Software development

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා මචිලා,

    මට සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ඩිප්ලොමා එකක් කරන්න ඕන කොහෙද මචං කරන්න හොද දැන් කෝස් කරලා වැඩක් නැහැනේ බං ඒකයි එකපාරම ඩිප්ලෝමා එකකට බහින්න බැලුවේ

    දන්න හොද තැනක් තියෙනවනම් කියපන් ලොකු උදව්වක්
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ඩිමාන්ඩ් එකේ පිලිවෙලට කියනවා නම් ප්‍රයිවට් ඉන්ස්ටිටයුට් ,
    APIIT
    IIT
    SLIIT
    NIBM
     

    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    විවෘත විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඪමාලාව හදාරන්න.
    http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse
     
    • Like
    Reactions: Srimaster
    Jul 18, 2012
    19
    1
    0
    37
    Kalutara
    ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සාපේක්ෂව ඇත්තේ සුළු ප්‍රමාණයකි. එකී ආයතනයන්ගෙන් එකක වෘත්තීය මෘදුකාංග සංවර්ධකයෙකු ලෙස තම රැකියාව තෝරා ගන්නවාට අමතරව වෙනත් ආයතනවලට කාර්යභාර මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ඔබට වෘත්තියට පිවිසිය හැක. එහෙත් මේ කාර්යයන් දෙකටම අවම තරමින් ඔබ පරිගණක ක්ෂේත්‍රයේ උපාධිධාරියෙකු‍ හෝ විය යුතුය. http://www.topjobs.lk/ වැනි රැකියා පිළිබඳ වෙබ් අඩවියක මෘදුකාංග ආශ්‍රිත රැකියා පිළිබඳව සොයා බැලීමෙන් ඔබට ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවකට පිවිසීම සඳහා වන අවශ්‍යතාවන් පිළිබව දළ අදහසක් ලබා ගත හැකිය.ඔබ තෝරාගත යුතු පාඨමාලාව ඔබගේ ආර්ථික හැකියාව අනුව වෙනස් වේ.ඔබ දැනටමත් අ.පො.ස. උසස් පෙළ හදාරා ඇත්නම් ‍පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක උසස් අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළ හැක. ඔබට රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබී ඇතැයි සිතමි. එසේ නම් ඔබට විවෘත විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවට ඇතුළු වීමට අවස්ථාව ඇත.මෙය අවුරුදු 03 ක පාඨමාලාවක් වන අතර අවුරුද්දක් සඳහා රුපියල් 60000 ක පමණ මුදලක් ඔබ වැය කළ යුතුය.සම්පූර්ණ පාඨමාලාව සඳහා වියදම දෙලක්ෂයක් පමණ වේ.යම් හෙයකින් මෙම පාඨමාලාවට ඇතුළු වීම සඳහා වන මූලික සුදුසුකම් ඔබ සපුරා නොමැති නම් එම ආයතනයේම පදනම් පාඨමාලාවකට ඇතුළත් විය හැකි අතර එවිට ඔබේ අධ්‍යයන කාලය හා වැයවන මුදල සුළු වශයෙන් වෙනස් වනු ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවිය භාවිතා කරන්න.
    http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse
    ඒ හැර ඔබට මෙම පාඨමාලාවම පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් වුවද හැදෑරිය හැක. එහිදී ඔබට වැයවන මුදල ඔබ තෝරාගන්නා ආයතනය අනුව වෙනස් වන අතර දළ වශයෙන් රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර වනු ඇත. එසේත් නැත්නම් ඔබට මෘදුකාංග සංවර්ධණය ආශ්‍රිත වෘත්තීයමය පාඨමාලාවකට සම්බන්ධ විය හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පරිගණක භාෂාව භාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ නම් OCJP (oracle certified java programmer) වැනි පාඨමාලාවකට සම්බන්ධ වී අදාළ විභාගය සඳහා පෙනී සිටිය හැක.මේ පාඨමාලා හරහා ලබන සහතිකය සඳහා විදෙස් රටවල හොඳ ඉල්ලුමක් ඇතත් ශ්‍රී ලංකාව තුළ එහි ඉල්ලුම පිළිබඳව ස්ථීරව යමක් කිව නොහැක. කෙසේ වුවද ඔබ එවන් වෘත්තීයමය පාඨමාලාවක් හදාරන්නේ නම් ඒවා පවත්වන ආයතනය පිළිබඳව මෙන්ම පාඨමාලාව පිළිබඳව වන සංකේත නාමයෙන් පිළිඹිඹු වන්නේ එම පාඨමාලාවේ සෑබෑ නමමද යන්න පිළිබඳව හොඳ සොයා බැලීමකින් අනතුරුව ඒවාට ප්‍රවිශ්ඨ විය යුතුය. පාඨමාලා පිළිබඳව වන සංකේත නාමයන් හුදෙක් ඒවා පවත්වන ආයතනයන්ගේ නාමයන් නොවන අතර අදාළ පාඨමාලාවන් සඳහා වන විභාග පවත්වන ආයතනයන් විසින් ලබා දී ඇති නිල සංකේත බව අවබෝධ කර ගත යුතුය. මෘදුකාංග සංවර්ධණය පිළිබඳ වෘත්තීය පාඨමාලා පවත්වන ආයතනයකට උදාහරණයක් ලෙස පහත වෙබ් අඩවිය දක්වා ඇත. http://www.netassist.com.lk/. ජාවා පරිගණක භාෂාව පිළිබඳ වෘත්තියමය පාඨමාලා පිළිබඳව තොරතුරු මෙම වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.http://en.wikipedia.org/wiki/Sun_Certified_Professional
    ඔබගේ ඉදිරි ගමනට සුභපතමි. [පාඨක ඔබේ දැනුම අනුව මෙය සංස්කරණය කරන්න.]
     
    Last edited:
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Macham thniyen ekmanin hariyata goda yanna oona nam IJTS ekee Karapan athdakeem thulin kiyanne..pita ekakta PU** den nathuwa thamngema kiyala deyak kara ganna puluwan slit nibm oya godak ayage final software project apee team eka karala tiyanawa shakshith ekka denam oona nam..minihek ge unanduwai ban wadagath..
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පුතේ මොකේට ගියත් IJTS එකට නම් පස් පාගන්න නම් එපා,
    හදිසියේ වත් ඒකට ගියොත් උඹේ අනාගතේ වගේම ගෙදර මිනිස්සුන්ගේ සල්ලිත් සුනේ සුන්......
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පුතේ මොකේට ගියත් IJTS එකට නම් පස් පාගන්න නම් එපා,
    හදිසියේ වත් ඒකට ගියොත් උඹේ අනාගතේ වගේම ගෙදර මිනිස්සුන්ගේ සල්ලිත් සුනේ සුන්......


    machoo uba kohomada ban ohoma kiyanne.. man mage post eka dannme hama dama anunta wada karana kamathi minisunta namei bro thamnge kiyala deyak karagena looke hollana puluwan minisunta..uba samaharawita ijts ekata ghilawath nathuwa athi..kawru hari kiyapu deyak handa nee ban ohoma kiyanawa athe..mama athtama mee post eka godak hithla danme bro..man kiwee athak..dgree sahathika tibunata machan wada bari nam wadak naha..ok.. :)