පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සත් මහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී
මහ පොලොවට පිලිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වෙවී

සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුනු අහස අසාවී
පන් පැදුරේ තනු පිටතින් දලු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී
සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරනින් රන් මාල පළන්දා
    අතිනත අරගෙන මා මෙහි කැන්දා
    පිවිතුරු සෙනෙහස මා හට දුන්දා
    මතකේ සුවඳයි මා යළිත් උපන්දා

    රෑන ගිරා යුවලක් එක කූඩුවේ
    ආද‍රයෙන් තුරුළුව තම පාඩුවේ
    සිටිනා විලසිනා ඔබ මා සැනසුනා
    මා පතනා පැතුම ඔබයි ජීවිතේ

    රත්තරනින් රන් .................

    පාර බලා ඉන්නම් තනි පාලුවේ
    මා සොයලා එනතුරු ප්‍රියයානනේ
    උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
    මා ලබනා සතුට නිමක් නෑ සිතේ

    රත්තරනින් රන් .................


    ගායනය :- සුභානි හර්ෂනී මුතුකුමාරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තොල් පෙති ගාවල බලමුද
    හිත් හඳුණනවද කියලා
    මුහුණ බලාගෙන ඉඳිමුද
    අපි අඳුණනවද කියලා
    අතැඟිලි අල්ලා ගනිමුද
    අපි හමුවෙනවද කියලා

    රෑ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න

    තොල් පෙති ගාවල බලමුද...

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න

    තොල් පෙති ගාවල බලමුද...​
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ පුංචි නවාතැනේ....
    ඇවිදින් සැරි සරනවා නම්.........
    ආසයි මම කවුළු පියන්...
    ඇරලා තියන්න....
    තරහක් නෑ නෑවිත් ඉන්න.......


    මේ ආදරණීය පද පෙළ
    අමරසිරි පීරිස් මහතා විසින් ගායනා කරන " මගේ පුංචි රෝස මලේ" ගීතයෙන් උපුටා ගන්නා ලද අතර, ධම්මික බණ්ඩාරයන්ගේ ගේය පද සංකල්පනාවෙන් සහ ඩැනිස්ටර් සිල්වානන්ගේ සංගීතයෙන්ද අලංකෘත වූ මෙහි ඇති ආදරනීයත්වය කෙසේ කියන්නද?
     
    Last edited:

    RiffiRaffi25

    Member
    Nov 19, 2012
    4
    0
    0

    flags_0.jpg

    flags_0.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කිව්වා බොරුවක්

    ඔව් මං දවසක් කිව්වා බොරුවක්
    ආදරේට ...........
    ඕන මගුලක් යයි කියලා
    දැන් යල් පැනලා
    තෙහෙට්ටු වීලා.....
    සිත ඇතුලෙ සිර කරගත් දුක හොදටම පැහිලා
    මං වෙනස් වීලා.....
    මං දුරස් වීලා...
    ඔබට තෙරුම් කරලා.....ආ.......

    කියන්න බැ මට.... කියන්න බැ මට... මං පොරොන්දු විලා...

    ඔව් මං දවසක් යන්නම් හැදුවා.....
    ආදරේට ..........
    හෙන ගහපන් කියලා..
    පපුවට දැනුනා
    ඔලුවට වැදුනා.....
    සිත ඇතුලෙ දුක් ගින්දර සොය සොය විත් තැව්වා....
    මං වෙනස් විලා...
    මං දුරස් වීලා.....
    ඔබට තෙරුම් කරලා...
    කියන්න බැ මට කියන්න බැ මට
    මං පොරොන්දු වීලා.......................

    ඩැඩී.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
    දෙනෙත් යුග අයා ඉන්නෙමි එනතුරා ඔයා
    සිත මගෙ අවිවේකයි නිතර ම ඔබ සිහිවෙයි
    එන්න මා සොයා

    නිදිවරමින් රෑ තුන්යම ඔබ ගැන කවි ලියන්නේ
    නිවාඩුවට එනතුරු මං දෑතෙ ඇඟිලි ගනින්නේ
    ආදරයට කෝඩු නිසයි නෙතට කඳුළු උනන්නේ

    සුවඳ හාදුවක් .................

    දහසක් දේ කියාගන්න ඉවසිල්ලක් නෑ හිතේ
    ඔබේ සුරත ගෙන ඇවිදින සතුටක් නෑ තව ලොවේ
    මගේ හිතේ එකම පැතුම ඔබ මගෙ වී ඉන්නනේ

    සුවඳ හාදුවක් .................


    ගායනය :- උරේෂා රවිහාරී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වසා යන්නකො හද දොර සෙමින්.. මගෙ හැගුම් තව නොරිදමින්...
    කොහෙ යම්ද මා නුබගේ පෙමින්.. බැදී උන් ආලේ නමින්...

    හද සිහිසුන් කල විරාම කොතරම්.. ජීවන සන්ග්‍රාමේ...
    මේ පුහුදුන් පෙම එපා වෙලා.. සන්ක්‍රාන්තියකි ප්‍රේමේ...

    නුබ මිහිදන් කල සෙනෙහේ කඩුලැල්.. සෝබර ගිම්හානේ...
    සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්.. ඊලග වස්සානේ...

    සිත ඉහලුම් නෑ අතීත සැමරුම්.. පාරයි සන්තානේ...
    දුක ඉවසන් තව ඉදිමි කොතෙක් කල්.. මේ දිවි කාන්තාරේ...

    සාගරයත් සරි ආලෙට ගැරහුම්.. පව් පුරවනවානේ...
    මේ අහසත් පොලවත් දෙයි දිවුරුම්.. ප්‍රේමය ගෙන මාගේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහස නුඹ මෙතරම් සැඩ ‍යැ‍යි
    දැනුනෙ මහ වැසි වැටුනාම‍යි
    පොලව නුඹ මෙතරම් රලු ‍යැ‍යි
    හැඟුනෙ නි‍යඟ‍ය ආවාම‍යි

    රෑට තරු ඉසිනා අහසට
    අඳුරු සිත් ලැබුනේ කොහොමද...
    නේක මල් සදනා පොලවට
    නපුරු සිත් කො‍යිදින් ලැබුනිද

    නීල ඉඳුවර පෑ අහසට
    කඳුලු වැසි දුන්නේ කවුරුද...
    පලා පැහැ ඉසිලූ මිහි මත
    නි‍යං ඇතිරූ‍යේ කවුරුද

    -දීපිකා ප්‍රි‍යදර්ශනී-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ අයුරින් වෙන්ව යන්න නුවන් යුග තෙමා
    කිමද සොඳුර වරද කියනු නුඹට කළ මෙමා

    පෙර නොදැකපු මලෙක මෙලෙක පෙන්වලා තියා
    මා නොපතපු මිහිරි ලොවක එක්කරන් ගියා
    එය පරදන කඳුළු ගඟක ගිල්වලා තියා
    රත්තරනේ ඔය දෑත ම ගිලිහිලා ගියා

    ගිම්හානය ළඟ එන බව කලින් දැන කියා
    මල් නටුවක මගෙ කුළුඳුළ් ප්‍රේම හිත තියා
    ශෝකය දුක පෙම් ලෝකෙක අවුලවා තියා
    රත්තරනේ ඔය දෑත ම ගිලිහිලා ගියා


    ගායනය :- දුමිඳු වීරසිංහ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
    ආදර හසරැල් මුවට නැගේදෝ
    සවනට කොඳුරා පවසන වදනින්
    ආදර හැඟුමන් සිතට දැනේදෝ

    මල් ඇතුරුනු ඒ සුව ‍යහනේ ඔබ
    අඩවන් දෙනෙතින් ආල වඩ‍යිදෝ
    මා ඇක‍යේ සිට පොඩි පුතු හඬනා
    ඒ දුක්බර හඬ ඔබට ඇසෙ‍යිදෝ

    ඇක‍යේ සිට මා පුතු හඬනා සඳ
    ලේ කිරි වේ දැ‍යි නොදනිමි මා ලඳ
    අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
    දුටුවේ විහිරුණු කඳුලු පමණි ලඳ

    -ටී. එම්. ජ‍යරත්න-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පායන්න සඳක් වී කළුවර අහසට
    ඔබ ඇවිදින් අද ඔබ ඇවිදින්
    නාමල් සුවඳක් වී මමත් හිඳින්නම්
    ඔබෙ තනි නොතනිය ළඟ ඇවිදින්
    ඔබෙ තනි නොතනිය ළඟ මං ඇවිදින්

    තරු මුරකාවල් බිඳ දමලා
    තරු කැකුළිය ළඟ සඳ තුරුලුවෙලා
    මේ අහසේ ලස්සන නෙතට හොරා
    සිත ඇතුළේ කිමිදෙයි ඔබව සොයා

    පායන්න සඳක් වී ............

    මට ළංවිය ඔබෙ සුවඳ සුසුම්
    හදවත පිපුණා සෙනෙහසක කුසුම්
    බැතිබර ආදරයක සුහද පැතුම්
    අරගෙන ආවා පෙම්වතෙක් උතුම්

    පායන්න සඳක් වී ............


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා

    මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි

    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
    බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...


    කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ

    දසුන් මැවේ මායාවකි එයද මට අගේ
    හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා

    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා


    ගායනය - සෝමසිරි මැදගෙදර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ඇති තරම් රිදවලා හීන පොඟවා තියා
    ඇයි ගියේ වෙන්වෙලා
    ඔබෙ සෙනෙහේ නොදැනිලා හිත ඔහේ ඉගිලිලා
    ඒ දෙනෙතේ පැටලුනා
    ඔබ මට අයිති නෑ මට ද ඔබෙ වෙන්න බෑ
    සසර වසනා තුරා අපට ළංවෙන්න බෑ

    පෙම් හීන කදමලු බැඳ‍ගෙන මා ළංවුනේ
    ඒ හීන සැනකින් වියැකී අඩපන වුණේ
    හමුවෙන්නෙ නෑ නෑ ආයෙත් ඔය ඇස් ඔබේ
    වෙන්වීල ඉමු මේ භවේ
    ඔබව මට අයිති නෑ මට ද ඔබෙ වෙන්න බෑ
    සසර වසනා තුරා අපට ළංවෙන්න බෑ

    හිඳිකාලෙ මාගේ තුරුළේ හීනෙන් වගේ
    සිහිවෙද්දි වාවගන්න බෑ හිත මාගේ
    හමුවෙන්නෙ නෑ නෑ ආයෙත් ඔය ඇස් ඔබේ
    වෙන්වීල ඉමු මේ භවේ
    ඔබව මට අයිති නෑ මට ද ඔබෙ වෙන්න බෑ
    සසර වසනා තුරා අපට ළංවෙන්න බෑ

    මා ඇති තරම් රිදවලා ..............


    ගායනය :- රුවින් හා චේතනා රණසිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වාවන්න බැරි වේදනා
    මට දීලා ඔබ වෙන්වුනා
    මා දු‍ටු හීන නැහැ නිම වෙලා
    දැන් කාටදෝ හිමි ඔයා... කියන් කාටදෝ හිමි ඔයා...


    නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා
    රහසේම ඔබ මාව එක්ටැම් කලා
    සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා
    පෙම් කල සිතත් මාත් මට නැති කලා

    පැතුමන් විලාපෙන් හඬයි රෑ දිවා
    හැඟුමන් සිතේ සිරවී අඩපන වෙලා
    ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා
    පෙම්බර සිතක් ආයේ මට නැති නිසා

    වාවන්න බැරි වේදනා
    මට දීලා ඔබ වෙන්වුනා
    මා දු‍ටු හීන නැහැ නිම වෙලා
    දැන් කාටදෝ හිමි ඔයා...
    කියන් කාටදෝ හිමි ඔයා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත
    කොහොම දරාගත්ත ද මං දුන් දුක
    මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත
    අද දරාගන්න බෑ ආදරයක දුක

    අමාවකට සඳක් වෙලා ඔබ මට
    එළිය කළා මතකයි මගෙ පෙම් ලොව
    ඔබ තනිකර තව හිතකට පෙම් කළ
    මම අද විඳින්නෙ ඒ හිත දුන් ගින්දර

    මකුළු දැලක සවියක් .............

    නෙතු රැවටුව මායාවකි ඇය මට
    උරුම කළේ කඳුළයි මගෙ දිවියට
    වෙන්වුණු දා ඔබ ‍ඒ හැඬුවා සේම
    ඇය වෙන්වුණු දා මගෙ සිත හැඬුවේ මෙහෙම

    මකුළු දැලක සවියක් .............


    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     
    Status
    Not open for further replies.