පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

    මේකයි කතාව.. හෑලි නැතුව කෙටියෙන් කියන්නම්. අපි පොඩි කලේ radio එකෙන් අරෙහෙන් මෙහෙන් ඇහෙන සින්දු තියනවනේ ? මමනම් ඇහෙන විදියට කටපාඩම් කරන කියවනවා. කියන වචන හරිද වැරදිද කියල බලන්නවත් සින්දුවේ තේරුම තේරෙන්නෑනේ :oo:? අන්න ඒ වගේ වචන මරපු සින්දු කෑලි කියපු උන් ඉන්නවනම් ඒ මොනවද කියල අනික් එවුන්ට දැන ගන්නත් එක්ක මෙතන කියපල්ලා. මටනම් මතක් වෙනකොටත් හිනා යනවා (මේ දැනුත් ගියා :lol:). එහෙනම් මමම වැඩේ පටන් ගන්නම්. ඔන්න මන් කියපුව :D.

    ගුණදාස කපුගේගෙ සින්දුවක් තියෙන්නේ " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ" කියල ? එක මන් කියන්නේ මෙහෙමයි. " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ .. ගිනි ඇවිලුන කැ* මඩලට අපේ නිවසේ" කියල :rofl::P (අම්මගෙන් ගුටි කෑවා අම්බානට).

    මරියසෙල් ගුණතිලකගේ " kandy ළමිස්සි" එක? මැද ඉඳන් පටන් ගන්නේ මෙහෙමයි. " අය්යෝ අය්යෝ dont say පලයන් i got TERI කොස් ගොයම් :oo:", කියලයි (ඇහෙන විදියටනේ කියන්නේ ) . හරි එකමොකක්ද දන්නවද ? "අය්යෝ අය්යෝ dont say පලයන් i got 10 acres ගොයම් :D".

    නන්දා මාලනිගේ " රට කරවන්න නම්"? මන් කිව්වේ " රට කරකවන්න නම් " කියල. බලපුවහම වැඩි වෙනසකුත් නැනේද ? ඔක්කොම කැරකිලානේ තියෙන්නේ :baffled:?

    මිල්ටන් මල්ලවාරච්චිගේ " නිල්ල නගන"? ඒක මෙහෙමයි, " නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ සිටුපුරා " කියල :lol:.

    මේ වගේ කියපු උන් ඉන්නවනම් ලජ්ජා නොවී මෙතන කොටපල්ලා, ළමා කාලයක් කියල තිබ්බ එකෙක් ඉන්නවනම් බලල ඔහේ යන්නේ නැතුව comment එකක් bump එකක් එහෙම දාගෙන පලයල්ලා :rolleyes:.

    සුබ දවසක් හැමෝටම :love:!!
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    තෝ මේ මගුලක් කතා කරනවා. මං ඔය කියනකම් හිතන් හිටියේ මරියසෙල් කියන්නේ "අයියෝ ඩෝන්ට් සේ පලයන් අයි ගොට් සේනේද පලයන්" කියල. මම ඒත් කල්පනා කරා මොකද්ද මේ කුනුහරුපේ තේරුම තේරුම කියල.
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ආ.. තව එකක්. Titanic theme song එකේ
    "..Once more you open the door
    And you're here in my heart
    And my heart will go on and on.."

    අන්තිම පේලිය මන් කිව්වේ "and hot 20 go ඕ.. ඕ.." කියල :rofl::rofl:

    ඒ කාලේ hiru FM එකේ ටොප් 40 කියල chart show එකක් තිබ්බ, මන් හිතුව hot 20 වගේ මොකක්හරි එකකුත් තියනවා කියල. බයිලා නෙමෙයි, බොරු කියල උඹලගෙන් තෑගී ගන්නෙයි :no:?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    තෝ මේ මගුලක් කතා කරනවා. මං ඔය කියනකම් හිතන් හිටියේ මරියසෙල් කියන්නේ "අයියෝ ඩෝන්ට් සේ පලයන් අයි ගොට් සේනේද පලයන්" කියල. මම ඒත් කල්පනා කරා මොකද්ද මේ කුනුහරුපේ තේරුම තේරුම කියල.

    උඹට වඩා මන් හොඳයි කොල්ලෝ :lol::lol:, යාන්තම් O /L කරනකොට මොලේ ටිකක් වැඩුන .
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කෝ කවුරුත් පොඩි කාලේ මෙහම සින්දු කිව්වේ නැද්ද :(?

    oh1.gif
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    පොඩි කලේ මම කිව්වේ ලස්සන නම් නෑ පෙනෙන්නේ බිත්තර සුවධයි දැනෙන්නේ කියල ...:D:D
     
    • Like
    Reactions: බන්ටු

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    මගේ සුවද පිරුනු ගන්ජා කාමරේ............... අනෙක් ටික මතක නෑහෑ බන්....
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    teri meri..යමුනා........ යමුනගේ මිනිහා බමුනා..........බොල රජා මලු අල්ලයි ...... බෙන්ගාල බොක්කේ.......
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :lol::lol: patta patta ... hitahan balanna mathak karala dannam :rolleyes:

    එල, අනිවාර්යෙන් දාපන් මචෝ

    පොඩි කලේ මම කිව්වේ ලස්සන නම් නෑ පෙනෙන්නේ බිත්තර සුවධයි දැනෙන්නේ කියල ...:D:D


    :lol::lol: පව් පොඩි කොල්ල

    මගේ සුවද පිරුනු ගන්ජා කාමරේ............... අනෙක් ටික මතක නෑහෑ බන්....

    :baffled::baffled:

    teri meri..යමුනා........ යමුනගේ මිනිහා බමුනා..........බොල රජා මලු අල්ලයි ...... බෙන්ගාල බොක්කේ.......

    :oo:

    Ela Adahsak

    Me Welawe Oluwata enne nahe ban :rofl:

    එල මචෝ, ඔලුවට ආපු ගමන් නොවැරදීම දාපන් :D
     
    • Like
    Reactions: 1118lakmalkumara

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    original version - සුදු සදුන් මලක සුවද දිගේ සිත පැටලෙනවා
    my version - සුදු සදුන් මලක සුවද දිගේ සිත ටැපලෙනවා

    original version - හිම රේණු වැටෙනා සීතලේ
    සිත ගාව රදවා ආදරේ
    සිතු සේල සුලගේ පා කලේ
    ඔබ නේද මාගෙ බිසෝ
    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දු මාලිගේ
    රතු රෝස යහනා සෑදුවේ
    මට නේද මගේ මල්සරෝ



    my version - හිම රේණු වැටෙනා සීතලේ
    සිත ගාව රදවා ආදරේ
    සුදු සේල මුහුනේ පා කලේ
    ඔබෙ නේද මාගෙ බිසෝ..
    රන් තෝඩු සගවා ආදරේ
    සිත ගාව රැන්දු මා කෙරේ
    සුදු සේල යහනා පා උනේ
    මමයි ඔබගේ බිසෝ



    Hari amaruwen mathak kara gaththe....:P:P:P
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල