පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් මට හෙලිකරන්න දේවල් ඉතාම අඩුයි.පිටසක්වල ජීවීන්ම ඉදිරි දිනවල සියල්ල ඔබලාට හෙලිකරයි.
ehnam api balagena emu:D
ඔයාලගේ සියලූම මුදල් සහ වත්කම් වල වටිනාකම් ශුන්‍යය වෙනවා තව දවස් 13කින්.ඒවගේම ඔයාල ජොබ් වලට යන්න ඕනත් නෑ.සියලූම ‍රැකියාවලින් ඉවත් විය යුතුයි.
ah mudhal okkoma naethiwenwadha:eek:.a anthimata apita rep tika withrayi ithuruwenne:D
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒ වගේම ලෝකය පුරා සුවිශාල වෙනස්කම් ඇති වේවී
poddak kiyanna banna sidhuwana wenaskam:D
දෙසැම්බර් 21 වැනිදා මුලු පෘථිවියම අල්ලාගන්න ඔරියන් පිටසක්වල යානා සිරූවෙන් මේ වෙනවිට අවට ග්‍රහලෝකවල රඳවා තියෙනවා.මේ වසරේ නත්තලක් නෑ.නත්තලට කලින් ලෝකයම පිටසක්වල යටතට අරගෙන නව යුගයක් උදාවෙනවා.
:eek::eek:mege birthday eka ganna wenne nae ekiyanne:eek:

මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.:lol:
:eek:wadiya kiyawanna epa oyawa ban weyi:yes:
ඔව් මම පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි මුලු සූර්ය මණඩලයෙම ස්ටාර් ලීඩර් මම තමයි.
:eek::eek:
 

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
ms502b38ea.jpg
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහරක් අය කියන්නේ ලංකාවේ පිටසක්වල යානා ආන්ඩුවේ හෝක්ස් කියලා.ඒක මෝඩ අදහසක්. හොඳයි අහසේ ලයිට් ගහන්න පුලුවන්.ඒක අමාරු නෑ.නමුත් රතු වැස්සවල්, සහ භූ චලන ඇති කරන්නේ කොහොමද? මේවා සේරම කරේ මගේ බලය පෙන්වන්න.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සමහරක් අය කියන්නේ ලංකාවේ පිටසක්වල යානා ආන්ඩුවේ හෝක්ස් කියලා.ඒක මෝඩ අදහසක්. හොඳයි අහසේ ලයිට් ගහන්න පුලුවන්.ඒක අමාරු නෑ.නමුත් රතු වැස්සවල්, සහ භූ චලන ඇති කරන්නේ කොහොමද? මේවා සේරම කරේ මගේ බලය පෙන්වන්න.
    ආ බන් උඹ ලිදක් කපලද තියෙන්නේ 21න් පස්සේ පනින්නග

    :lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආ බන් උඹ ලිදක් කපලද තියෙන්නේ 21න් පස්සේ පනින්නග

    :lol::lol::lol:
    මට ලිඳවල් ඕනී නෑ. මම දන්නවා මම කියන දේ.මට ඒලියන්ස්ලා එයාල ගැන තොරතුරු ඇස් පනාපිටම පෙන්වලා 100%ක්ම තහවුරු කරපු නිසා තමයි මම මේවා කියන්නේ.එහෙම නැතිව ආවට ගියාට ,කටට එන පලියට විකාර දොඩවන්නේ නෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පොළොව ඇයි මේ හෙල්ලෙන්නේ?

    ළඟ ළඟම භූකම්පන 27 ක්‌


    ampara.jpg
    මොනවා වෙනවාද කියලා හිතාගන්න බැහැ දෙසැම්බර් මාසයේ ලෝක විනාශය වෙනවනේ. මේවා කවදා වෙච්ච දේවල්ද? තව ඉස්‌සරහට මොනවයින් මොනවා වෙයිද කව්ද දන්නේ., යනුවෙන් අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ජනතාව මේ අයුරින් විවිධ අදහස්‌ පළ කරන්නට වූහ.

    වඩිනාගල, කෙත්සිරිගම, ගලපාමුල, ගල්කන්ද, කිව්ලේගම, දේවාලහිඳ ආදී ගම්මාන රැසක දිගින් දිගටම ඇති වූ භූ චලනයන් නිසා මෙලෙස භීතියට පත් ජනයා විවිධාකාරයෙන් අදහස්‌ පැවසූහ. අලුත් අත්දැකීමක්‌ බැවින් බොහෝ දෙනකුගේ දැඩි කුතුහලයටද මෙම සිදුවීම් ලක්‌වන්නට වූහ.

    මීට මාස ගණනාවකට ඉහතදී කෙත්සිරිගම පදිංචි කිහිප දෙනකු පවසා සිටියේ පුංචි භූමිකම්පාවක්‌ ඇති උනා. එකපාරම ගේත් එක්‌ක දෙදරුම් කාගෙන ගියා. එය එතරම් අවධානයක්‌ නොගත්තද නැවතත් එවැනි සිදුවීමක්‌ වූ බව එම ප්‍රදේශවාසීහු පවසන්නට වූහ. එයටද එතරම් ප්‍රසිද්ධියක්‌ නොලැබිණි. නමුත් පදියතලාව හා මීයාගල ප්‍රදේශය ඇතුළු ස්‌ථාන කිහිපයක මේ අයුරින් සුළු භූ චලනයන් සිදු වූ බව වාර්තාවෙද්දී මේ ගම්මානවල ජනයාද මේ පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නට පටන් ගත්හ.

    ලංකාවේ ප්‍රදේශ කිහිපයකටම ඇද හැළුණු රතු වැස්‌ස පිළිබඳව තව තව ජනයා අනියත බියක්‌ ඇති කර ගන්නා ලදී. කවදා වෙච්ච දෙයක්‌ද? ලෝක විනාශයම තමයි....... කඩපිල් අසල බොහෝ දෙනකුගේ මාතෘකාව මෙය වූහ. ඒ අතරේ අහසේ තිබෙනවා යෑයි දුටු අද්භූත එළි පිළිබඳවත් තොරතුරු පැවසිණි.

    මීට සති කිහිපයකට ඉහතදී මෙම ගම්මානවලට භූ චලන

    ampara1.jpg
    රැසක්‌ සිදුවූ බවද මෙම ගම්වැසියෝ දිගින් දිගටම පවසා සිටින්නට වූහ. තවත් දින කිහිපයක්‌ ගත විණි. නැවතත් භූ චලන ඇතිවන්නට වූහ. ඉන්පසුව පසුගිය 29 වැනිදා 30 වැනිදා සහ 01 වැනිදා අවස්‌ථා රැසකදී දිගින් දිගටම භූ කම්පන රැසක්‌ සිදුවුණි. පසුව 02 රාත්‍රි 6.15 ට හා 7.49 ටත් 8.18 ටත් නැවත මේ අයුරින් භූ චලනයත් සිදුවෙද්දී මෙම ගම්මානවල ජනතාව දැඩි සේ කැළඹිල්ලට පත්වුණි. ඒ සමගම බොහෝ දෙනෙක්‌ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳ තොරතුරු විමසා බලන්නට වූහ. එම නිසා ඔවුන්ටද මෙලෙස සිදුවුණු ලද භූ චලනයන් කුමක්‌දැයි ගැටලුවක්‌ව පැවතුණි.

    දැනට මාස කිහිපයකට පෙරදී ඉඳන් සුළු සුළු භූ කම්පන රැසක්‌ ඇති වෙන්න ගත්තා. මේක එන්න එන්නම වැඩි උනා. සමහර දිනවල දවසට හත් අට වතාවක්‌ද භූ චලනයන් සිදුවුණා. එකපාරටම ශබ්දයක්‌ එක්‌ක ඇවිත් ගෙවල් වහල සෙලවිලා යනවා. මේ නිසා ඇතැම් නිවාසවල බිත්ති පවා පිපිරිලා ගොස්‌ තිබෙනවා. රාත්‍රි සිදුවූ භූ චලනය තදින්ම දැනුණා. ඒක නිසා ගම්වාසීන් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කරනවා. මෙම භූ චලනවලට හේතුව කුමක්‌ද කියලා. මේ වන විට 27 වතාවක්‌ භූ චලන සිදුවෙලා තියෙනවා. අපි අදාළ අංශ දැනුවත් කළා. ඒ අනුව 3 වැනිදා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් මෙම ප්‍ර්‍රදේශයට පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා. මෙම සිදුවීමට බලපාන හේතුව කුමක්‌දැයි දැන ගැනීමට ජනතාව ඉතා උනන්දුවෙන් බලා සිටිනවා යෑයිද වඩිනාගල ග්‍රාම සේවා නිලධාරී තුෂාර ගමගේ මහතා පවසා සිටියේය.

    "දිගින් දිගටම සිදුවන භූ චලන පිළිබඳ අපට හරි ගැටලුවක්‌ තියෙනවා. සමහර වෙලාවට මහා ශබ්දත් එක්‌ක ගෙදර පුටු වහලවල් හෙලවිලා යනවා. සමහර දවස්‌වල වැඩි වශයෙන් සිදු වෙනවා. අපිට බයක්‌ තිsයෙන්නේ අනිත් රටවල වාගේ විශාල භූ කම්පන ඇතිවෙයිද කියලා. එහෙම වුණොත් අපිටත් හරිම බියකින් ජීවත් වෙන්න සිදුවේවි. ඒ නිසා මොකක්‌ද මේ වෙන්නේ කියලා හරියටම දැනගන්නයි වුවමනාව" යනුවෙන් කෙත්සිරිගම පදිංචි කේ. ගුණසේකර මහතා අදහස්‌ දැක්‌වීය.

    මොණරාගල දිස්‌ත්‍රික්‌කයට අයත් වුවද මෙම ප්‍රදේශයට යාබදව ඇති ඉඟිණියාගල ප්‍රදේශයටද මෙම භූ චලනයන් දින කිහිපයක්‌ම දැනී ඇත. එම නිසා ප්‍රබල භූ චලනයන් ඇති වුවහොත් දිගාමඩුල්ලටම දියවර සපයන සේනානායක සමුද්‍රයේ වේල්ලට හානියක්‌ ඇතිවේදැයි ජනතාව තුළ මහත් බියක්‌ හටගෙන ඇත.

    "නොවැම්බර් මාසයේ 24 වැනිදා භූමි කම්පාවක්‌ ඇති වුණා. ආයි 29 දා, 30 වැනිදා 01 වැනිදා ඇති වුණා. 01 වැනිදා 16 වතාවක්‌ පමණ සිදු වුණා. එදා භූකම්පනයන් 04 ක්‌ සිදු උනා. ජනතාවට බයකුත් දැනුනා. අපේ නිවසේ බිත්තිත් ස්‌ථාන කිහිපයකින් පිපිරිලා. එකපාරටම මහ ශබ්දයක්‌ එක්‌ක ගෙදරම පුටු මේස වහළ සෙලවිලා යනවා. මෙහෙම ගිහිල්ලා වැව්වල වේලිත් කඩලා යයිද දන්නේ නැහැ" යනුවෙන් වඩිනාගල පදිංචි පී. කේ. නිලානි මහත්මිය අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

    ලංකාවේ මෙලෙස සිදුවන භූ කම්පනයන් මැනීම සඳහා භූ කම්පන මැනීමේ මධ්‍යස්‌ථාන 03 ක්‌ පල්ලෙකැලේ, හක්‌මන, මහකනදරාව යන ප්‍රදේශවල ස්‌ථාපිත කර තිබේ. එයින් 24 වැනිදා සිදුව තිබෙන භූ චලනයත් පිළිබඳව පල්ලේකැලේ භූ කම්පන මානවල සටහන් වී ඇත. නමුත් මෙම මස පළමුවැනිදා 9.01 ට පමණ මෙම ප්‍රදේශයට සිදුවූ භූ චලනයන් ඉහත භූ කම්පන මධ්‍යස්‌ථාන තුනෙහිම සඳහන් වී තිබේ. එය රිච්ටර් පරිමාණ ඒකක 2.29 ක්‌ ලෙස සටහන වී ඇත.

    මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ජානක අජිත් ප්‍රේම මහතා මෙසේ පැවසුවේය. යම්කිසි ප්‍රබල භූ චලනයක්‌ සිදුවන්නේ නම් එය අපේ භූ කම්පන මධ්‍යස්‌ථානවල සටහන් වෙනවා. නමුත් මෙම ප්‍රදේශවල සිදුවූ භූ චලනයන් පිළිබඳ අපගේ භූ කම්පන මැනීමේ මධ්‍යස්‌ථාන 03 ම සටහන් වී ඇත්තේ එක වතාවයි.

    එම මධ්‍යස්‌ථාන තුනෙහිම සටහන් වුවහොත් පමණයි අපිට එම භූ චලනය සිදුවන ප්‍රදේශය පහසුවෙන් හඳුනාගත හැක්‌කේ. නමුත් ඊට පෙර පල්ලේකැලේ මධ්‍යස්‌ථානයේ පමණක්‌ මෙම භූ චලනයන් පිළිබඳ සටහන් වී තිබුණා. කෙසේ නමුත් මෙම අදාළ ප්‍රදේශයේ මේ වනවිට අපි භූ කම්පන මණින උපකරණ සවිකර තිබෙන නිසා අපිට සොයාගත හැකියි. මෙය මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ද එසේ නැති නම් ස්‌වභාවික ක්‍රියාවලියක්‌ද කියා යනුවෙන් ජානක අජිත් ප්‍රේම මහතා පැවසීය.

    ලෝකය ප්‍රධාන වශයෙන් භූ තැටි 7 කින් සහ අමතර භූ තැටි රාශියකින් සමන්විත වේ. පෘථිවි අභ්‍යන්තර ප්‍රාවරණ කලාපය තුළ පවතින මැග්මා ක්‍රියාකාරීත්වය නිසා භූ තල ගමන් කිරීම සිදුවීම නිසා භූ කම්පන ඇතිවීමට හැකිය. ලංකාව ඉන්දු ඔස්‌ටේ්‍රලියානු භූ තැටියට මධ්‍යගතව ලංකාව පිහිටා තිබීම නිසා ඉන්දුනීසියාව වැනි මෙම ඉන්දු - ඔස්‌ටේ්‍රලියා භූ තැටිය ආසන්නයේ ඇති රටකට ඇති ප්‍රබල භූමි කම්පන තර්ජන ලංකාවට ඇතිවීමේ තර්ජනය අවම මට්‌ටමේ පවතින බවද භූ විද්‍යාඥයින් අදහස්‌ දක්‌වමින් කියා සිටිති.

    1615 දී ලංකාවේ පැවැති යටත් විජිත සමයේ කොළඹ ප්‍රදේශයට භූමි කම්පාවක්‌ ඇතිව 2000 ක්‌ පමණ මියගොස්‌ ඇති බව පැවසේ. එහිදී නිවාස 200 ක්‌ පමණ කැඩි බිඳී විනාශයට ගොස්‌ ඇත්තේ භූ කම්පනයේ ප්‍රබලතාවයටය. එතැන් සිට ගත වූ වසර සිය ගණනාව තුළම යළිදු මෙවන් ෙ€දවාචකයක්‌ වාර්තා නොවීමද වාසනාවට හේතුවකි.

    රිච්ටර් මාපකයේ ඒකක 3 ට අඩුවෙන් සටහන් වන භූ චලන වලින් විශාල හානියක්‌ සිදු නොවන අතර 3 ට වැඩි අගයක්‌ ගන්නා අවස්‌ථාවලදී හානි සිදුවේ. රිච්ටර් පරිමාණ ඒකක 3 ට අඩුවෙන් ලෝකයේ වසරකට භූ චලන ලක්‍ෂ 3 ක්‌ පමණ සිදුවෙතැයි පැවසේ. 3-4 ක්‌ ප්‍රමාණයේ භූ චලනයන් 49,000 ක්‌ පමණ සාමාන්‍ය වශයෙන් වසරකට සිදුවෙද්දි එය ජනතාවට දැනෙන මට්‌ටමේ භූ චලනයන්ද වෙති. තවත් භූ චලනයන් 6000 ක්‌ පමණ රිච්ටර් ඒකක 4 ත් 5 ත් අතර ප්‍රමාණයක්‌ සිදුවේ. මෙලෙස භූ චලනය ප්‍රබල වන්නට ලැබෙන හානියද විශාලය. ඒ අයුරින් වසරකට ඒකක 5 - 6 ත් අතර භූ චලන 1000 ක්‌ හා ඒකක 6 - 7 ත් අතර චලනයන් 120 ත් පමණද රිච්ටර් පරිමාණ ඒකක 7 - 8 ත් අතර භූ කම්පනයන් 18 ක්‌ පමණද සාමාන්‍ය වශයෙන් වසරකට සිදුවෙති. නමුත් ඒකක 8 ට වැඩි අගයක්‌ ගන්නා භූ චලනයන් වසරකට සාමාන්‍යයෙන් සිදු වන්නේ 1 ක්‌ පමණි. එයින් සිදුවන හානියද ඉතා විශාලය. මීට වසර ගණනාවකට ඉන්දුනීසියාව, ඉන්දියාව, ලංකාව වැනි රටවල දහස්‌ ගණන් ජනයා මරුතුරුලට යවමින් සුනාමිය ඇතිකළ භූ කම්පනයද රිච්ටර් පරිමාණ ඒකක 9.6 කින් යුත් ප්‍රබලම භූ චලනයකි. නමුත් මෙම අගයට වඩා වැඩි අගයකින් යුත් ඒකක 11 ක්‌ වැනි භූ චලනයන් සිදුවන්නේ නම් ඉන් සිදුවන හානිය ඉතාම විශාල වන අතර එවැනි තත්ත්වයන් ඇති නොවීමද වාසනාවකි.

