සිහින රැයම මුරට ඉන්න රෑ තුන් යාමේ
ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ
පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ
සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
සුසුම් ස්වරය නොතිබුණාට හෘද රිද්මයේ
මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ
නොකීවාට දෙතොල් තෙපුල් නොලීවාට බොළඳ වදන්
නොපෑවාට නයන කැළුම් කමක් නෑනෙ මට හොඳනම්
මට හිත ඇතිනම් කමක් නෑ ඉතිං//
නොපිරුවාට මහා පෙරුම් නොතැනුවාට මනෝ විමන්
නොහිතුවාට ගැඹුරු සිතින් කමක් නෑනෙ මට හොඳනම්
ඔබෙ හිත ඇතිනම් කමක් නෑ ඉතිං//
ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ
පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ
සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
සුසුම් ස්වරය නොතිබුණාට හෘද රිද්මයේ
මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ
නොකීවාට දෙතොල් තෙපුල් නොලීවාට බොළඳ වදන්
නොපෑවාට නයන කැළුම් කමක් නෑනෙ මට හොඳනම්
මට හිත ඇතිනම් කමක් නෑ ඉතිං//
නොපිරුවාට මහා පෙරුම් නොතැනුවාට මනෝ විමන්
නොහිතුවාට ගැඹුරු සිතින් කමක් නෑනෙ මට හොඳනම්
ඔබෙ හිත ඇතිනම් කමක් නෑ ඉතිං//


