සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා..
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා...
තිලිණ වෙයි මුතු ලෙසම
කසළ සුන්බුන් සැවොම
තුරුලු කර ගනිමි සම සිතකිනා..
මවක මෙන් විඳින දුක් කුළුණිනා..
පැමිණ යයි ඔබ සැවොම
හිඳිමි නොසැලී මෙහිම
පවුර වී බිම රකින සයුරිනා...
එතෙරවන පයට මග සදමිනා..
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - විශාරද නන්දා මාලිනී
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා..
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා...
තිලිණ වෙයි මුතු ලෙසම
කසළ සුන්බුන් සැවොම
තුරුලු කර ගනිමි සම සිතකිනා..
මවක මෙන් විඳින දුක් කුළුණිනා..
පැමිණ යයි ඔබ සැවොම
හිඳිමි නොසැලී මෙහිම
පවුර වී බිම රකින සයුරිනා...
එතෙරවන පයට මග සදමිනා..
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - විශාරද නන්දා මාලිනී
atheethay sihinak pamanai









