mona huthakda ban me minissunge ange kali kapananne..
ai allata bari owa nathuwa mawanna?

mona huthakda ban me minissunge ange kali kapananne..
ai allata bari owa nathuwa mawanna?
එළකිරි කොල්ලෙක්;14099992 said:එකේ එකක් මම කියවලා තියෙනවා මචං
කියවපු හොඳම කතාවක් හිතට වදින කතාවක්
ස්තූතියි මේ ගැන කියන්න Share කරාට
කාන්තාවට උතුරු අප්‍රිකානු හා අරාබිකරයෙ රටවල තියෙන තැන හොඳටම කියන කතාවක්
ඒ වගේම මිථ්‍යාවයි මනුෂ්යත්වෙයි හොඳට සංසන්ධනය කරන කතාවක්




මම මේ ගැන අහලනම් තියනවා. දැන් තම හොදටම විස්තරය දැන ගත්තේ.
මට නම් හිතෙන්නේ සුන්නත් කරන එකෙන් වෙන හොද දෙයකුත් ඇති. නමුත් මේක බලෙන් කරන එක තම තියන දුර්වල තාවය.
තාමත් මේ තරම් සහාසික ලෙස මේ දේවල් කරන එක ගැන නම් හරිම කණගාටුයි.
TFS![]()
Female circumcision & Desert Flower
![]()
මේක මම ටික කාලෙකට ඉස්සර go සගරාවෙ කියවපු ආටිකල් එකක තමා මුලින්ම දැක්කේ.නමුත් ඒකට අදාල ෆිල්ම් එක බැලුවෙ ලගදි.ෆිල්ම් එක බැලුවම හිතුනා මේක ගැන මොනා හරි ලියන එක හොදයි කියලා.මේක මම ලියන්නේ go සගරාවේ ගියපු ලිපියයි,ෆිල්ම් එකයි දෙකම උපයෝගී කරගෙන.
![]()
![]()
කතාව කියන්න යන්නේ මොඩ්ල් කෙනෙක් ගැන. මොඩ්ල් ගෙ නම තමා waris dirie .මෙයා ඉපදිලා තියෙන්නේ සෝමාලියාවේ,මුස්ලිම් ජාතික කාන්තාවක් විදියට. desert flower කියන ෆිල්ම් එකේ තියෙන්නේ මෙයාගෙ ජීවිත කතාව තමා, සැකවින් කිව්වොත් මෙයාගෙ ජීවිත කතාව මෙහෙමයි. වැඩිවියට පත්වෙන්න ලං වෙන වයසෙදිම ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් යෝජනා කරපු මෙයාට වඩා ගොඩක් වයසක කෙනෙක්ව බදින එකෙන් වලකින්න. මෙයා ගෙදරින් ගිහින් නවතින්නේ ලන්ඩන් වල. ලන්ඩන් වලදි මෙයාට ලෝක ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක්වෙන්න අවස්තාව ලැබෙනවා.
ලස්සන කතාවක් වගේ පේන්නේ.
නමුත් මේ මොඩ්ල් ගෙ විශේශත්වයක් තියනවා, ඒ තමා අනික් සෝමාලියානු-මුස්ලිම් කාන්තාවන් වගේම මෙයාවත් සුන්නත් කිරීමකට ලක් කරලා තිබීම.
female circumcision ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති, ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්.ප්‍රදාන වශයෙන්ම female circumcision වලදි කරන්නේ කාන්තා ලිංගික අවයව කපා ඉවත් කිරීමයි.ලිංගික උත්තේජ ප්‍රදාන වශයෙන්ම දැනෙන clitoris අවයවය කපා ඉවත් කරනවා.ඒ වගේම vaginal lips කපා ඉවත් කෙරෙනවා. මේ පින්තූරයෙන් ඒක පැහැදිලි වෙයි.මේවා කපලා ඉවත් කරාට පස්සේ නැවත ඒ උත්තේජ ලැබෙන් නෑ.circumcision ක්‍රම හතරකට සිදු කෙරෙනවා.
A,B,C,D කියන්නේ ඒවා.
(female genital mutilation කියන්නෙත් මේකටමයි.)
