගූ කරපු ධර්මය අහලා සංසාරය අනාගත්ත කාලවලදී වත් එකතුවෙච්ච මතකයන්ගේ, සත්වයෙකුට සුගතියේ උපතක් හදා දෙන්න ප්‍රයෝජනවත් වෙන / ප්‍රමාණවත් වෙන / වැඩකට ඇති දේවල් මොකවත්ම ඇත්තේ නෑ!!! !!! !!! ඒ වෙනුවට අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන කරපුවා... අනන්ත අප්‍රමාණ මිනී මරාපුවා... මරාගෙන කාපුවා... මංකොල්ල කාපුවා... ගෑනු දූෂණය කරපුවා... සත්තුන්ට / මිනිස්සුන්ට හිංසා කරපුවා - වද දීපුවා... ගැන තියන මතකය අම්බානයි!!! !!! !!! ඉතින්, සත්වයෙක් හතර අපායට අදින මේ දුගතිගාමී / ජරා මතකයන් යටපත් කරගෙන, උන්ව දෙවි / මිනිස් ලෝක දිහාවට ගෙනියන, උන්ව සුගතිගාමී අතට අදින්න පුළුවන් අංශුමාත්‍ර වශයෙන් තියන පින් දහම් කරපු දේවල් මතක් වීමේ හැකියාව / අවස්ථාව / සම්භාවිතාව... ඊළඟට, අවුරුදු 50-60ක් තරමේ සුළු කාලයකට ගුණයහපත් ජීවිතයක් ගතකල මතකයක් උඩට මතුවෙන්න තියන හැකියාව / අවස්ථාව / සම්භාවිතාව... හරීම අඩුයි!!! !!! !!! හරියට, තමුන්ට සතිපතා දිණුම් අදින ලොතරැයියකින් පිට පිට තුන් වතාවක් පළවෙනි දිණුම ඇදෙනවා වගේ අන්තීම අමාරුයි!!! !!! !!!

    ** හැබැයි ඔතනදි නිරන්තරයෙන් පුරුදු පුහුණු කරපු / කරන දේවල් මතකයට එන්න තියන අවස්ථාව, chance එක වැඩියි!!! අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "ධර්මයේම හැසිරෙන්න..." "නිරන්තරයෙන් සිහි කරන්න..." "නිතර නිතර පුහුණු කරන්න..." කිය කියා!!! හැබැයි එහෙම කලත්, ගොඩ යන්න ලැබෙනවා කියන එක නම් 99.999999999% ම uncertain / unsure තමයි!!! !!! !!! **

