ලෝක වැසි මුස්ලිම්වරුන්ට ඉස්ලාම් අතඅරින්න කියන්නේ මොකකටද ? ඒ අයට ඕනෙ දේවල් ඒ අය කරගත්තාවෙ. රජවරු අනතප්පුර තියාගෙන හිටපු එක බුද්ධාගමට අදාල නෑනෙ බන්. හැබැයි ඉස්ලාම්වලනම් රජවරුන්ට විතරක් නෙවේ.. ඒක අදහන මානව සංහතියටම බහු විවාහ කොරගන්න උපදෙස් දීලා. ඒ කියන්නෙ ඒක සංස්කෘතිකමය දෙයකුත් නෙවේ.
ඔන්න රජවරු බුද්ධාගමේ අහවල් තැන අහවල් සූත්‍රයේ කියලා තියෙන නිසා අන්තපුර තියන් හිටියා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙලා තියෙන්නෙ උඹ සංස්කෘතීන් සහ ආගම් ජාති පටලවන් ඉන්න එක. දැන් උඹම කියනවානෙ මේවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ කියලා. ඉතින් ඒ ඉස්සර කියන වචනෙ භාවිත කළේ මේ ඉස්සර දේවල් අදට නොගැලපෙනබව අනියමින්ම උය මහත්තයා පිළිගන්න නිසානෙ. ඉතින් ඒ ඉස්සර යල්පැනපු වනචාරී සංස්කෘතීන් තමංගෙ වටේ ඇතිවෙනවා බලන්න මිනිස්සු කැමති නැහැ. දැන් අන්තංපුර නෑනෙ. ඒකෙන් පේන්නේ ඒ යල්පැනගිය දේවල් අතහරිනබව ක්‍රියාවෙන්ම සිංහල මිනිස්සු ඔප්පු කරලා තියෙන බවයි.
answer :
අනිවා අදට නොගල පෙන දේවල් තියනවා ගොඩක් ආගම වල , ආගමකට අන්තවාදී වෙන්න ගියොත් තමයි මිනිස්සුන්ට ඒක කරදරයක් වෙන්නේ , මුස්ලිම් අන්තවාදයක් තියනවා , ඒ අන්තවාදයට විරුද්ද වෙන එකේ වැරද්දක් නැහැ එත් අපේ මිනිස්සුන්ගේ අන්තවාදයක් උන්ගේ අන්තවාදය පැතිරෙන්න තවත් උඩගෙඩි දෙනවා,ඒක ගැනයි කියන්නේ මම ,ඒ අන්තවාදය අපිම පෝෂණය කරන්න ඕනි නැහැ නේද ? හිතල බලන්න හොද මිනිස්සු නැද්ද ඔය කළු පොරවාගෙන නැති මිනිස්සුත් එක්ක ඉන්න උදව්කරන හොද මිනිස්සු , මම දන්නවා සමහර අය නොදන්නවා උනාට, උන්ගේ ආගමෙන් මට වැඩක් නැහැ ,මගේ ආගමෙන් උන්ට වැඩකුත් නැහැ , උන් මට කරදරයක් නොවී අපේ ආගමට කරදරයක් ඉන්නවනම් එච්චරයි නේද යාලු ?
