පද පේලි .....

Status
Not open for further replies.

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්~
හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්~
තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..
me song eke link eka denna puluwanda? :)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම් පත
    ඔබෙ සෙවන පමණි
    මිහිපිට ඇති එක ම සම්පත

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොට ද ඔ‍බ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

    තරු අත් අකුරින් ...........

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ

    තරු අත් අකුරින් ...........


    ගායනය :- වික්ටර් රත්නායක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම ආවත් මගේ හීනෙට
    මාගෙ තනිකම මකන්න බෑ
    කිසිදාක නාවත් නුඹේ හීනෙට
    මා අමතක කරන්නෙපා

    මා ඉන්නේ පාලු රෑක සීත‍ලේ හඬා
    ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වෙලා
    ඔබ මට කියන්න මගෙ හිත හදන්න
    මොනව ද කරන්න ඕනා
    ඉවසාල ඉන්න බෑ උහුල ගන්න
    මියැදීල යන්න ඕනා

    මා දන්නෑ මාගේ ජීවිතේ මගේ කියා
    ඔබ දන්නෑ ජීවිතේ ඔබෙ කාගෙදෝ වෙලා
    ඔබ මට කියන්න මගෙ හිත හදන්න
    මොනව ද කරන්න ඕනා
    ඉවසාල ඉන්න බෑ උහුල ගන්න
    මියැදීල යන්න ඕනා

    හැමදාම ආවත් ..........


    ගායනය :- රුක්මන් අසිත හා කුෂ් රාජ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ආදරේ ඔබ නිසා
    හොරෙන් නෙත් කොනින් බැලු ඔයා
    දරාගන්න බෑ මා හදේ වේදනා
    ඔබ ගියා හදවතක් හඬවලා

    ඔයා කිවු නිසා ඔබ ළඟින් නැවතුනා
    සදා ඉන්නෙ ඔබ ළඟයි සිතා
    වැස්සක් වෙලා මගේ සිත තෙමා ගියා
    බලා ඉන්නෙ ඔබ එනතුරා
    ළඟින් ඉන්න එනවදෝ ඔයා
    ඈ ඒදෝ

    මගේ ආදරේ ............

    මා ළඟින් දැවටිලා අත්දෙකෙන් අල්ලලා
    එක්ව මියෙමු හැරනොයමු කියා
    දේදුන්නක් වෙලා මැකිලා ඔබ ගියා
    ඇයිද ගියේ මා හැරදමා
    සිතින් හඬයි මා තනිවෙලා
    ඈ ඒදෝ

    මගේ ආදරේ ............


    ගායනය :- ගාමින්ද අදස්සූරිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දහසක් පැතුමන් පොදි බැඳ ගත්තා
    නුඹ ඉපදුන දා මගේ සුදූ
    නුඹ මියැදුණ දා පැතුමන් බොඳවී
    ගිනිබත් වූවා මගේ සුදූ

    කඳුළක් වැටුණා නෙතගේ
    මගෙ දුව වෙන්වුණ දවසේ
    කෙලෙසද දුව වෙන්වූයේ
    අප තනිකර මේ ලෝකේ
    මගෙ සුදු දුව නුඹ කෙලෙස ද වෙන්වූයේ
    නුඹ රැක ගන්නට පින් මදි වුණි ද කෙසේ

    පාසල නිමවී නුඹ එන වෙලාවට
    දිවයයි මා සිත නුඹ එන දිහාවට
    කුසගිනි කියමින් අම්මා හට නිතර
    දුවේ නුඹට අද කුසගිනි නොදැනෙයි ද
    දුවේ නුඹ අපට නොපෙනයි රිඳුම් දැනෙයි හදට
    දුවේ නුඹට තනි ද හීනෙන් කියන් දුවේ අපට