    ඉතින්, අන්තිමේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි) කියල බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියල දීපු මේ සිදුවීම් මාලාවේදී, සංසාර අනතුරින් ගැලවෙන්න / බේරෙන්න 'මේ සත්‍ය කතන්දරය' තමන් හොඳ සිහියෙන් ඉන්දැද්දී අහලා / කියවලා දැනගන්න, මතක තියාගන්න නොලබිච්ච අහිංසක සත්වයෝ හැම කෙනාම වැලේ වැල් නැතුව ගිහින්, අන්ත අසරණ තත්වයට පත්වෙනවා!!! !!! !!! එවුන් කවදාවත්... හීනෙකින්වත්... නොහිතපු කතන්දර, 'අතීත සිදුවීම්' දැකලා... හොල්මං වෙලා... විකාර වෙලා... අන්දමන්ද වෙලා... upset වෙලා... මැරෙණකොට, උන්ට වෙන්න ඕනේ හරිය තීරණය වෙලා ඉවරයි!!! !!! !!! මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට වැටුණේ / වැටෙන්නේ ඒකයි!!! !!! !!! හරියටම කිව්වොත්, එහෙම මැරෙණ මැරෙණ එකාගෙන් ඊළඟට හැදෙන සත්වයෝ හැදෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලම තමයි!!! !!! !!! ආයි මනුස්ස ලෝකේ හරි, දිව්‍යලෝකයක හරි ජීවිත ලැබුවොත් ඒ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් සුළු පිරිසක්... පිට පිට 3 වතාවක් පළවෙනි ලොතරැයි දිණුම ඇදිච්ච තරම් පිරිසක්... විතරයි!!! ඒ කියන්නේ සරලවම කිව්වොත්, කිසිම කෙනෙක්... ධර්ම ධර / විනය ධර / මස් මාළු නොකන / බොන්නේ නැති / සිල්වත් - ගුණවත් එවුන්ය කියල නෑ... මොකෙක්වත් සංසාරෙන් එතෙරවෙන්නේ නෑ!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි, දැන් මාත් එක්ක ආපු උඹලවත්, මේ කතාව කියවල / අහල දැනගන්න ලැබෙන අනික් එවුන්වත්, තොපි කොයි ආගමේද?? කොයි ජාතියේද?? මස් මාළු කනවද?? (හැබැයි මරාගෙන නෙවෙයි!!! කඩෙන් ආහාරයක් හැටියට ගන්න තියන මස් මාළු විතරයි!!!) 'නද වෙන්නම දාන පොරක්ද' (හැබැයි බීගත්තට කාටවත් වචන මාත්‍රයකින් හරි කරදරයක් / වදයක් නොවෙනවා නම් විතරයි!!!) ඒ මොකක්වත් වැඩක් නෑ, අවංක උවමනාවෙන් / ප්‍රයෝජනය ගන්න අදහසින් බැලුවා නම්, දැන් උඹල පින් / සිල් මොක නැතත් 'ඇත්ත' නැත්නම් 'පරම සත්‍යය' හොඳට දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් දැන් නම් උඹල කවදා / කොහොම මැරුණත් ඊළඟට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපතක් ලබන්න නම්, අර කියපු ලොතරයියකින් පිට පිටම 3 වතාවක් නෙවෙයි... 10 වතාවක් වත් පළවෙනි දිණුම ඇදිච්ච එකෙක් වෙන්න ඕනේ!!! !!! !!! තොපිට තේරුණාද??? ඒ කියන්නේ, මාත් එක්ක හිටිය / ඉන්න, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන තොපි මොකෙකුටවත් දැන් ආයේ සංසාර අනතුරක් කියල එකක් නෑ!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! සංසාර පැවැත්ම නිසා උඹලට උරුම වෙච්ච, උඹලව ආයේ හතර අපායට drive කරන්න පුළුවන් forces සේරම කුඩේ කුඩු කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසි දේකට බය වෙන්න එපා... හැබැයි දැන් උඹලා මං අර වේලපහින්ම දාපු දස අකුසල් කතන්දර වලට අහුවෙන්නේ නැතිවෙන්න පරිස්සම් වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලගේ හිත් උඹලට මොන මොන 'තොරණ්' පෙන්නුවත් ගණන් ගන්න, care කරන්න එපා!!! !!! !!! 'මගේ නෙවෙයි...' 'මට අදාළ නෑ...' කියන බව මතක් කරගන්න!!! එතකොට හිත upset වෙන්නේ නෑ!!! !!! !!! එහෙම upset නොවී මැරෙණ එකෙක්ගෙන් හැදෙන 'භවය' නැත්නම් විඥාණය ස්වරූපයෙන් අවකාශයේ පැතිරෙන්න ගන්න ඒකගේ තියන මතකය, ඒ කියන්නේ 'පංච උපාදානස්කන්ධය' කීයටවත් සතර අපායේ සත්තු හැදෙන තරම් 'පීචං' තත්වෙට වැටෙන්නේ නෑ!!! !!! !!! තේරුණයි???

    හැබැයි දැන් මේ full coverage එක valid වෙන්නේ, ඒ කියන්නේ ඔයාලට පූර්ණ ආරක්ෂාව තියෙන්නේ, තමන්ගේ ජීවිතයේදී නොකෙරුණු... තමන්ට අදාළ නැති... දේවල් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත්, මේ ජීවිතයේදී තමන් විසින්ම කරපු / කියපු / හිතපු එව්වා ගැන තාම risk එක එහෙම්මමයි!!! !!! !!! එහෙම තමන් විසින්ම කරපු / කියපු / හිතපු දේවල් ගොඩවල් දෙකකට වෙන් වෙනවා!!! නොදැන / උවමනාවෙන් නොකළ දේවල් හැටියට සහ දැනගෙන / උවමනාවෙන්ම කල දේවල් හැටියට!!! අර කලින් කියපු 'Y Junction' එක!!! !!! !!! ඕවයින් නොදැන / උවමනාවෙන් නොකළ දේවලුත් අවුලක් නෑ... ඒවා handle කරන්න තියෙන්නේ වෙන විදියකටයි!!! දැනගෙන / උවමනාවෙන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් නම් කිසිම shape කතාවක් නෑ!!! !!! !!! එව්වා handle කරන්න 'handle' මොකවත් නෑ!!! !!! !!! මං කල් ඇතුව warning කළා... don't care කරපු එවුන් දැන් ඉතින් නොමිලේම ඇතුල් වෙලා ඉවරනේ?? පිටවෙන්න බෑ!!! බෙල්ල මිරිකෙනවම තමයි!!! !!! !!! මේ final warning එක... දැන් නම් මොකෙක්වත් දස අකුසල් වලට සම්බන්ධ වෙන්න එපා!!! !!! !!! දැන් උඹලා කතන්දර දන්නවා!!! !!! !!! දැනගෙන වරද්ද ගත්තොත්, හදන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! ** ඊළඟ වාරෙදි උඹලට කර්ම / කර්ම විපාක කතන්දර ගැන කියල දීලා, විශ්වයේ සත්ව ජීවිත සකස්වෙන ආකාරය, නැත්නම් සත්වයෝ හැදිලා තියන 'layered structure' එක ගැන කියල දීලා, මේ ටික මං real life උදාහරණ වලින්ම තෝරලා දෙන්නම්!!! එතකොට උඹලට මේ සේරම හොඳ ලස්සනට තේරෙයි!!! !!! !!! **

