මැවිසුරු;12583356 said:මට ගීත විචාර කිරීමට හැකියවක් නැත, මම මේ ගීතය දිහා පොඩ්ඩක් වෙනස් විදියට බලන්න හැදුවේ,
පුරුෂාධිපත්යෙන් පිරුනු පෝසත් පවුලක, හොඳ ගතිගුණ තියන පිරිමි ළමයෙක්,
අසරන ගැහැනු ළමයෙක්ට කරන ආදරය, පිරිමි ළමයගේ ගෙදරට ආරංචි වූ මොහොතේ පටන්,
ඒ ගෙදර ඇතිවන තත්වය, පිය පාර්ශවයෙන් මවට හා එම දැන උගත් පුතුට ඇතිවෙන පීඩනය,
පවුලෙන් කෙරෙන වෙනස්කම් ඉවසගතත්, මවගේ වෙනස්කම් නම් ඉවසිය නොහැක...
වරදක් කලත්..හිතකින් නොවේ.. - රිදවන්නේ පලි ගන්නෙ ඇයි...
ඔබ මෙන් ඇයත්...ඇය මෙන් ඔබත්.. - මට මාගෙ.. ඇස් දෙක වගේ...
කාලෙකට පස්සේ මේ පැත්තෙ ඇවිල්ලා අන්තිම පිටුවෙ ඉදල බලාගෙන යද්දි ලස්සන ගීතයක් හා අලුත් සාමාජිකයෙක් දැක්කා. මුලින්ම ඔහුට සුභ පතලම වැඩේ පටන් ගමුකෝ.......
සිංහල භාශාවේ තියන ටිකක් අමුතු වචනයක් තමයි මේ. "ඔබ" කියන වචනය.. සම්පූර්න අදහසක් අනික් පැත්ත හරවන්න පුලුවන් වචනයක්. ඔය කියපු දේ මේ ගීතයේ වගේම "සමකෝනී ත්‍රිකොනයකි" ගීතයේත් දකින්න පුලුවන් දේයක්.....
කොහොම උනත් මේ ගීතයේ පොඩි අමුත්තක් තියනව වගේ හිතුන නිසා. මමත් අදහසක් ලියන්න හිතුවා. මේ ගීතය පැති කිහිපයකින් දකින්න පුලුවන්. මේ යාලුව කියන විදිහට වගේම තරුනියන් දෙදෙනෙකුට ආදරය කරන තරුනයෙකුගේ ඇසින් වගේම අසම්මත බැදීමක් නිසා තමන්ගේ ප්‍රේමය නැතිවේවි යැයි සිතන අයෙකුගේ ඇසිනුත් බලන්න පුලුවන්........
කොහොම උනත් මේ රචකයා විසින් ආමන්ත්‍රනය කරන පුද්ගලයා එනම් මොහුව රිදවන්නා මව නොවන වග මට සිතේ. මක්නිසාදයත් "අප එක්වෙලා කුමට දෝ" යන යෙදුමෙන් අප යනු රචකයා හා රචකයා ආමන්ත්‍රනය කරන්නා යන්නයි මගේ හැගීම. අනික මේ නව බැදීම ඇතිකර ගන්නේ ආමන්ත්‍රනය කරන්නා සමගය. අනික් කාරනය රචකයා වරදක් කර ඇති බව ඔහුම පිලිගෙන තිබේ. මේ නව බැදීම සැබෑ ආදරය නම් එහි වරදක් ඔහු නොදකිනු ඇත....
ලංකාව තුල සමලිංගිකත්වය යනු බොහෝ විට අකමැත්තෙන් ආරම්බ වන දෙයක් යැයි මා කියවා තිබේ. ඇතැම් නේවාසිකාගාර හා ඇතැම් හමුදා කදවුරු වල බලෙන් ආරම්බ වන මෙය දිගින් දිගටම සිදුවද්දී ඇතැමුන්ගේ ජීවිතයේ අංගයක් බවට හැරේ. ඔවුන් මේ "වරදට" මුල පුරන්නේ "සිතකින් නොවන" බව පැහැදිලිය.
අනික් කරුන නම් මෙහි පවසන පරිදි "අපගේ එක්වීම" ඇයගේ සිත දැවීමක් එනම් ආත්මීය බැදීමක් කඩා දැමීමක් ය. නමුත් ඔහුගේ ගින්නක් නිවීමක් ය. එනම් ඉතා දැඩි ආශාවක් පසිදලීමක් මය. අනික තනිවීම හා අසරන වීම වෙනස්ම කාරනා දෙකකි. ඇය තනිවේ ඇයගේ ආත්මයම පිදු මුලු ලෝකයම යැයි සිතු කෙනා අහිමිවීම නිසාවෙනි. ඔහු අසරන වේ කෙතරම් පිරිසක් සිටියද ඔහුගේ සිතුම් පැතුම් හදුනාගත හැකි කෙනෙක් නැතිවීම නිසාවෙනි.
අවසානයේ මේ සැමටම විසදුම මේ මුලු ලොකයෙන්ම සමුගැනීම දැයි රචකයාට සිතේ......
සංවාදයකට සුදුසු ගීයක් යැයි සිතන අතර සංවාදයක් ඇතිවේවි යැයි බලාපොරොත්තු වෙමි.........
වැදගත්ම දෙය ඉහත අදහස මගේ පෞද්ගලික අදසක් පමනි. මෙමගින් රචකයාට හෝ රචකයා හදුනන අයට අපහාසයක් උනානම් සමාවෙන්න. අනෙ අම්මේ නැත්තම් මතකනේ උනදේවල්..............


Last edited:








