මචන් උඹ එච්චර හිතන්න එපා. හිත හොඳ එවුන්ට තාම ඕවගේ දේවල් වෙන්නේ.....


හදිස්සිවෙන්න එපා, හිමින් සාමාන්‍ය ගානකට තැනක් සෙට්කරගන්න පුළුවන් වෙයි. එතකන් යුරාගේ / කොසාගේ / කිඹුලාගේ තැන පොඩ්ඩක් ඉන්න බැරිද. දන්නා එකෙක් නිසා හිතටත් නිදහස්.

තව දෙයක් බිස්නස් එකේ සල්ලි ගොඩක් ඇදල මේ වැඩේට දාන්න යන්නේ බලාගෙන. උඹ මට වැඩිය දන්නවනේ බිස්නස් ගැන. ඉස්සරහට උඹට තියෙන්නේ ඕක විතරක් වෙන්න පුළුවනි. ඒනිසා මොනම හේතුවකටවත් බිස්නස් එක නම් වට්ට ගන්න එපා. හිත හයිය කරගෙන වැඩිපුර වැඩකරපන්......
මට කාගෙන්හරි ඔහොම ප්‍රශ්නයක් අපු හැමවෙලේම මම කරන්නේ වැඩකරන එක. වැඩකරන තැනින් හරි නෑයෙක් හරි වෙන කවුරු හරි ලොකු ලෙඩක් දැම්මොත් මට නින්ද යන්නේ නෑ. මම කරන්නේ ඩ්‍රෝවින් එකක් කරන එක. එතනින් වෙන්නේ මම ආර්ථිකව තව ශක්තිමත් වෙන එක. ඒකනිසා පුළුවන් තරම් වැඩකරපන්.
වැඩ නොකර හිටියොත් උඹ පරාදයි......
මේ ප්‍රශ්නේ මගේ දෙයක් වගේ මට සිරාවට දැනෙනවා.

මේකේ අනිත් අයටත් එහෙම වෙන්න ඇති. උඹ තනි නෑ මචන්. ඕනි දෙයක් කියපන් අපි කරලා දෙන්නම්......
පුළුවන් නම් හොඳ තැනකින් පොඩි ඉඩමක් ගනින්. මගේ දෙයක්වගේ ඉතුරු ටික අනිවා මම කරලා දෙන්නම්.......