Don't worry buddy
මචන් උබ බයවෙන්නවත් මානසිකව අවුල් ගන්නත් එපා. එහෙම උනොත් අපිට මොනවත් කරගන්න බැරි වෙනවා. මචන් අම්මගේ මානසික තත්වය උසස් මට්ටමක තිය ගන්න ට්‍රයි කරපන්. මචන් පිළිකාවෙන් ජය ගත්තු මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා . පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලපන්. උබට තේරේවි. හැබැයි අපි නිකන් හරි මානසිකව වැටිලා කට ඇරගෙන බලා සිටියොත් අපිට සටන් කරන්න ශක්තිය මදි වෙනවා..මචන් අපි නොදන්නා ලෝකේ සැඟවුන වෛද්‍ය ක්‍රම ඕන තරම් තියනවා. මචන් අදම ගනින් කඩුව අතට. මරල දමමු පිළිකා යකාව ( සැබවින්ම ඕක යකෙක් නොවෙයි . ඉතාමත් දුර්වල කොන්ද පන නැති එකෙක්. ඕකව එක පාරෙන් මරල දන්නා පුළුවන් )
උබ දන්නවනේ සුපිරි බයිසිකල් ධාවන ශුරි අම්ස්ට්‍රොන්ග් පිළිකාව පරාජය කලේ කොහොමද කියල . කොහොම හරි හොද ප්‍රතිකර්ම කරන ස්ථානයක් සොයගමු. ඕකට දෙමු බැටේ.
පොඩ්ඩක් උබ හොයල බලපන් ඉංග්‍රීස් බෙහෙත් සම්පූර්ණයෙන්ම නතර කරන එක හොදද නැද්ද කියල. ඉතාමත් ගැබුරින් සොයල බලපන්. මට ඒ ගැන නම් හරි උත්තරයක් දෙන්න දන්නා නැහැ.