    දැන් ඉතින් උඹලව ආයේ සංසාර දුකට ඇදල දාන්න පුළුවන් 'ලොක්කෝ' මොකෙක්වත් නෑ!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේ ගැන කියල දීපියව්!!! !!! !!! දන්න දන්න හැම එකාටම මේක බලන්න කියපියව්!!! !!! !!! යකුනේ, මං බෙල්ල කඩාගෙන දැඟලුවේ මේකටයි!!! උඹලට මේ කතන්දර නොපෙනුණාට මං දැන් අතීත - අනාගත 'full-range' දුවන්න පුළුවන් පොරක්!!! kernel level වැඩකරන එකෙක්ය කිව්වෙත්, මේ කතන්දර අහනකොට / කියවන කොට, වැඩේ සිද්ධවෙන හැටි... අභ්‍යන්තරයේ / ඇතුලේ නැත්නම්, යටින් සිද්ධවෙන දේවල්... හොඳට පේන නිසයි!!! හරියට, x-ray vision වගේ. ඉතින්, දැන් මට මේවයි secrets මොකුත් නෑ!!! !!! !!! සාමාන්‍ය මනුස්ස ඇඟක් ඇතුව ඉපදිච්ච එක විතරයි අඩුවකට තිබුණේ. ඒත්, අපේම පූරුවේ පිණට / වාසනාවට ලෝකෙට වැඩිය 'අපේ හාමුදුරුවෝ' අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ, 'පින්වත් ලොකු ස්වාමින්වහන්සේ' මට බුදුරජාණන්වහන්සේව 'එහෙම්පිටින්ම දකින්න' හදල දුන්නා!!! !!! !!! බුදුහාමුදුරුවෝ මගේ තිබ්බ අඩුපාඩු සේරම පුරෝලා දුන්නා!!! !!! !!! මං මාර තුමාටත් 'ඇත්ත' කියල දීලා 'හොඳ කෙනෙක්' කළා!!! දැන් සේරම හරි!!! !!! !!! ඉතින්, සෝතාපන්න වෙලා නවතින එක මහ ලැජ්ජ නැති වැඩක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනාගාමී වෙලා 'බකන් නිලන් හිටිය' එකෙක්ගෙන් ඇහුවෙත් 'ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද?' කියලයි!!! අනාගාමී උනත් තා එකෙක් හැදෙනවා... එහෙමවත් ඕනේ නෑ!!! මේක මෙතැනින්ම ඉවරයක් කරන්න ඕනේ!!! !!! !!! උඹල බය නැතුව ණිවන් දකින්න ලෑස්ති වෙයල්ලා... මනුස්සයෝ හැටියට ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! !!! !!! වෙන මොන කෙහෙල්මලක් දැක්කත් ඇති වැඩක් නෑ!!! !!! !!!

