♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

  • Jul 4, 2009
    7,259
    462
    83
    බැනුම් අහල බේරුනා මදා.....
    මම දවසක් බවුත් එකෙන් වැඩ කර කර ඉන්නකොට ස්ටුල් එක පිච්චෙන හින්ද වැඩ කරන්නේ නැති ට්‍රාන්සිස්ටේර් එකක් උඩින් බවුත් එකේ තුඩ තිබ්බ මේක පිපුරුවනේ බන් එක පාරට මම උඩ ගියා......

    මම දවසක් පොඩි කන්ඩෙන්සර් එකක් ප්ලග් එකට ගහල බැලුව මොකද වෙන්නෙ කියලා. :lol::lol:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    යකෝ මේකේ ලව් ගැනයි සර්කිට් ගැනයි දෙකම යනවනේ තව ටික වෙලාවක් යනකොට මෙතන ෆස්ට් ලව් ලෙටර් එක ෂෝට් වෙලා පුපරයි....
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එක තමයි බන් මටත් තියන ප්‍රශ්නේ . එකී මම කොහේ ගියත් මගේ දිහාම බලගන ඉන්නවා . අනෙක මොන මගුලකටද කොල්ලෙක් ඉන්න කොට මගේ ලියුම ගත්තේ. එකී එතකොට 8 වසරේ ඉගන ගන්න කෙල්ලෙක්. පොඩි හින්ද මොනවත් තේරෙන්නේ නැද්ද මන්ද බන්.

    පස්සේ වෙන කලක් සෙට් උන AL වලදී .






    ඔව් ඉතින් අපේ බඩජාරියන්ට පාටියක් දෙනවා කියන්නේ කැන්ටිමේ තියන දේවල්නේ කිබුලාබනිස්..මාලුපාන්... වඩේ... ඉබුල් කිරිබත්(කටට කෙලත් උනනවා ඕයි!:sorry:) ඕවා තමා ඉතින් රජ කෑම....... කැන්ටිමෙන් හොරෙන් කන ඒවා කොහොමද්.. ඒවා කතාකරන්න ගියොත් ත්‍රෙඩ් එක ලොවෙත් නැතිවෙනවා........ඉතින් බං උබ ඊට පස්සේ වෙන එකකටවත් බහින්න එපායැ.. අනික ඒකි ඇයි උබට එහෙනම් ඇහැදුන්නේ...:growl:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔන්න උබලට මගේ කතාව. එතකොට 1998 අවුරුද්දේ . ඒකියන්න මම 11 වසරේ. මම ගියේ මිශ්‍ර පාසලකට. 11 වසර කියන්න ලවු කරන්න පටන් ගන්න කාලෙනේ . ඉතින් මටත් හිතුන හොද කෙල්ලෙක් සෙට් කරගත්තනම් හොදයි කියල. එදවස් වල කෙලෙක් සෙට් කරගතහොත් ඉතින් අවන්කවම ලවු කරනවා. දැන් වගේ නොවෙයි. :D:D
    එයාගේ නම දර්ශි . ඉතින් අපි කොල්ලෝ හැමදාම ඉන්ටෙර්වෙල් එකේ වතුර බොන්න ටැප් එක ලගට යනකොට එකී හැමදාම මගේ දිහා බලගන ඉන්නවා .:love::love: ඉතින් මටත් අනන්ගයගේ මල්හීසර වදින්න වගේ යන්නේ කියල හන්ගීමක් අව. ඉතින් අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකම මට ෆුල් සපෝර්ට් .

    ඉතින් මමත් හිතුව ලියුමක් ලියන්න ඕන කියල. ඉතින් ගිය බුක් ෂොප් එකකට . ගිහින් ගත්ත ලවු ලෙටර් ලියන කොලයක්. මම හිතන්නේ ඒ කොලේම උන රුපියල් 15 විතර. කඩේ ඉඳපු අක්ක මට හිනාවෙනවා. එත් ගානක් නැහැ. ඉතින් එකත් අරගන ගෙදර ගිහින් මගේ හොදම යාළුවා වන දිනේෂ් වත් හවුල් කරගන ලියන්න පටන්ගත්ත ලියුම. අරුත් මට හෙනම සප් එක දෙනවා . දිනේෂ් ළඟ තිබ්බ මල් පත්තර ( මට හොදට මතකයි ඒ පත්තරේ නම "හිම රෝස " ) ඉතින් ඔකේ තියන කෑලිත් දල කවිත් දල අනන් මනං දල ලිවුවා හොද රොමැන්ටික් ලියුමක්.

    ඉතින් පස්සෙන්ද හවස දර්ශි ට ස්පෝර්ට්ස් ප්‍රක්ටිස් . ඉති එවෙලාව අල්ලලා හවස 4 ට විතර ගිය ලියුම දෙන්න. අම්බෝ පපුව ගිඩි ගිඩි ගලා ගැහෙනවා. පස්සේ මම හිතුව මට ලියුම දෙන්න ශක්තියක් නැහැ. වැඩේ අතඅරිනවා කියල. එත් කොල්ලෝ කියනවා දීපන් දීපන් කියල. පස්සේ දෙන්න ශක්තියක් ඇත්තේම නැහැ. ඉතින් මොකද කරන්නේ අපේ කොල්ලෙක් එක මගේ උදුරාගෙන ඒකිට ගිහින් දුන්න . එකී ලියුම ගන්න නැතුව ඉන්නවා. ඉතින් අපේ එක අහනවා ඔයාට එපාද කියල. එට පසේ එකී කියනවා කෝ දෙන්න කියල. එකී අන්තිමට ගත්ත.

    එත් අවාසනාවට ද වසනවටද කොහෙද එකී මට කැමති උනේ නැහැ. :baffled::baffled: ඒකිට ඒවෙනකොට A/L පන්තියක කොල්ලෙක් ඉන්නවා. ඉතින් ඒකිට මාස ගානක් හිතින් ලවු කර කර ඉඳල වැඩේ අත ඇරලා දැම්ම. ඔන්න ඕකයි මගේ කතන්දරේ. වැඩේ කියන්න මම අපේ කොලොන්ට Party එකකුත් දුන්න ලියුම ගත්තම . Party එක තමයි මාළුපාන්, කිඹුලා බනිස් සහ ප්ලේන්ටි .:P:P. මම හිතුවේ වැඩේ හරි කියල එකී ලියුම ගත්හම. :) :angry: :D:D:D:D:D

    apoi :lol::lol::lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,380
    113
    සුදු මහත්තයා;12951544 said:
    මම දවසක් පොඩි කන්ඩෙන්සර් එකක් ප්ලග් එකට ගහල බැලුව මොකද වෙන්නෙ කියලා. :lol::lol:

    මොකක්ද උබේ නිගමනය උනේ ? පලක් නැද්ද නැත්නම් අයෙත් මේ වගේ දේවල් කරන්න හොද නෑ කියල හිතුනද ?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඕවා ඔහොම තමයි බං.. උබ මොකද්ද කරන ඩිග්‍රිය.. දැන් කාලේ වගේ නෙවෙයි අපේ කාලේ.. කෙල්ලෙක් එක්ක කතා කරනන බෑ.. දැක්කොත් ඉවරයි...:love:

    අම්මෝ ඉස්සර පන්ති නායකය වෙනව කියන්නෙ නායිකාව සෙට් කරනව පන්තියෙ අනික් උන්. :growl::growl: අම්මෝ මම එක පාරක් උප නායකය වෙලා කාපු කට්ටක්.

    ICT කරන්නෙ බං.
    :D:D
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මොකක්ද උබේ නිගමනය උනේ ? පලක් නැද්ද නැත්නම් අයෙත් මේ වගේ දේවල් කරන්න හොද නෑ කියල හිතුනද ?

