විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. Kellage කන්යාබාවය umbata wadagath da ? ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්.

    Sex and Love kiyanne dekak.marriage
    ekakata reason eka wenna ona virginity ekawath wena kisima galapimak wath neme mutual love ekak nisa marry karanna ona.
    Sex kiyanne waradak neme eth.mama buddhist kawru hari kiyanawa nam marry karanna kalin sex karana eka kamaya waradawa hasirimak kiyala u muslim wenna athi buddhist wenna baha.

    buddagame badinna kalin sex karanna kiyala kohewath kiyala nha.e badinna kalin sex karana eka waradi kiyala thinawa nam pennapan(dhamma padaya ,eka eka sandesha wage ewage neme thripitakaye thinawa nam).
    Para stri/purusha sewanaya,balen sex karana eka or rawatima nam waradi.
    Kamaya warawa hasirima kiyanne sex kiyana de waradiyata kirima witharak neme anith hama asahawak ma waradi lesa kirima ayithi wenawa.
    Culture ekata anuwa hari unath(sex between wife and husband )waradi unath api karana hama dekinma wenne sasara dik wena eka eka thamai yatharthaya.

    godak aya meke dala thibuna 1st option ekata vote karala thibune kello anatha karapu nath nam badu gagaha yana aya kiyala e katha kiyapu aya adare kiyala wena dekata rawatuna set ekak witharai.aththa adareta virginity ekawath ,race ekawath ,samaja mattam galapimawath kisima deyak wadak nha.
    Kellawa marry karanawa kiyala rawattala sex karana eka ,para stri/purusha sewanaya waradi.nath nam badinna kalin sex karana eka kamaya waradawa hasirimak neme.
    Mama dakala thinawa samahara aya kiyanawa 3 weni sil paden kiyanne culture ekata wiruddawa(lankawe samahara aya badinna kalin sex karana eka waradi kiyala kiyanawa ape culture ekata anuwa)sex karana eka waradi kiyala.ethkota lankawe culture eka anuwa rajawaru antakpura thiyagena hitiye ewa harida.ethanadi rajawaru karna deyin wenne kleshayan ekathuwimak adhika kama(sex) ashawa nisa sasara gamana dik wena eka kleshayan ekathu kara ganima nisa wenne.

    මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
    එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

    මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.

    "ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රෞදූ වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණගාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන් සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලක්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඩුවම් සහිතවූද, යටත් පිරිසෙයින් (මැය මගේ භාර්යාව වන්නීයයි පිරිමියෙකු විසින්) මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබදු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්‍ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි".

    ඒ කියන විදිහට;
    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.

    මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

    මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා.. අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කො‍ටු පනී කියලා තමයි බය.

    එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්‍රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්‍රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා.. සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ.. සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්..

    එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බඳින්නේ ඇඟේන්... බැඳෙන්නේ හිතින්....
    ඔහොම තර්ක කලොත් තව කෙනෙක්ට මෙහෙම කියන්න පුලුවන්...

    අද කාලේ ගොඩක් අය බදින්නේත් මේ පල්ලෙහා තියන සමහර දේවල් මූලික කරගෙන නේද?

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    සල්ලි පෙන්නලා සල්ලි විසි කරලා බඳින මිනිස්සු ඉන්නවා. එහෙම එන ගෑනුත් ඉන්නවා.

    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    ඔව් ඉතින් සල්ලි තියන එවුන් බඳින්න කවුරුද අකමැති...

    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    සල්ලි කියන්නේ සම්පත්නේ...

    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    ඕවත් සල්ලි වලට ගන්න පුලුවන්...

    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    සමහර එවුන් ගෑනූ බඳගෙන ඒ අයට සලකන්නේ මේ වගේ තමයි...

    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    මට කියහන් තව මිනිහෙක්ට අඹුවන් දෙතුන් දෙනෙක් රකින්න බැරිද??? එහෙම කරලා අර වගේ ඒවා කරන එක පව් ද???

    Anyway thanks for sharing valuable stuff :D
    Welcome to EK and keep up ur good work

    11.gif

    Rep added++

    • Like
    Reactions: Ridila™

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    sorry bro.sinhala nathi ekata. uba dan kiyanna hadanne vivahayata pera lingikawa ek weema apata awashya ne kiyalada? nathnam ubata abiyoga karapu ekata uththarayak witharada uba denna uthsaha kale? uba kiyapu de man therum gaththa good post namuth man ahuwe uba meka dala monawada balaporoththu une kiyalai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kisi prashnayak na
    සහෝගේ මතක ඒක... මතයට ගරු කරනවා...

