අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි.
රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න. බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්.
දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.
සහෝදරයාගේ කතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා..



තව මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
බෞද්ධයන් මීට වඩා විමසිලිමත් විය යුතුයි...බුද්ධිමත් විය යුතුයි.
දුවන්නන් වාලෙ අන්ධ භක්තියෙන් තොරව තමාගේ නිවන තමා විසින්ම සලසා ගත යුතුයි.
මහමෙව්නාව නූතනයේ පහළ වූ තවත් එක රැල්ලක් පමණයි..සැබෑ නිවන් මාර්ගය එහි නැත...
.මහමෙව්නාවට එකම එක පාරක් ගිහින් තියනවා
,ආයෙ යන්න හුගක් ආසයි.ඒත් තියන පවුකාරකමට කවදා යන්න හම්බවෙයිද දන්නෙ නම් නෑ
.මනුස්සයෝ එක එක කතා කියයි

.ඒත් උන්වහන්සේ තමයි දැනට ලංකාවෙ හිතට වදින්න බුදුන්ගේ දහම කියලා දෙන්න පුළුවන් එකම හාමුදුරුවො

