අත්දැකීමෙන් යමක හොඳ නරක තේරුම්ගන්න නම් මුහුකුර ගිය වයසක් ඕනි. විප්ලවකාරී අදහස් තියෙනකොට හොඳ නරක හිතෙන්නේ නෑ....සහෝ මේකට අනිවා කමෙන්ට් එකක් දාන්න හිතුනා. මේකයි, ඔය කියන විදියට කාටවත් අදකාලෙ පරිස්සම් කරන්න බෑ.පුද්ගලිකවම මාව පොඩි කාලෙ පරිස්සම් කරන්න කෙනෙක් හිටියෙ නෑ, ඒ ගැන දුකකුත් නෑ. ඒ නිසා ඔය අත්දැකීම මට තියෙන නිසා කතාකරන්න අයිතියකුත් තියෙනව, පොඩි කාලෙ ඉඳලම ලමයි ඕනවට වැඩිය හුරතල් කරන්න හොඳ නෑ, ටිකක් දඩබ්බර දේවල් කරන්න දෙන්න ඕන, අත්දැකීම් ගන්න දෙන්න ඕන, ඕන දේකට මූන දෙන්න පුලුවන් කොල්ලෙක් මිසක් හැම එකටම අම්මව හොයාගෙන දුවන කොල්ලො හදල වැඩක් නෑ, එහෙම අය අම්ම තාත්තා නැති දවසක ජීවිතේ නන්නත්තාර කරගන්නව, ෂුවර්, මම කරපු දේවල් ගැන මේකෙ ත්‍රෙඋඩුත් වැටෙනව, කවුරු මොනව කිව්වත් ඒව සල්ලිවලට ගන්න බැරි අත්දැකීම්, ඒ හින්ද මට කියන්න තියෙන්නෙ, පුලුවන් තරම් වෙනස් අත්දැකීම් පිරිමි ලමයින්ට ලබාගන්න ඉඩදෙන්න. අපි හැමදේම එයාලට දෙනව වෙනුවට එයාලට හැමදේම කරගන්න පුලුවන් විදියට හදන්න, මේක මගෙ අදහසක් විතරයි. එතකොට ලමයටම හොඳ නරක තේරුම් ගන්න පුලුවන් වේවි.![]()
හරි වැරැද්ද තේරෙන තරම් මුහුකුර යනකම් මම නම් කවුරු මොක කීවත් නිදැල්ලේ නොඅරමි.
උන්ට සෙට් වෙන්න ඕනි නම් මමත් යනවා, මැරතන් එකට චියර් කරන්න ඕනිනම් වාහනේ දෙනවා එත් තනියෙන් දෙන්නේ නෑ, වැඩිය ඕනි නෑ උන්ට බොන්න ඕනිනම් සෙට් වෙලා බියර් එකක් ගහනවා....
මොක උනත් අවුලක් නෑ, තව ටික දවසකින් අපි වගේම මේකේ ඉන්න අපේ පොඩි උන් ටික සෙට් වෙයි. ඒකෙ ලක්ෂණ තොලන්ගමුවේදී දැක්ක. ඒකට අවුලක් නෑ....


වැඩේ කියන්නෙ අපේ අය හැමදේකටම ඇබ්බැහිවෙන එක, අන්න ඒක තමයි නවත්තන්න ඕන.





