පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දෙනෙත් අගින් කඳුලැලි පීදී

සිතට මගේ තව දුක දී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kithsiri Jayasekara.............

දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්~
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්..
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්~
මාරුතේ හොවන්නෙමී ප්‍රියේ ඔබේ නමින්..

ජීවිතේ පෙමින් අරන් එමී..

ඔව් ඔබේ නමින් පළන්දමී..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිහින අහසේ වසන්තේ
තාරකා මල් හිනැහුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැගුම්

මග එළි මවනා තරු කැන් ඔබවේ
තනිවු කතර බිමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවේ ඔය හඩ වාගේ
සවනේ රැවු දේ

සිහින අහසේ...

සිහිලැල් පවනේ ගී හඩ විසිරී
මතකය ඈත රෑඳේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්‍රණාමේ

සිහින අහසේ...

ගායනය :- එච්. ආර්. ජෝතිපාල
හරි නැ:P


ලෝ...ලෝලෙ ලොලෙ ලොලෙ//
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......

පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
අම්මා.....

කේලම් මලු තාත්තාට විය එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
අම්මා.....


සංගීත් විජේසූරිය
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
    අඳුරු නෙතු තාරකා හඩවා
    සත් සියක් සියපත් මතින්..
    මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..

    ඔබ ළග නිසා පින් සිත් පුරා

    මල් මාලති පිපුනා..
    සමසුන් අරා සිත් විල වසා
    කුමුදුත් කොඳත් පිපුනා..

    ඔබ දුර නිසා ගගනත පුරා

    අසෙනි වැසි වැටුනා..
    සිත දුක් දරා සුසුමින් වසා
    කඳුළුත් හඳත් හැඩුවා.. ♫♫
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා
    නිල් තාරකා වගේ චාරුනෙත් දිලෙනා
    නාරි රුව මේ දෙව් ලොවින් ආ දිව්‍යමය පිළිරූ සේමා
    කෝල නෙතඟින් පාන බැල්මෙන්
    ජීවිතය සතුටින් පුරනා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උකුලට නාවත් එදා වගේ

    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ.......

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    මා ඔබ ලග අම්මේ......

    අත පය දෑඩිවි වෑඩිහිටි වු මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ......
    ♫♫

    රූකාන්ත ගුනතිලක
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ.......

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    මා ඔබ ලග අම්මේ......

    අත පය දෑඩිවි වෑඩිහිටි වු මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ......
    ♫♫

    රූකාන්ත ගුනතිලක
    :love:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kumarasiri Pathirana...........

    කඳුළැල් සලාලා දුක්‌ නිබඳ විඳලා~
    සැදූ අපගෙ පෙම් මාළිගා..
    නැත විසිර බිඳුනේ සවිමත්ව වැඩුනේ~
    තිබූ අපගෙ සෙනෙහේ නිසයි..
    සඳ සේ උදාවී මහදේ රැඳී~
    සැමදාම සිටියේ ඔබයි..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දේහිනී නාඳුනනා.....
    ප්‍රිය දේහිනී සිහිනයකින් බැස ආ ගමන්....
    මගෙ සිරුරට ඔබ ළංවූ හැටී.....
    ආදරේකට අර අදී.....
    මා නොසිතූ මොහොතකදී.....

    ජීවිතේ සුසුමකින්.....
    ළංවෙලා දෙතොල ගාවමින්.....
    එකවරම මගේ දෑසට එබෙමින්
    අවසරින් තොරව උණුසුම පිඹිමින්
    හිත අරක්ගත්ත පාළුව බිඳිමින්
    සැතපෙනා හැටී.....

    ආදරේ අයදිමින්.....
    රිංගලා තුරුලෙ හැංගෙමින්.....
    තනිකරම මගේ සිතුවිලි යදිමින්
    සරාගී බැලුම් දහසක් එවමින්
    හිත ලිහිල් වෙන්න කඳුලක් සලමින්
    දැවටෙනා හැටී.....

    -Charith Abeysinghe-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Radeesh Vandebona......

    මගෙ සීන හීන තරු කැකුළී මා ලඟින් ඉඳන්~
    තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන්..
    ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්~
    මේ ඒ නිමේශයේ ආදරේ කියන්..
     
    • Like
    Reactions: rcccc

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ පාළු සීත රාත්‍රියේ..
    කියාදෙන්න රහසින්..
    ප්‍රේමය නම් කිමැයි කියා..

    නිදිමත තරු කැට කඩා වැටේ..
    ඉඩදී අඳුරට අහස් තලේ..
    සඳ මල මිලිනව බලා හිඳී..
    දකින තුරා අඩ නුවන් අපේ..
    සඟවා ළය මත ඔබෙ වත රහසින්..
    කියාදෙන්න ළංවී..
    ප්‍රේමය නම් කිමැයි කියා..

    ගහ කොළ නිසලව බලා හිඳී..
    පවන් රොදක සිහිලසින් මිදී..
    පිණි කඳුලැලි කැට කඩා වැටේ..
    ඇසෙන තුරා පෙම් වදන් අපේ..
    සුසුමක් සුසුමට ළං කර රහසින්..
    කියාදෙන්න ළංවී..
    ප්‍රේමය නම් මෙයයි කියා..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11.gif

    මේ මනුස්සයගෙ ලස්සන අලුත් සිංදුවක් ඇහුනා;) එත් හොයාන්න නැ ඒක දැන් නම් සිංදුව මතක නැ :dull: දන්න කෙනෙක් නැද්ද:rolleyes:

    අතින් වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිලුටක් තිබුනේ නෑ
    ආදරය හැර හීනයකවත්
    කිසිම කිලුටක් තිබුනේ නෑ

    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ

    කුළුදුලේ කී මුල්ම වචනය
    පැටලෙද්දි ඔය සොදුරු දෑසට
    නුබත් මා ලග මං වගේ නිහඩයි
    බිම බලාගෙන ගොලු වුනේ ඒකයි

    නොඉදුලේ හැගුමන් තියාගෙන
    ආලයෙන් වියපත් වෙලා අප
    වෙන් උනෙත් ආදරේ හින්දාමයි
    සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
    හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි


    ඔබට අමතක වෙන්න බෑ
    අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ
    ඔබට අමතක වෙන්න බෑ

    ගායනය - අමරසිරි පීරිස්
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

    පන්තාරුවක රිද්මේ රැදී – ගී පිරිතක් විදි ජිවිතේ
    නිල් සද මඩලේ පළසේ එබී – ඔබේ ආදරය පින්තාරුවේ

    පන්තාරුවක රිද්මේ රැදී – ගී පිරිතක් විදි ජිවිතේ
    ඔබේ ආදරය පින්තාරුවේ………

    ඔබ නිදනා තුරු පපුතුරුලේ – සුවඳ එබෙයි සුසුමට මගේ
    කදුළෙන් කදුළට ජිවිතේ – හුස්ම වැටෙයි පරමාදරේ……
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
    මේක නම්
    11.gif


    තරහෙන් අහක බලා
    ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී
    ඔබ මා සනසනවා
    දෙනුවන් කැල්ම හෙලා
    ඔබ හිනැහී දොඩනා
    ඒ වදනේ මා බැඳිලා
    තව ආදරෙ වෙනවා

    පෙම් හසරැල් සඟවන් මුහුණේ
    නැගෙන මොහොතේ ඔබගේ
    මා සැනසුම් සුසුමන් හෙලුවා
    ඔබ හා බැඳිලා රහසේ
    ඩිංගක් විහිලු කළා
    ඇයි මේ තරහා වෙලා

    තරහෙන් අහක බලා ...........

    ළංවුණොතින් මොහොතක් ඔබගේ
    සුවඳේ රැඳිලා මසිතේ
    දුක් වියවුල් නිවෙමින් දැණුනා
    සහනේ ඔබගේ සෙනෙහේ
    ඩිංගක් විහිලු කළා
    ඇයි මේ තරහා වෙලා

    ඔබ මා සනසනවා........

    Athula Adikari
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]තාම තරුණයි රාත්‍රිය මනරම්[/FONT]
    [FONT=&quot]ළඟාවෙනු මැන සරා සඳ සමඟින්[/FONT]
    [FONT=&quot]සීත කඳුළක් තබා සඳ නෙතඟින්[/FONT]
    [FONT=&quot]රැය ගෙවී යයි තව නිමේෂයකින්[/FONT]

    [FONT=&quot]ලොවම සැතපෙයි අඳුර මධුරයි[/FONT]
    [FONT=&quot]සිහින වෙරළට පාව එන් රහසින්[/FONT]
    [FONT=&quot]ලොවම අඳුරුයි අඳුර රුදුරුයි[/FONT]
    [FONT=&quot]සිහින වෙරළේ අගාධය ගැඹුරුයි[/FONT]

    [FONT=&quot]තාම තරුණයි රාත්‍රිය මනරම්[/FONT]
    [FONT=&quot]ළඟාවෙනු මැන සරා සඳ සමඟින්[/FONT]

    [FONT=&quot]කුමුදු හිනැහෙයි පවන සිසිලයි[/FONT]
    [FONT=&quot]ළපළු පලසට පානගන් විගසින්[/FONT]
    [FONT=&quot]කුමුදු පරවෙයි පවන රළු වෙයි[/FONT]
    [FONT=&quot]ළපළු යහනේ විරාමය කඳුළයි[/FONT]

    [FONT=&quot]තාම තරුණයි.......[/FONT]

    [FONT=&quot][/FONT]
    රොෂාන් ශාන්ත බුලේගොඩ/දීපිකා ප්‍රියදර්ශනී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පලායන්නේ නෑ මා

    පලායන්නේ නෑ මා ඔබ දමා මෙලෙසින් මා
    හමා එනා සේනා දකිමි නා//

    හඬනා සැනෙහි
    ඔබේ නෙතු වෙමි
    ඔබ තැවෙනා සඳෙහි
    ඔබේ හද වෙමි
    අප ලබනා වේදනා
    ආදරයේ රූ මවා
    ජිවිතයේ මල් සදා
    පුදනා කල්හී

    පලායන්නේ නෑ මා ඔබ දමා මෙලෙසින් මා...

    හඬනා සැනෙහි ඔබේ නෙතු වෙමි...

    පලායන්නේ නෑ මා ඔබ දමා මෙලෙසින් මා...

    ඔබේ හද වෙමි
    අප ලබනා වේදනා
    ආදරයේ රූ මවා
    ජිවිතයේ මල් සදා
    පුදනා කල්හී


    ගායනය : රනිඳු ලංකාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ආදරේ ඇසෙනා ඉමේ

    මට ආදරේ ඇසෙනා ඉමේ
    මගේ ජිවිතේ සදා රැදේ හදේ
    දුක් වේදනා කොපමණ වුවත්
    ඔය ආදරේ සදා රැදේ හදේ

    මේ රිද්මයෙන් පවා
    මහෝසයක් වුනා
    කුලදුලෙන් පවා
    අපෙ පැතුම් හාවුනා
    ඔය
    ආදරේ කෙසේ වටී
    කියන්න පාඩුවේ
    නොනිදා කෙසේ කියාවිදෝ
    එපාද ආදරේ

    මට ආදරේ ඇසෙනා ඉමේ...

    අප ජන්මයන් පවා
    යුගන්තයක් වුනා
    පස් පියුමකින් පවා
    ඔබේ සිතුම් යාවුනා
    ඔය ආදරේ කෙසේ වටී
    කියන්න සොඳුරියේ
    නොහඬා කෙසේ කියාවිදෝ
    එපාද
    ජිවේතේ


    මට ආදරේ ඇසෙනා ඉමේ...

    ගායනය : රනිඳු ලංකාගේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මයෙ සුදු කෙල්ලේ හිනැහෙන්නෙපා
    හුරතල් දෑසින් මට ඉඟි දෙන්නෙපා
    නාඹරයි නාදල්ලේ සැමරුම් තිබ්බා ආලේ
    මානම් සිහිනැතිවෙයි වාගේ
    සත්තයි සිහිනැතිවෙයි වාගේ

    මෙච්චර වැඩියෙන් ඇය මට ආදරේ
    හරියට අර මහා නිල් සාගරේ
    කොපුලක් කොපුලක් ගානේ
    උණුහුම් වෙද්දී ආලේ
    හිතනම් කිතිකැවිලා වාගේ
    ඔව්මයි කිතිකැවිලා වාගේ

    මේ තරම් හිත දීලා යාවිදෝ පිටුපාලා
    පවසමී දිවුරාලා ඉන්නෙමී සෑමදා ළංවෙලා

    මයෙ සුදු .................

    තාරකා එළි පහසේ දැල්වෙලා නෙතු රහසේ
    සඳවතයි ඔබ මාගේ ඇත්තමයි හදවතේ මන්දිරේ

    මෙච්චර වැඩියෙන් ...............


    ගායනය :- දිනේෂ් තරංග හා කොරින් අල්මේදා
     
    • Like
    Reactions: conqureshadow
    Status
    Not open for further replies.