    ම්ම්... මං Net එකට බැස්ස දවස්වලම 'දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම උන්නේ ධ්‍යාන මට්ටම් වලයි' කිව්වම, බූරුවෙක් හිනා උනා!!! රහත් උනයි කිව්වම, තව බූරුවෝ ගොඩ දෙනෙකුට හිනා ගියා!!! තව බූරුවෝ ගොඩ දෙනෙක් මට බෙහෙත් කරන්න... බෙහෙත් ගන්න හොඳ හොඳ දොස්තරලව අඳුන්වල දෙන්නත් ආවා!!! ආයේ තව බූරුවෙක් 'රහත් වෙලා කියල හිතාගෙන ඉන්න...' 'රහත්වෙලා කියල කියාගන්න...' කිය කියා, අරහත්වය බාල්දු කරන්න, අරහත්වයත් එක්ක සෙල්ලම් කරන්න හැදුවා!!! ඒ බූරුවා මං කියන කියන එක බොරු කරන්න... මං කියන කියන දේවල් වැරදියි කියල බලන එවුන්ව මුලාකරන්න... උගේ උපරිම උත්සාහය දැරුවා!!! උගේ සේරම වැඩ පැත්තකට දාල 'මූණු' ගොඩකින් ඇවිත්, මේ වැඩේ කඩාකප්පල් කරන්න සැදී පැහැදී හිටියා!!! දැනටත් එහෙම්මමයි!!! තව බූරුවෙක් 'set එකක්' හදාගෙන රහතුන්(වහන්සේ නමකට) වැඩේ දීපු පලවෙනි set එකේ එවුන් වීමේ ගෞරවය ලබාගන්න ආවා!!! තාමත් බලන් ඉන්නවා!!! හැබැයි, ඔය මොකවත් මේ විශ්වයේ නම් බෑ!!! !!! !!! තොපිට 'අසනීප වෙන්නම' ලැබෙයි!!! 'ඇට දෙක තොපිව දාල දුවන ගාණටම' ලැබෙයි!!! මට ඒ ගැන ගාණක් වත් නෑ!!! !!! !!! හැබැයි මං ආශ්‍රය කරපු / කරන, මට set වෙච්ච / වෙලා ඉන්න වැඩි හරියක් එවුන් high grade meter (මොළ කාරයෝ) නිසා, මෙච්චරට ගොං බූරු මිනිස්සු ඉන්න බව මං දැනගෙන උන්නේ නෑ!!! ලෝකේ මෙච්චරට බූරු මිනිස්සු ඉන්න බව මං දැනගත්තේ නම් Net එකට බැස්සයින් පස්සෙයි!!! !!! !!!

    හරි! ඉතින් ඔය කියපු තමන්ට අදාළ නැති, තමන් වගකියන්න උවමනා නැති, අතීත මතකයන්ගෙන් නිදහස් වීම, ඒවා don't care කිරීම / discard කිරීම / අතහැරලා දැමීම තමයි 'සෝතාපන්න' කියන මූලික මාර්ගඵල අවස්ථාව!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "සෝතාපන්න උන කෙනා විශාල කඳු පර්වතයක් තරමේ මහා දුක් කන්දරාවක් ඉවර කරපු කෙනෙක්!! එයාට තව ඉතුරු චූටි ගල් කැට 7ක් තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද, මේ අපිට උප්පත්තියෙන්ම උරුම වෙලා, ඒත් ඒ බව නොදැන හිටියානම් රැවටෙන්න / අහුවෙන්න / මුලාවෙන්න තිබ්බ අනන්ත අප්‍රමාණ 'මතකයකට' දැන් ඔය උදවියගේ හිත් නටවන්න / හොලවන්න බෑ!!! !!! !!! එතැනින්ම මහා කර්ම තොගයක් invalidate වෙනවා!!! !!! !!! වැඩක් නැති තත්වෙට පත්වෙනවා!!! !!! !!! විනාශ වෙලා යනවා!!! !!! !!! (කර්ම / කර්ම විපාක ගැන කියල දෙනකම් ඉන්න... එතකොට හොඳටම තේරේවි!!!) ඒත් එක්කම, ඔය උදවියගෙන් එහාට හැදෙන තරමක් සත්වයිනුත් දැන් උපදින්නේ උපතින්ම සෝතාපන්න වෙලයි!!! !!! !!! ඒ කොහොමද කිව්වොත්, දැන් ඔයා දැනගත්ත නේ seen එක?? ඊළඟට සත්වයෙක් උපදින කොට උන්ට ඔය තමුන්ට තියන මතකයෙන් කොපියක් ලැබෙනවා!!! නැත්නම් ඔය මතකය උන්ට copy වෙනවා!!! උන්ට අමුතුවෙන් මේ සත්‍ය කතාන්දරය දැනගන්න දඟලන්න වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා, 'සංසාර ගමන කියන්නේ මේකයි...' 'වෙලා තියෙන්නේ මේකයි...' කියල ඉපදෙනකොටම දැනගෙනයි උපදින්නේ!!! !!! !!! ඒ නිසා එවුන් මොකෙක්වත් උන්ට අදාළ නැති පරණ මතකයන්ට මුලාවෙන්නේ නෑ!!! !!! !!! ඒ කිසි එකෙක් හතර අපායේ වැටෙන්නෙත් නෑ!!! !!! !!! උන් ණිවන් අවබෝධ කරන්න කියලා මොකවත්ම නොකර හිටියත්... නිකම්ම නිකම් පිස්සු කෙල කෙල හිටියත්... බීල බීල මලත්... (හැබැයි, කොච්චර බිව්වත් වෙන එවුන්ට ඇණයක් / වදයක් / වාතයක් / වණයක් / තුවාලයක් වෙන්න බෑ!!!) ඒ කියන්නේ උන් කොච්චර 'ප්‍රමාද' උනත්, සෝතාපන්න වෙච්ච එකෙක්ගෙන් එහාට සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්නේ නෑ!!! !!! !!! (ඇයි 7 දෙනෙකුට වඩා උපදින්නේ නැත්තේ? ඇයි 8 වෙනි භවයක් හැදෙන්නේ නැත්තේ? කියලා දන්නවද??? පස්සේ කියලා දෙනවා!!! ;))
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹල දන්නවද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, විසාලා මහනුවර තුන් බිය දුරුකරන්න කරපු සත්‍යක්‍රියාව, 'රතන සුත්‍රය' ?? අර... 'අපෝ... ඕක කියන්න එපා!! භූතයෝ එනවා!!' :rofl::rofl: කියල හුඟ දෙනෙක් පැත්තකට දාල තියන 'රත්නත්‍රයේ' ගුණ කියවෙන වටිනා බුද්ධ දේශණාව?? ** ඒ භූතයෝ එනවයි කියල ඔය සුත්‍ර දේශණාව මිනිස්සුන්ගෙන් ඈත් කල එකත් ගොං සංඝයින්ගේම වැඩක් මං හිතන්නේ!!! ** අන්න ඒ සුත්‍ර දේශණාවෙදි, "යේ අරිය සච්චානි විභාවයන්ති - ගම්භීරපඤ්ඤේන සුදේසිතානි - කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා - න තේ භවං අට්ඨමං ආදියන්ති" (ගැඹුරු ප්‍රඥාවක් ඇති බුදුරජාණන්වහන්සේ දේශණා කරන ලද 'ආර්ය සත්‍යයන්' මැනැවින් දුටු යමෙකුන් වේද, භවයේ රැඳී සිටිමින් කොපමණ 'ප්‍රමාද' උනත් ඔවුන් 8 වෙනි භවයක් කරා එන්නේ නෑ!!) කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වේ ඔන්න ඔය කාරණාව තමයි!!! !!! !!! ** දැන් ඉතින් ඔය බුදුරජාණන්වහන්සේ ගැඹුරු ප්‍රඥාවෙන් දේශණා කරපුවා තේරුම් ගන්න උඹලට ගැඹුරු ප්‍රඥාවක් නොතිබිච්ච එක නේ අවුල වෙලා තිබුණේ... ඕං දැන් මං උඹලට තිබ්බ අඩුව පිරෙව්වා!!! !!! !!! දැන් උඹලට ඇති පදමට 'ගැඹුරු ප්‍රඥාව' ලැබිල තියනවා!!! කල්‍යාණමිත්‍රයින් මාව හදලා තියෙන්නේ plugin එකක් හැටියට... මං ඕන මෝඩයෙකුට plug උනාම, ඌ 'බුද්ධිමතෙක්' වෙනවා!!! !!! !!! එහෙම බුද්ධිමත් වෙන එවුන් ධර්මය අවබෝධ කරන් සංසාරෙන් / සංසාර දුකෙන් නිදහස් වෙනවා!!! !!! !!! :) හරිය???

    අනික් එක ඔය රතන සුත්‍රයේදීම කියවෙන, "සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති - සක්කායදිට්ඨි විචිකිච්චිතඤ්ච - සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි - චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡචාභි ඨානානි අභබ්බෝකාතුං" (සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!! ඔහු සතර අපායෙන් මිදෙනවා!! ඔහු නැවත අපායේ වැටෙන 6 ආකාර කර්ම වල යෙදෙන්නෙත් නෑ!!) කියල දේශණා කරලා තියන කාරණාව. ** මේක ඇත්තටම නම් කියල තියෙන්නේ ධර්මයට යොමුවෙච්ච... නිවිච්ච... තැන්පත්... උදවියට!!! හැබැයි මොකාටත් valid!!! ඕනේ එකෙකුට හරි!!! ** දැන් බලහල්ල... උඹල බුදුරජාණන්වහන්සේම දේශණා කොට වදාළ 'පිරිසිදු ශ්‍රී සද්ධර්මය' ඇහුවේ නෑ!!! උඹල ඇහුවේම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තරඟෙට ගහපු බයිලා විතරයි!!! !!! !!! ගොං සංඝයෝ තොපිට මල් / හඳුන් කූරු / පහන් පූජා කරන... පෙරහරේ යන... දහමක් හඳුන්වලා දුන්නා!!! තොපිත් තරඟෙට මල් / පහන් පූජා කර කර... ගාථා කිය කියා වැඳ වැඳ... පෙරහැර කර කර... ලොකු ලොකු පිළිම හද හද... මහ 'යෝධ තොවිලයක්' කළා!!! !!! !!! හැබැයි තොපි, තොපිට තියන 'ප්‍රශ්ණේ' මොකද්ද?? ඒකට කරන්න තියෙන්නේ මොකද්ද?? එහෙම කලාම වෙන්නේ මොකද්ද?? මොන මගුලක් වත් දැනගෙන හිටියේ වත්, දැනගන්න උත්සාහ කලේ වත් නෑ!!! !!! !!! තොපි, තොපිට ඇත්ත කියල දෙන්න ආව... පිරිසුදු බුද්ධ දේශණා තොපිලට තේරුම් කරලා දෙන්න ආව... පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් බැන්නා!!! මටත් බැන්නා!!! එච්චරයි!!! !!! !!!