    ප්‍රබල භූ කම්පනයන් ඇති වුවහොත් ඇතැම් විට ජලාශවල වේලිවලටද තර්ජනයක්‌ විය හැකි නමුදු ලෝකයෙන් එවැනි අවස්‌ථා වාර්තා වී ඇත්තේද තරමක්‌ අඩුවෙනි. 1932 වසරේදී ඇල්ජීරියාවෙන් එවැනි සිදුවීමක්‌ වාර්තා වී තිබෙන අතර 1967 ඉන්දියාවේදී කොයානා වේල්ල භූ කම්පාවකට හසුව කැඩී යන ලදී. මින් 180 ක්‌ මියගොස්‌ තවත් 1500 ක්‌ පමණ තුවාල ලබන්නට වූහ. ඒ අයුරින් ඉතාලියේ වේඡ්ලන්ඩ් වේල්ලද මේ අයුරින්ම කැඩීගොස්‌ තිබේ. කෙසේ නමුත් ලංකාව ඉන්දු ඔස්‌ටේ්‍රලියා භූ තැටියට මධ්‍යව පිහිටා තිබීම නිසා මෙවැනි තර්ජනයක අවදානම අඩු මට්‌ටමේ පවතී.

    මේ අයුරින් ලොව භූ කම්පා දහස්‌ ගණනින් සිදුවෙද්දී ඒවා වැඩි වශයෙන්ම සිදුවන්නේ මෙම භූ තැටි ආසන්නයේය. නමුත් දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දිගින් දිගටම සිදුවන භූ චලනයන් සොයා බැලීමට මීට දින කිහිපයකට පෙර භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජානක අජිත් ප්‍රේම මහතා සහ තාක්‍ෂණ නිලධාරී සුපුන් භානුක මහතා ඇතුළු පිරිසක්‌ පැමිණෙන ලදී. ඔවුන් මේ වන විට වඩිනාගල, පල්ලංඔය, දේවාලහිඳ යන ප්‍රදේශවල මෙම උපකරණ සවිකර ඇත. මෙම ප්‍රදේශවල ජනයා භූ කම්පනය නිසා ලබාගත් අත්දැකීම් පිළිබඳව සොයා බලමින් මේ වන විට පරීක්‍ෂණ කටයුතු සිදු කරමින් පැවතියද මෙම උපකරණ සවිකළ අඟහරුවාදා සවස සිට සටහන් තබන තෙක්‌ම කිසිදු භූ චලනයක්‌ මෙම ප්‍රදේශයට සිදු නොවුණි.

    භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට මෙසේ පැවසීය.

    මෙම ප්‍රදේශයට දිගින් දිගටම මේ අයුරින් භූ චලනයන් සිදුවීම පිළිබඳව සොයා බලන්න කණ්‌ඩායමක්‌ අපි යවා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා. ඉදිරියේදී තවත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ පිටත් කර යවනවා. මෙය මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ නිසා සිදුවන්නේද? එසේ නැත්නම් ස්‌වාභාවික ක්‍රියාවක්‌ද කියා අපි සොයා බලමින් සිටිනවා. ඇතැම් සංවර්ධන ක්‍රියාවලදී සුළු භූ කම්පන ඇතිවූ අවස්‌ථා වෙනත් ප්‍රදේශවලින් මීට පෙර වාර්තා වී තිබෙනවා. ඇතැම් විට ජලාශවල ජලය අඩුවී සිඳී තිබෙනවිට පොළව තුළ කුස්‌තුර ඇති වෙනවා. ඒවාට වැසි සමයේ එකවර ජලය පිරීම නිසා එම ඇති වන පීඩනය මත භූ චලනයන් සිදු වෙන්නටත් ඉඩ තියෙනවා. එසේ නොමැති නම් වෙනත් ස්‌වභාවික හේතුවක්‌ බලපානවා දැයි ඉදිරි පරීක්‍ෂණවලින් දැනගත හැකියි යනුවෙන් ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා අප කළ විමසීමේදී පවසා සිටියේය.

    ඒ අනුව නුදුරු දිනයකදී මෙම භූ චලනයන් ඇතිවීමට බලපාන හේතුව අනාවරණය වනු ඇතැයිද ජනතාව විමතිය දැල්වූ දැසින් බලාගෙන සිටිති.

    විශේෂ ස්‌තුතිය

    භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජානක අජිත් ප්‍රේම මහතාට සහ තාක්‍ෂණ නිලධාරී සුපුන් භානුක මහතාට.

    පළමු ඡායාරූපය - භූ ජලන පරීක්‍ෂාවකට උපකරණ සූදානම් කරමින්.
    දෙවන ඡායාරූපය - නිවාස ඉරි තැලී ඇති අයුරු
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Mama kemathi issarawelama lankawa allagannawanam.......
    Mokadha koomath mahinda lokka meka winasa karanawa....