පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැරදා විමන්...සිය මාපියන්...
    මා ආදරෙන් වැඩූ...
    නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ...
    ඇයිදෝ දුරස් වුනේ....

    මුලු ජීවිතේම නෑ මෙමා.. දුක් ගීතයක් ගයා...
    රිදවන්නේ ඇයි ලදේ ඔයා..දුක් මාරුතේ හොවා...

    පෙර ආදරේ අපේ ලොවේ... සඳ පාන සේ දිලී...
    නිවුනා කියා සිතන්නේ මා.. කෙලෙසින්ද මිහිරියේ....


    හැරදා විමන්...සිය මාපියන්...
    මා ආදරෙන් වැඩූ...
    නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ...
    ඇයිදෝ දුරස් වුනේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොම ද ඉතින්
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ‍ඔබෙන්

    අවතන්වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දුර යන්න සිතුවාට .....................


    ගායනය :- ශෂිකා නිසංසලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා අහසේ ලියූ දේ
    පෙනුණේ නුඹට විතරමයි
    මා සුළඟට කියූ දේ ඇහුවේ
    කවුද නුඹ තමයි...
    එහෙව් නුඹට නොදැනුණේ...
    නුඹට දුන්න හිත තමයි...
    මගේ කියා මට තිබුණෙත්
    ඒ එක හිත විතරමයි...
    විතරමයි... විතරමයි...
    ඒ එක හිත විතරමයි...

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කඳු මුදුනට ගෙන
    නොගියා නම්...
    අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට...
    හිතවත් මට තියේවී... මා අහසේ...
    විතරමයි... විතරමයි...
    ඒ එක හිත විතරමයි...


    ශෂිකා නිසංසලා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොම ද ඉතින්
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ‍ඔබෙන්

    අවතන්වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දුර යන්න සිතුවාට .....................


    ගායනය :- ශෂිකා නිසංසලා

    මම මේ හොය හොය හිටියේ කවුද ඔය සින්දුව කියන්නෙ කියලා...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    නේරංජන නදියේ ගයා හිස
    වැඩසිට බුදු වූ දා
    තිලෝහිමි මොක් සුව ලද මොහොතේ
    සමාධී භාවනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ හොය හොය හිටියේ කවුද ඔය සින්දුව කියන්නෙ කියලා...

    එළ එළ අයිය ඒක ලස්සන සිංදුවක් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
    නුඹ දඟගෙයි ලනතුරු ඉවසුම් නැතුවා මට
    ඉවසුම නැතුවා මට

    අන් අඟනුන් දෙස බලනා නුඹේ දෑස් බැඳ
    හතර අතේ ඇවිදින පය විලංඟු ලමි මම
    ආයෙත් තව හදවතකට කවි ලියන්න පෙර
    දෑත ම ගැට ගසා හනික ගෙනයමි දඟගෙට

    දඟගෙයි දොරගුලු දමලා පයලා දඬුකඳ
    ඒ තුළ සුර විමානයක් හදන්න අවසර
    උවා පියා මුව මී පිස දී රස ආහර
    රැකගන්නම් යන්න එපා මේ ‍දඟගේ හැර


    ගායනය :- ශෂිකා නිසංසලා ජයසුමන
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න...
    සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න...
    පුරහඳ එක්ක එන්න නිල් අහසට...

    විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට..
    නෙතු වියන් අගට පලඳා සුදු මුතුලැල් පට...
    පුරහඳ එක්ක එන්න නිල් අහසට...

    කටු කම්බි පවුරු පදනම් නැති වේ සදහට...
    මුලු ලෝකෙම එක යායක් වෙයි හඳ එලියට...
    පුරහඳ එක්ක එන්න නිල් අහසට...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ ..සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..

    සිත් මාගේ පෑරේද .. වස්සානෙ වාගේ

    සංකා නොදී පාව ඒදෝ මා සොයා..


    තිර වේදනා ගෙනා .. පාව ගිය පාළු ජීවිතේ

    යලි චෝදනා එපා .. දෑත බැදි සීත හෝරාවේ

    හද යාවෙලා සදා .. පෑහි ඉමු මේ වාගේ

    පිදු ආදරේ නිසා .. මාගේ හද ආශාවේ...


    නන්නාද වේ සිනා ..
    සෘංගාරෙ වෑහෙනා
    සංතාප හෝරාව පාවීලා...

    නින්දාද පාවේලා .. පින්තාරෙ ගෑවිලා

    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා....


    තිර වේදනා ගෙනා....


    නිස්සාර කාරනා .. ඇස්ගාව තෝරලා

    හිංසාව නැ මාව පාරාලා...

    සිත්මාගේ සාදලා .. සත්පාට ගාවලා

    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා...


    තිර වේදනා ගෙනා...


    - ශෂිකා නිසංසලා -
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආ මග වැරදී යන මං නොපෙනේ
    තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
    කව්රු යදින්නද කව්රු පතන්නද
    හිරු සඳුවත් නැති මිහිමඬලේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
    දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
    දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

    හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
    ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
    මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
    කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...

    විශරද අමරසිරි පීරිස් සමග ශශිකා නිසංසලා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිම්හාන කාලේ ..සිත්යායෙ ගෑවිලා
    ලංවේද මා ආයේ දෑසේ..

    සිත් මාගේ පෑරේද .. වස්සානෙ වාගේ

    සංකා නොදී පාව ඒදෝ මා සොයා..


    තිර වේදනා ගෙනා .. පාව ගිය පාළු ජීවිතේ

    යලි චෝදනා එපා .. දෑත බැදි සීත හෝරාවේ

    හද යාවෙලා සදා .. පෑහි ඉමු මේ වාගේ

    පිදු ආදරේ නිසා .. මාගේ හද ආශාවේ...


    නන්නාද වේ සිනා ..
    සෘංගාරෙ වෑහෙනා
    සංතාප හෝරාව පාවීලා...

    නින්දාද පාවේලා .. පින්තාරෙ ගෑවිලා

    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා....


    තිර වේදනා ගෙනා....


    නිස්සාර කාරනා .. ඇස්ගාව තෝරලා

    හිංසාව නැ මාව පාරාලා...

    සිත්මාගේ සාදලා .. සත්පාට ගාවලා

    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා...


    තිර වේදනා ගෙනා...


    - ශෂිකා නිසංසලා -


    මේක මම අහලම නෑ... ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනවද...? :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
    නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා
    සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් වුණා

    දෝරෙගලා යන කදුළු ගංඟා සිඳී
    දෑස් මායිමේ ඔබෙ රුව මත මල් ‍පිපේ
    කාලයෙන් කියාදුන් නේක සෝ දුක් නිවී
    පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ පණ නලත් ඔබේ

    හීනයක් ද මේ .............

    මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
    කීව දොම්නස් ගීත ගොන්නක් හඬාවැටේ
    සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ හදවතත් ඔබේ

    හීනයක් ද මේ .............


    ගායනය :- ප්‍රසංග තිසේරා හා සශිකා නිසංසලා ජයසුමන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක මම අහලම නෑ... ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙනවද...? :)

    වීඩියෝ එකෙන් mp3 කරපුව තමයි තියෙන්නෙ මං හිතන්නෙ. එහෙම නැති එක්ක කට්ටිය දෙයි සමහර විට.

    Gimhana Kale - Shashika Nisansala
    http://www.mediafire.com/?1v6pyrg6id9s932
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
    නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා
    සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් වුණා

    දෝරෙගලා යන කදුළු ගංඟා සිඳී
    දෑස් මායිමේ ඔබෙ රුව මත මල් ‍පිපේ
    කාලයෙන් කියාදුන් නේක සෝ දුක් නිවී
    පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ පණ නලත් ඔබේ

    හීනයක් ද මේ .............

    මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
    කීව දොම්නස් ගීත ගොන්නක් හඬාවැටේ
    සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ හදවතත් ඔබේ

    හීනයක් ද මේ .............


    ගායනය :- ප්‍රසංග තිසේරා හා සශිකා නිසංසලා ජයසුමන

    මේක නම් ලස්සන සින්දුව... මගේ වෙඩින් එකේ විඩියෝ එකටත් මේක දාලා තියෙන්නෙ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    menna machan Original Music Video eka :- http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/download.php?index=5630

    ලින්ක් එක spam වෙනවා මචං... අවුලක් නෑ.. මට මාලිංග දුන්න ලින්ක් එක... :) thanks..
     
    Status
    Not open for further replies.