    දැන් බලහල්ල... සංසාරෙට වැටිච්ච සත්වයින්ට වෙලා තියෙන්නේ මහා බෙල්ල කඩල යන වැඩක්!!! ගැලවෙන්න නම් ඒක ගැන හොඳට දැනගෙන, උඹල ඒකට අහුවෙන්නේ නැතුව... රැවටෙන්නේ නැතුව... ඉන්නම ඕනේ!!! ඒ ඇරෙන්න මේ එක එක හාල්පාරුවෝ කියන එව්වා කලයි කියල... එක එක හාල්පාරුවන්ගේ පස්සේ ගියයි කියල... මොකෙකුටවත් සංසාර ගමනින් නිදහස් වෙන්න බෑ!!! !!! !!! මොකද මේක Nature එකේ, ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නේ ඒක ගැනයි!!! !!! !!!

    එතකොට, දැන් උඹල හොඳටම දැනගත්ත උඹට තියෙන්නේ මේ වර්තමානයේ ගත කරන ජීවිතය විතරයි (උඹ 'සන්කතයක්' නේ??) අතීතයේ ඒවා උඹලට අදාළ නෑ!! කියන බව!!! ** එහෙම දැනගත්ත ගමන් 'පෙර කරපු කර්ම' කියන ඒවා සේරම 'හබක්' වෙනවා!!! එතනින් එහාට එව්වයින් කිසිම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක ගැන කියල දුන්නම හොඳටම තේරේවි!!! ** ඊළඟට, උඹල මේ ජීවිතේදී මිනී මරලා... සත්තුන්ව මරල / මරාගෙන කාල... කෙල්ලෝ / ගෑනු දූෂණය කරලා... මංකොල්ල කාල... වගේ 'දහ ජරා වැඩ' කරලා නැත්නම්, තොපි නිරයට / පෙරේත ලෝක වලට / තිරිසන් ලෝක වලට වැටෙන්න තරම් 'කරුම' කරලා තියනවද??? (ජීවිතේ ගැන මේ කිසිම දෙයක් නොදැන, එහෙම නැත්නම් පොඩි කාලේ නොතේරුම් කමට / අනුන්ගේ කීමට වෙච්ච ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න...) ඉතින් එහෙම නම්, උඹල හතර අපායේ වැටෙයි කියල සැකයක් / බයක් තියනවද?? 'නෑ!!!' නේ!!! උඹටම full sure නේ, උඹ ආයි හතර අපායේ වැටෙන්නේ නෑ කියන එක!!! !!! !!! ඉතින්, ඒක උඹටම sure උනාම, තොට වෙන මොකෙක් ගෙන් හරි certificate එකක් ගන්න ඕනෙද, 'උඹ හතර අපායේ වැටෙන්නේ නෑ!!' කියල?? අවශ්‍ය නෑ නේද??? ** මාර්ගඵල ලබාපු එක දැනගන්නේ මාර්ගඵල ලබපු එකා මයි!!! ඒකට වෙන එක එක පකයන්ගේ කයි කතන්දර වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! **

