සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අවාසනාවන්ත අවුරුදු ගීතය....

ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.
ඔහුගේ මතකයන් තවමත් අප අතරය.

ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.
එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.

ආර්.ඒ ගුණපාල මහතා විසින් රචනාකොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උපුල් පෙරේරා විසිනි.
ඇන්ටන් ජූඩ් සමගින් චතුරිකා ගීතාලි මෙම ගීතය ගයාන කරනු ලබනවා.

මෙම ගීතය ඔහුට උපහාරයක් වේවා!



මේක මම ගෙඩිය පිටින් කොපිකරල දැම්මේ... තිබුනෙ මෙතන - gossip9
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවාසනාවන්ත අවුරුදු ගීතය....

    ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.
    ඔහුගේ මතකයන් තවමත් අප අතරය.

    ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.
    එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.

    ආර්.ඒ ගුණපාල මහතා විසින් රචනාකොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උපුල් පෙරේරා විසිනි.
    ඇන්ටන් ජූඩ් සමගින් චතුරිකා ගීතාලි මෙම ගීතය ගයාන කරනු ලබනවා.

    මෙම ගීතය ඔහුට උපහාරයක් වේවා!



    මේක මම ගෙඩිය පිටින් කොපිකරල දැම්මේ... තිබුනෙ මෙතන - gossip9

    sthuthi yaalu bedda gaththaata
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sasliit සහෝදරයාගේ විශේෂ අවදානය පිණිසයි. මෙන්න උඹලගේ බුද්ධිමය දේපල හොරකම් කරලා... උඹල පැය ගණන් අමාරුවෙන් කොටලා කොටලා දාන පොස්ට් එක මෙන්න එක විනාඩියෙන් උඩ යට මාරු කරලා එහෙමම දාල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1401032
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    සන්තෝශයක් නෑ සිතේ..//

    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    නෑවත එන්න පියබලා දුවේ...//

    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    හනික එන්න පියබලා දුවේ..
    අවිත් යන්න එන්න සුදු දුවේ...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    අපි ඉල්ලන ගීත වලට විචාර ලැබෙන්නේ නෑනේ...දැන් මම ගීත දෙකක් තුනක්ම ඉල්ලුවා ඒත් නෑ.පුලුවන්නම් කසුන් කල්හාර මහත්මයාගේ ගීතයක විචාරයක් දෙන්න...
     

    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3


    කුලරත්න ආරියවන්ස ගී රචකයන් විසින් අමරදෙවයන්ට සඳ හොරෙන් හොරෙන් ගීතය ලියා දුන් පසු, අමරදේව මාස්ටර් සිය ඇදුම් කලමනාද රැගෙනම ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ නිවසට ගියේ ඊට උචිත තනුවක් කෙසේ හෝ දමා ගැනීමේ අරමුනින්ය.. එහෙත් ගී පද මාලාවේ වචන නිසා අල්විස් මහතා අපහසුතාවයට පත් වීය.. ඒ අන් කවරක් නිසාවත් නොව, මුල් පද පෙලේ තිබුනේ "සඳ හොරෙන් හොරෙන්...." ලෙස "හොරෙන්" යන පද දෙකක් පමණී.. විසඳුමක් නොවිනි.. පද රචකයාගේ අවසරයකින් තොරව වෙනස් කමක් කිරීමටද නොහැක..
    කිරීමට දෙයක් නොමැති කල්හි අමරදේව මාස්ටර් "කමක් නෑ.. අපි කුලේට හොරෙන් දාමු" කීය.. එය අල්විස් මහතාට ඇසී ඇත්තේ "හොරෙන්" ලෙස දාමු යනුවෙනි.. ඒ අයුරින් "සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...." ලෙස ගීය පබැඳි, සාර්තක තනුවක් සමගින් ගීතය බිහිවීය..




    Sasliit තරම් මා රචනයෙහි දක්ෂ නොවෙන බැවින් වාක්‍ය් වල අඩු පාඩුවක් දුටුවොත් තරහා වෙන්න එපෝ..

    ඔබට පොඩි වැරදීමක් වෙලා. ප්‍රේමසිරි කේමදාස සහ ප්‍රේමකීර්ති ද අල්විස් පැටලිලා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්තවත් කලේ..
    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    සන්තෝශයක් නෑ සිතේ..//

    ගියදා පටන් ඉගිල කුරුලු කුඩුවෙන්
    සන්තෝශයක් නෑ සිතේ..

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...
    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    නෑවත එන්න පියබලා දුවේ...//

    ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
    නෑවත එන්න පියබලා දුවේ...

    හනික එන්න පියබලා දුවේ..
    අවිත් යන්න එන්න සුදු දුවේ...

    මහාචාර්ය කාලෝෆොන්සේකා විසින් මේ ගීතය රචනා කිරීමෙන් අනතුරුව හැමෝම වගේ කතා කරන්නට වූයේ ඔහුගේ දුව පැනල ගිහින් ඒ නිසයි මේ ගීතය ලියූවේ කියල... ඉතින් එක් අවස්ථාවකදී විචාරකයෙක් ඔහුගෙන් මේ පිළිබදව විමසනු ලැබූවා.... එවිට ඔහු පැවසූවේ

    ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්න නේ...

    කියන කොටස ගැන අවධානය යොමුකරන්න... ඇය ඉගිලිලා ගියේ අපෙන් සමුගෙන... සමුගෙන කොහොමද පැනල යන්නෙ.. ඇය අපෙන් සමුගෙන ගියා ... පැනල නෙමයි සමුගෙන ගියා...
     
    • Like
    Reactions: Yastysan
  • Apr 7, 2012
    286
    9
    48
    :frown::D:D:D
    බිද වැටෙන පවුල් සංස්ථාවක ශෝකාන්තය.........
    රුවල් ඉරී ගිය නෞකාවේ...........



    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ

    දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

    සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
    අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........


    වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

    ඇය තම සැමියා පිළිබදව කරන ගුණ වැනීමට සවන් දෙන්න. මේ ආර්ථික ආගාධයේ ගිලෙමිනුත් ඔහු ඇයට ඉරුණු රුවල් රෙදි දවටා උණුසුම දෙයි. දෝතට එක්කල වැසි දිය පොවා පවස නිවයි. ආර්ථික අහේණියාවෙන් බැට කමින් ම ඔහු සිය බිරිද වෙනුවෙන් සිය යුතුකම හැකි පමණ ඉටු කරයි. ඇය, ඔහු ගේ ඒ වෙර පිළිබද සංවේගයෙන් පසුවේ.

    දැන් ගිලෙන නැව බේරාගත නොහැක.කල හැක්කේ විවාහයේ මේ බැදීම් බිද දැමීම පමණකි. ඇය ගැන සෙනෙහස අත්හරින ලෙසට ඇය ආයාචනා කරන්නී එබැවිනි. ඔවු. ඔහු සිත දැඩි කොට මේ තීරණයට එළබිය යුතු වේ. ඇය ගේ ආයාචනය වන්නේ ඇය මේ දිය ගැඹරට බිළි දී තමාට මෙතරම් යුතුකම් ඉටුකරන ස්වාමියාට ගැළවී යන ලෙසටය.

    වර්තමාන පවුල් සංස්ථාව මුහුණ දෙන ආර්ථික දරිද්‍රතාවය මෙතරම් සංවේදී නිර්මාණයකට ගොනු කල දුර්ලභ අවස්ථාවකි මෙය. මහැදුරු සුනිල් ආරියරත්නයන් නැවත නැවත ද ප්‍රකට කරන්නේ සිය නිසග හැකියාව පිළිබද ව රමණිය වූ අත්දැකීමයි. නන්දා මාලනිය ගේ වැලපෙන ස්වරයකට ආසාන්න කටහඩ, රෝහණයන් අතින නිමැවුණු අධ්‍යාත්මය වෙත කාවදින විලම්භ ලයකින් යුතු තානයකින යුතු වූ සංගීතය සහ ඒ.එම.රොක්සාම් මහතානන් විසින් මවන සිත කීරි ගස්වන වයලීන වාදනය මේ ගීතය හෙල සුභාවිත ගීත අස්වැන්නේ මහගු අස්වැන්නක් බවට පත් කරයි.
     
  • Apr 7, 2012
    286
    9
    48
    ;);)
    සදකඩ පහනක කැටයම් කියන සින්දු තේරුම මොක්කක්ද බන්

    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
    යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
    සියුමැලි කැකුලක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදු
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු
    අහස ගුගුරා කළුවක් වපුරා එ් හා මුහුවුනු වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ
    තවකෙක් ඈ වෙත හද රැන්දූ

    හදවිල ඉපැදුනු කැකුළක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරට මුහුව ගියා
    ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කඳුලු අරා
    රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113


    මරියසෙල් ගුනතිලක මහත්මියත් විශාරද සමිතා එරන්දතී මුදුන් කොටුව මහත්මියත් මේ ගීතයෙන් මොකදෝ ලොකු කතන්දරයක් කියනව කියලයි මට හිතෙන්න.. දත් කිබුල සහෝදරය හෝ සසිලිට් සහෝදරය හෝ වෙන කව්වුරු හරි සහෝදරයෙක් හෝ මේ කතන්දරය අපි හෑමෝටම කියල දෙන්න බලන්න
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    මම මේ බ්ලොග් එකේ දැන් පිටු 3ක් විතර කියවලා ඉවරයි.මට හරි පුදුමයි ඒ මන්ද මේකෙ තියෙන්නේ හුගක් පුවත් පත් වලින් ගත්තා ජායාරූප ( ස්කෑන් කොපි ) ඒකෙ තියෙන දෙවල් ඒ විදිහටම ඇතැම් අවස්ථා වල සස්ලිට් සහෝදරයා දාල තියෙනව නේද? ( මගේ මතකය නිවරැදි නම් ) ඔයාලත් බලන්න මේ බ්ලොග් එක
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංවේදි පවුලේ සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!!

    සමාවෙන්නට ඕනෑය, එන්නට බැරි වුනාට ගොඩ කලකින්. අවුරුද්ද කියන්නේ වසරේ දරුනු ම කාලය. ගෘහ සේවක කාරකාදීන් ගෙවල් වලට යන නිසා දරුවන් බලා ගැනීම, ගෙවල් දොරවල් පවත්වා ගෙන යන්න ට පියඹට උදව් කිරීමා දි දහසක් කටයුතු යෙදෙන නිසා මේ පැත්තේ පස් පාගන්නට බැරි විය.

    ලද විගසම නැවත මා ගී රස විදින විට මගේ හදවතට දැනෙන දේ වමාරා කියන්නට එමි........!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ බ්ලොග් එකේ දැන් පිටු 3ක් විතර කියවලා ඉවරයි.මට හරි පුදුමයි ඒ මන්ද මේකෙ තියෙන්නේ හුගක් පුවත් පත් වලින් ගත්තා ජායාරූප ( ස්කෑන් කොපි ) ඒකෙ තියෙන දෙවල් ඒ විදිහටම ඇතැම් අවස්ථා වල සස්ලිට් සහෝදරයා දාල තියෙනව නේද? ( මගේ මතකය නිවරැදි නම් ) ඔයාලත් බලන්න මේ බ්ලොග් එක
    ඒ විතරක නෙවෙයි සහෝදරයා, ඔය බ්ලොග් එකේ පහුගිය දවසක සස්ලිට් ගේ විචාරයක් ගෙඩි පිටින් දාල තිබ්බා. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා, පළමු විචාරය අහවල් තැන අහවල් කෙනා දාපු එකක් ඇයි ලියපු කෙනාට ඒ ගෞරවය දෙන්නේ නැත්තේ කියලා. පැය 3යි අර දාල තිබ්බ කමෙන්ට් එක සහ පෝස්ට් එක අතුරුදන්. ඉන් පස්සේ තමා සස්ලිට් ට මේ ත්‍රෙඩ් එකේ සාප කරමින් පෝස්ට් වැටෙන්න ගත්තේ.
    "ලොකොමෝටිව් පාත් වේ" එක පැහැදිලි යයි සිතමි.
    :lol::dull::angry:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අලුත්ම අලුත් ගීයක්

    දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’

    කොළඹ විශ්වවිද්යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්ය ශිෂ්යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

    ඒ තරමටම මෙය ජනප්රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්යාලයෙම ශිෂ්යාවක්. ඔවුන් දෙපොළගේ ප්රේමය කාලයත් සමඟම තීව්ර වුණා. විශ්වවිද්යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

    එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

    ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

    මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

    නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්

    ආවාට නොකියාම ජීවිතෙන්

    නවතින්න හිතුවාද ආයෙමත්

    ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා

    නුහුරු නුපුරුදු හීන අරන්

    ළඟට ඇවිදින් තුරුළු වෙමින්

    ආවාට නොකියාම ජීවිතෙන්

    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා

    රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

    ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා

    අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

    ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

    අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

    රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්රතිචාරයක් ලැබුණා.

    එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

    තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

    ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

    ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

    මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

    මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

    ආත්මා මයික්රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

    එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

    අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

    තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

    තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්රී අටත් පහුවෙලා.

    උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

    ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

    ගීය ගුවන් විදුලියෙන් නිතර ප්රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

    අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

    ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

    විශ්වවිද්යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.




    FB EKEN ISSUWE , THILINA RUHUNAGE PROFILE EKEN ,
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    "පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
    පැතුමද සුනුවිසුනුව වැටුනේ....
    කාටද රිදුනේ....
    කව්රුද හැඬුවේ.....
    දුම්රිය මොහොතක් නතර උනේ...."


    මේක ලියල තියෙන්නේ හාමදුරු නමක්ලු....උන් වහන්සේ දුම්රියක ගමන් කරමින් සිටියදී තරුණියක් එම දුම්රියට පැනල සියදිවි නසාගෙන තියෙනවා....ඒ සිද්දිය ගැනලු මේ සින්දුවෙන් කියවෙන්නේ....(මට මේක ඇහුනේ දවසක් මම බස් එකේ එද්දී කොල්ලෝ දෙන්නෙක් මේ ගැන කතා වෙනකොට)

    මචං මේක ගැන මං ලියපු විචිරෙhttp://chamathrox.blogspot.com/search/label/%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%20%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB