විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    සහෝගේ මතක ඒක... මතයට ගරු කරනවා...



    මම මේක ප්‍රධාන වශයෙන් දැම්මේ අභියොගය බාර ගත්ත නිසා.. මම පන්සිලෙන් බොහෝම ධාර්මිකව ඉන්න කෙනෙක් සහෝ. මගේ මතයත් විවාහයට පෙර සෙක්ස් කියන එක ඕනේ නැහැ කියන එකයි. මොකද ජීවිතයේ විඳින්න තියෙන දේවල් ඒ කාලෙට විඳින්න තිබ්බාම ගන්න පුලුවන් විනෝදයත් නිසි අයුරින් ගන්න පුලුවන් කියලා තරමක් දුරට අවබෝධයක් තියෙන නිසා. සහොගේ මතය සහෝට හැම මතේකටම ගරු කරනවා.

    sry about sinhala... hari uba niweradi kiyamuko eth me de nokarana aya gena uba mokada kiyanne? a kiyanne mry karanna kalin set una unta mokada wenne?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    සහෝගේ මතයට මම ගරු කරනවා.. සහෝ කියලා තියෙන විදිහට අද සමාජයේ මේ කරුණු නිසා විවාහයන් සිදුවෙන බව සැබෑව.. නමුත් ඒ එක් එක් කරුණ වෙන වෙනම ගත්තම 3න් වෙනි සිල් පදය කැඩෙන්න අවශයය මූලික කරුණු 4 කැඩෙන්නේ නැහැ නේද.. ඒ කිව්වේ;

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    ඔය ටික අවලංගු නොවන නිසා අපිට ඒ ගැන සඳහන් කරන්න බැහැ නේද. බහු භාර්‍යයා විවාහය කියන එක බුදු දහමේ සඳහන් වෙන සූත්‍ර පිටකයක් හොයන්න ඕනේ සහෝ... මම ඒක හොයලා ඒ පිළිබඳව හරියටම අදහසක් දක්වන්නම්. මේ ටිකත් දාන්න ත්‍රිපිටකය PDF සෙට් එකක් අම්බානෙකට කියෙව්වා...

    අර කරුණු සහ මේ එක්ක බැලුවොත් බෞද්ධයෙක්ට බහු භාර්යාවන් තියගන්න පුලුවන්නේ?
    සමහර මිනිස්සු කසාද බැන්දත් ඒ මිනිහා සහ ගෑනි දෙන්නම, ගෑනිගේ දෙමපියන්ගේ යැපෙන අවස්ථා තියනවනේ.. :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    මම සෑහෙන්න කාලයක් තිස්සේ මේකේ කාමයේ වරදවා හැසිරීම ගැන හරි තේරුම මුන්ට කියලා දෙන්න උත්සහා කරා ඔය මව විසින් රකින, සමාජය විසින් රකින සිද්ධි ටික දාලා. වැඩේ කියන්නේ ඒවා තිබ්බේ කොහෙද කියලා මතක තිබ්බේ නෑ :P:P උඹ නම් ලෙසටම දාලා තියෙනවා මචං. රෙප් 100ක් දුන්නත් මදි :D:D
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දැන් මගුල් ගෙදරක යනවා සහෝලා. ඒකයි අද උදේ ඔෆ් එකක් ගත්තේ. හවසට කට්ටියට ප්‍රතිචාර දක්වන්නම්. තවත් වෙලා ලැප ඉස්සරහා හිටියොත් මම ඉවරයි.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම දැන් මගුල් ගෙදරක යනවා සහෝලා. ඒකයි අද උදේ ඔෆ් එකක් ගත්තේ. හවසට කට්ටියට ප්‍රතිචාර දක්වන්නම්.

    තවත් වෙලා ලැප ඉස්සරහා හිටියොත් මම ඉවරයි.

    monaa unath fatta threda machan. thanx wewaa meka dammata bn.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. Kellage කන්යාබාවය umbata wadagath da ? ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්.





    මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
    එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

    මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.




    ඒ කියන විදිහට;
    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.


    ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.


    මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.


    එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

    මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා.. අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කො‍ටු පනී කියලා තමයි බය.

    එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්‍රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්‍රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා.. සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ.. සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්..

    එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.

    අනිවා එකඟයි...හැබැයි ඕක කොච්චර පවක් උනත් මිනිස්සු ඕක නොකර ඉන්නෙත් නෑ...
    තමුන්ගේ බිරිඳ හැරුනුකොට අන් ඕනෑම ඉස්තිරියක් සමග රමණය,එහෙමත් නැත්තන් රති කෙලියේ යෙදීම පාපයක්.
    එතකොට අහන්න පුළුවන් බැඳපු නැති එවුන්ට බිරිඳක් නැති නිසා උන්ට ඒක පාපයක් වෙන්නේ නැද්ද කියල,නොබැඳ ගැහැනියක් එක්ක ලිංගිකව එකතු වෙනවා කියන්නේ ඉහත කරුණු අඩුම තරමේ එකක් හරි සම්පුර්ණ වෙන හන්ද ඒක පාපයක්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම නම් හිතන්නේ නැහැ විවාහයට පෙර ලිංගික එක්වුම පවක් කියල. මට කියපන් බලන්න උඹ පවක් කියල කියන්නේ කොහොමද කියල
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සහෝගේ මතයට මම ගරු කරනවා.. සහෝ කියලා තියෙන විදිහට අද සමාජයේ මේ කරුණු නිසා විවාහයන් සිදුවෙන බව සැබෑව.. නමුත් ඒ එක් එක් කරුණ වෙන වෙනම ගත්තම 3න් වෙනි සිල් පදය කැඩෙන්න අවශයය මූලික කරුණු 4 කැඩෙන්නේ නැහැ නේද.. ඒ කිව්වේ;

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    ඔය ටික අවලංගු නොවන නිසා අපිට ඒ ගැන සඳහන් කරන්න බැහැ නේද. බහු භාර්‍යයා විවාහය කියන එක බුදු දහමේ සඳහන් වෙන සූත්‍ර පිටකයක් හොයන්න ඕනේ සහෝ... මම ඒක හොයලා ඒ පිළිබඳව හරියටම අදහසක් දක්වන්නම්. මේ ටිකත් දාන්න ත්‍රිපිටකය PDF සෙට් එකක් අම්බානෙකට කියෙව්වා.ඒ ගැන දාලා මම මේ පෝස්ට් එකම යාවත්කල් කරන්නම්..

    ow machan menna meka hoyala dapan, godakma bauddayanta pahara denna balagena inna aya me wage then walin allagena anawashaya parawala wala yanna puluwan dharmayata niga dena katha kiya kiya...

    ube thread eka godak wedagath... mama ahala thiyena vidihata swayan vindanayath kamaye waradawa hesireemata ayath wenawa ( api bahutharayak oka karanawane) mamath mage biridath viwahayata kalin idalama ekata annex eke hitiya kalayak, namuth a weddi api badinawa kiyana eka theeranaya welath aurudu 5k vitara ( weradiyata arthakathanaya karanna epa me siddiya, api poduwe kathawena sansargaye ydune ne, ekata apita hoda iwaseemak tibba.) samahara vita ekath weradi wenna puluwani...


    monawa unath me dewal dena ganna eka loke kata unath yahapathak.... visheshayenma me wage dewal karana ayata
    http://www.albawaba.com/editorchoice/yemen-child-marriage-human-rights-519066

    meka allagena me thread eka wanasanna epa... meka wedagath thread ekak.. mama kale yam karanayak pennuwa vitarai... katawath apahasa karanna patan ganna epa meken...
     
    • Like
    Reactions: Ridila™

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මම නම් ගොඩක් ගැඹුරින් මේ ගැන අධ්‍යනය කරලා නැහැ. ඒ උනාට මේක කියෙව්වට පස්සේ ගොඩක් දේවල් දැන ගත්තා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මෙතන ලොකු වැරැද්දක් තියෙනව. උඹ ඔය කියන ගැහැනියෙක් පිරිමියෙක් කසාද බඳින (විවාහය )එක ආවෙ රෝම ලන්දේසි නීතියත් එක්ක. එතකොට ඊටකලින් ලින්ගිකව එකතුවුන සේරම පව් කාරයොද?:shocked::shocked:

    ඔය උඹ අරගෙන තියෙන කොටස්වල තියෙන්නෙ බලපෑම් කරලා/බලහත්කාරයෙන් ලින්ගිකව එකතුවෙන ගැන විතරයි. තරුන යුවලක් ස්ව කැමත්තෙන් ලින්ගිකව එකතුවෙන එකට කිසි තහනමක් තිබ්බෙ නැහැ. විවාහය අදාල කරගන්න එපා. මොකද ඒ කාලෙ දැන් වගේ වික්ටෝරියා ක්‍රමයක් නෙමෙයි තිබුනෙ
    :rolleyes::nerd:
     
    • Love
    Reactions: harshasoon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචන් මෙතන ලොකු වැරැද්දක් තියෙනව. උඹ ඔය කියන ගැහැනියෙක් පිරිමියෙක් කසාද බඳින (විවාහය )එක ආවෙ රෝම ලන්දේසි නීතියත් එක්ක. එතකොට ඊටකලින් ලින්ගිකව එකතුවුන සේරම පව් කාරයොද?:shocked::shocked:

    ඔය උඹ අරගෙන තියෙන කොටස්වල තියෙන්නෙ බලපෑම් කරලා/බලහත්කාරයෙන් ලින්ගිකව එකතුවෙන ගැන විතරයි. තරුන යුවලක් ස්ව කැමත්තෙන් ලින්ගිකව එකතුවෙන එකට කිසි තහනමක් තිබ්බෙ නැහැ. විවාහය අදාල කරගන්න එපා. මොකද ඒ කාලෙ දැන් වගේ වික්ටෝරියා ක්‍රමයක් නෙමෙයි තිබුනෙ
    :rolleyes::nerd:

    බඳින්නේ අඟෙන්... බැඳෙන්නේ හිතින්....
    මගේ මතය තමන් ආදරය කරන තමන්ට ආදරය කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දි වෙන කෙනෙක් එක්ක කලොත් ඒක වැරදියි...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බඳින්නේ අඟෙන්... බැඳෙන්නේ හිතින්....
    මගේ මතය තමන් ආදරය කරන තමන්ට ආදරය කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දි වෙන කෙනෙක් එක්ක කලොත් ඒක වැරදියි...
    ඔව් එතනදි වැරැද්දක් තියෙනව, ඒත් ඒක තියෙන්නෙ විරුද්ධ පාර්ශවයෙ ආකල්පය මත.
    7.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් එතනදි වැරැද්දක් තියෙනව, ඒත් ඒක තියෙන්නෙ විරුද්ධ පාර්ශවයෙ ආකල්පය මත.
    7.gif

    විරුද්ධ පාර්ශවය කැමැත්තක් කියන්නේ...
    ගෑනි කැමැතිනම් threesome එකක් වගේ උනත් අවුලක් නෑ වගේද?

    අපරාදේ කියන්න බෑ උඹලගේ නබි තුමා ගෑනු 4ක්ම බඳින්න දීල තියනවා... ;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් තවම බැදලා නෑ Sex කරලත් නෑ. මම නියම බෞද්ධ.
    මේකේ බෞද්ධාගම වෙනුවෙන් කෑගහන එවුන් මට sure බඩු 10,15 වත් ගහහලා ඇති, Box ගානේ රිංගලා ඇති, ගල් කපලා ඇති, මල් ගහලා ඇති, etc...
    මට අවුරුදු 24 යි සහෝ.. මමත් බය නැතුව කියනවා මමත් මොකුත් කරලා නැහැ. ඒ නොලැබීම නිසා නෙමෙයි දිට්ඨ ධම්මවේදනීය පාප කර්ම වලට තියෙන බයට..

    sry about sinhala... hari uba niweradi kiyamuko eth me de nokarana aya gena uba mokada kiyanne? a kiyanne mry karanna kalin set una unta mokada wenne?

    ඒ අයගෙන් කාමය වරදවා හැසිරීම කියන පාපකර්මය වෙනවා සහෝ.. මට ඕනේ උනේ එයින් සිදුවෙන අයහපත කියන්න නෙමෙයි.. ඒක පවක්ය කියලා පවසන්න.. සහෝගේ දැන ගැනීම පිණිස ඒ ටික මෙතන දාන්නම්..

    කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

    සතුරන් නැත්තෙකු වීම
    සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
    ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
    සැපසේ නින්ද යාම
    සැපසේ පිබිදීම
    අපාය භය නැත්තෙකු වීම
    නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
    ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
    ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
    කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
    සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
    ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
    පිරිපුන් ඉදුරන් ඇති බව
    පිරිපුන් ලක්ෂණ ඇති බව
    සැක නැති පුද්ගලයෙකු වීම
    මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
    සැප විහරණ ඇත්තෙකු වීම
    කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
    ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

    ඉහත කරුණු වලින් සියල්ලම නැති උනත් බහුතරයක් ආනිශංස ලැබෙනවා සහෝ... අනික කියන්නම ඕනේ දෙයක් තියනවා සහෝ.. එය අනුමත කරනවානම් එය සහෝගේ මතය.. මට කියන්න ඕනේ උනේ එයින් පවක් සිදුවන බව විතරයි සහෝ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර කරුණු සහ මේ එක්ක බැලුවොත් බෞද්ධයෙක්ට බහු භාර්යාවන් තියගන්න පුලුවන්නේ?
    සමහර මිනිස්සු කසාද බැන්දත් ඒ මිනිහා සහ ගෑනි දෙන්නම, ගෑනිගේ දෙමපියන්ගේ යැපෙන අවස්ථා තියනවනේ.. :)

    බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.


    ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්‍රයේ සඳහන් වෙන්නේ..

    එහෙනම් සහෝ දෙමව්පියන් මත යැපුනත් එහෙම අවස්තාවකදී අවසර ලැබිලා නේද.? එතකොට පවක් සිදු වෙන්නේ නැහැ.. බහු භාර්‍යයා කතාව ටිකක් සංකීර්ණ එකක් ඒකට තව ටිකක් කරුණු පෙලගස්වලා මම තොරතුරු ඉදිරිපත් කරන්නම් සහෝ... තෙරුවන් සරණයි..


    පැටියා;15580317 said:
    කිසි වරදක් නෑ :yes:
    අදහසට ස්තූතියි...

    මම සෑහෙන්න කාලයක් තිස්සේ මේකේ කාමයේ වරදවා හැසිරීම ගැන හරි තේරුම මුන්ට කියලා දෙන්න උත්සහා කරා ඔය මව විසින් රකින, සමාජය විසින් රකින සිද්ධි ටික දාලා. වැඩේ කියන්නේ ඒවා තිබ්බේ කොහෙද කියලා මතක තිබ්බේ නෑ :P:P උඹ නම් ලෙසටම දාලා තියෙනවා මචං. රෙප් 100ක් දුන්නත් මදි :D:D

    රෙප් වලට නෙමෙයි සහෝ මේක දැම්මේ ධර්ම දානයක් වෙනුවෙන්...