    ආආඅහ්. නිගමනය

    ආයේ මේවගෙ ගොන් වැඩනම් කරන්නෙ නෑ.
    :baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද උබේ නිගමනය උනේ ? පලක් නැද්ද නැත්නම් අයෙත් මේ වගේ දේවල් කරන්න හොද නෑ කියල හිතුනද ?
    තව එකක් ගහල බලලා, දිගටම ඒ වැඩේ වෙනවද බලන්න :D
    the_difference.png
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුදු මහත්තයා;12951383 said:
    මචන් මම මගේ පලවෙනි කෙල්ලට අවුරුද්දක් ට්‍රයි කරා. ඒ දවස් වල ඒ කෙල්ල මගෙ බුදු ෆිට් එක. දවසක් ඒ කෙල්ලගෙ ගෙදර දානයක් තියෙනවා කියල මට එන්න කිව්වා. දැන් ඉතින් ගිහිල්ලත් බෑ තනිය්ම යන්නත් බෑ. ඉතින් ඊට කලින් දවසෙ කෙල්ලගෙ යාලුවා හම්බුනා. ඒකිට මම කිව්වා සීන් එක. ඒකි කිව්ව ඒකි යනවනම් කියන්නම් කියලා. මම ඉතින් ඒකිට අපේ ගෙදර නම්බර් එක දුන්නා යනවනම් මට මැසේජ් එකක් දාන්න කියලා. ( සී.ඩී.ම්.ඒ ෆෝන් එකක් තිබුනෙ ) මගෙ කෙල්ල එක්ක ෆිට් වෙලා මාස ගානක් ගිහින් තිබුනත් ඒ වෙනකන් නම්බර් මාරු කරන් තිබුනෙ නෑ. :D:D

    කොහොමහරි කෙල්ලගෙ යාලුව කෙල්ලට සීන් එක කියලා. දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට කෙල්ල ගෙදර ෆෝන් එකට එයාලගෙ ගෙදර ෆෝන් එකෙන් මැසේජ් එකක් එවලා මම එයාට දීපු පොතක් ගැන කියලා. :rofl::rofl: ගෙදර ෆෝන් එකටනෙ මැසේජ් එක ආවෙ. ගෙදර හැමෝම බලලා. එදා මුලු දවසම ගෙදර අය මාව නෝන්ඩි කරා. ඉස්සර ගෙදර ෆෝන් එකට එන හැම මැසේජ් එකක්ම ගෙදර අය බලනවා. :baffled::baffled:
    ඔව් බං පුදුම වැඩේ කියන්නේ ඉස්සර මොනාහරි කරන්න ගියොත් ගෙදරට මාට්ටු වීමේ සම්බාවිතාවය ඉතාම වැඩී.. එහෙමත් එකක් තමා ගෙදර අය දැනගන්නේ නැත්තේ....අය්යෝ ඉස්සර නෝන්ඩි කරනකොට ඇඩෙනවා ඇත්තටම:( අනික ඉතින් කෙල්ලෙක් ගැන දැනගත්තම ගෙදර එඋනුයි මල්ලිලයි බනින නමත් ඒ කෙල්ලගේ නම නේඃ!:sorry::growl:
    ඉස්සර මල්ලිලා එක්ක රන්ඩු උනාම උන් මට බනින නම් අර කෙල්ලගේ නම.. ඉතින් මරං කෑහැකි
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුදු මහත්තයා;12951397 said:
    අපරාදෙ බං අපේ ගෙදර තිබුනු පරම්පරා ගානක් වැඩ කරපු රේඩියෝ එක. :(:( මම කරන්ට් එක වැදිල මරුනෙ නැතුව ඇති ඕක නිසා. :lol::lol:

    අපේ අම්මනම් මම මොනා කලත් මොකුත් කියන්නේ නෑ එයා තමා මට සපෝට්..:nerd:

