පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!
මේකයි කතාව.. හෑලි නැතුව කෙටියෙන් කියන්නම්. අපි පොඩි කලේ radio එකෙන් අරෙහෙන් මෙහෙන් ඇහෙන සින්දු තියනවනේ ? මමනම් ඇහෙන විදියට කටපාඩම් කරන කියවනවා. කියන වචන හරිද වැරදිද කියල බලන්නවත් සින්දුවේ තේරුම තේරෙන්නෑනේ
? අන්න ඒ වගේ වචන මරපු සින්දු කෑලි කියපු උන් ඉන්නවනම් ඒ මොනවද කියල අනික් එවුන්ට දැන ගන්නත් එක්ක මෙතන කියපල්ලා. මටනම් මතක් වෙනකොටත් හිනා යනවා (මේ දැනුත් ගියා
). එහෙනම් මමම වැඩේ පටන් ගන්නම්. ඔන්න මන් කියපුව
.
ගුණදාස කපුගේගෙ සින්දුවක් තියෙන්නේ " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ" කියල ? එක මන් කියන්නේ මෙහෙමයි. " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ .. ගිනි ඇවිලුන කැ* මඩලට අපේ නිවසේ" කියල
(අම්මගෙන් ගුටි කෑවා අම්බානට).
මරියසෙල් ගුණතිලකගේ " kandy ළමිස්සි" එක? මැද ඉඳන් පටන් ගන්නේ මෙහෙමයි. " අය්යෝ අය්යෝ dont say පලයන් i got TERI කොස් ගොයම්
", කියලයි (ඇහෙන විදියටනේ කියන්නේ ) . හරි එකමොකක්ද දන්නවද ? "අය්යෝ අය්යෝ dont say පලයන් i got 10 acres ගොයම්
".
නන්දා මාලනිගේ " රට කරවන්න නම්"? මන් කිව්වේ " රට කරකවන්න නම් " කියල. බලපුවහම වැඩි වෙනසකුත් නැනේද ? ඔක්කොම කැරකිලානේ තියෙන්නේ
?
මිල්ටන් මල්ලවාරච්චිගේ " නිල්ල නගන"? ඒක මෙහෙමයි, " නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ සිටුපුරා " කියල
.
මේ වගේ කියපු උන් ඉන්නවනම් ලජ්ජා නොවී මෙතන කොටපල්ලා, ළමා කාලයක් කියල තිබ්බ එකෙක් ඉන්නවනම් බලල ඔහේ යන්නේ නැතුව comment එකක් bump එකක් එහෙම දාගෙන පලයල්ලා
.
සුබ දවසක් හැමෝටම
!!
මේකයි කතාව.. හෑලි නැතුව කෙටියෙන් කියන්නම්. අපි පොඩි කලේ radio එකෙන් අරෙහෙන් මෙහෙන් ඇහෙන සින්දු තියනවනේ ? මමනම් ඇහෙන විදියට කටපාඩම් කරන කියවනවා. කියන වචන හරිද වැරදිද කියල බලන්නවත් සින්දුවේ තේරුම තේරෙන්නෑනේ
? අන්න ඒ වගේ වචන මරපු සින්දු කෑලි කියපු උන් ඉන්නවනම් ඒ මොනවද කියල අනික් එවුන්ට දැන ගන්නත් එක්ක මෙතන කියපල්ලා. මටනම් මතක් වෙනකොටත් හිනා යනවා (මේ දැනුත් ගියා
). එහෙනම් මමම වැඩේ පටන් ගන්නම්. ඔන්න මන් කියපුව
.ගුණදාස කපුගේගෙ සින්දුවක් තියෙන්නේ " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ" කියල ? එක මන් කියන්නේ මෙහෙමයි. " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ .. ගිනි ඇවිලුන කැ* මඩලට අපේ නිවසේ" කියල

(අම්මගෙන් ගුටි කෑවා අම්බානට).මරියසෙල් ගුණතිලකගේ " kandy ළමිස්සි" එක? මැද ඉඳන් පටන් ගන්නේ මෙහෙමයි. " අය්යෝ අය්යෝ dont say පලයන් i got TERI කොස් ගොයම්
", කියලයි (ඇහෙන විදියටනේ කියන්නේ ) . හරි එකමොකක්ද දන්නවද ? "අය්යෝ අය්යෝ dont say පලයන් i got 10 acres ගොයම්
".නන්දා මාලනිගේ " රට කරවන්න නම්"? මන් කිව්වේ " රට කරකවන්න නම් " කියල. බලපුවහම වැඩි වෙනසකුත් නැනේද ? ඔක්කොම කැරකිලානේ තියෙන්නේ
?මිල්ටන් මල්ලවාරච්චිගේ " නිල්ල නගන"? ඒක මෙහෙමයි, " නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ සිටුපුරා " කියල
.මේ වගේ කියපු උන් ඉන්නවනම් ලජ්ජා නොවී මෙතන කොටපල්ලා, ළමා කාලයක් කියල තිබ්බ එකෙක් ඉන්නවනම් බලල ඔහේ යන්නේ නැතුව comment එකක් bump එකක් එහෙම දාගෙන පලයල්ලා
.සුබ දවසක් හැමෝටම
!!
Last edited:
?
?