අපි මොනව කීවත්.. අපි නැති වීම හෝ අපි ඉදීම තවත් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට බලපාන්න පුළුවන්.. ඒත් ඒක තාවකාලිකයි... තව ටික දවසකින් කිඹුල කියල කෙනෙක් හිටියද නැත්ද කියලත් බහුතරයකට මතක නැතිවෙයි.. අළුත් සාමාජිකයින් දන්නෙවත් නැතිවෙයි...
මගේ මතයනම් මෙන්න මේ ලෙසයි... දත් කිඹුලට එක්කෙනෙක් නැතිනම් කිහිප දෙනෙකු ප්‍රශ්ණ ඇති කලානම් කරන්න තිබුනෙ ඔවුන් හා එය විසදා ගැනීමයි.. මන්දයත් දත් කිඹුලා කියන්නෙ ඔය කටින් විතරක් නොවෙයි හැබැහිනුත් හැප්පෙන්ඩ පුළුවන් එකෙක් නිසා...
කොහොම උනත් මෙහි සිටින බහුතරයක් ඔබට එන්න කියද්දි.. එක්කෙනෙක් නැතිනම් දෙන්නෙක්ගෙ අදහස් නිසා ඔබ එළකිරිය දමා යෑමනම් ඔබ වැන්නෙකුගෙන් කීයටවත් බලාපොරොත්තු වෙන්න බෑ.. ඔවැනි තීරණයක් ගතයුත්තේ අපි වැන්නවුන්.. නමුත් ඔබවැනි මුහුකුරා ගිය බුද්ධිමතෙක් මෙතරම් ආවේගශීලී වීම අනුවණ ක්‍රියාවක්... ඔබට ප්‍රශ්ණඇති කලේ දෙතුන් දෙනෙක්, ඒ නිසා ඔබ සියගණනකගෙන් සමු අරගෙන..
දත් කිඹුලා එළකිරි අවේ අපි නිසා නොවේ.. ඔහු එනවිටදි අපි දන්නෙ නෑ.. ඒ වගේම තමා එළකිරියෙන් යෑමත් හෝ නැවත පැමිණීමත් අප කියන නිසා හෝ තවත් අය බනින නිසා හෝ විය යුතු නැත.. එය හුදෙක් ඔබගේ ස්වාධීන අයිතියක් බව අවසන් වශයෙන් ප්‍රකාශකරමින් ඔබට නැවත පැමිණීමට තරම් හිත වෙනස් වේවායි ප්‍රාර්ථනා කරමි...!!!