ඔන්න වයසක සීයා කෙනෙකුගෙයි ආච්චි කෙනෙකුගෙයි වෙඩින් එනිවර්සරි එක හෙටනම් සියා ආච්චිට කිව්වලු අපි ඒ කාලේ මතක් වෙන්න හෙට මොනවා හරි කරමු නේද කියල. ආච්චි ඒකට එකග උනාලු. ඔන්න ඉතින් එනිවර්සරි එක දවසේ උදේම සීයා කිව්වලු ආච්චිට මම ඔයාට ලව් කල කාලේ වගේ හරියටම දවල් 11ට ඒ කාලේ ආපු බස් හෝල්ට් එකට එන්නම් ඔයා එතනට වෙලාවට එන්න කියල. එහෙම කියලා සියා කලින්ම ගිහින් මල් පොකුරකුත් අතේ තියාගන හෝල්ට් එකේ ඉන්නවලු. 11හත් පහු උනාලු . 12 හටත් කිට්ටු උනාලු ඇත තාම ආච්චි එන පාටක් නැතිලු. අන්තිමට බස් හෝල්ට් එකේ දවල් 1 වෙනකම් හිටපු සියා මල පැනල මල් පොලවේ ගහල ගෙදර ගියාලු. යනකොට ආච්චි ගෙදර ඉන්නවලු. මල පැනල හිටපු සියා ඇහුවලු ආච්චිගෙන් " මොකද හලෝ ආවේ නැත්තේ ... මම පැය කියක් කට්ට කෑවද තමුසේ නිසා " ඒ ගමන ආච්චි කියනවලු "සොරි බබා අම්ම මට එන්න දුන්නේ නැහැ".
උපුටා ගැනීමකි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



