සුන්දර ගීයක ඇරබුම,..

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
වෙන වෙන තැන්වලින් උස්සලා එළකිරියට දාන කාලයේ ....
වෙන වෙන තැන් වලින් ඇවිත් දැන් අපෙන් උස්සනවා ....
මේක මටවත් වෙන කිසිවෙකුටත් නෙමෙයි ....
එළකිරියටම ආඩම්බරයක් නොවේද... ?

මේ ත්‍රෙඩ් එක මුළු එළකිරියම එළිය කරන මානික්‍යයක් බඳු වේ. මෙයට ලියන සැමට මගේ උපහාරය.
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රෙඩ් එක මුළු එළකිරියම එළිය කරන මානික්‍යයක් බඳු වේ. මෙයට ලියන සැමට මගේ උපහාරය.

    එක පුන් සදෙන් දුරුවේ ලොව ගන අදුරු .....................
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු!
     

    modyaka

    Member
    Nov 25, 2007
    2
    0
    0
    යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....
    .

    මම මේකේ ඉන්න චරිත දෙකම ලගින් ආශ්‍රය කරලා තියෙනවා.. නිකම් මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. මේ සින්දුව මේ සිද්දිය වෙන්න හුගක් කලින් ලියපු එකක්.. මේරුණු කෙනෙක්ට වත් නිදහසේ ඉන්න දෙන්න.. දැන් ජීවත් වෙලා ඉන්න ළමයට වත් එයාගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙන්න. sasliit ඔයාට සාප වෙනවා මේ වගේ වැඩ කරුණු හරියට නොදැන ඔයාගේ ප්‍රසිද්ධිය උදෙසා කරනවට..
     

    modyaka

    Member
    Nov 25, 2007
    2
    0
    0
    මම මේකේ ඉන්න චරිත දෙකම ලගින් ආශ්‍රය කරලා තියෙනවා.. නිකම් මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. මේ සින්දුව මේ සිද්දිය වෙන්න හුගක් කලින් ලියපු එකක්.. මේරුණු කෙනෙක්ට වත් නිදහසේ ඉන්න දෙන්න.. දැන් ජීවත් වෙලා ඉන්න ළමයට වත් එයාගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙන්න. sasliit ඔයාට සාප වෙනවා මේ වගේ වැඩ කරුණු හරියට නොදැන ඔයාගේ ප්‍රසිද්ධිය උදෙසා කරනවට..

    යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....

    ඇයි ඒ වගේ ගීතයක් අරගෙන ආවේ කියල අපේ යාළුවො හිතනව ඇති නේද...? හේතුව තමයි යාළුවනේ මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... කියවලා අවසන් වෙලා දැනෙන දේ කියන්නකෝ...... එහෙනම් මෙන්න කතාව....

    2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

    පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

    ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

    පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

    යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

    මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

    නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

    නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

    ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

    උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

    ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින


    මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


    දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම




    ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

    මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......

    සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුභ උදෑසනක් හැමෝටම,
    මචන් මට නම් එච්චර සුභ නෑ.උදේ පාන්දර ඔෆිස් එකට ඇවිත් ඊ මේල් චෙක් කරද්දි යලුවෙක්ගෙන් ඊ මේල් එකක් ඇවිත් තිබ්බා කොල්ලෙක් කියන සින්දු ටිකක්.ඒ ක්ලිප් එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.ලස්සන සින්දු කියනවා විරහව මාරෙටම ගැබ් වෙලා තියෙනවා ඒ කටහඬ තුල.මට ඊ මේල් එක එවපු යාලුවාගෙන් විස්තරේ ඇහුව කිව්වේ කෙල්ලගෙන් බූට් එක කාල දවසක් කොල්ලෝ ටිකක් එක්ක රෑ සෙට් වෙලා ඉන්නකොට ඌ කියපු සින්දුලු මේ.හැබැයි ඒ කොල්ලා ජීවිතෙට අන්තිමට කියපු සින්දු ටිකත් මේ ටිකලු.එදා රෑ ගෙදර යද්දි බයික් එක හැප්පිල එතනම මැරිලලු.කවුරු හරි මේක ගැන හරි විස්තරයක් දන්නවා නම් කරුණාකරල දාන්න.විඩියෝවක් තියෙනවා කියල කිව්වත් නමුත් ඒක් නෑ හොයා ගන්න.


    http://www.mediafire.com/?7o62de6p4fbd3hh

    ඈත්ත කතාව ආයාලු හෑබෑයි ඒ කොල්ල මෑරුනෙ තනියම නෙමේ තව යාලුවෙකුත් එක ඒ එක්ස් වන් බයික් එක්කක 120+ යද්දි හෑප්පිලා දෙන්නම මෑරිල තිබ්බ..
    මෙන්න වීඩියෝ එක

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මේකේ ඉන්න චරිත දෙකම ලගින් ආශ්‍රය කරලා තියෙනවා.. නිකම් මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. මේ සින්දුව මේ සිද්දිය වෙන්න හුගක් කලින් ලියපු එකක්.. මේරුණු කෙනෙක්ට වත් නිදහසේ ඉන්න දෙන්න.. දැන් ජීවත් වෙලා ඉන්න ළමයට වත් එයාගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙන්න. sasliit ඔයාට සාප වෙනවා මේ වගේ වැඩ කරුණු හරියට නොදැන ඔයාගේ ප්‍රසිද්ධිය උදෙසා කරනවට..

    ඉතින් ඕකට ෆේක් එකකින් එන්න ඕනේද සහෝ??? ඈත්ත එකෙන්ම එන්න තිබ්බනෙ.. දෑන් සසිලිට් බයවෙලා ඔයගෙ සාපෙට අන්න බිත්තර කට්ටක් හොයනව හෑන්ගෙන්න... ලොල්...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියන්න දේවල් ගොඩක් තියනව.. සස්ලිට් සහෝදරය.. අපේ දෝස්තර මහත්ය( දත් කිබුල සහෝදරයා) සහ මෙහි පෝස්ටදාන කියවන සියලුව සහෝදර සහෝදරියනි.. මම මේ නූල ආරන්බයේ පටන්ම ඉන්නව.. මේකෙ අද වෙනකම් පලවුන හෑම අකුරක්ම මමකියවල තියනව.. ඒත් මිත්ත්‍රර වරුනි... අපි නිසා සසිලිට් සහෝ සහ දෝස්තර මහත්තය මුහුන දෙන ප්‍රශ්න දිහා බලකොට හිතට කොච්චර දුකක් දෑනුනත් මේනූල අහවර කරමු කියා ඉල්ලා සිටිනව

    එකපාරක් රෑඉරපාන අරන් ගෑන කියාගෙන ආපු සහෝදරයෙක් සසිලිට් සහෝදරයාට චෝදනා කලා.. ඉන්පසුන.. ඔහුගේම නිදාන කතා හොරකම් කරල ලොවෙත් නෑ පේජ් එකේ දාල සහ එලකිරියෙම වෙනත් නූලක් අරබල... ඒ කරල චෝදනා කරනව මේක රිද්ම පත්‍රයෙන් ගත්ත එකක් කියල..
    ඔක්කෝටම වඩා හපන්.. දෑන් එකෙක් ඈවිත් බොන පාර්ට්ගෙ යාලුවෙක් කියල සසිලිට් සහෝ දරයට සාප කරනව.. ලංකාවෙ මේ වගේ මන්දබුද්දික යො නොහිටින්න අද ලංකාව ලෝකෙ තියන උසස්ම රට වෙලා..

    එක්වරක් මෙමෙ නූල නෑවෙත්තුවහම මම එලකිරීකෙන් ගියා.. සසිලිට් සහෝදරය මට දුරකතනයෙන් කතා කරල නෑවත මෙය පටන් ගත්ත කියල කිවුවහම වෙලාව රෑ 01.30.. මෙහෙම මිනිස්සුන්ටයි උබල ඔය චෝදනා කරන්න්නෙ..

    මම රෑ ඉරපාන ප්‍රශ්නයේදින් කිව්වා මේ වෙන්න යන්නෙ මේ නූලෙ තියන විචාර හොරාගෑනීමක් කියල. අද ඒ දේ සිද්දවෙලා..
    අපිවෙනුවෙන් රෑනිදි වරාගෙන,, ඈගිලි රිදෙනකම් ටයිප් කරල මෙහි විචාර පල කරන ඔබලා... ඒ නිසාම ලබා ගත් නින්දා අපවාද ඈති.. ඕනෙවටත් වඩා ඈති
    මට දුකයි යාලු කොහෙදවත් යන පඩත්තර සොකඩ සෙවලයො උබලට ආර්තමාර්තකාමි කියනවට, උබල විචර කෙහෙන් හෝ උස්සපුවයි කියල බොරු චෝදනා කරනවට උබලට චෝදනා කරනවට.. උබලගෙ මහන්සිය කිසිම හිරිකිතයක් නෑතුව කොපි පේස්ට් කාරල යම් යම් ලාබ ලබනවට.

    උබල කෑමති තීරනයක් ගනින්.. උබල මොන තීරනයක් ගත්තත් මම නම් උබල සමගම ඉන්න බව සිහියේ තියාගනින්..

    උබල හෑමෝටම බුදුසරනයි.. ජේසුපිහිටයි

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම මේකේ ඉන්න චරිත දෙකම ලගින් ආශ්‍රය කරලා තියෙනවා.. නිකම් මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. මේ සින්දුව මේ සිද්දිය වෙන්න හුගක් කලින් ලියපු එකක්.. මේරුණු කෙනෙක්ට වත් නිදහසේ ඉන්න දෙන්න.. දැන් ජීවත් වෙලා ඉන්න ළමයට වත් එයාගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙන්න. sasliit ඔයාට සාප වෙනවා මේ වගේ වැඩ කරුණු හරියට නොදැන ඔයාගේ ප්‍රසිද්ධිය උදෙසා කරනවට..

    අඩෝ සොමි කරුමේ..
    නිකන් සුම්මට අකාගන්නේ නැතුව මෙතිනන් පල , අපිට පාඩුවේ අපේ ආතල් එක ගන්න දීලා..
    :angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl::growl:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ නූල වහන්න එපා බන් , රිප්ලයි දැම්මේ නැති උනාට මම හැමදාම මේකට ඇවිත් යනවා..
    මම මේවා මගේ මූණු පොතෙත් දානවා..
    මේක වැහුවහම අපිට මොකද වෙන්නේ බන්..
     