    ගේ හැඩවූයේ නුඹ හින්දයි නිතර
    අද පාලුයි මුළු ගෙදර ම දූ නැතිව
    මේ තනිකමනම් නො‍මැකෙයි කිසිදිනක
    ඇයි ද අපෙන් වෙන්වී ගියෙ නුඹ එලෙස
    දුවේ අපට මෙලෙස වුණේ ඇයි හද ම දැවෙයි නිතර
    නුඹ නැති තනිය නො‍මැකෙයි අප මියෙනා තුරුම


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා රෝස කම්මුල් පුරා
    පිණි පාට කඳුළක් ගලා
    හිත අස්සෙ හංඟන් ඔයා
    හිටියා ද මගෙ ආදරේ
    ඔබ කීවෙ නෑ මා ඇහුවෙ නෑ
    සුසුමෙන් දෙඩූ ආදරේ
    මුවගින් නොකී ආදරේ

    හැමදාම උදයේ හවා
    හමුවෙද්දි ඔබ හා මෙමා
    හසරැල්ල පැවසූ කතා
    හද පත්ලෙ පැතුමක් වුණා
    ඔබ කීවෙ නෑ මා ඇහුවෙ නෑ
    සුසුමෙන් දෙඩූ ආදරේ
    මුවගින් නොකී ආදරේ

    සංසාරෙ හැටි මේ තමා
    හිමිවෙද්දි අහිමියි ඔයා
    මගෙ වෙන්න පැතුවා කියා
    වැ‍ටහෙන්නෙ දැන් පහුවෙලා
    ඔබ කීවෙ නෑ මා ඇහුවෙ නෑ
    සුසුමෙන් දෙඩූ ආදරේ
    මුවගින් නොකී ආදරේ


    ගායනය :- අරුන තමිල්
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම් පත
    ඔබෙ සෙවන පමණි
    මිහිපිට ඇති එක ම සම්පත

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොට ද ඔ‍බ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

    තරු අත් අකුරින් ...........

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ

    තරු අත් අකුරින් ...........


    ගායනය :- වික්ටර් රත්නායක
    asama song ekak :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක හිතුන ම සනසවන්න
    හිත බිඳුණ ම හදා දෙන්න
    ළඟින් උන්නු ආදරී
    අද වෙන කෙනෙකුට හාදවී
    කම් නෑ ඔබ දුරස් වෙන්න
    හැකිනම් හිත හදා ගන්න
    රිදුණා හිත ආදරී
    දුක හිතුනා මගෙ ආද‍රී

    හුස්මක් හුස්මක් ගානේ ඔබවයි සැමදා පැතුවේ
    වෙන කෙනෙකුන් ගැන මොහොතක් වත් නෑ සිතුවේ
    කඳුළැල් බොඳවී දෙනෙතේ ඔබවයි සිහියට එන්නේ
    හැරයන්නට සිතුව ද වෙන්වෙලා මේ ලෙසේ
    සුභ පතනෙමි හදවතින් ඔබට
    වරදින්න එපා කවදාවත් ම
    මගේ ආයුෂත් අරගෙන ඉන්න දෙවුලියේ

    දුක හිතුන ම ...................

    ලෝකයෙ ගැරහුම් හමුවේ අසරණ සිත වැලපෙන්නේ
    හදාගන්න මේ හිත නැහැ තේරෙන්නේ
    දෛවයෙ සරදම් හමුවේ ඔබ මට අහිමිව යන්නේ
    මියයන මොහොතෙත් මම ඔබ ගැනයි සිතන්නේ
    සුභ පතනෙමි හදවතින් ඔබට
    වරදින්න එපා කවදාවත් ම
    මගේ ආයුෂත් අරගෙන ඉන්න දෙවුලියේ

    දුක හිතුන ම ...................


    ගායනය :- ශාලින්ද ප්‍රනාන්දු
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටින මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක..

    සයුර මා විය, අහස ඔබ විය..
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය..
    ඒ වෙලාවේ මට මතක් විය,
    කලක් ලොව අප ගැන සිතූ හැටි..

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය..
    කී කතාවේ අරුත වැටහින,
    අහස සමුදුර එකතු වී යැයි..

    :(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kasun Kalhara..........

