පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විසඳී අතීතය නොසිතූ ලෙසින්..
    දෙරටේ විසූ අප එක්වූ බැවින්
    නැකත උදාවුණ සතුට දරාගෙන
    කඳුළු කඩා වැටුණා..
    :love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පණ මෙන් පිඳු ආදරයේ..
    සඳ මෙන් සිටි ආදරියේ..
    අතුරා කඳුළැලි දෙනෙතේ..
    ඔබ කොයිබද සැඟව ගියේ..//

    පෙර දවසක ඔබම එවූ..
    පෙම් හසුනක හැඬට ලියූ..
    මතකය කළඹන අකුරූ..
    අද මා හඬවන අයුරූ..
    දුටුවා නම් පෙම්වතියේ..
    ඇහැරෙනවා කඳුළු ඔබේ..

    පණ මෙන් පිඳු..

    ආදරයේ වඳ හිංසා..
    ඉවසන්නම් ඔබ හින්දා..
    තේරුම් ගත්තොත් නංගා..
    ඉන්නට බැරි වෙයි හංගා..
    සිතකට පිඳු ආදරය..
    රැකගනු පණ දෙවෙනි කොට..

    පණ මෙන් පිඳු..

    ෴කිංස්ලි පීරිස්෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මගෙ ලේ කිරි කඳුළයි..
    රන් හිරු රැස් දහරාවයි..
    අප ජීවය රඳනා අවසන් සීමාවයි..
    රෑ සපුවත් ගැන නොසිතයි..
    හිරු එළියටවත් නොසැලෙයි..
    දුක් ගිණි කඳු පැන් ගඟුලින් සැනසුවෙ අම්මයි..

    කටු කොහොලින් පිරුනත් අපෙ ජීවන ගමන..
    ඔබෙ උණුසුම පමණයි සිත සැනසුම අපට..//
    දරු සෙනෙහස දිය උල්පත සැමදා ගලන..
    සිත් ගින්දර සන්සිදුවයි.. සුව දී හිතට..

    අම්මගෙ ලේ කිරි..

    තටු ගහමින් ඉගිලෙන්නට රිසි සේ අපට..
    ඉඩ සලසා දුන්නේ බර අරගෙන කරට..//
    අප වෙනුවෙන් ජීවිතයම කැප කල පිනට..
    මතු බුදු බව අත්වේවා අම්මේ නුඹට..

    අම්මගෙ ලේ කිරි..

    ෴කිංස්ලි පීරිස්෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Without+you.jpg


    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුළක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හද වැද අද

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
    මා පැතු සෙනේ
    මඟ නොදැන ඔබ යන මඟ දැක
    මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ....

    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන්
    වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක .....

    ෴රකිත෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sad-man-thinking-thumb7981495.jpg


    මට තාම දැනෙනවා - ඔබ දුන්නු වේදනා
    හිත තාම දන්නවා - මං වැරදි නෑ කියා
    ඔබ තාම දන්නවා - මං ආදරෙයි කියා
    දැක දැකත් මගෙ දිහා - රවලාම යන්න ගියා

    ඒ... කී කතා පිළිගන්න වුණු නිසා..
    ඔබ මා හැර ගියා - ඔබ මා හැර ගියා..
    ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා..
    ඔබ මා හැර ගියා - ඔබ මා හැර ගියා..

    ඇස් තාම රිඳෙනවා - මඟ බලන් උන් නිසා..
    දැන් ටික ටික දැනෙනවා - ඔබ එන්නෙ නෑ කියා..
    මගෙ හිතට හිතෙනවා - තනි වුණා ඇති කියා..
    ඔබ එන්නෙ නැති නිසා - මගෙ හුස්ම නැවතුනා..

    ඒ... කී කතා පිළිගන්න වුණු නිසා..
    ඔබ මා හැර ගියා - ඔබ මා හැර ගියා..
    ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා..
    ඔබ මා හැර ගියා - ඔබ මා හැර ගියා..

    ෴යුකී෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    love-couple-wallpaper.jpg


    එක් වී නම් රිඳවන්න එපා..
    රිඳවූවත් වෙන් වී යන්න එපා..
    ආදරේ නම් හඬවන්න එපා..
    හැඬවූවත් ඔබෙ ආදරෙ අඩු කරලන්න එපා..

    එක් වූයේ අපි වෙන් වී දෙතැනක ඉන්නටදෝ..
    ඔබ රිදවා මාහට සැනසී ඉන්නට හැකිදෝ..
    හිරු බැස ගොස් උදයේ ආයෙ එන්නැති දෝ..
    අපගේ වෙන්වීමත් බැසයන හිරු වාගේදෝ..

    එක් වී නම්..

    ආදරේ කලේ අප හැඬු කඳුළින් ඉන්නටදෝ..
    ඔබ හඬනා විට මට සැනසී ඉන්නට හැකිදෝ..
    බඹරා ආයෙන් පිපි මල මුකුලිත වී යදෝ..
    අප නැතුවට අපෙ ආදරෙ සේදීලා යාදෝ..

    එක් වී නම්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    49428-alone-boy-.jpg


    තිස්ස වැවට දුක කියලා කොතෙක් හැඬුවද..
    ලස්සන සිනහව කෙලෙසින් යළි දකින්නද..
    තිස්සෙම හිත ළඟට වෙලා උන්නු මගෙ සඳ..
    ඉස්සර වගෙ නුඹ නැහැ මං තනිවෙලා අද..

    කාත් කවුරුවත් නොයෙනා ඉවුරෙහි කොනක..
    මාත් එක්ක දොඬමළු වූ පෙර සැඳෑවක..
    ඈත පේන වෙහෙර නමින් දිව්රා තැනුව..
    අපේ සොඳුරු ලොව හැරගියෙ ඇයි මගෙ මැණික..

    අහස් තලාවේ යහනක නිදයි සුව ලෙස..
    දෑස් මුලාවේ කඳුළැලි පිරෙයි එලෙසට..
    ගියත් දමා මා තනිකර යලි නොඑන්නට..
    දුරස් නොවෙයි ඔබ මා හදවතින් කිසි විට..

    ෴උපුල් අසංක෴
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]
    jqjbcn.jpg

    [/FONT]
    [FONT=&quot]වෙන[/FONT][FONT=&quot] කාටවත් වඩා හිත ගාව ලන්වෙලා[/FONT]
    [FONT=&quot]මම කාටවත් නොකී හැමදේම කිවු නිසා[/FONT]
    [FONT=&quot]මුලු ලෝකයක් වුනා කෙටි කාලයක් පවා[/FONT]
    [FONT=&quot]අපි හීනයක් කියා දැන දැනම ලන් වුනා [/FONT]

    [FONT=&quot]හද ගැහෙන රාවයේ මගෙ හීන අමුනලා[/FONT]
    [FONT=&quot]හුස්මකද සීරුවේ නුඹ මාව අඳුනලා[/FONT]
    [FONT=&quot]මතකයද ලෙන්ගතු හැමදාම ලන්වෙලා[/FONT]

    [FONT=&quot]වෙන කාටවත් වඩා හිත ගාව ලන්වෙලා[/FONT]
    [FONT=&quot]මම කාටවත් නොකී හැමදේම කිවු නිසා[/FONT]
    [FONT=&quot]මුලු ලෝකයක් වුනා කෙටි කාලයක් පවා[/FONT]
    [FONT=&quot]අපි හීනයක් කියා දැන දැනම ලන් වුනා[/FONT]

    [FONT=&quot]නෙතු ඉවුරෙ මේ හැටී වෙනදාට ඇවිදලා[/FONT]
    [FONT=&quot]දැනුනාම සැනසිලී හැමදේම දුර තියා[/FONT]
    [FONT=&quot]මට මාව හමුවුයේ නැහැ මඟ හැරී නුඹ නිසා [/FONT]

    [FONT=&quot]වෙන කාටවත් වඩා හිත ගාව ලන්වෙලා[/FONT]
    [FONT=&quot]මම කාටවත් නොකී හැමදේම කිවු නිසා[/FONT]
    [FONT=&quot]මුලු ලෝකයක් වුනා කෙටි කාලයක් පවා[/FONT]
    [FONT=&quot]අපි හීනයක් කියා දැන දැනම ලන් වුනා

    [/FONT]- uthpala sandamali
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැල්වූ පහන් දැල්වී තිබේවා
    සුන්වූ පැතුම් දළුලා වැඩේවා
    ළංවූ ලවන් හමුවී තිබේවා
    වෙන්වූ නුවන් කඳුළින් මිදේවා

    විරහී හදින් ගලන දුක් වේදනාවන්

    සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
    නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
    පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Woyo Wu Pasuwayi || වියෝ වූ පසුවයි

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

    ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගඟ හැඩයි කදිමයි
    දියට වන් කල එවන් ගඟුලම
    බිහිසුණුයි චණ්ඬයි...

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්...

    හඩ: සුනිල් එදිරිසිංහ
    පද: බන්දුල නානායක්කාරවසම්
    නද: රෝහණ වීරසිංහ

    Courtesy Mindada
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට,
    ඉරක් වෙන්න හැකිදෝ මා හට,
    වෙහෙස දැනෙන මේ ජීවිතේ...
    වැවක් වෙන්න බැරිතැන නුඹ හට,
    ඇයිද කීවේ වෙන්න නිල් දිය,
    දුකක් ඉතිරි මේ ජීවිතේ...

    සීත සෘතුවකට වෙලා...
    මිය යන්න නම් එපා,
    ගිම් කවක් ලියන්න ආසයි මට තවත්...
    සෘතුවක් ඇතත් නැතත්...
    හුස්ම ලන මගේ සිතුම්,
    පණ ගසයි ඔබේ දෙපා මුල වැටී...

    මා නොමැති හෙටක් නැතත්...
    පිපෙන මල් යළිත් පිපී,
    හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ...
    හමනා ඒ සුළං රැළිත්...
    නෙත් කොනින් ළඟින් හමයි,
    නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි...

    ගායනය : ඉමාෂා මුතුකුමාරි
    පද : මනුරංග විජේසේකර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
    බේරේ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
    කබාකුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
    සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා...
     
    • Like
    Reactions: rcccc

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සමනළයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුණේ

    මලට වඩා පැණි බී රිසි සේ මා
    සමනළයා පියැඹු දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දැස වසා සිටියා

    මලට නොවේ දැනුණේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
    ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ

    ගායනය - එඩ්වඩ් ජයකොඩි

     
    • Like
    Reactions: amila_90210

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    girl,alone,road,um,umbrella,umbrella,and,a,back-e0dca60418fed7a9908e96d831928e08_h_large.jpg


    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා


    අද හීතල වැහි බිඳු නහවයි මා

    මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි

    මාවත මලින් පිරී ගොහින් හීතල හුළඟේ විසිරී
    නුඹත් ළඟ උන්නා නම් කියා හිතුවා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ


    දිනයක ඔබ මා...


    අපි දෙන්නා හිනා වුණු ගං තෙර තාමත් සිහිල් පවන් හමයි

    හීනයක් වන් අතීතයේ සුවඳ තාම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නෙ මං විතරයි


    දිනයක ඔබ මා...


    අද හීතල වැස්සේ මං විතරයි

    මල් කුඩේ යටින් මං තනියෙන්
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ


    - 6th Lane

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වළාකුළක් තුළ මතුවුන රිදී ඉරක් සේ
    බලාපොරොත්තුව ඉඳුරා නොමියෙන දවසේ
    සලා පියාපත් ඉගිලෙන්න්නට මට ඕනේ
    කියා ලොවට ඒ කුළුදුල් බිළිඳු උදානේ

     
    • Like
    Reactions: amila256
    Status
    Not open for further replies.