




මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා
මල් මල් හිනා ............
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැමකල්හි
මල් මල් හිනා ............