    තුරු ලතා පවා දුකින් වගේ~
    අත වනා හොයන්නෙ ඔබ කොහේ..
    හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න~
    මගේ හදේ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නුපුරුදම ආදරේ එක හිතට යා කරන්
    නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
    ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හංගාගෙන සිටියා මා සිතක කොනේ

    හංගාගෙන සිටියා මා සිතක කොනේ //
    නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා

    ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
    ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
    සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
    මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා

    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
    දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
    සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි
    නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
    හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
    ඔය හිත නොහඳුනනවා නෙමෙයි
    ජීවිතය ගැන බයයි
    ආදරයෙ නිසි අරුත තව සොයයි
    ආදරයෙ නිසි අරුත තව සොයයි

    හංගාගෙන සිටියා මා සිතක කොනේ...


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ නිදනා සීතල පොළවේ

    ඔබ නිදනා සීතල පොළවේ
    මලක් පිපීලා නමක් නැති..
    ඔපාදම බිම නැමී සිපගමි
    ඔබේ කිරි සුවඳයි අම්මේ
    අම්මා.....අම්මා.....

    වැවේ පතුලෙන් දොවාගත් පැන්
    පිරිත් පැන් සේ පොවාලා
    හොවා උකුලේ පුරා මා වෙඩි
    කුලී මාලිඟ තනාලා
    කුලී මාලිඟ තනාලා
    අම්මා.....අම්මා.....

    ඇසේ ඇසිපිය වසා කඳුලට
    හිතේ දුක්ගිනි දරාලා
    මහා බොසත් පෙරුම් පිරුවේ
    අපේ බුදුබව පතාලා
    අපේ බුදුබව පතාලා
    අම්මා.....අම්මා.....

    ඔබ නිදනා සීතල පොළවේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    සත‍යක්වත් නැතුව.....නොමිලේ හොඳට හිනාවෙන්න.....
    සල්ලි කි‍යා තම මල්ලි මරාගෙන
    රණ්ඩු කරාගෙන ජීවත්වෙන අ‍ය ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා.....
    බඩට ගැහුවේ කවුද..... ඔරවන්නේ මොකද.....
    චණ්ඩි කි‍යාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන
    දත් නැතුව බත් කාපු අ‍ය දැකලා දුක හිතුනා.....
    පරක්කු නෑ තවම.....හිත හදාගන්න බැරිද.....
    වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
    ජීවත් වෙන්න.....ජීව‍ය මෙන්න.....
    ජීවත් වෙන්න.....ජීව‍ය දෙන්න....
    කඳුලු පුරවාගෙන.....දවසම අඬන්නේ මොකටද.....
    බොක්කෙන්ම love කරල බැඳල බෙර ගහල
    ලොවට පෙන්නාපු කෙල්ලො හලපු පොරවල් දැක්කා
    තැන් තැන්වල පච වෙනවා.....
    වැරැද්ද කාගේද.....නීති‍ය අපි කාටත් එකද.....
    ජාති ජන්ම කුල භේද පටලවපු අපේම සමහරු
    සුදු ඇඳුම ඇඳගෙන අසරණ‍යට දඬුවම් කෙරුවා.....
    පරක්කු නෑ තවම.....අපිට වෙනස් වෙන්න බැරිද.....
    වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
    ජීවත් වෙන්න.... එන්න.....එන්න.....
    එන්න මගෙ අත ගන්න.....
    විඳින්න....ආදරේ ලබන්න.....ආදරේ කරන්න.....
    ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන් හෙට මැරිල ගි‍යත් මොකද......

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....බැරි නම් ගෙදරට වෙලා ඉන්න.....
    බැනුම් අහල මදි වගෙ නම් ගෑණුන්ගෙන් ගුටි කන්න.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....

    -Daddy-
    _________________________________________________________________________________

    බීප් කි‍යලා දාලා ති‍යන තැන වචනේ පැහැදිලිව ඇහෙන්නේ නෑ.....පුලුවන් නම් කවුරුහරි කි‍යන්න.......:baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ අහසට ආදරේලු
    වෙරළට රළ ආදරේලු
    සුවඳට මල් ආදරේලු ඔයා මට වගේ
    ආකාසේ තරු තරමට
    මහ සයුරේ දිය පමණට
    ලොවම පිපෙන මල් ගණනට මමත් ආදරේ

    හිතාගන්න බැරි තරමට
    ඔබයි මමයි හමුවුනාට
    කියාගන්න බැරි දේවල් හිතේ තියෙනවා
    දරාගන්න බැරි හින්දා
    සෙනෙහස මගෙ වැඩි හින්දා
    හදේ පැතුම් විකසිත වී කවි ලියවෙනවා

    සඳ අහසට .............

    වසන්තයේ මල් පිපෙනව
    අපි දෙන්නට ඉඟි කරනව
    මට ම නොතේරෙන පෙම්බර හැඟුම් මැවෙනවා
    ඔබයි මමයි එක්වන තුරු
    පැතූ පැතුම් ඉටුවන තුරු
    රෑ තුන්යම මම නිදි නැති ලොවක ගෙවනවා

    සඳ අහසට .............


    ගායනය :- ඉන්ද්‍රජිත් දොළමුල්ල
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    සත‍යක්වත් නැතුව.....නොමිලේ හොඳට හිනාවෙන්න.....
    සල්ලි කි‍යා තම මල්ලි මරාගෙන
    රණ්ඩු කරාගෙන ජීවත්වෙන අ‍ය ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා.....
    බඩට ගැහුවේ කවුද..... ඔරවන්නේ මොකද.....
    චණ්ඩි කි‍යාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන
    දත් නැතුව බත් කාපු අ‍ය දැකලා දුක හිතුනා.....
    පරක්කු නෑ තවම.....හිත හදාගන්න බැරිද.....
    වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
    ජීවත් වෙන්න.....ජීව‍ය මෙන්න.....
    ජීවත් වෙන්න.....ජීව‍ය දෙන්න....
    කඳුලු පුරවාගෙන.....දවසම අඬන්නේ මොකටද.....
    බොක්කෙන්ම love කරල බැඳල බෙර ගහල
    ලොවට පෙන්නාපු කෙල්ලො හලපු පොරවල් දැක්කා
    තැන් තැන්වල පච වෙනවා.....
    වැරැද්ද කාගේද.....නීති‍ය අපි කාටත් එකද.....
    ජාති ජන්ම කුල භේද පටලවපු අපේම සමහරු
    සුදු ඇඳුම ඇඳගෙන අසරණ‍යට දඬුවම් කෙරුවා.....
    පරක්කු නෑ තවම.....අපිට වෙනස් වෙන්න බැරිද.....
    වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
    බ‍යිලා නැත්තම්
    hip-hop කි‍යන්නම් ඔලුවෙන් හිටගෙනම.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
    ජීවත් වෙන්න.... එන්න.....එන්න.....
    එන්න මගෙ අත ගන්න.....
    විඳින්න....ආදරේ ලබන්න.....ආදරේ කරන්න.....
    ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන් හෙට මැරිල ගි‍යත් මොකද......

    වරෙන් ‍යන්න අපිත් එක්ක.....බැරි නම් ගෙදරට වෙලා ඉන්න.....
    බැනුම් අහල මදි වගෙ නම් ගෑණුන්ගෙන් ගුටි කන්න.....
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
    (බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....

    -Daddy-
    _________________________________________________________________________________

    බීප් කි‍යලා දාලා ති‍යන තැන වචනේ පැහැදිලිව ඇහෙන්නේ නෑ.....පුලුවන් නම් කවුරුහරි කි‍යන්න.......:baffled::baffled::baffled:


    කාලෙකට පස්සේ අහපු අමුතුම song එකක්... 1st time බලද්දි අමුතුම හැඟීමක් දැනුනා. video එක උනත් කරලා තියෙනවා හොඳට. :D rep++++
     
    • Like
    Reactions: Rex921
    Status
    Not open for further replies.