    එක දවසක් මම අස්සක් රිංගලා වයර් එකක් අමුනන්න ගියා ඒ ලයින් එක D board එකට පිටින් දීලා තිබුන එකක් ඒ නිසා කරන්ට් වැදුනට ඕෆ් වෙන්නේ නෑ.. ඉතින් මට කරන්ට් වැදුනා කියන්නේ මචං කොහොමහරි අර අස්සේ හින්ද විසිවෙන්නෙත් නෑ හිර වෙලා..:shocked: කොහොමහරි ඒ වැදුන අත අර කරන්ට් එකට පිච්චිලා හිල් උනා:sorry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පලවෙනි ලව් ලෙටර් එක දුන්නේ දහම් පාසලේ කෙල්ලකුට පන්තියෙදී එකිගේ පොතක් ඇතුලට දැම්මා 6 වසරෙදි තමයි ලව් එක පටන් ගන්න හැදුවේ මේකි ඉන්ටවල් එකේ දී මල් වට්ටිය ගන්න මල් ආසනය ගාවට ගියා මාත් ඉතින් එතනට ගියා උත්තරේ අහන්න මොන උත්තරද මේකි මගේ පැත්තට එතන තිබ්බ පහන් තැටියක්න් දමලා ඇරියේ නැතෑ ඊට පස්සේ එකිගේ අයියට කියලා අයියා ඇවිත් මගෙන් සීන් එක ඇහුවා අයියත් මට පොඩි සද්දයක් දැම්මා අපි ඉතින් 6 නිසා අයියා ලොකු මිනිහා වුනා ඒකටත් අපිට වඩා අවු2යි වැඩිමල් අන්තිමට ටික දවසක් යද්දි කෙල්ලත් සෙට් අයියත් සෙට් ඒත් අදටනම් එයත් එකක් නෙමෙයි යාලු අපි අදටත් ගොඩක් හොද යාලුවෝ

    :rofl::rofl::rofl:හොද වෙලාවට ඒ දවස් වල පහන් තැටි තිබුනේ බැරි වෙලා හරි ලොකු පිත්තල පහනක් තිබුනනම් කොහොමද ආතල් එක
    images
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    යකෝ මේකේ ලව් ගැනයි සර්කිට් ගැනයි දෙකම යනවනේ තව ටික වෙලාවක් යනකොට මෙතන ෆස්ට් ලව් ලෙටර් එක ෂෝට් වෙලා පුපරයි....

    ඔව් බං මම ට්‍රයි එකක් දුන්නා ලව් ලෙටර් ඇන්ඩ් electronics කියලා ත්‍රෙඩ් එකේ නම වෙනස් කරන්න ඒ ත් දැන් බෑ...:angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සුදු මහත්තයා;12951658 said:

    අම්මෝ ඉස්සර පන්ති නායකය වෙනව කියන්නෙ නායිකාව සෙට් කරනව පන්තියෙ අනික් උන්. :growl::growl: අම්මෝ මම එක පාරක් උප නායකය වෙලා කාපු කට්ටක්.

    ICT කරන්නෙ බං.
    :D:D
    අපෝ මතක් කරන්න එපා :baffled: . Mix school වලට ගිහාම ඕක අනිවා තියෙනවා. කෙල්ලෙක් එක්ක කතා කලත් දරුණු ගේමක් යනවා. අපේ පන්තියේ ගොඩක් එවුන්ට අනිත් එවුන්ම කෙල්ලෝ සෙට් කරලා හිටියා. :P:P
    මමත් හත වසරෙදී නායකයා වුනා :rolleyes: . පන්ති නායිකාව තමාලි කියලා කෙල්ලෙක් :yes: . මට තමයි එයාව සෙට් කලේ අනිත් එවුන්. මම නම් ඒකිට කීයටවත් කැමතිවුනේ නෑ. හැබැයි ඇහැට කනට පේන කෙල්ල :love::love: . කොහොම හරි අන්තිමට අනිත් එවුන් හිතුවේ මම ඇත්තටම ඒ කෙල්ලට ලව් කියලා :P:P
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Aththatama koleka liyala letter ekak dunne 1st love ekatanam nemei.. a/l waluth iwara wela.. :P mama issellama kiwwa eyata mathak wenna thiyagnna letter ekak denna kiyala sms kiyawanawata wada.. :P eeta passe reply ekak liwwa.. dan nam letters dekama eya gawa.. :rofl: issellama mata hambawechcha love letter eka nam thamath amma gawa thiyenawa.. :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Aththatama koleka liyala letter ekak dunne 1st love ekatanam nemei.. a/l waluth iwara wela.. :P mama issellama kiwwa eyata mathak wenna thiyagnna letter ekak denna kiyala sms kiyawanawata wada.. :P eeta passe reply ekak liwwa.. dan nam letters dekama eya gawa.. :rofl: issellama mata hambawechcha love letter eka nam thamath amma gawa thiyenawa.. :lol: :lol:
    අම්මටද ලව් ලෙටර් එක දිලා තියෙන්නෙ ? :lol: