තව චෙෆ් කෙනෙක් බිහිවීම මගේ ප්රමොදයට කරුණකි. මගේත්, ශ්රී ගේත් උත්සාහය සාර්ථක බව පෙනේ. වැඩේ නම් ඉතා හොදය. සූකර මාංශ අනුභව නොකරන මුත්, කොල්ලන් ඉවීමට පෙළඹවීම ගැනත්, එයින් කෙල්ලන් ගේ ගෑස් බැලීමට හේතුවාසනා නොවීම දක්වා ගෙනයාමට උත්සාහ කිරීමත් අගය කරමි.
පහත කරුණු මදක් එක් කරමි.
පොල්කටු අගුරු සහ ගල් අගුරු මිශ්රණයක් භාවිතා කිරීම සහ වසා උණුසුමට බදුන් කිරිම පැය 2ක් 2 1/2 ක් පමණ සිදු කිරීම වඩා හොදින් පදම් වූ බේකන් ලබා ගැනීමට පුළුවන් ක්රමවේදයන්ය. එසේම කුරුදු දර මේ ගින්දර වලට එක් කිරීමද රසය වැඩි කිරිමට හේතුවකි.
ටිකක් සැර ගතියට නම් බේ ලිෆ් ටිකක් වැඩි කරන්න. එසේම වියලි බැසිල් කොල, තෛම් කොල සහ විනාකිරි ස්වල්පයක් එක් කරන්න.
මදක් වේලෙන මට්ටමට දුම් ගසා ගන්න.
රෙප් 4කින් දමා ගසමි. තව කෑම හදන ක්රම දමත්වා.!!!!