පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසී අවදි වෙන්නෑ

    දෛවයයි ඉරණමයි
    ජීවිතය සමඟින්
    රඟන රැඟුමක් දෝ..


    දඟකාර සමනල් අවදියේ අපි
    ඉගිළුනේ අපේක්ෂාවන් කරා
    පිනි සුළෙඟ් දැවටෙමින්
    කාන්සියට ගී ගැයුවා
    අපේ ගී ඇසුණේ අපට පමණයි


    ක්ලැරන්ස් විජේවර්ධන
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සංවේදනා මාහදේ දරා

    සංවේදනා මාහදේ දරා
    මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
    පෙම් චේතනා ඇවිලී
    ගියා
    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
    පවනේ පවා
    මුසුවි ගියා
    මං ගැයුව දුක් ගායනා

    අකාසේ දෙදරා ගියා
    සඳ අහසේ ගිලුනා කියා
    මා දෑස නොපෙනේ සදා
    බේ රුවම ඕනා නිසා
    සංසාරේ නිම්නේ පවා
    හමුවන්නේ ඔබවයි සදා
    ඒ මොහොත ලං වෙයි කියා
    මං ඉන්නේ නොමැරි තමා

    ගංගා පවා සිඳිලා ගියා
    මං හෙළුව සුසුමින්ම වියළි තලා
    සයුරෙන් ගෙනා දියරැල් පවා
    මහ දියඹේ මං නොදැන ගොළුවි සිනා
    සයනේ වෙලි
    තනිවි මෙමා
    ඔබ ගැනම සිතුවා
    දා

    අකාසේ දෙදරා ගියා...

    ගායනය : ශේන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුමක්ද මරණ‍ය.....//
    අස්ථිර සුසුමක් නැවත නොගන්නට
    සුලඟට දන් දීම‍යි.....
    ඒ හිස් සුසුමට අරුතක් එක් කර
    මරණ‍ය උත්තම පූජාවක් කරමු.....

    නෙක නෙක වෙස් බැඳ සබ‍යට සැපැමිණ
    පිදේනි ඉල්ලති ඇදුරුතුමෝ....
    උන් හට දොල දී බොරුවෙන් රැවටී
    අපි හැමදාමත් ඇටකටු ආතුර‍යෝ....
    පෙරදිග මුතු ඇට‍යේ ඇටකටු මත
    ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍ය‍යේ නාම‍යෙන්....

    කිරි පැණි පාගා තැඹිලි වතුරලා
    පච්ච වඩම් තිර හතක් මැදින්.....
    ඇදුරන් වඩලා අප ගැන හඬලා
    සැප දුක් ඇසු කල අප හැම ආතුර‍යෝ......
    පෙරදිග මුතු ඇට‍යේ ඇටකටු මත
    ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍ය‍යේ නාම‍යෙන්....

    -Nanda Malani-



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න රත්තරනේ ඇයි මේ වගෙ දුක් දෙන්නේ
    ඔය සුදු මුහුණ ටිකක් බලන්න අවසර නැත්තේ
    මැරි මැරි උපදිනවා ඔබ සිහිවෙන හැමවාරේ
    ඔයාව නොලැබු‍ණොතින් කිසි අරුතක් නෑ දිවියේ

    ඉස්සරනම් අපි දෙන්නා හරි සතුටින් කල් ගෙවුවා
    අඩුවක් නැති ආද‍රයේ සුන්දර තැන් මට දුන්නා
    ඉස්සර වගෙ නෑ ඔයා මට වෙනසක් දැනෙනවා
    මේ දුක මගෙ උරුමයනම් මා තනිවෙන්නම් සදා

    කියන්න රත්තරනේ ...............

    දහසක් බාධක හමුවේ ඔබ මා නොසැලී උන්නා
    රිදෙන රිදෙන හැම වාරේ ඔබ නැතිවේදැයි සිතුනා
    කඳුළු බිබී වැලපෙනා මේ හිත අද තනිවෙලා
    ඔයාගෙ සැප මගෙ සතුටයි මා තනිවෙන්නම් සදා

    කියන්න රත්තරනේ ...............