    podi sima

    Member
    Apr 10, 2012
    1
    0
    0
    හිතවත් සස්ලිට්,
    ඔය මේ කතාව මෙහෙම රස කරලා කීවට දන්නා උදවිය දන්නවා ඇත්ත කතාව මොකද්ද කියල. ඔයා මේ නම් පාවිච්චි කරලා බොරුව ඇත්තක් වගේ පෙන්නල ඔයාගේ නම හංග ගත්තේ මොන හේතුවක් නිසාද කියල මටනම් තේරෙන්නේ නෑ. පලවෙනි දේ තමයි, සොබනි කවදාවත් බොනපාට්ටවත් බොනපාට් සොබනිතවත් ඔය කියන විදිහේ බූට් එකක් තියල නෑ. ඔය සිද්දිය වෙන්න කලින් දවසෙත් දෙන්න එකට පාඩම් කරලා, හවස සොබනිව හොස්ටල් එකටත් ගිහින් දාල තමයි බොනපාර්ට් හෝල් එකට ගිහින් තියෙන්නේ. දෙවැනි කරණය තමයි, බොනපාර්ට් වගේම සොබනිත් හොඳට ඉගෙන ගන්න දක්ෂ (සමහර විට බොනපාර්ට්ටත් වඩා) ළමයෙක්. අනෙක් කරණය තමයි සොබනි කියන්න බොහොම සුන්දර අහිංසක කෙල්ලෙක්. බොනපාර්ට් බොහොම හොඳ සාමාන්‍ය කොල්ලෙක් නමුත් ඔයා කියනව වගේ " හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් " කෙනෙක් නෙමේ කියල එයාව දන්න කව්රුත් දන්නවා. හැබැයි මම දන්න විදිහට නම් සොබනිනම් බොහොම ලස්සනයි. ඒ වගේම තමයි, බොනපාර්ට් වගේම සොබනි කලෙත් භූගර්භ විශේෂ උපාධියම වන අතර විශේෂත්වය තමයි, සොබනිට බොනපාර්ට්ට වඩා හොඳ ප්‍රතිපල (කණ්ඩායමේ දෙවනියට හොඳම ප්‍රතිපල) තිබුන එක. ඒ අතින් බලපුවහම බොනපාර්ට්ට වඩා සොබනිට පිටරටවල යන්න අවස්ථාව තිබුන. අනික් කරණය තමයි, සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න තවම එයා කසාද බැඳලා තියා බඳින්න හිතලවත් නෑ (මම දන්න තරමින්).
    තව විශේෂ කාරණයක් තමයි, කාටවත් ඔයා කියන විදිහට " විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... " කියන දේ කවදාවත් උනෙත් නෑ, වෙන්නෙත් නෑ, මොකද එහෙම දෙයක් විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගන්න අමාරුයි. අනික සිද්දිය දන්න උදවිය දන්නවා බොනපාර්ට් විශ්ව විද්‍යාලයෙන් මොනවත් හොරකන් කලෙත් නෑ, එයා එහම කරන්නෙත් නෑ කියල.
    තවත් කියනවනම් දේවල් බොහොමයි. අන්තිමට මට කියන්න තියෙන්නේ සොබනි කියන්නෙත් බොනපාර්ට් කියන්නෙත් බොහොම වැදගත් කාගෙත් හොඳ මිතුරන්, සහෝදරයන් දෙදෙනෙක්. බොනපාර්ට් කරගත්ත දේ හරිම කණගාටුදායකයි. හැබැයි ඒකට හේතුව සොබනි දුන්න බූට් එකක් නෙමේ කියල අපි කරුත් හොඳටම දන්නවා. ඔයා මේ වගේ බොරුවක් ඇත්තක් වගේ පෙන්නන මොනවා බලාපොරොත්තු වෙනවද කියල අපි දන්නේ නෑ. හැබැයි, කිසිම දෙයක් නොදැන, මේ වගේ මඩ කතා පතුරවන්න එපා. ඒක බොහොම පව්. ඒ දෙන්නගේ ආදරය ඉතාම අවංක සුන්දර දෙයක්. ඒක මේ වගේ මඩ කතා වලින් කිලිටි කරන්න එපා.


    Podi simiyon
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මේකේ කදු රැල්ල කියන්නේ විවාහය නෙවේ බන් හන්තාන කන්ද
    බැච් එකේ පලවෙනි අවුරැද්දේ හයික් එක යන්නේ හන්තානට ඒ ඉස්සර ජෙප්පොන්ගේ කාලේ කැම්පස් කොල්ලො මරද්දි හන්තානට ගිහින් හැන්ගිලා බේරිලා තියනවා ඒක සිහිකරන්න
    ඉතින් මේ හන්තානේ කදු 13 ක් තියනවා මේ 13 ට කෙල්ලො එක්ක යන්න අමාරැයි 1ක් දෙකක් නගිද්දි කෙල්ලො හැක් වෙනවා
    කොල්ලො තමා කෙල්ලොන්ව එක්කන් යන්නේ එතකොට
    එකෙ දවසක් විතර කෙල්ලෙක්ව එක්ක ගියාම කෙල්ලන්ට සමහර කොල්ලො ගැන විස්වාසය ඇතිවෙලා යාලු වෙනවා
    ඒක ගැනයි එතන කියන්නේ
    පේරාදෙණිය කැම්පස් එකේ ඇතිවෙච්ච ප්‍රේමයක් ගැනයි කියන්නේ මේකෙන්

    නියමයි සහෝ තර්කයක් නැතුවම වැරද්ද නිවරදි කරල තියෙනවා උදාහරණත් එක්ක... ස්තූතියි වැරදි නිවරදි කලාට...දන්න දේවල් අපි එක්ක බෙදා ගන්න.
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මේ නූලේ ඉන්න යාලුවොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල හදන්නේ.පොඩි ගීතයක් ගැන. එන්න නදීකා යන්න එපා මා දා ගීතය හෝ එහි පද වැල් සම්පූර්ණයෙන් දන්නා කෙනෙක් වෙතොත් මෙහි පොස්ට් කරන්න...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොනපාට් ගේ කථාව ගීතයකට සම්බන්ධ කර මා කරන ලද විචාරයට සමහරුන්ට රිදිලා... සෑහෙන්න චෝදනා කරල තියෙනවා... සමහරු චෝදනා කරන්නම එකවුන්ට් හදාගෙන ඇවිත්... සියළු දෙනාටම කියන්නෙ මම එහි සදහන් කර තියෙනවා මම ඒ කතාව ගෙන ආවේ එහි සදහන් ගීතය අසන විටදී ඔහුගේ යාළුවන්ට බොනපාට්ව සිහිවන නිසා... අනික මම එම සිද්ධිය සදහන් කලේ බොනපාට්ගේ හොදම යහළුවන් සිව් දෙනෙකුගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව. අනික මෙහි සදහන් වෙනවා යාළුවෙක් ගැන... මම ඔහුව ලගින් තබාගෙන මෙම විචාරය ඔහුට ජේදයෙන් ජේදය පෙන්වමිනුයි මේ විචාරය කරනු ලැබුවේ... එය පළමු කාරණයයි...

    දෙවැනි කාරනය වන්නේ මීට දිගු කාලයකට පෙරදී දැමූ පෝස්ට් එකක් හදිසියේ මාකට් වීම හා ඒ සම්බන්ධව ගැටළු මතුවීමයි... එක පෝස්ට් එකක් කොහෙන් හෝ දුටු පිළියට කෑ ගහන්න එපා... අපි මෙය ප්‍රසිද්ධිය සදහා කරනු ලබන දෙයක් නෙමෙයි... මෙතනින් අරගෙන සමහරු ප්‍රසිද්ධ වෙන එකට අපිට චෝදනා කරන්න එපා...

    තුන්වන කාරණය කෙසේ හෝ මේ සම්භන්ධයෙන් බොනපාට් ගේ මිතුරන් මාව නොමග යවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඇතිවූ හිත් රිදීම් හා අපහසුතාවයන් මා වගකීමෙන් යුතුව බාරගන්නා අතර ඒ වෙනුවෙන් සමාව අයදිමි...

    සිව්වන කාරණය මාවිසින් පල කල දේකට මෙම නූලට ඇවිත් බනින්න එපා... රණ්ඩුවෙන්න එපා... එවිට මේ සුන්දර නූල අසුන්දර වේවි... ඒ නිසා මට පුද්ගලිකව පෝස්ට් එවා බනින්න...

    අවසන් කාරණය වන්නේ මා දැමූ පෝසට් සම්බන්ධව මම වග කියමි... ඒ නිසා මේ නූල නැවත්වීමට අවශ්‍යතාවයක් නොපෙනේ.. කල යුත්තේ මෙයින් ඔබ කොපි කරගෙන වෙන තැන්වල දැමීම නැවත්වීමයි... මොකද හැමෝම සුන්දර මිනිසුන් නොවේ... මේ නූල සුන්දර සිත් ඇත්තන්ට පමණයි... අපි ආමන්ත්‍රණය කරනුයේ හදවත් වලට පමණයි...

    ස්තූතියි..
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්ණ අමතක කරන්න යාළුවනේ විචාරයකදී හොද නරක දෙකම ලැබෙන්න ඕන... දැන් මට මේ නූල නිසා අහපු බැනුම් කන්දරාවත්, ලැබුනු වර්ණනා කන්දරාවත් නිසා දෙකම ගානක් නෑ... අපිට දැනෙන හැගෙන දේ අපි ලියමු... කෙහෙදිවත් අපි නම් පාවිච්චි කරන්නෙ නෑ මඩ ගහන්න... මේ සියල්ලම අමතක කරන්න.. දැන් මේ විචාරය කියවන්න..


    ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා...!!!

    අද ඔබට මම ගෙන ආ මේ ගීතය ගායනා කරන්නේ කාන්තාවක් (සුජාතා අත්තනායක)... මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි... ඒත් පද හොදටම මට හුරුයි.. හොදට පාඩම්.. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ... හරිම පුදුමයි... මටම හිතා ගන්න බෑ ඒ ගැන... මේ ගීතය අහන සෑම විටම මට සුජාතා අත්තනායකට එහා ගියපු කට හඩක් ඇහෙනවා... හරියට මනස ඇතුලේ දෝංකාර දෙනව වගේ.. මීට වසර කිහිපයකට කලින් ඊට හේතුව මට වැටහුනා.. මේ එම හේතුව මා දැනගත් මොහොතේ කාතාවයි..

    දවසක් මම මේ ගීතය ටිකක් සද්දෙට දාගෙන රසවින්දනය කරමින් ඉන්න විටදි මට පේනවා අපේ අම්මා මිදුල අතුගාමින් හෙමීට මේ ගීතය ගයනවා.. ඇය හරි ආසාවෙන් සතුටින් ගීතය ගායනා කරනවා.. මිදුල අතුගාන්නෙත් ගීතයේ තාලයට... හරිම ලස්සනයි.... ඇයගේ දැහැනට බාධා නොකර මම බලාගෙන හිටියා..
    ටික වෙලාවකින් ගීතය අවසන් උනා.. ඇය දැහැනෙන් මිදී, ඇගේ පාඩුවෙ යළිත් මිදුල අතුගානවා.... මට ඒ සුන්දර දසුන තවත් විදින්න ඕනමයි... මම ආයෙත් ගිහින් මේ ගීතයම දැම්මා.... හෙමීට මිදුලට පැත්තට සේන්දු වෙන්න හදකොටම මෙන්න අම්ම ඇවිත් මගේ ලග...

    ඔයා ඔය ගීතයට ගොඩාක් ආසද...?

    ඔව් අම්මෙ ඇයි...?

    පුතේ පුතා ඉපදුනාට පස්සෙ පුතා ගොඩාක් අසනීප උනා... පුතාගෙ පපුවෙ සෙම... ඔයාට අවුරුද්දක් වෙනකල් ඔයා නිතරම හිටියෙ ඉස්පිරිතාලෙ... ඉස්පිරිතාලෙන් ගෙදර ආවම ඔයා කොයිවෙලේත් අඩන එක තමා කරන්නෙ... නිදා ගන්නෙම නෑ... මට නම් වෙලාවකට තරහත් එනව... අඩනව අඩනව ඉවරයක් නෑ... මට බෑ ඔයාව නලවගන්න... ඒ වෙලාවට පුතේ තාත්ත පුතාව අරගෙන සින්දුවක් කිය කිය ගේ වටේ ඇවිදිනවා... ඔන්න ඉතින් පුතා නිදි... ඉතින් මෙහෙම ඇවිදල ඇවිදල තාත්ත හෙමීට ගෙනත් ඔයාව මගේ ලගින් තියනවා... කොහෙද ඔයා අයෙ බෙරිහන් දෙනවා... තාත්ත ආයෙ ඔයාව අරගෙන ඇවිදිනවා... සමහර දවස්වලට මට නින්ද ගිහින්... ඒත් පුතේ තාත්ත ඔයාව වඩාගෙන සාලෙන් කුස්සියටයි, කුස්සියෙන් සාලෙටයි සින්දු කිය කිය ඇවිදිනවා....

    අපි කොහොම හරි පුතාව බේරගත්තා... ඔන්න ඔයාට අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට උදේ පාන්දරම නැගිටිනවා... කෑ ගහල අඩනවා... තාත්ත කරන්නෙ ඔයාව අරගෙන එයාගෙ බඩ උඩින් තියාගෙන ආයෙ ඔයා නිදා ගන්නකල් සින්දු කියනවා.... ඔයා රෑට නිදි කරවන්න අපි කාටවත් බෑ... මටනම් කොහොමටවත් බෑ... තාත්ත කීයට හරි ගෙදර එනකල් ඔයා අවදියෙන්.. ගෙදර එකම යුද්ධයයි... තාත්ත ගෙට එන්නෙම කෝ මගේ පුතා කියල සින්දුව කියාගෙන, ඇවිත් ඔයාව බඩ උඩ තියාගෙන සින්දු කියනකොට තමා ඔයා නිදියන්නෙ... අපි කන්නෙ බොන්නෙ ඊට පස්සෙ.. වෙලාවකට අපිට හරි ආස හිතෙනවා ඔයා තාත්ත සින්දු කියනකොට ඒ තාලෙට කෙදිරි ගගා තමා නිදියන්නෙ... මම වෙලාවකට කියනව මෙයා ගියආත්මෙ ගායකයෙක් ද කොහෙදො කියලත්....

    ගොඩාක් දවස් වලට පාන්දර 2ට 3ට විතර ඔයා අවදි වෙනවා... අවදිවෙලා යටිගිරියෙන් කෑ ගහල අඩනවා... තාත්ත මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඉතින් එයා පව් කියල හිතල මම ඔයාව අරගෙන අනිත් කාමරයට යනවා... කොහෙද කිරිටික බොනකල් ඔයා ඉන්නවා.. ඊට පස්සෙ ඔයා අඩනවා... ඔන්න තාත්තට ඇහුනගමන් දුවගෙන එනවා... මටත් තාත්තගෙ අම්මටත් (ආච්චි) හොදටම බනිනවා... උඹල කොල්ල අඩවනවා කියල. අපෙන් ඔයාව අරගෙන ගිහින් ආයෙ එයාගෙ බඩ උඩ තියාගෙන සින්දු කියනවා... ඔයත් ඒ තාලෙටම ටික වෙලාවක් කෙදිරි ගානවා... බෙරිහන් දීදී අඩපු ඔයා මෙන්න නිදි....

    මට මතකයි එක දවසක් තාත්ත කොළඹ ගියා වැඩ වගයකට. එදා ඔයා අඩපු තරමක්... හුස්ම ගන්නෙවත් නැතිව අඩනවා... අපි බැරිම තැන ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා... ඩොක්ටර් කියනවා මෙය ලෙඩක් නෙමෙයි කියලා... කොහොම හරි එහෙදි බෙහෙත් දීල නිදි කරවලා ඔයාව එක්කරගෙන ආවා... ගෙදර ගෙනත් පැයක් නිදන්න ඇති ඔයා ආයෙ අවදි වෙලා අඩනවා... මම දන්න විදියට සින්දු කිව්වට ඔයාට හරියන්නෙ නෑ... කොහොම හරි වෙලාවට තාත්ත ආවා... අනේ කොළඹ ඉදල ආපු මහන්සියවත් බලන්නෙ නැතිව ඔයාව බඩ උඩ තියාගෙන තාත්ත සින්දු කිව්වා ඔයා නිදියනකල්... මෙච්චර වෙලා අඩපු ඔයා මෙන්න කෙදිරි ගානව... පස්සෙ අපි බලනකොට තාත්තයි ඔයයි දෙන්නම නිදි... තාත්තටත් නින්ද ගිහින් මහන්සියට.... වෙලාවකට මට හරි ලෝබ හිතෙනවා ඔයා තාත්තගෙ පපුව උඩ නිදාගෙන ඉන්නව දැක්කම... ඔයාගෙ ආච්චි හැම තිස්සෙම කරන්නෙ ඒක බල බල සතුටට අඩන එක...

    පස්සෙ ඔයා ටික ටික ලොකුවෙනකොට අපි පුතා සින්දුවක් කියන්න කියල ඔයාට කීවම, ඔයා කට උල් කරගෙන කියන්නෙ අර තාත්ත ඔයාව නිදි කරවන්න කියපු සින්දුව...

    ඔයා ඔය දැන් අහපු ගීතය තමා ඔය හැම වෙලාවෙදිම තාත්ත ඔයාව නිදි කරවන්න කිව්වෙ... කොච්චර ඇහුවත් ඔයාට මදි... ඉතින් තාත්තත් ඔයා අඩන අඩන වාරයක් ගානෙම, ඔයාට නින්ද යනකල් ඔය සින්දුවම කියනවා... ලක්ෂවාරයකට වඩා ඔයා වෙනුවෙන් තාත්ත ඔය ගීතය කියන්න ඇති.....


    මෙන්න ගීතය....


    නව සංගීතයෙන්


    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    මං පොඩි කාලේ හඳ මාමා කිව්
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
    ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
    හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
    ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
    ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

    අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
    චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
    කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
    සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
    හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
    පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
    ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//


    අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම.. කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද...? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා...!!!

    (සමාවෙන්න, මට සුන්දර මිනිසුන් සිටින නූලෙහි මෙම ගීතය පල කරන්න අවැසි නිසයි මේ කතාව දැම්මේ... මෙම කතාවෙන් ඔබේ රසවින්දනයට බාධාවක් සිදුවුණි නම් කියන්න... මම මෙය ඉවත් කරගන්නම්...)
     
    • Love
    Reactions: Yastysan

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    අවසන් කාරණය වන්නේ මා දැමූ පෝසට් සම්බන්ධව මම වග කියමි... ඒ නිසා මේ නූල නැවත්වීමට අවශ්‍යතාවයක් නොපෙනේ.. කල යුත්තේ මෙයින් ඔබ කොපි කරගෙන වෙන තැන්වල දැමීම නැවත්වීමයි... මොකද හැමෝම සුන්දර මිනිසුන් නොවේ... මේ නූල සුන්දර සිත් ඇත්තන්ට පමණයි... අපි ආමන්ත්‍රණය කරනුයේ හදවත් වලට පමණයි...
    නියමයි මචන් උබ ගොඩක් බුද්ධිමත් විදිහට මේක තෙරුම් අරගෙන තියනවා මෙක වෙනුවෙන් හැමදාම ඉන්න අය වෙනුවෙන් මේක දිගටම කරගෙන යමු. උබ කියනව වගේ "සුන්දර සිත් ඇත්තන්ට"
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    දිගටම කරගෙන යන්න මචන්... එක දිගට මම පිටු 25 ක් විතර කියෙව්වා... සෑහෙන දෙයක් අපිට එකතු කරගන්න පුලුවන්... මේවා අපිත් එක්ක බෙදාගත්තට උඹට පින්...
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මේ නූලේ ඉන්න යාලුවොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල හදන්නේ.පොඩි ගීතයක් ගැන. එන්න නදීකා යන්න එපා මා දා ගීතය හෝ එහි පද වැල් සම්පූර්ණයෙන් දන්නා කෙනෙක් වෙතොත් මෙහි පොස්ට් කරන්න...

    රංග නදීකා යන්න ගියා මා දා
    ආයෙ නදීකා එන්න එපා මා හා

    මං තාම කිරිකොඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නෙ ඉල්ලන්නත් බෑ
    එයා හැම දාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

    ආයෙ නදීකා එන්න එපා මා හා
    රංග නදීකා යන්න ගියා මා දා

    ඔබෙ සිත මා ලග මගේ සිත ඔබ ලග
    කිව්ව මතකයි නේ....
    වෙන පෙම්වතෙකුට ඔය හිත දෙන්නට
    ඔබ ඇයි බොලද උනේ....
    වෙනතක යනවා මැවි මැවි පෙනෙනවා
    මගේ හිත සසල උනේ....
    මේ අසරන හදවත් රිදවන්නට ඇයි
    ගැහැනුන් චපල උනේ......

    මම තනි වෙන්නම් ඔබනම් එපා
    හමුවෙන්න ආයෙත් එපා..

    රංග නදීකා.........

    මං ඔය රූපෙට රැවටුනෙ කරුමෙට
    ලස්සන පෙනුන නිසා...
    මව් පිය උරුමෙට මට හිමි දේපල
    දුන්නෙත් ඔබට නිසා....
    රන් මිනි මුතුකැට අද නෑ එය මට
    කදුලේ දුක ඉවසා....
    මං අද තනි උනේ හදවත ගොලු උනෙ
    ගැහැනුන් චපල නිසා....

    මම තනි වෙන්නම් ඔබනම් එපා
    හමුවෙන්න ආයෙත් එපා..

    රංග නදීකා.........
     
    • Like
    Reactions: jay o

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    mata ubalath ekka comment meka kiyawanna bari wei bn :(:(:( mokada mama tama inne 121 pituwe :(:(:(:( avlak na kawada hari mama meke pituwak nara kiyawala iwara karanawa. :yes::yes::yes: sasliit, dath kibula puluwan taram sindu dapan machn ubalata jaya :D:D:D