    sorry bro.sinhala nathi ekata. uba dan kiyanna hadanne vivahayata pera lingikawa ek weema apata awashya ne kiyalada? nathnam ubata abiyoga karapu ekata uththarayak witharada uba denna uthsaha kale? uba kiyapu de man therum gaththa good post namuth man ahuwe uba meka dala monawada balaporoththu une kiyalai

    මම මේක ප්‍රධාන වශයෙන් දැම්මේ අභියොගය බාර ගත්ත නිසා.. මම පන්සිලෙන් බොහෝම ධාර්මිකව ඉන්න කෙනෙක් සහෝ. මගේ මතයත් විවාහයට පෙර සෙක්ස් කියන එක ඕනේ නැහැ කියන එකයි. මොකද ජීවිතයේ විඳින්න තියෙන දේවල් ඒ කාලෙට විඳින්න තිබ්බාම ගන්න පුලුවන් විනෝදයත් නිසි අයුරින් ගන්න පුලුවන් කියලා තරමක් දුරට අවබෝධයක් තියෙන නිසා. සහොගේ මතය සහෝට හැම මතේකටම ගරු කරනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    pawakda kiyala danne nehe machoo ..

    hebei oka nokara innawanam prashna godakin berenna puluwan. nikan mokatada ban illan kanne?
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන් ,උබ මෙතන දාලා තියෙන කරුණු එක්ක විරුද්ද මතවාද දෙන්න තරම් නම් මගේ දැනුම පොහොසත් නැහැ.
    නමුත් මම නම් උබ කියලා තියෙන දේට එකඟත් නැහැ.විවාහයට පෙර එකතුවීම වරදක් නම් අද එලකිරියේම මෙතන ඉන්න හැමෝමත් වගේ ඔයි වරද කරලා ඇති අඩු වැඩි වශයෙන්.අඩු වැඩි වශයෙන් කිව්වේ "එකතුවීම" කියන වචනේ දැම්මට හුගක් එවුන් කරන්නේ "පිට ඔට්ටන් අල්ලන" එකනේ.
    විවාහයට පෙර කරන්න හදනවා නම් ඒ දෙන්න අනිවාර්යෙන් ආදරේ කරන දෙන්නෙක් වෙන්න ඕන.එතැනදී දෙන්නට දෙන්න ආදරේ කරන්නේ කවදාහරි එකතු වෙන්නම බලාගෙන නම් කරාට වරදක් නැහැ කියලයි මම දකින්නේ.හැබැයි ඉති දෙන්නම සීමාවන් දැනගෙන (තමන් තවම විවාහ නැතිවග)කරන්න ඕන.නැත්නම් ඉතින් ඊට පස්සේ "මාර වැඩක් උනා","ඉක්මනට බෙහෙතක් කියපන් "කියලා ත්‍රෙඩ් දාන්න වෙනවනේ.
    මම කිව්වේ මගේ මතය ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බඳින්නේ ඇඟේන්... බැඳෙන්නේ හිතින්....
    ඔහොම තර්ක කලොත් තව කෙනෙක්ට මෙහෙම කියන්න පුලුවන්...

    අද කාලේ ගොඩක් අය බදින්නේත් මේ පල්ලෙහා තියන සමහර දේවල් මූලික කරගෙන නේද?

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    සල්ලි පෙන්නලා සල්ලි විසි කරලා බඳින මිනිස්සු ඉන්නවා. එහෙම එන ගෑනුත් ඉන්නවා.

    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    ඔව් ඉතින් සල්ලි තියන එවුන් බඳින්න කවුරුද අකමැති...

    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    සල්ලි කියන්නේ සම්පත්නේ...

    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    ඕවත් සල්ලි වලට ගන්න පුලුවන්...

    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    සමහර එවුන් ගෑනූ බඳගෙන ඒ අයට සලකන්නේ මේ වගේ තමයි...

    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    මට කියහන් තව මිනිහෙක්ට අඹුවන් දෙතුන් දෙනෙක් රකින්න බැරිද??? එහෙම කරලා අර වගේ ඒවා කරන එක පව් ද???

    Anyway thanks for sharing valuable stuff :D
    Welcome to EK and keep up ur good work

    11.gif

    Rep added++

    සහෝගේ මතයට මම ගරු කරනවා.. සහෝ කියලා තියෙන විදිහට අද සමාජයේ මේ කරුණු නිසා විවාහයන් සිදුවෙන බව සැබෑව.. නමුත් ඒ එක් එක් කරුණ වෙන වෙනම ගත්තම 3න් වෙනි සිල් පදය කැඩෙන්න අවශයය මූලික කරුණු 4 කැඩෙන්නේ නැහැ නේද.. ඒ කිව්වේ;

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    ඔය ටික අවලංගු නොවන නිසා අපිට ඒ ගැන සඳහන් කරන්න බැහැ නේද. බහු භාර්‍යයා විවාහය කියන එක බුදු දහමේ සඳහන් වෙන සූත්‍ර පිටකයක් හොයන්න ඕනේ සහෝ... මම ඒක හොයලා ඒ පිළිබඳව හරියටම අදහසක් දක්වන්නම්. මේ ටිකත් දාන්න ත්‍රිපිටකය PDF සෙට් එකක් අම්බානෙකට කියෙව්වා.ඒ ගැන දාලා මම මේ පෝස්ට් එකම යාවත්කල් කරන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pawakda kiyala danne nehe machoo ..

    hebei oka nokara innawanam prashna godakin berenna puluwan. nikan mokatada ban illan kanne?
    100 % ක් එකඟයි සහෝ...

    මචන් ,උබ මෙතන දාලා තියෙන කරුණු එක්ක විරුද්ද මතවාද දෙන්න තරම් නම් මගේ දැනුම පොහොසත් නැහැ.
    නමුත් මම නම් උබ කියලා තියෙන දේට එකඟත් නැහැ.විවාහයට පෙර එකතුවීම වරදක් නම් අද එලකිරියේම මෙතන ඉන්න හැමෝමත් වගේ ඔයි වරද කරලා ඇති අඩු වැඩි වශයෙන්.අඩු වැඩි වශයෙන් කිව්වේ "එකතුවීම" කියන වචනේ දැම්මට හුගක් එවුන් කරන්නේ "පිට ඔට්ටන් අල්ලන" එකනේ.
    විවාහයට පෙර කරන්න හදනවා නම් ඒ දෙන්න අනිවාර්යෙන් ආදරේ කරන දෙන්නෙක් වෙන්න ඕන.එතැනදී දෙන්නට දෙන්න ආදරේ කරන්නේ කවදාහරි එකතු වෙන්නම බලාගෙන නම් කරාට වරදක් නැහැ කියලයි මම දකින්නේ.හැබැයි ඉති දෙන්නම සීමාවන් දැනගෙන (තමන් තවම විවාහ නැතිවග)කරන්න ඕන.නැත්නම් ඉතින් ඊට පස්සේ "මාර වැඩක් උනා","ඉක්මනට බෙහෙතක් කියපන් "කියලා ත්‍රෙඩ් දාන්න වෙනවනේ.
    මම කිව්වේ මගේ මතය ...

    බොහෝම ස්තූතියි සහෝ එය සහෝගේ මතයයි.. නමුත් සහෝ කියන විදිහට එහෙම එක්වෙද්දි තුන් වෙනි සිල් පදය කැඩෙන්න නැතුව ඕක කරන්න පුලුවන් අදාල පාර්ශව වලින් අවසරය තියෙනම් පමණයි කියලා තමයි ජීවක සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ.. අදහස බේදා ගත්තාට ස්තූතියි.. මම සහෝ ඔය සිල් පදේ කවදාවත් කඩලා නැහැ.. ඒකයි බය නැතුව දැම්මේ.. මමත් පෘථජ්ජන පුද්ගලයෙක්.. මම දාපු වලත් වැරදි ඇති ඒ වැරදි පෙන්නගෙන හරවත් සංවාදයක් ගොඩනගමු.. තෙරුවන් සරණයි ඔබට...
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umbta thyna danumata umbe user name set wenne nae bro.anyway niyama post eka.mam rep dne nae bn.
    දැනුම කියන්නේ සහෝ ඕක නිසාම ඊයේ ත්‍රිපිටකය කියෙව්වා ආයෙමත් තැන් තැන් වලින්. කලිනුත් ටික ටික කියවලා තියෙනවා ධර්මාචාරයට ඕනේ වෙන කරුණු හොයාගන්න.. යුසර් නේම් එක නම් ගැලපෙන්නේ නෑ තමයි සහො.. මට අත පය තියන් ඉන්න් බැරුවට දාගත්තු නමක්.. මේ පෝස්ට් එකට රෙප් ඕනේ නැහැ සහෝ. ධර්ම දානය උතුම් දානයක් වෙන කොට රෙප් වලින් ඇති ඵල කිම.

    ස්තූතියි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ කිව්වේ සහෝ.
    :nerd:

    බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.

    ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්‍රයේ සඳහන් වෙන්නේ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් තවම බැදලා නෑ Sex කරලත් නෑ. මම නියම බෞද්ධ.
    මේකේ බෞද්ධාගම වෙනුවෙන් කෑගහන එවුන් මට sure බඩු 10,15 වත් ගහහලා ඇති, Box ගානේ රිංගලා ඇති, ගල් කපලා ඇති, මල් ගහලා ඇති, etc...