බයික් ඇන්ජිමක් Too lean mixture ද කියල හොයාගන්නේ කෙසේද ?
බයික් එන්ජිමක් රත්වන උෂ්ණත්ව පරාසය කියක් විතරද ? (එන්ජින් හෙඩ් එකේ භාහිර උෂ්ණත්වය)
සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා). හැබැයි මේ overheat වීම හරියටම හොයා ගන්න අමාරුයි, හේතුව එන්ජිම කොච්චර රත් වෙනවද කියලා අදහසක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි සංසන්දනයක් කරන එක, ඒ කියන්නෙ, මුලින් තිබුනට වඩා රත්වෙන ගතියක් තියෙනවද, ඒ වර්ගයේම තවත් බයික් එකකට වඩා රත් වෙනවද කියලා බලන එක. Mixture eka lean ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, බයික් එක හොඳට රත් වෙලා තියෙන වෙලාවක එන්ජිම ස්ටාට් කරලා idle screw එක කරකවලා ටිකක් රේස් වෙන විදිහට හදා ගන්න( ටියුන් කරද්දි වගේ). ඊට පස්සෙ fuel screw එක වාමාවර්ථව හිමීට කරකවන්න. එන්ජිම ටික ටික රේස් වෙන ගතියක් තියෙනවා නම් නම් mixture එක lean වෙලා තිබිලා.

මුලින් කිව්ව වගේ හරියටම කියන්න දන්නෙ නෑ මචන්, මම අහල තියෙන විදිහට සෙල්සියස් 70 ට ආසන්න උෂ්ණත්වයකට රත් වෙනවා, හරියටම දන්නෙ නෑ. අනික් කාරනේ තමයි ඒ උපරිම උෂ්ණත්වයත් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා.





