පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නෙතු ගැටුණු සැනින නුඹගේ
හුරු පුරුදු බවකි දැනුණේ

දුර ගෙවා පැමිණි සසරේ
හමු වුණේ කොතැන සොඳුරේ

සඳ නැගුණු අහස් වියනේ

තරු එළිය ලොවට නොපෙනේ
සඳ මැකුණු අඳුරු අහසේ

තරු එළිය පමණි සහනේ
මල් සුපිපි වසත් උයනේ
කටු කරඹ මලක් නොපෙනේ
ගව් ගණන් ඇදෙන සුළඟේ

මල් සුවඳ දුරක දැනුණේ

ක්‍රිශාන්ත|
දිනෝද්‍යා යාපා
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඝණ කළුවරට අප පෙම් කලොත්
    ඉර හඳ තරු වලට ණය ගැතියි..
    ලොව දුන්නු දේවල් අද අපිට
    හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරේනම්
    මුළු ලොවම ඔබටත් ආදරෙයි..:no:

    මගෙ දුවේ නුඹ අවදියෙන්නම්..
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    post_old.gif

    amila_90210
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 38,308
    Join Date: Jul 2008
    Location: ෴පද පේළී෴



    03-02-2009, 10:22 PM

    " රටා තියලා ඇමදපු මගෙ සිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ.....

    machan chandana liyanarachchi kiyala sure da?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුවරැඳි හසරැල්ල පානා
    පායන සඳ ම සේ දිළෙනා
    දෑසක මා සෙවුව සේමා
    පිවිතුරු ආදරේ ගලනා

    මගෙ හිත ළඟ දවසක නතර වෙලා
    බලනවනම් මුළු හිත පිරා
    ඔබ නොහිතු තරම් සෙනෙහස පුරවා
    දකිනා හිත ඔබ වෙනුවෙන් ම තමා

    මේ සීත රෑ යාමෙ තුරුළේ හොවා
    උණුහුමක සුව දෙන්න උන්නේ බලා
    නිදි නේන තුන් යාමෙ හිත කිතිකවා
    සුරලියක සේ ඉන්න මට ළං වෙලා

    මගෙ හිත ළඟ .................


    ගායනය :- උදය ශ්‍රී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    post_old.gif

    amila_90210
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 38,308
    Join Date: Jul 2008
    Location: ෴පද පේළී෴



    03-02-2009, 10:22 PM

    " රටා තියලා ඇමදපු මගෙ සිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ.....

    machan chandana liyanarachchi kiyala sure da?

    අරුන් තමිල් තමයි කියන්නෙ.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
    මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
    මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...

    සුරංගනා කථා වලින් පලක් නැත ප්‍රියේ
    බදුරු ඝටය කප් තුර අද උයන් තුල තියේ
    අඳුර තරම් එළියක් ආදරෙන් පිරි ළයේ
    තව කොතැනද කියනු මැනවි හැඟුම් ඉතිරියේ...

    රතැඟිලි තුඩු රන් මුදු ලා මොටද සරසවා...
    මහ මැදුරක දොර‍ටු තුලින් පිවිසි රෑ දිවා
    දන සම්පත් සිඳී ගියත් පලක් ලොව නැතේ
    ආදරයෙන් අමතනු මට ඇතේ එයම මට ඇතේ



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේට කියන කතා බොළඳ වුණාට
    සා‍ගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට

    තටු සිඳිලා වැලපෙනවා
    සිත බැඳිලා හිනහෙනවා
    මල් ඇතුරූ සුව යහනේ
    මල් අතුරා පවන් සැලූ
    ආදර වන්තයින් පෙලූ
    බොළඳ කතා

    ආදරේට කියන කතා ................

    මල්ගොමුවේ තුරු සෙවනේ
    හමුවෙනවා වෙන්වෙනවා
    උයන් කොනේ අවන්හලේ
    උයන් කොනේ හමුවෙනවා
    අවන්හලේ වෙන්වෙනවා
    බොළඳ කතා

    ආදරේට කියන කතා ................


    ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට..
    නුඹ ඈත ඉඳන්.. ඇවිදින්..
    මගෙ පාලු හිතට මනමාල කතා කියමින්..
    මනමාල කතා කියමින්..............

    අද සීත සුළඟ මදහාස නගන විට
    සිත කෝල වුනිද මෙතරම්..
    ඒ දැනුන හැඟුම නොදනිම්....

    ඔය වාසනාව නෙතු දෑල දුලනයේ...
    හිත කීරි ගැහෙන හැටිනම්..
    ඒ හැඟුම කෙලෙස පවසම්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාගෙ මනමාල සුකුමාල සුපෙම්වතී
    නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස්වු‍ණී
    ඉන්න ගණ අඳුරෙ බැබළෙන්න සඳ පෑයු සේ
    ඉන්න මගෙ තුරුළෙ මට සීත නෑ දැන් ප්‍රියේ

    ආදරේ කොයි තරම් සුන්දරයි දෝ කියා
    ඔන්න අපි කියමු මුළු ලොවට අඬගා සුදා
    මා ළඟින් සැතපිලා
    ඉන්න මගෙ ලෝකෙ මිණි පහණ ඔබමයි කියා

    මාගෙ මනමාල ..............

    රෑට සඳ කුමරු ඇවිදිල්ල තරු පිරිවරා
    ලස්සනයි අහස සැරසීල තරු රූ රටා
    ආදරෙන් ළංවෙලා
    ගන්න මගෙ දෑත අපි විඳිමු සැනසුම සදා

    මාගෙ මනමාල ..............


    ගායනය :- සුරේන්ද්‍ර පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළගින්...තියාලා...
    නොඉල්ලනූ...ආදරේ
    නොඉල්ලනූ...ආදරේ

    නෙත් ඔබේ නමා
    බලා ඉන්නේ ඇයි
    සෝ සුසුම් හෙලා
    මා ඉන්නේ ඇයි
    අතීතයේ කතා
    මකා දමා සිනාසෙමූ

    ගීයකින් කෙසේ....

    වෙනින් කෙනෙක් සොයා
    සිනාසෙන්නකෝ...
    මා ඔබේ සිතින්
    මකාලන්නකෝ
    මිතුරන් සේ අපී
    ජීවිතේ එක් වෙමු

    ගීයකින් කෙසේ
    කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා
    මා ළගින්...තියාලා...
    නොඉල්ලනූ...ආදරේ
    නොඉල්ලනූ...ආදරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
    නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
    නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
    රන් හදවත මගේ තමයි.....
    නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හිතට දුක් ගින්දර කොපමණ ඔබ දුන්නත්
    එපා නොවෙන බව පුදුමයි මටනම් කවදාවත්
    සමාවෙන්න හමුවෙන එක වේනම් කරදරයක්
    නිමා කරණු බෑ සිත බැඳි සෙනෙහස කවදාවත්

    වලාවකින් මුවාවෙලා මගේ පුරහඳ
    මල් කුඩයක සඟවා එන තුරුම සුදු වත
    මඟට වෙලා හැමදාමත් උන්නෙ හවසට
    හිනවෙලා එක සැරයක් බැලුවෙ නෑ ඔබ

    මගේ හිතට දුක් ගින්දර ...........

    කියාගන්න බැරි දේ බොහොමයක් හද තුළ
    ලියා දෙන්න හසුනක්වත් නැහැනෙ අවසර
    මවා ගත්තු ලොකය ඔබ තමයි මගෙ සඳ
    දරාගන්න බැරිවෙයි සැඟවුණොත් අඳුරෙම

    මගේ හිතට දුක් ගින්දර ...........



    ගායනය :- සුමිත් හෂේන්ද්‍ර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අතින්වත් අත ඇල්ලුවේ නැහැ...
    කිසිම කිලුටක් තිබුණෙ නැහැ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුණෙ නැහැ...
    ඔබට අමතක වෙන්න බැහැ....
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය.....
    ඔබට අමතක වෙන්න බැහැ....
    ඔබට අමතක වෙන්න බැහැ......
    .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ

    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා
    රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

    සුපෙම් සුවඳක් අරන් ..............

    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුන නිසා මමත් ඔ‍බගෙයි සදා

    සුපෙම් සුවඳක් අරන් ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතින්වත් අත ඇල්ලුවේ නැහැ...
    කිසිම කිලුටක් තිබුණෙ නැහැ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුණෙ නැහැ...
    ඔබට අමතක වෙන්න බැහැ....
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය.....
    ඔබට අමතක වෙන්න බැහැ....
    ඔබට අමතක වෙන්න බැහැ......
    .

    අද ඔය ලස්සනට යූටියුබ් වීඩියෝ එක දාල තියෙන්නෙ :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ...
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ...
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ...
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ...
    දින ගෙවෙනවා හීනෙන් වගේ...
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
    නුඹ ළඟ නැතිදා...

    ගායනය - සංක දිනෙත්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නැවතී මෙතෙකින්

    නැගෙන බිඳෙන
    හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු
    මා දුටුවා
    නොදැනිම වාගේ
    ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත
    තනියට නැගුනා...

    මතකද හැම රෑ
    පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි
    අප දැන හිටියා...

    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....////

    ඉරණම ලියැවී
    අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ
    සිත නිහඬයි
    නුඹ මියැදෙන බව
    දැන දැන සිතකින්...

    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්....////

    මා තුරුලට ගෙන
    සුරතල් කරනට
    අහිමි උනත් මට
    සොඳුරු වරම්
    අන්සතු උයනක
    නුඹ හිනැහෙනයුරු...

    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....////

    ගායනය - කසුන් කල්හාර
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වැරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
     
    Status
    Not open for further replies.