පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත් මානෙ තනිවෙච්ච ඔය සිත තුළ
    මා ළංවෙන්න පිරුවාට වෙන්වී ගිය
    කටුරොදක මා පටලවා හැම තැන
    ඔබ මාව තනිකරල වෙන්වී ගිය
    විඳවන්නෙ කෙලෙසක ද තනවී මම

    ගණඳුර ළඟයි හිරුට මා සිත බියයි
    ඔබ දුන් දෙයයි එයද මා සිත දවයි
    නෙතු මා වෙලයි ලොවම පෙම් කර නැසෙයි
    ඔබ හින්දමයි මෙහෙම දුක් හිමිවුණේ

    රැකගන්න ඔබ ‍දිවිය මා දිවි දුනි
    ළඟ ඉන්න හිත කීව ඔබ අද නැතී
    ඔබ හිතින් කියූ දෙයම මා ඉටු කළේ
    ඇයි එහෙම කළ මට ම මේ ලෙස වුණේ

    මා සිත් මානෙ .............


    ගායනය :- ග්‍රේෂන් ජයමහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා හද සැලෙනා ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුණා
    නීල දෑසින් පවසනු රහසක්
    කිවමැන මට මුමුණා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තරු එළියෙන් රුදු රාත්‍රිකාලයේ..
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්..
    කිසිදින අප හමුනොවන බව දනිම්..
    සිහිනය මිය යාතුය මේ ලෙසින්..

    :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා සඳ මගෙන් සැඟවෙනවා
    හිතේ දුක තියන් විඳවනවා
    මගේ නෙතු පියන් පියවෙනවා
    කඳුළු බිඳු ඇවිත් රිදවනවා
    සැනසෙයි ඔහු ළඟ දැන්
    හැමදේ අමතකනම්
    ආගිය තැන් විමසන්
    විඳවමි මම තවනම්

    ලුහුබැඳ ඇවිත් ඇවිටිලි කළා
    ඇස් දෙක වසා මා අඳ කළා
    ඔබම ම ඇවිදින් ඔබ ගිය දා
    මගෙ ළඟ විතරයි දුක පිරිලා
    වටහා ගනු බෑ ඔබ කිසිදා

    සරා සඳ මගෙන් ..............

    ඉඟි බිඟි ඇසින් මොනව ද කියා
    මගෙ හිත හොරෙන් අරගෙන ඔයා
    සෙනෙහස ගෙනිහින් මට නොකියා
    කොහොම ද ඉන්නේ සැනසීලා
    තනිකම පමණයි මට සැමදා

    සරා සඳ මගෙන් ..............


    ගායනය :- දිනේෂ් හර්ෂ දිසානායක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
    නෙත තවමත් විවර වෙලා
    කවදාවත් හිමි නොවනට
    ඔබ මාගෙන් ඈත් වෙලා
    හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට
    කඳුළැල් නෑ නතර වෙලා
    හැමදාමත් රිදවන්නට
    ඔබ ගියෙ ඇයි ඈත් වෙලා

    වෙනසක් නැහැ මගෙ සිහිනේ
    තාමත් මල් පිඹිදෙන්නේ
    රැවටුණු මේ හිත මාගේ
    තනිවුණු බව නෑ දන්නේ
    මුළු යහන පුරා විඳි සුවද පවා නැත
    දුක විතරක් ඉතිරිවෙලා

    දුක වැඩි තරමට ..............

    කඳුළක් කඳුළක් ගානේ
    ඔය රුවමයි සිහිවෙන්නේ
    මට නොලැබුණු ඔබෙ සෙනෙහේ
    වෙ‍නකුගෙ බව නෑ දැනුණේ
    ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
    දුක විතරක් උරුම කළා

    දුක වැඩි තරමට ..............


    ගායනය :- නොයෙල් රාජ්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත දැනෙනා

    ඇග සමබර කර ඉන්නේ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත දැනෙනා.
    :rofl::rofl:

    කසුන් කල්හාර



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඔයා මගෙ පණ වගේ
    ළඟ නැතත් මගෙ ළඟ වගේ
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදූ දේ ආදරේ

    ඔයා මගේ පණ වාගෙලූ
    මට දරාගන්න බැරි ඒකලූ
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    මට බලා ඉන්න බැරි ඒකලෟ
    සඳ හොරා ගත්තේ එක රෑකලූ
    මට හිතාගන්න බැරි වෙන්නලූ
    මට නිදාගන්න බැරි ඒකලූ

    මට ඔයා මගෙ පණ වගේ ............

    ඔයාවමයි මට ඕනෙලූ
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
    අපි හිනාවූනේ එක පාරලූ
    රෑ හීනෙන් පේන්නෙ මාවලූ
    මං ඒ හීනේ හරි ලස්සනලූ

    මට ඔයා මගෙ පණ වගේ ............

    මට හොරා මගෙ ළඟට එයි
    අත අරන් මට තුරුළු වෙයි
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදූ දේ ආදරේ

    මට ඔයා මගෙ පණ වගේ ............


    ගායනය :- දිලුම් හා සමීර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි

    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...

    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන්දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමින් මං එනතුරු
    ඉන්නවා නේද මගෙ රන් කඳ

    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...:)


    සේනානායක වේරලියද්ද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
    ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා..

    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
    ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා..