    ගායනය :- කිංස්ලි පීරිස්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නන්නාඳුනනා ඔබගේ...
    නන්නාඳුනනා ඔබගේ

    අත්අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඩ සඳ බැසගෙන යන සඳ
    රෑහී හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...

    මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන්හඬින් මට කියාවි...

    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව...


    §අමරදේවයන්§
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මැණිකේ මගෙ මැණිකේ
    අලුයම හිරු එළිය ‍වගෙයිනේ
    කැකුළු මල් අද පිපුනා
    මගේ හදවත බැඳුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ

    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා
    සුදු මැණිකේ ගැන සිතලා
    මම ඉන්නේ මඟ බලලා

    සුදු මැණිකේ ...............

    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසින් හිනහෙනවා
    සුදු මැණිකේ මම එනවා
    ඔබ කැන්ඳා ගෙන එනවා

    සුදු මැණිකේ ...............

    ඇල් හේනේ ..................

    සුදු මැණිකේ ...............


    ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යොවුන් සිහින මැද තනිවූ සමයක
    මුණගැසුනේ මට තරුණයෙකී
    ඔහුගේ හැඩරුව මා සිත ඇඳුණේ
    මැකී නොයන ගල් පිළිරු මෙනී
    මා ජීවිතයේ පැතූ සෑම දෙය
    ඔහුගේ මුහුණෙන් දිස්වූවා
    මටත් හොරා ඔහු මා සිත අරගෙන
    ඔහුගේ ළය තුළ සිරකෙරුවා

    යෞවන සිහිනය මාගේ
    පෙමින් මත්වෙන කාලේ

    ඔහු ඇසුරට මා එතුනෙ එකල සිට
    හදවත් හඳුනා ගන්න සිතා
    දුටුවෙ ගැඹ්වූ හැඟුම් චේතනා
    අදහා ගන්නට නොහැකි වුණා
    වස්තුව දේපල පෙරමුණට ම වී
    ආදර සෙනෙහස පසෙක තබා
    අතිනත ගෙන ජීවිත මඟ යන දුටු
    පැතුම් කඩාගෙන බිඳ වැටුණා

    යෞවන සිහිනය මාගේ .............


    ගායනය :- මානෙල්ලා හා ඉරෝමි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑ අහස පුරාවට.....මං හෙව්ව තරු දෑස.....
    හංගාන දුර ඈත..... ඔබ සැඟව උන්නාට.....
    පෙරදාක මට පෑව.....සෙනෙහසේ මුදු සුවඳ.....
    දැනෙනවා මට තවම.....සිත ගාව පෙර සේම.....

    නෙතු පි‍යන් ‍යට නිදන් වූ මතක‍යන් පිබිදිලා.....
    ‍යලි ‍යලිත් ඔබ සො‍යනවා සිතම තව සැඟවිලා.....
    දුර අතීතේ සොඳුරු සැමරුම් අතරේ සැරිසරා...
    පරමාදරේ මිහිර මා සිතින් තවම විඳිනවා.....//

    ඔබ නික්මිලා ගිහින් ගත වුනත් බොහෝ කාල‍යක්.....
    ඔබ උන්න තැන හිතේ උණුහුම‍යි තවම ජීව‍යෙන්.....
    ලං වෙන්න බැරි හින්දාම ඔබ නික්මන් කලත්.....
    හිමි නැතත් අහිමි වෙන්නෑ අපි අපේම‍යි අදත්.....//


    -Thilina Amarasena- (jamiezue)

    (Lyrics-
    tear)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ අහස පුරාවට.....මං හෙව්ව තරු දෑස.....
    හංගාන දුර ඈත..... ඔබ සැඟව උන්නාට.....
    පෙරදාක මට පෑව.....සෙනෙහසේ මුදු සුවඳ.....
    දැනෙනවා මට තවම.....සිත ගාව පෙර සේම.....

    නෙතු පි‍යන් ‍යට නිදන් වූ මතක‍යන් පිබිදිලා.....
    ‍යලි ‍යලිත් ඔබ සො‍යනවා සිතම තව සැඟවිලා.....
    දුර අතීතේ සොඳුරු සැමරුම් අතරේ සැරිසරා...
    පරමාදරේ මිහිර මා සිතින් තවම විඳිනවා.....//

    ඔබ නික්මිලා ගිහින් ගත වුනත් බොහෝ කාල‍යක්.....
    ඔබ උන්න තැන හිතේ උණුහුම‍යි තවම ජීව‍යෙන්.....
    ලං වෙන්න බැරි හින්දාම ඔබ නික්මන් කලත්.....
    හිමි නැතත් අහිමි වෙන්නෑ අපි අපේම‍යි අදත්.....//


    -Thilina Amarasena- (jamiezue)

    (Lyrics-
    tear)
    11.gif
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shehan Kaushalya.......

    ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළංවීලා~
    කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා..
    යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා~
    මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා..
    ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ආදර අම්මා

    නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
    දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
    මා ... ආදර මගේ අම්මා
    මා ... ආදර අම්මා
    ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
    මගේ ලෝකය,මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
    මා ...ආදර මගේ අම්මා
    මා ...ආදර අම්මා

    කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
    රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
    දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
    දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
    මා ...ආදර මගේ අම්මා

    යන එන තැන විමසා මා පසු පස උන්නා
    හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
    නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
    ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
    මා ... ආදර මගේ අම්මා

    නපුරු වෙන්න එපා ...

    ගායනය : චාමර වීරසිංහ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ රෑ මගෙ දෑස මානේ පායා

    සඳ රෑ මගෙ දෑස මානේ පායා
    දැනුනා ඔය නීල දෑසේ සේයා
    මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා
    සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
    උතුරා සඳ රේණු පාවී ආවා
    දැනෙනා හැඟෙනා විඳිනා මේ හීනේ සේයා

    පායලා බාලයේ ආදරේ ගාවා
    තේරුණා ආකහේ පාවෙනා සේමා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා

    සඳ රෑ මගෙ දෑස...

    මා පැතු මා සිතු ආදරේ වින්දා
    මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ ඡායා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා

    සඳ රෑ මගෙ දෑස...

    ගායනය : භාතිය සහ සන්තුෂ්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබෙ මුදු මඳහස් රැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් හිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක් පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ


    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු හිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව වැටුනා


    නිදි යහනේ මා නින්දට වැටුණා
    ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
    එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
    මගේ සිතම මට මුමුණනු ඇසුණා

    walking-in-dark-street1.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    පිරුනා සිත මගේ
    සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ
    සැමදා ඔබ මගේ

    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ලගමයි
    කවදා හමුවෙවිදෝ
    දෙදෙනා හැබැහින්
    හිනැහී ලංවේවිදෝ
    තුරුලුවී ආදරෙන්


    මා සිත බඳුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආදරෙයි
    ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමි මෙසේ
    ඔබට මා ආදරෙයි



    Favim.com-22267.jpg

     
    Last edited:
    • Like
    Reactions: m3pium

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා
    ඔබ හඩයි
    කරන චෝදනා මොනව දෝ කියා නොම හැගෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි.....
    අචල ආද‍රේ බැදුන ඔබ කෙරේ එලෙසමයි.........:(
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ :love:
    සොයමී ජීවිතේ පාළු මකා
    මල් මල් මාවතේ ආදර රන් ළඳේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්.....:yes::cool::cool::cool::yes:


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ....????:rolleyes:
     
    Status
    Not open for further replies.