~ චෙස් බෝඩ් එකෙන් Crazy අදිමුද ~
ඔන්න අලුත් ගේම් එකක් කියල දෙන්නයි යන්නෙ. මෙච්චර දවස් කාඩ් ගේම්ස් නෙ කියල දුන්නෙ. මේකෙ නම Bughouse. crazy කියලත් කියනව. මේ ගේම් එක Play කරන්න පුලුවන් චෙස් දන්න අයට විතරයි.. චෙස් අඳින විදියටම තමා නමුත් මේකෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව.
ගේම් එක play කරන්නෙ මේ විදියටයි. crazy අඳින්න නම් players ල 4 දෙනෙක් චෙස් බෝඩ් දෙකක් හා සෙට් දෙකක් ඕන වෙනව. players ල 4 දෙනා දෙන්න බැගින් ටීම් දෙකකට බෙදෙන්න ඕන. එක ටීම් එකක players ල දෙන්නම එකම පැත්තෙ (side) සෙල්ලම් කරන්නෙ. cross විදියට නෙමේ. එක player කෙනෙක් ප්රතිවාදීපිලේ player කෙනෙක් එක්ක සුදු පාටින් තරඟ කරන කොට අනිත් player කලු පාටින් තරඟ කලයුතුයි. ඒ කියන්නෙ එකම ටීම් එකේ ඉන්න players ල දෙන්නගෙන් එකකෙනෙක් සුදු පාටිනුත් අනිත් player කලු පාටිනුත් ප්‍රතිවාදීන් සමග ක්‍රීඩා කල යූතුයි.
එකම වෙලාවෙ බෝඩ් 2 න්ම තරගය ආරම්භ කලයුතුයි. සාමාන්‍ය චෙස් විදියටම තමා තරඟය පටන් ගන්නෙ. මෙහිදී චෙස් ඔරලෝසු යොදා ගන්නෙ නැත්නම් players ල 4 දෙනාම සමානව අදින්න ඕනෙ. තමන් පැරදීගෙන වගේ එනව නම් ටීම් එකේ අනිත් කෙනා දිනනකම් අදින්නෙ නැතුව ඉන්න බෑ. චෙස් ඔරලෝසු නැත්නම් player කෙනෙක් නොඇද හිටියොත් කතකරල තමා විසඳ ගන්න වෙන්නෙ.
සාමාන්‍ය චෙස් තරඟයකින් crazy වෙනස් වෙන්නෙ මෙන්න මේ ටිකයි. ඔබ කොයි මොහොතක හරි ඔබේ ප්‍රතිවාදියාගේ ඉත්තෙක් කැපුවොත් එම ඉත්තා ඔබේ partner ට pass කරන්න පුලුවන්. ඊට පස්සෙ partner ට ඇදීමට නියමිත වාරයකදී, වලංගු චෙස් ඇදීමක් ඇදීමට හෝ තමන්ට ලැබුන ඕනෑම ඉත්තෙක් board එකේ වෙන ඉත්තො නැති තැනකින් (හිස් ඉඩකින්) place කරන්න පුලුවන්. දෙකම කල නොහැකියි. ඉත්තෙක් place කර නැවත ඒ විගසම ඒ ඉත්තා වත් වෙන ඉත්තෙක් වත් අදින්න බෑ. වෙන ඉත්තො අයින් කරල තියන්නත් බෑ. වලංගු චෙස් ඇදීමක් හෝ තමන්ට ලැබුන ඉත්තෙක් board එකේ තිබීමෙන් පසු ඊලග move එක ප්‍රතිවාදියාට හිමිවේ. එමෙන්ම ප්‍රතිවාදී රජුට කෙලින්ම attack (check) වෙන පරිදි ඉත්තො තියන්න පුලුවන්. නමුත් pawns ල බෝඩ් එකේ එක හා අට වෙනි (පළමු හා අවසන්) පේලි වල තියන්න බෑ.
මෙහිදී ගේම් එක සාධාරනව ඇදීම සදහා කපල pass කරනු ලබන සෑම ඉත්තෙක්ම පැහැදිලිව ප්‍රතිවාදී players ල දෙන්නටම පේන පරිදි තැබිය යුතුයි. එවිට ප්‍රතිවාදීන්ට තමන්ට හිමි විකල්ප ගැන සැලසුම් කරන්න පුලුවන්. ඒවගේම teammate එක්ක කතා කරන්න පුලුවන් අවශ්‍ය pieces ගැන දැනුවත් කරන්නත් පුලුවන්. එක් අයෙක් තම ප්‍රතිවාදියාගේ රජා කොටු කරගත්තොත් ටීම් එකම දිනුම්. ඉන්පසු board දෙකම pieces reset කර නැවත අලුත් තරගයක් ආරම්භ කල යුතුයි.

ඔයාලත් වෙලාවක් තිබුනොත් ඇඳල බලන්න. මරු Fun එකක් ගන්න පුලුවන් ගේම් එකක්
හොරෙන්ම බලල යන්නෙ නැතුව කමෙන්ටුවක් එහෙම දාගෙන යන්ඩෝ

Last edited:

බොන්න එප බන්. බිව්වට ඒකි ආයිත් එන්නෙ නෑනෙ.