![]()
මේක කරන්නේ ඇයි කියලා අහුවොත්, කාන්තාව ලිංගිකව සතුටු වීම වැලැක් වීම තමා පිලිතුර.
එමගින පතිවත ආරක්ෂා වෙනවා කියලා මේගොල්ලෝ විශ්වාෂ කරනවා.
මේක ගැහැනු ලමයෙක්ට කරන්නේ වයස අවුරුදු තුනේදී විතර.
එතකොට සෝමාලියාවේ මිනිස්සුන්ට මේක කරන්න සැත්කම් උපකරන එහෙම නෑ.ඒ ගොල්ලො පාවිච්චි කරන්නේ බ්ලේඩ් තල,වීදුරු කෑලි වගේ දේවල්ලු. සුන්නත් කිරීම සිද්ද කරන්නේ අදාල ප්‍රදේශයේ කාන්තාවක් මයි.waris dirie ගේ සහෝදරියට මේක කරාට පස්සේ ලේ ගිහින් ම මිය ගියාලු. මේ වීඩියෝ එකේ desert flower ෆිල්ම් එකේ කොටසක් තමා තියෙන්නේ.බලන්න අකමැති නම් බලන්න එපා.(ටිකක් අමාරුයි බලන්න)
මේක කරේ නැත්තම් ගැහැනු ලමයා ලොකු උනාට පස්සෙ එයාව බදින්න කවුරුවත් කැමති නැල්ලු, අනික සුන්නත් නොවූ කාන්තාවක් ගණිකාවක් විදියටලු සෝමාලියානු මිනිස්සු සලකන්නේ. අවුරුදු තුනක ලමයෙකුට මේ වගේ දෙයක් කරද්දි වේදනාව ගැන අහන්න දෙයක් නෑ නේ. මීටත් වඩා වේදනාවක් පලවෙනි සන්සර්ගය වෙලාවෙදී දැනෙනවා, ඒ වගේම ලොකු ලේ ගැලීමකුත් වෙනවා.
මේක කියවද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමා හැම මුස්ලිම් කාන්තාවක්ම සුන්නත් කිරීමකට ලක් වෙලා ද කියන එක. පිලිතුර නැත.හැම මුස්ලිම් පිරිමියෙක්ම සුන්නත් වුනත් හැම මුස්ලිම් ගැහැනියක්ම සුන්නත් නෑ.හේතුව තමා පිරිමි සුන්නත් කිරීමට වඩා ටිකක් අමාරු,වේදනා සහගත,මාරාන්තිකසුන්නත් කිරීමක් තමා ගැහැනු සුන්නත් කිරීම.
ලෝකයම ගත්තොත්, ගොඩක් රටවල් මේක නොකල යුතු දෙයක් හැටියට තමා දකින්නේ.ගොඩක් රටවල් වලින් මේකට විරුද්දව විරෝධතා මතුවෙලා තියනවා.
මේක ලංකාවෙ මුස්ලිම් ජාතිකයන් අතරත් සිද්ද වෙනවා.
go සගරාවේ ඒක ගැන තිබ්බ කොටස කියවන්න මෙතන ක්ලික් කරන්න. නමුත් පිරිමි සුන්නත් කිරීම තරම් සුලබව සිද්ද වෙන්නේ නෑ.
![]()
දැන් waris dirie මොඩ්ලින් නවත්තලා UN එකට සම්බන්ද වෙලා female circumsition වලට විරුද්දව වැඩ කරනවා.
![]()
![]()
desert flower ෆිල්ම් එකේ ලින්ක්ස් තමා මේ තියෙන්නේ. (ත්‍රෙඩ් එකේ පලවෙනි පින්තූරෙ ඉන්නෙ waris dirie හා ෆිල්ම් එකේ එයාගෙ චරිතය කරපු නිලියයි.)
406 MB torrent
5.28 GB torrent
ඔන්ලයින් බලන්න
tubeplus
මේක කියවන අය female circumcision ගැන තමන් හිතන දේ කමෙන්ට් එකක් විදියට ඇඩ් කරන්න.
පුලුවන් නම් ෆිල්ම් එකත් බලන්න.
අනිත් අයටත් කියවන්න bump එකක් දාගෙනම යන්න.