එහෙම කරදර කාරී නැති මිනිස්සු ගොඩක් ඉන්නවා , හැබැයි උන්ව වැහිලා යන්නේ හොද නැති අන්තවාදී කරදර කාරයෝ කරන වැඩ වලින් . අන්තවාදයට විරුද්ද වෙමු යාලු උන්ගේ ආගම අපිට වැඩක් නැහැ
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අද ජීවත්වෙන කවුරුවත් වගකියන්න අවශ්‍ය නැහැනෙ ඒ කාලෙ ඉදපු පුද්ගලයෙක් ලියපු පොතක් ගැන. හැබැයි කවුරු හරි ඒ පොත හරි. ඒකේ තියෙන විදිහට සියල්ල කෙරෙන්න ඕනේ කියනවානම්,. ඒ කියන්නෙ ඒ පුද්ගලයා ඒක නිවැරදිබවට වගකියන බවනෙ. ඉතින් එහෙම ඒක වෙනුවෙන් පෙනී ඉන්නවා නම් වගකියන්න ඔනෙ තමයි. ඉස්ලාම් සහ මුස්ලිම් සංස්කෘතිය දෙකක් නෙවේනෙ. ඒ දෙක එකට බැදිලා තියෙන්නෙ. පොතේ තියෙන කිසිම දෙයක් පිළිනොගන්න මුස්ලිම් අයට බෑ. ඒ සියල්ල දෙවියන්වහන්සේගේ වචන නිසා. ඉතින් ඒ අය වැරදි කොටස හලලා හරිකොටස විතරක් ගනී කියන එක ඔබතුමාගේ හිතලුවක් විතරයි. ඔබතුමාගේ හිතලුව ගැන විශ්වාසය තියලා නිහඩවෙන්න අනික් මිනිස්සුන්ට බැහැනෙ.
answer :
එහෙම නොකර ඉදිවී කියල හිතලුවක් නැහැ යාලු , එහෙම කරයි , එහෙම කරන්න බැරි වෙන්න රටේ නීති පද්දතියෙන් පසුබිම හැදෙන්න ඕනි ,
ඔය ගැහුවොත් , කුණුහරප කියාගෙන හැම මිනිහෙක්වම හෙලා දකින්න ගියොත් ආගම වල වැරදි හදන්න ගියොත් ( තමන්ගේ ආගමට ගරු කල යුතු බව හැම මිනිහෙක්ම හිතනවා ) , ආගම ඔලුවේ තියාගෙන නැති නමුත් ගරුත්වය සහිත සමාන්‍ය මිනිස්සුත් ලේසියෙන්ම උන්ගේ අන්තවාදයට අහු වෙයි නේද ?
උබල ප්‍රතික්ෂේප කරනවානම් , අපහස කරනවානම් , ඒ මිනිස්සු එක්කත් උබල වයිරයිනම් උන් හිතාවි මුන් කියන එකයි හරි අපි ගැලවෙන්න ඕනිනම් සටන් කල යුතුයි කියල , අන්තවාදී ත්‍රස්තවාදය ලංකාවේ දැනට නැතත් ඇති වේ වී නේද ? එකාට පසුබිම හැදෙන්නේ විරුද්ද වෙන නමින් පතුරවන අපේ මිනිස්සුන්ගේ අන්තවාදයෙන් නෙවෙයිද ?
විරුද්ද වෙන ඒක වැරදි නැහැ , සටන් කරන ඒක වැරදි නැහැ , ඒ පිට දාල කරන හැම වැඩක්ම අනුමත කරන්න ඉඩ දෙන්න එපා යාලු
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
මුස්ලිම් ඔක්කොම මරණ්න කියන එක නම් හරි දෙයක් නෙවෙයි. කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේ අදහන්න කරන්න අයිතිය තියෙන්න ඕනෙ ඒක රටේ නීතියට පටහැණි නැත්නම්. ඒත් ඒ අය බලෙන් ඒක අනික් අයගේ ඇගේ ගහන්න එනවානම් පාලනය කරන්න ඕනෙ. මොකද මේකේ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කරනවා කියලා නිසා. ඒක එක්ක ඔබතුමාට ප්‍රශ්ණයක් තියෙනවා නම් අපිට කියලා වැඩක් නෑ. මොකද බුද්ධාගම පෝෂණය කොට සුරකින්නනම්, බුද්ධාගම වසාගෙන පැතිරෙන ආක්‍රමණශීලී බලවේග මැඩපැවැත්වියයුතු නිසා. හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන්න මිනිස්සු මරණ්න කියලා නම් මම කියන්නෑ. මොන කැත වැඩක්ද ඒක ? පහරදුන්නොත් පෙරලා පහරදෙන එක වෙනම දෙයක්.