Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වුනාට පරණ ඒවා මතක් වෙනකොට පපුවට පිහියකින් අනිනවා වගේ. photography නිසා තමයි මම දැන් ජීවත් වෙලා ඉන්නෙ. නැත්තම් මෙලහට මම මැරිලා. ඒක විතරයි ආසාවකින් කරන එකම දේ. :(

    ඔහොම තමයි ඉතින්. ගොඩක් අයගෙ අතීතයන්වල සුන්දර මෙන්ම අසුන්දර දේවලුත් තියෙනව. ඒක හරි ආසවකින් කරන දේ හොඳයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉතින් වර්තමානයේ ගතකරන එක තමයි තියෙන්නෙ. ඉතකොට අනාගතය හිතනවට වැඩිය සුභ වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)
    3.gif
    niyamai

    :yes::yes: නියමයි එහෙම උයද්දි :D

    මාත් කාල තියෙනවා :rofl:

    :rofl: ඒ කාලෙ ඉඳලම කන පුරුද්ද තිවිල වගේ :lol:

    මටත් පොඩි වලං සෙට් එකක් තිබුනා...ඒ දවස්වල ඒකට මං මාර ආසයි...:rofl::lol::lol:

    ඔව් මාත් හෙන ආසයි. එක එක පාට කරපු සෙට් තිබුණ‍නෙ ඒ කාලෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට ටින් කඩන සෙල්ලමනම් මරු මගේ ආසම එකක්
    මට 16යිලු ඔය ඔක්කම කරාලු 2010යි:lol:

    :lol::lol: මරු මරු. ඔව් මාත් ආසම එකක් තමයි ඒක. ඒකනම් හැබැයි මේ මෑතක් වෙනකන් වගේ කළා. ළඟදිනම් කරන්න බැරුවුණ. වයසින් නාකි වුණාට මංනම් තාම පොඩියිනෙ. ඉතින් පොඩි වැඩ ගොඩක් කරනව තාමත් :rofl:
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    :yes::yes: නියමයි එහෙම උයද්දි :D

    :rofl: ඒ කාලෙ ඉඳලම කන පුරුද්ද තිවිල වගේ :lol:

    ඔව් මාත් හෙන ආසයි. එක එක පාට කරපු සෙට් තිබුණ‍නෙ ඒ කාලෙ :D
    ape weralu gas 3k tibuna.. ewage weralu ena kaleta... irida dawalta weralu kadan awilla waththa palleha lipak hadala tambanawa... :D
    eeta passe ewa thalala achcharu dala okkotama denawa... :)
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.

    අනිව... මමත් ඔහොම්මමයි. හැබැයි කට්ටිය එක්ක සෙල්ලම් ගෙයක් හදලම තමයි සෙල්ලම් බත් හදන්නෙ.... :lol::lol:

    ඇ‍ඩෙනව ඒ කාලෙ මතක් වෙනකොට........
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාත් ඔය ළිං හාරල තියෙනව. වෙලක් තියෙනව අපේ වත්ත පහලට වෙන්න. ඉතින් ඒ හරියෙ කොටුවක් තියෙනව. ඒකෙ ළිං හෑරුවහම වතුර එනව :rofl::rofl: ඉතින් ගොඩක් වෙලාවට හාරනව :rofl:

    :rofl: hik hik හොඳයි හොඳයි.. :rofl: මාත් අපේ වත්ත පල්ලෙහා ඇලක් තියෙනවා, ඒ ඇලේ කිරි මැටි වලින් ලොකු බැමි තියෙනවා.. ඒවා හිල් කරාම වතුර එනවා උල්පත් වලින්.. මම ඒවාට පීලි තියල, කෙහෙල අත්තක් අරගෙන ඉරටු දාල පියං දාල රෝදයක් හදල ඒක යටින් එල්ලලා තියෙනවා කැරකි කැරකි තියෙන්න... පට්ට ආසයි ඒ කාලෙට...

    හැබැයි ඉස්කෝලේ යන කාලෙටත් ආසයි.. උදේ පාන්දර නැගිටලා යන්න ගියාම තමි පට්ට කම්මැලි.. එපා වෙන්නේ :dull: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ape weralu gas 3k tibuna.. ewage weralu ena kaleta... irida dawalta weralu kadan awilla waththa palleha lipak hadala tambanawa... :D
    eeta passe ewa thalala achcharu dala okkotama denawa... :)

    එහෙම ද? මරුනෙ. අහ ඔව් ඒ කාලෙ වෙරලු තම්බල, අච්චාරු හදනව තමයි ගොඩක් අය. තව ඇඹරැල්ල අච්චාරු, බිලිං අච්චාරු වගේත් හදනවනෙ. දැන්නම් ඒ වගේ ගස් හොයාගන්නත් නෑ.
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    ඔහොම තමයි ඉතින්. ගොඩක් අයගෙ අතීතයන්වල සුන්දර මෙන්ම අසුන්දර දේවලුත් තියෙනව. ඒක හරි ආසවකින් කරන දේ හොඳයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉතින් වර්තමානයේ ගතකරන එක තමයි තියෙන්නෙ. ඉතකොට අනාගතය හිතනවට වැඩිය සුභ වෙයි.
    :) eka aththa..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩේ, සීලවතී සිල් අරගෙන සිද්දිය ඒකද මන්ද :eek:

    සීලවතී සිල් අරගෙන මාලවති මල් අරගෙන ජපන් කඩෙන් තෙල් අරගෙන අපි යමු සිරිපාදෙ කන්ද වදින්ටා ...
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    තව ඉතින් ගැහැණු ළමයෙක් නොවුණත් ඒ කාලෙ සෙල්ලම් බත් උයන්නත් මං හරි කැමතියි. අම්මයි තාත්තයිත් මට ඉතින් ඕනතරම් වළං පොඩි අරගෙන දීල තියෙනව ඒවට. කීපසැරයක්ම ඇත්තට ම බත් උයලත් තියෙනව ඒවල.

    මාත් කලා අනේ මට මතක් වෙද්දීත් ආයේ සෙල්ලම් ගෙවල් දාන්න හිතෙනවා :(
    ගියපාර මල්ලිලා දෙන්නයි චුටි නංගි කෙනෙකුයි මායි..මං තමා අලියෙකුට හිටියේ සෙල්ලම් ගෙදර ඉඩත් නැහැ මට:lol: කොන්ද නමාගෙන තමා මං හිටියේ ඊට පස්සේ ඉන්දගත්තාම ෂේප්..ඕකට ටයිල්ස් දාලා...ටකරම් දාලා ගේ හැදුවේ ඊට පස්සේ කොස් තම්බලා..බත් හදලා කෑවා..මර රසයි:lol: ෆට්ට ආතල්
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිව... මමත් ඔහොම්මමයි. හැබැයි කට්ටිය එක්ක සෙල්ලම් ගෙයක් හදලම තමයි සෙල්ලම් බත් හදන්නෙ.... :lol::lol:

    ඇ‍ඩෙනව ඒ කාලෙ මතක් වෙනකොට........

    මං ඉතින් එකම ළමය නිසා තනියෙනුත් සෙල්ලම් බත් ඉවුව :lol::lol: තව ඉතින් කට්ටිය එක්ක සෙල්ලම් ගෙවල් ඕනතරම් දානව ඒ කාලෙ. සාරි වලින් එහෙම ගෙවල් හදල :D
     
    • Like
    Reactions: cool_sandhe

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    එහෙම ද? මරුනෙ. අහ ඔව් ඒ කාලෙ වෙරලු තම්බල, අච්චාරු හදනව තමයි ගොඩක් අය. තව ඇඹරැල්ල අච්චාරු, බිලිං අච්චාරු වගේත් හදනවනෙ. දැන්නම් ඒ වගේ ගස් හොයාගන්නත් නෑ.
    ..මතක් වෙනකොටත් හ්ම්..............හ්ම් ..............
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::yes: නියමයි එහෙම උයද්දි :D

    :rofl: ඒ කාලෙ ඉඳලම කන පුරුද්ද තිවිල වගේ :lol:
    ඔව් මාත් හෙන ආසයි. එක එක පාට කරපු සෙට් තිබුණ‍නෙ ඒ කාලෙ :D

    :lol: නැතුව! ඒ කාලේ ඉස්කෝලේ යද්දී කට්ටියට මතක ඇති නේ අනුන්ගේ කෑම වලට පොර කන හැටි? :lol:

    අපේ ඉස්කෝලේ ක්ලාස් වෙන් කරලා තියෙන ලොකු බිත්තියක් තියෙනවා, සයිඩ් එකේ දැලක් ගහල තියෙනවා, සහ කොරිඩෝ ඒක ගාව පොඩි තාප්ප කෑල්ලක් තියෙනවා, වැඩිය උස නෑ, මම ඒ දැලේ එල්ලිලා එකට අඩිය තියල දවසක් නැග්ග ඒ බිත්තිය උඩට පන්ති වෙන් කරන්න තියෙන, එකෙකුගේ බත් එකක් උස්සන් දුවල.. :lol::lol: ඒක කන්න පොරකන අනික එවුන සොම්බිල වගේ බිත්ති දිගේ බඩ ගාගෙන එනකොට මම පයින් ගහනවා උන්ට.. :lol::rofl:
     
    Last edited: