වාර්ගික වෛරයට විරෝධය පා අගනුවරට තරුණ පිරි
වාර්ගික වෛරයට විරෝධය පා අගනුවරට තරුණ පිරිස්
සුළුතර ජනකොටස් වලට එරෙහිව මෑත වකවානුවේ ශ්‍රී ලංකාවේ බහුතර දැඩි මතධාරී කණ්ඩායම් විසින් පතුරුවා හරිනු ලබන වාර්ගික වෛරයට විරෝධය පා කොළඹදී පෙළපාලියක් හා රැළියක් පැවැත්විණි.
තරුණ කොටස් මුල්වී ඉරිදා පැවැති 'එකමුතුව සඳහා ජනරැළිය' කැඳවා තිබුනේ ප්‍රධාන කොටම අන්තර් ජාල සමාජ සබඳතා යොදා ගනිමින්.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙබසින්ම පිරිස් ඇමතූ සංවිධායකයන් රැළිය හඳුන්වා දෙමින් කියා සිටියේ 'ශ්‍රී ලංකාව තුළ වෛරයට ඉඩක් නැති,' බවයි.
පෙළපාලියට එක්වී සිටි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු තානාපති නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක බීබීසීයේ චාල්ස් හැවිලන්ඩ් හට කී පරිදි මේ තරුණ සංවිධායකයන් විසින් තබා ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක් නොතැබූ පියවරක්.
වෛරී භාෂණය
බද්දේගම සමිත හිමියන් සමඟ ආචාර්ය දයාන් ජයතිලක
'ඉස්ලාම් විරෝධී, දෙමළ විරෝධී, ක්‍රිස්තියානි විරෝධී වෛරී භාෂණයට එරෙහිව,' අද කොළඹට රැස් වුවන් පෙනී ඉන්නා බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.
පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් රැළිය හමුවේ පෙළපාලිය පිළිබඳව ඉමහත් සතුට පළකරමින් එය හැඳින්වුයේ 'ජාතිවාදී බලවේග වලට එරෙහි ධෛර්ය සම්පන්න පෙළ ගැසීමක්,' ලෙසින්.
කාලාන්තරයක් තිස්සේ විවිධ ජන ප්‍රජාවන්ට එරෙහිව පවත්වාගෙන මර්දනකාරී ක්‍රියා ශ්‍රී ලංකාවේ බහුතරය විසින් නිහඬව ඉවසා හිඳ ඇතැයි සඳහන් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාරිණී සුමති සිවමෝහන් රැළිය අමතා ප්‍රකාශ කළේ ඒ පිළිවෙත ශෝචනීය බවයි.
සාමයද වෛරයද?
ශ්‍රී ලංකාවේ 'නිහඬ තරුණ බහුතරයේ අනාගතය පිළිබඳ පෙරමග ලකුණු,' මේ අවදි වීමෙන් පෙන්නුම් කොට තිබෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බකීර් මාකර් රැස්ව සිටි පිරිස අමතා කියා සිටියේ.
සියලුම ආගම් මගින් පෙන්වන සංහිඳියාව වෙනුවට ශ්‍රී ලංකාව තුළ අසමානකම් පතල කැරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අනාගතයේදී තමන්ගේ දරුවන්ට පවරා දෙන්නේ සාමයද වෛරයද යන අභියෝගය අද ශ්‍රී ලංකාවේ සියලු මව්වරුන් හමුවේ තිබෙන බවයි සිනමා වේදිනී හා ලේඛිකා අනෝමා රාජකරුණානායක ප්‍රකාශ කළේ.

Last edited:

යකෝ තව පොඩ්ඩෙන් පපුවත් හිර වෙනවා