    ඉතින් බං, එතකොට උඹලට 'විචිකිච්චාව' නැත්නම් 'ධර්මය' (Nature එක) ගැන තියන සැක, ඉබේම නැතුව යනවා නේ!!! !!! !!! ** ගොං සංඝයෝ ඕකට 'බුද්ධාදී අටතැන්හි සැකය' අනං මනං ලබ්බවල් වගයක් කියල තියනවා... එව්වා වැඩක් නෑ!!! මේ ඇත්තට වෙලා තියන සිදුවීම, 'තමන්ට අදාළ නැති පරණ මතකයකට මුලාවීම' නැත්නම් 'සක්ඛාය දිට්ඨිය' තමයි තිබිච්ච ලොකුම upset එක බව, ගැන කිසිම සැකයක් තියාගන්න එපා!! කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! ** ඊළඟට බලපන්, උඹ ආයි හතර අපායේ වැටෙයි කියල කිසිම සැකයක් නැති කොට, ඔය එලවලුයි බතුයි කාල ඉන්නවා... නාන්නේ නැතුව ඉන්නවා... හෙළුවෙන් ඉන්නවා... මල් / පහන් පූජ කර කර, ගාථා කිය කිය, වැඳ වැඳ ඉන්නවා... දෙයියෝ පස්සේ යනවා... කේන්දරේ බදාගෙන ග්‍රහයෝ පස්සේ යනවා... වගේ මල විකාර කරන්න ඕනෙද??? නෑ!!! ඒ පිස්සු මරගාත මොකවත්ම ඕනේ වෙන්නේ නෑ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!!" කියල!!! තේරුණයි??? දැන් උඹල 'දහම' හප හපා ඉන්න පල් මෝඩයෝ නෙවෙයි!!! උඹලට තියෙන්නේ ණිවන අවබෝධ කරගෙන, මේ ජීවිතයෙන් එහාට තව එකෙකුටවත් හැදිලා දුක්විඳින්න ඉඩ තියන්නේ නැතුව, සංසාරේ මෙතැනින්ම completely shutdown කරලා දාන්න විතරයි!!! !!! !!! :yes::yes: (මං ඒකත් කියල දෙනවා!!! !!! !!!)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි! තව පොඩි case එකක් තියනවා... දැන් මේ බකයෝ / පකයෝ ටිකක්, මාර ආතල් එකක් ගත්ත නේ මේ වැඩෙන්!!! මං මේක අල්ලලා දාල දුවයි කියල හිතල වෙන්න ඇති :lol::lol:, දුන්න නේ දිගට හරහට!!! ෂෝක් comments දුන්නා... අම්මව / ගෑනිව රහත් කරන්න කතා කළා... අම්බානට -ve reps දුන්නා... -ve ratings දාල දාල threads demote කළා... ගෙවල් පැත්තේ එන්න / මට 'බෙහෙත් දෙන්න' හිටන් හැදුව නේ... ඉතින් ඕං බලාගනිල්ලා ඒ 'ආතල් එකේ' results!!!

    මෙන්න මේ, "සහාවස්ස දස්සනසම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති - සක්කායදිට්ඨි විචිකිච්චිතඤ්ච - සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි - චතූහපායේහි ච විප්පමුත්තෝ - ඡචාභි ඨානානි අභබ්බෝකාතුං" (සෝවාන් මාර්ගඵල ඥාණය පහලවෙනවාත් එක්කම 'ධර්මය' පිලිබඳ සැකයෙන් සීල වෘත වලට බැඳී සිටි ගතිය නැතුව යනවා!! ඔහු සතර අපායෙන් මිදෙනවා!! ඔහු නැවත අපායේ වැටෙන 6 ආකාර කර්ම වල යෙදෙන්නෙත් නෑ!!) කියන එකේ, 'සෝතාපන්න වෙච්ච කෙනා ආයේ හතර අපායේ වැටෙන පාප කර්ම කරන්නේ නෑ!!' කියල කෑල්ලක් තියනවා නේද?? දැන් ඇත්තටම නම්, සංසාර දුක තේරිලා... සංසාර බය දැනිලා... ඒ දුකින් නිදහස් වෙන්න මහන්සිගන්න අහිංසක / නිහතමානී මිනිස්සු නම් කොහොමට වත් පව් වැඩ වලට සම්බන්ධ වෙන්නේ නෑ!!! ඒත්, අපි හිතමු කිසිම අහිංසක කමක් / නිහතමානී කමක් නැති 'යකෙකුත්' මේ ඇත්ත කතන්දරේ දැනගෙන සෝතාපන්න උනා!!' කියල!!! ඌත් සෝතාපන්න වුනයි කියල ඉදිමෙන්න යන්නේ වත්... සෝතාපන්න වෙලා පව් කරන්න යන්නේ වත්... නෑ!!! !!! !!! මොකද හොඳටම දන්නවා ඌ නිදහස් වුනේ අතීත කර්ම වලින් විතරයි... ඉස්සරහට පව් වැඩ කලොත්, ඒ කර්ම විපාකවලින් නම් ඌට කොහොමට වත් බේරෙන්න ලැබෙන්නේ නෑ කියල!!! මොකද, නොදැන කල ඒවාට excuse එකක් ගන්න... ඒවායේදී හිත හදාගන්න... හරියටම කිව්වොත්, 'ඒ effect එක neutralize කරගන්න' තියෙන්නේ, "අනේ මං දැනගෙන උන්නේ නෑ!! දැනගෙන හිටියානම් කීයට වත් කරන්නේ නෑ!! දැන් නම් මගේ අතින් කීයටවත් ඒවගේ දේවල් වෙන්නේ නෑ!!" කියල, බොහොම යටහත්පහත් විදියට... අහිංසක විදියට... තමන් තමන්ට අවංකව කටයුතු කිරීමෙන් විතරයි!!! !!! !!!

