පද පේලි .....

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ
    හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
    දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ //

    මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
    ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
    දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
    පවසන්න අදිරිය තුරුලට වෙලා
    දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    ඔයා හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දෙන්නේ උහුලන්නත් බෑ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්....

    තනියමවත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ළඟින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා....

    මන්දාරම් අඳුර මැදින්....

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිඳුවක රස
    බලන්න තිබුනා....

    මන්දාරම් අඳුර මැදින්....

    ගායනය : ක්‍රිශාන්ත එරන්දක
     
    • Like
    Reactions: prageeth119lk

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    සෙණ්කඩ ගල=බම්බලපිටිය
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා....
    රිය කවුලු දොරින්
    යටගිය දවසේ
    දෑස ගි‍යා ඉගිලී

    අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ
    ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ...


    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ සිත රිදුනේ
    අදත් එදා සිහිවී
    ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ...


    මුතු කුඩ ඉහලන...//
    306490_10151052614533241_1885220727_n.jpg



    :love::love::love: :(
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ
    හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
    දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ //

    මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
    ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
    දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
    පවසන්න අදිරිය තුරුලට වෙලා
    දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

    nice song
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට
    මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
    හදාගන්න බැරි තරමට බිඳුණෙ මගේ හිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක


    එදා තුරුලු වී මට දුන් මධුමල් සුවඳ
    සදා සිහිකරයි වැටකෙයි ගහ යට හෙවණ
    කඩා හැලෙන කඳුළැලි මුසුවෙලා සයුරට
    සදාතනික පැතුමන් ගිනිළුවා හදවත



    උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
    සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම
    සිත්තම් කළ සිත ළඟ සුන්දර පෙම් සිහින
    දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම



    610x.jpg
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉරුණු අත් තටු...

    අහස හිරු ගිනි දැවෙනා
    සඳ ගිලී වත නොබලා
    බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ
    කෑ ගසා හඬා
    රස රිසි ලෙසේ රිසි ලෙසේ
    බිඟු රද නැති ලොවේ නැති ලොවේ
    පිදු මල රහසිනේ රහසිනේ
    පෙති හකුලා ගියේ ඇයි ගියේ

    රුහිරු මා උර ගලනා
    හද පෙඟී ඉකි බිඳිනා
    ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
    වේදනා ගෙනේ

    බොල් පිනි පිසු නුඹේ නෙතගේ
    අතැඟිලි තුඩු පවා වැලපෙතේ
    සුපිපුන මල් දහස් අතරේ
    නෙළු කුසුමිය ගියේ හැර ගියේ


    ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්....

    ගායනය : ක්‍රිශාන්ත එරන්දක[/SIZE]​
    රීපෝස්ට්:P


    සිනා සලන දැස් වලින් කතාකරන්න
    ඔබ කතා නැතිව බලා ඉන්නෙ ඇයිද කියන්න
    දසත හමන පවන් රොදට සුසුම් හෙලන්න
    සෙලවෙන නා දල්ලක ආදරය ලියන්න
    සිනා සලන දැස් වලින් කතාකරන්න

    ගහ කොල මල් දලුපෙති වල පාට වැටෙන්න
    එකම එක වරක් මට ආදරෙයි කියන්න..//

    සිනා සලන දැස් වලින් කතාකරන්න

    සදත් එක්ක කතාකරන සද සාවි නැති
    අද මාත් එක්ක තරහා වෙලාදෝ අරුන්දති..//

    සිනා සලන දැස් වලින් කතාකරන්න

    උපුල් අසංක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Karunarathne Dulgane.......

    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා~
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා..
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    ~
    කලා වැවේ නිල් දියවර අපේ අම්මා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
    සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා
    අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
    සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා

    හිත ගාව හිනහෙන්න දුන් කාලේ ඉවරයිද
    ඔබ උන්නෙ මා ගාව ඒ හීනෙ විතරයිද
    වස්සානෙ නැතුවාට මට ඉන්න ඔබ ගාව
    හිත ඉල්ලලා නෙත හඩනවා සයනයේ තනිවෙලා

    අහස දෙදරා හඩන රෑ යාමේ...

    හීනයේ ගෙන ආව පෙම් සිසිල විද ගන්න
    ලග ඉන්න සැනසෙන්න මට ආයේ තහනම්ද
    හිත හඩනවා තාම තේරෙන්නෙ නැතුවාද
    වස්සානයේ වැහි බිංදු සේ කදුලු දෑසින් ගලනවා

    අහස දෙදරා හඩන රෑ යාමේ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔබ ලබාගන්න ඔබ හට ඇති ආදරේ හන්දා
    සිතේ වේදනාවෙන් මා සිටියේ සෑමදා
    ඔබ නොදැක ඉන්න බැරිවුනේ මම ආදරේ හින්දා
    මම ඔබ ලග ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා

    ආදරේ කරලා ඔබ හට ආදරේ පුදලා
    වෙන අයකුගේ සුරත ගත්තේ කෙලෙසද හිතලා
    ඔබ ගැන හිතලා නොහඩන හැඩුම් හඩාලා
    බොහොදුර ගෙවමින් ආවේමි මම ඔබ සොයලා
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    සිනා පිපෙනා..මේ වසන්තය...නෙලා දෝතින් මලක් සේ...
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....
    සිනා සී...
    ඔබයි ගෙන ආවේ....
    වසන්තය මලක් සේ.......
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Life experience

    මගෙ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම්

    නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
    හිත අඬන තරම් ඔබ දන්නවා නම් තව කඳුළු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ

    මගෙ හීනයේ.....

    නොමියෙන මල් මතක පෙතේ එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනේ නිතී මගේ වරදම වෙන්න ඇති
    හුරු සිනහා සිතින් ඔබ ඉන්නවා නම් තව කඳුළු කතා පවසන්නෑ
    මේ කඳුළු මගේ දැන් දුක නෑ

    මගෙ හීනයේ..... :love::love::love:


     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //

    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි

    ඔය සුසුම් පවන් වැදී...

    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම්
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන්
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    සැරයටියෙන් අපි යනෙන තුරා...
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නා දා.....
    ඒ ගමනත් අපි එකට යමූ
     
    • Like
    Reactions: amila_90210

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chandana Liyanarachchi.........

    මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි~
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි..

    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි~
    මල් සම්පත නුඹයි..


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ මා සිතේ සිහිනයක් පමණයි
    ඔබ දන්නෙ නෑ රත්තරන්
    ජීවිතේ මං ළඟින් සිටියෙ ඔබ විතරයි
    ඔබ දන්නෙ නෑ රත්තරන්
    මේ ඇත්තමයි රත්තරන්

    රැය නිදි නොයෙන්නේ ළඟ නොමැති හින්දයි
    සිත පතුළෙ ඔබ නැවතිලා
    නෙතු අගට විතරක් ඔබ ඇයි නොයෙන්නේ
    පවසන්න මගෙ රත්තරන්

    සැමදා පතන්නේ ඔබ මාගෙ වෙන්නයි
    මට හිමි නැතත් මා ප්‍රියේ
    මතු භවේ සැමදා හමුවෙමු ද ආයේ
    මේ පැතු ලෙසේ ජීවිතේ

    ආදරේ මා සිතේ ..................


    ගායනය :- රවින්ද්‍ර පුෂ්පකුමාර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට මතක් වෙනව සුද්දා තැළු පෙළු හැටි
    අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
    මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපද කල්‍යාණිට
    හිමියනි මට කල නොහැක නිගා
     
    Status
    Not open for further replies.