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
    ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහඩිය ගැලුවට මහ කළුගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
    ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා...

    හඩ : අප්සරා ද සිල්වා
    පද : චාරුක සුරවීර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි

    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    තිබුණා සිත මගේ සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ සෑමදා ඔබ මගේ

    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ළඟමයි
    කවදා හමුවේවිදෝ දෙදෙනා හැබැහින්
    හිනැහී ළංවේවි දෝ තුරුළු වී ආදරෙන්

    මා සිත බැඳුනේ ................


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා ….
    පවුරු බැඳ ගෙන සිතක වැජඹුනු
    රසවතී නෑ කොයි ගියා …
    ආදරෙයි මම ආදරෙයි …
    දම්මි තවමත් ආදරෙයි
    මහා පියකරු සිහින සිතුවමි මතුකලා රසබර හැගුමි
    දයා වන්තය යොවුන් සිතිව්ලි
    රස කලා ඹබෙ නෙත් කැලුමි …
    ආදරෙයි මම ආදරෙයි …
    සුගත් තවමත් ආදරෙයි
    ආදරෙයි මම ආදරෙයි
    සුගත් තවමත් ආදරෙයි
    අසිරිමත් ලෙස ඇදුනු දේදුණු කලු වලාවෙන් යට වුනා
    මිහිරියාව්ය අනේ දවසක
    ඹබේ හදවත ගොලු උනා …
    ආදරෙයි මම ආදරෙයි …
    දම්මි තවමත් ආදරෙයි
    ආදරය එක අතක ප්‍රේමය තව අතක මා මැදි වුනා
    සාගරය ඇයි වේදනාවක
    අහෝ හිතවත තනිවුනා …
    ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි
    ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි
    ආදරෙයි .. ආදරෙයි… ආදරෙයි…. ආදරෙයි ….
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ නිසයි ඔබට ළංවුණේ
    කෝ තවත් ඔබෙන් ඉඟියක් නෑනේ
    වදවෙනවා පිළිතුරක් ඔබෙන් තාම නැති එකේ
    විඳගන්නම් තුරුළු කරන් ඔබේ පෙම හිතේ

    දහසක් නෙත් මඟහරිමින් ඉද්දි ජීවිතේ
    නුඹෙ රුවමයි ඇහ රැඳුනේ එකම ඇසිල්ලේ
    සුළඟක් වී ඇවිත් යන්න එපා හිතුමතේ
    හැමදා ම ළඟ ඉන්න හුස්ම ටික වගේ

    ආදරේ නිසයි ...........

    හුරතලේට නුඹ දැක්කම මං පොඩියි වගේ
    ආදරේට පණ දෙමි නොහිතා ම එක සැරේ
    සැකයකනම් හිතන්නෙපා ආදරේ කෙරේ
    හැමදා ම නුඹම තමයි ආදරේ මගේ

    ආදරේ නිසයි ...........


    ගායනය :- ජින්ජර් වයිට්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
    හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුළාව දෝ

    තරු ඇසක් ඇරී උදා ගිරේ

    බිම් මලක් මුවින් හිනා නැ‍ගේ
    තරු ඇසේ කතා මියේ ද
    බිම් මලේ හිනා මැකේ ද
    මේ වෙනස දෝ ආදරේ

    සඳ රැහැන් වැටී සුනිල් දියේ

    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් එ මල් දවා ද
    ඒ දුකත් වසන් ව යා ද
    මේ අරුත දෝ ආදරේ

    – එඞ්වඞ් ජයකොඩි/ධම්මිකා වල්පොල

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා

    නුහුරු නුපුරුදු දූපතේ

    ඔබයි මමයි මමයි ඔබයි

    නොබිඳෙන සෙනෙහසින්

    මේ ගයන්නේ.....

    ආදරේ ගීතයයි
    ආදරේ ගීතයයි ආදරේ ගීතයයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ...//

    උදේ ඉඳන් වද විඳලා දැනු‍යි ගි‍යේ වැඩ ඇරිලා...//
    ඇඳන් හිටපු සාරි‍යම‍යි හෙටත් අඳින්නේ ති‍යලා... හෙටත් අඳින්නේ ති‍යලා...


    මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ...//
    මග හිටි‍යොත් වැස්ස නිසා ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    What about the life that you were dreaming of
    What about the picture in my head
    What about the love that we were fighting for
    Is it still somewhere alive or is it dead:(:(


    Michael Learns To Rock
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පෙම් රජදහනේ..
    අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ

    එදා පටන් පෙම් බැඳී
    හැඬූ පෙම්වතුන් නෙතින්
    මහා කඳූලූ ගංගා..
    මැවුණා ලොවේ

    එවන් නදී තීරයේ මා අසරණයි මා තනිවමයි

    ගසේ එතෙන මල් ලතා
    මියෙන පෙම් සුසුම් නොවේ
    පාළු වෙරළ අයිනේ නාඬන් ඉතින්

    එවන් අතීතේ රැයේ ඔබේ පිළිරුවේ..
    රූසිරු මැවේ

    පෙම් රජදහනේ.. අහස් මාලිගාවන්
    සිඳී බිඳී නටබුන් විසිරේ
    කොහේද මා යන්නේ
    කොහේද මා යන්නේ....


     
    Last edited:
    Status
    Not open for further replies.