    ඉතින්, දැනගෙන / උවමනාවෙන්ම පව්වැඩ / බලුවැඩ කලාම??? අනික මුන් මේවා කලේ / කරන්නෙත්, warning කරද්දී කරද්දීත්... එපා!! කියද්දී කියද්දීත්, මුන්ගේ ලොකු කම පෙන්නන්න... මහන්තත්ත කමට... කොහොම හරි / by force උන්ට අවශ්‍ය දේ කරනවාමයි කියල නේ?? මුන් කොහොමද, "අනේ මං දැනගෙන උන්නේ නෑ!! දැනගෙන හිටියානම් කීයට වත් කරන්නේ නෑ!! දැන් නම් මගේ අතින් කීයටවත් ඒවගේ දේවල් වෙන්නේ නෑ!!" වගේ යටහත්පහත් / අහිංසක 'බබා පාර්ට්' දාන්නේ?? අනික, වෙන කෙනෙකුට නෙවෙයි... තමුන්ගෙම හිතට??? මතක නේ?? ඕනෙම එකෙකුට අන්තිමට ඉතුරුවෙන්නේ ඌයි උගේ හිතයි විතරයි!!! මාර ආතල් situation එකක් හැදෙනවා!! කර්ම ගැන explain කරනකොට තේරෙයි!!! ඉතින් උන්ට excuses මොකවත් නෑ!!! !!! !!! උන් අනිවාර්යයෙන් guilty විතරයි!!! !!! !!!

    මේ කර්ම / කර්ම විපාක ගැන ඇත්තම ඇත්ත කතන්දරේ නම් කිසිම කෙනෙක් හීනෙකින් වත් හිතන විදියක කතන්දරයක් නෙවෙයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ නම් එහෙම්පිටින්ම දන්නවා!!! !!! !!! උන්වහන්සේ 'භවය' කියල තනි වචනෙන් කිව්වේ, technically explain / detail කරන්න මට posts 3ක් 4ක් ලියන්න වෙන තරම් සිරා, බරපතල කතන්දරයක්!!! මං ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ කියල දුන්නු 'ටිකෙන්' අල්ලන්න පුළුවන් උපරිමයටම අල්ලලා ඉවරයි!!! !!! !!! ලෝකේ කිසි කෙනෙක් ඕවා මොන මගුලක් වත් දන්නේ නෑ... ඔක්කොම පුස්සෝ විතරයි!!! !!! !!! හැබැයි මං සේරම කියල දෙනවා... ඒ දැනගත්තම තේරෙයි!!! මේ 'පරම සත්‍යය' / ධර්මයත් එක්ක එකඟ වෙන අයට මිසක් ඊට විරුද්ධ වෙන කාටවත් ස්වභාවධර්මයෙන් කිසිම ගැලවීමක් නෑ!!! !!! !!! "ධම්ම කාමෝ භවං හෝති - ධම්ම දෙස්සී පරභාවෝ" කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ, උන්වහන්සේ බුද්ධත්වය ලැබීම පිණිස යෙදුව වීර්යය... 'generate කල energy එක...' ගංගා නම් ගඟ වියළවා හැරීමට ප්‍රමාණවත්ය කියලයි!!! !!! !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේ, වහල දාලා තිබුන පරම සත්‍යය අවබෝධ කරගෙන ලෝක සත්වයින්ට ඇත්ත පහදලා දීල උන්ව නිදහස් කරන්න දරපු උත්සාහය, 'generate කල energy එක' හිතාගන්න වත් බෑ!!! !!! !!! මං ඒක මුළු ලෝකෙම එවුන්ට ආයේ වරදින්නේ නැති වෙන්නම අල්ලලා දෙන්න generate කල energy එක නම් lightning පරාදයි!!! !!! !!! මං දන්නේ එච්චරයි... against වෙච්ච / crash වෙච්ච අයට අබ සරණයි.

    මට නම් දැන් ඕනේ පුළුවන් ඉක්මනට ලෝකේ රහතුන් වහන්සේලාගෙන් පුරවන්නයි!!! මෙතනින් එහාට ලෝකේ සෝතාපන්න නැති එවුන් නම් මොකෙක්වත් ඉන්නත් බෑ!!! !!! !!! ලොකු ලොක්කෝ ඒක ඒ විදියටම වෙන්න, මේක හැම භාශාවකින්ම ලෝකේ පුරාම ප්‍රචාරය කරන්න කටයුතු කරපියෝ!!! !!! !!! :):):)
     
    Last edited: