it all about harak mas

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    යකෝ උබලා වගේ පිස්සෝ නිසා තමයි එලකිරිය ආගාදෙට යන්නේ , යකෝ උදේ පාන්දර විහිළුවටවත් කාගෙන්වත් බැනුම් අහන්න එපා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරක් මසේ තියෙනා ලෙඩ

    CowHeadUp_428874664_large.jpg


    මුදලාලි මතකද මාව??
    ..ආ.. මහත්තයනේ..
    මස් කිලෝ 12ක් නේ මහත්තයො..
    ඔව් මුදලාලි.. ගාණ ප්‍රශ්නයක් නෑ.. හොඳම එකින් ඕන..

    ඒක ප්‍රශ්නයක් නෑ.. මහත්තයට හොඳම ඒවයින් දෙන්නම්.. කොටහළුවක්නේ මහත්තය?
    ඔව්..

    මහත්තය හරක් මස් කන්නෙ නෑ කිව්වනේ.. ගෙනියන්නෙ එතකොට??
    එන කට්ටියට ඕනනේ මුදලාලි..

    ඔව් ඒක හරි.. මහත්තය අර අහන්න තියනව කිව්වෙ???
    මුදලාලි මේ ෆීල්ඩ් එකේ කොච්චර කල්ද??
    දැන් අවුරුදු දහයකට වැඩියි මහත්තයො..

    එහෙමද.. මුදලාලි හරක් මස් කනව නෙ?
    ඉඳල හිටල හොඳම මසක් ලැබුනොත් කනව ඉතින්..

    හොඳම මසක් කිව්වෙ මුදලාලි? ජරා හරක් මස් එනවද?
    පොඩි පොඩි අවුල් තියන ඒව එනව.. මහත්තයට හොඳම එකින් දෙන්නම් බයවෙන්න එපා..

    අවුලක් නෑ මුදලාලි.. දිගටම මෙහෙන් තමයි මීටපස්සෙ ගන්නෙ.. දැන් ඔය හරක්ට ලෙඩ එහෙම හැදෙනවද මුදලාලි??
    අපෝ ඔව් මහත්තය හරක්ට මිනිස්සුන්ට වඩා ජරා ලෙඩ හැදෙනව.. ඒකයි මම අර කිව්වෙ හොඳ මසක් ආවොත් කනව කියල..

    වෙලා තියන එකේ මුදලාලි පොඩ්ඩක් මට ඒ ගැන කියන්න පුළුවන්ද??
    අපෝ මහත්තය මොකෝ බැරි.. මහත්තය ඉතින් අමුතු කෙනෙක් යැ..
    පිට හමේ විෂබීජ, ඇතුලෙ හමේ විෂබීජ, පණුරෝග, උණ වර්ග ගොඩක් තියෙනව හරක්ට හැදෙන.. ඒ මොනා උනත් හරකව අහක දාන්න බෑනෙ මහත්තය.. ඒක නිසා සීරුවට ඌව මස් කරනව.. මිනිස්සුන්ට ඕව ගානක් නෑ.. මහත්තය වගේ කෙනෙක්ට ඉතින් මෙහෙම විශේෂයක් කරාට හැමෝටම එහෙම බෑනෙ ඉතින්.. අපිත් බිස්නස් එක කරගන්නෙපැයි..

    හරි.. දැන් මොනාද ඔය කියන ලෙඩ වලින් මිනිස්සු හරක් දෙගොල්ලන්ටම හැදෙන ලෙඩ??
    ඔය බීල වැඩිවුණාම සිරෝසිස් කියල අක්මාව (ලිවර් එක - මෙය හරකාගෙ වටින මිළ අධික කොටසකි.) ඉදිමෙන ලෙඩක් හැදෙන්නෙ අපිට. ඒකම අරක්කු නොබොන උන්ටත් හැදෙනව. ඔය කෘතිම සිංචනය වගේ දේවල්වලින් දිගටම පැටව් ගහන උන්ට ඕක ගොඩ වෙලාවට හැදෙනව.. ඒ වැස්සියන්ගෙ අක්මාවෙ කුඩා ශිරා, ධමනි වගේ ඒව ඉදිමිලා අක්මාව ඇතුළෙ කළු, නිල් පාට දිලීර පුල්ලි හැදෙනව..
    ඒ වගේම හරකුන්ගෙ බඩවැල් ඇතුළෙ තියන එකඑක බැක්ටීරිය ආසාදන නිසාත් අක්මාව ඉදිමෙනව.. කහ පුල්ලි, කොලපාට සැරව ගෙඩිවලට අමතරව දිලීර පුල්ලි එහෙමත් සතා මසට කපනකොට තියෙනව.. හරකගෙ අක්මාව කියන්නෙ දිලීර, බැක්ටීරියා වලට හොඳට වැඩෙන්න පුළුවන් තැනක්..

    ඔය ඇතුලෙ හැදෙන දිලීර පුල්ලි වගේ ඒව ගන්නකොට මිනිස්සුන්ට පේන්නෙ නැද්ද??
    පී.එච්.අයි මහත්තයලටයි අපිටයි ඉතින් ඕව අනන්තවත් මාට්ටු වෙනව මහත්තයො.. ඒත් ඉතින් හරකගෙ වටිනම පාට් එකනෙ ලිවර් එක. ඒක කෑමට සුදුසු නෑ කියල වළලන්න බෑනෙ. සමහරු ලෙඩ්ඩුන්ට හරකගෙ ලිවර් එක අරගෙන ගිහින් තම්බල දෙනව සනීප වෙන්න කියල.. ගොඩ වෙලාවට ඉතින් ඕවවල මොකක් හරි ලෙඩක්, ආසාදනයක් තියෙනව.. මේකනෙ මහත්තයො, ඒව මිනිස්සු හිතල කරන දේවල්.. අපි බලෙන් ගන්න කියන්නෙ නෑ.. අපිටත් ඉතින් බිස්නස් එකන.. අනික ඒ මනුස්සයගෙ අවශ්‍යතාව..

    තව මොනාද ඒ වගේ ලෙඩ රෝග හරක්ට හැදෙන??
    ඇයි පෙනහළු රෝග.. හරක්ට පෙනහළු රෝග ගොඩක් හැදෙනව.. එම්පිසිමා, නිව්මෝනියාව, පෙනහළු ඉදිමීමේ රෝග හැදුන හරක් ඉක්මනට මැරෙනව.. අයිතිකාරයො හදිසියට විකුණනකොට ඉතින් අඩුගානට අපිටත් ගතහැකි.. අපිත් හරක අරන් ඉක්මණින් මස් කරල කොක්කට දානව.. කල් තියාගන්න පුළුවන් ඒව පස්සෙ ගන්නව..

    තව ඔය වගේ විශේෂ අවයව වල හරක්ට ලෙඩ හැදෙනවද??
    වසා ග්‍රන්ථි 10ක්ද කොහෙද තියනවනේ හරක්ට.. බැක්ටීරියා නිසා මේවවල සැරව පිරෙනව.. ඒකින් ලෙප්රායිට්ස් කියල ලෙඩක් හැදෙනව උන්ට.. ඒව තියන මස් කෑවොත් ඉතින් අතීසාරය, පාචනය වගේ ලෙඩ උනත් හැදෙන්න පුළුවන්..

    බලනකොට මිනිස්සු දැන දැන වසනෙ කන්නෙ මුදලාලි..
    ඒකනම් මහත්තයො ඉතින් දැන් කොයිකෙත් වස තමයි.. කිරිපිටි වලත් වසකොට..

    එතකොට මිනිස්සුන්ට බලපෑමක් වෙන මේ වගේ තව ලෙඩ තියනවද??
    හරක්ට ප්ලීහාව ඉදිමෙන බැක්ටීරියා ලෙඩ හැදෙනව.. ඒව අඳුරගන්න අමාරුයි.. ගොඩ වෙලාවට තියනව.. ඒ මස් තැම්බුවත් ඒ බැක්ටීරිය අයින් වෙන්නෙ නෑ.. හොඳ නොවෙන උදරාබාධ එහෙම හැදෙනව ඒව ඇඟට ගියාම මිනිස්සුන්ගෙ..
    සමහර මිනිස්සු ක්ෂය රෝගෙ හැදිච්ච හරක් මස් කාල ක්ෂය රෝගෙත් හදාගන්නව.. ජීවිතේට හිතන්නෙ නෑනෙ මහත්තයො.. අන්තිමට දාගෙන හොයනව කොහොම හැදුනද කියල..
    තව... සන්ධි එහෙම ඉදිමෙන ලෙඩ හැදුන වැස්සියෙක්ගෙ කිරි බිව්වත් මිනිස්සුන්ට ලෙඩ වෙලා උණ හැදෙනව මහත්තයො..

    දැන් එතකොට පණුරෝග එහෙම මුන්ට හැදෙන්නෙ නැද්ද?? ඒවයින් බලපෑමක් නැද්ද අපිට??
    මොකෝ නැත්තෙ.... හරක් පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව, උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස් ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන නිසා ගොඩක් අය කන්න කැමතිලු.. අපි ඒකට කියන්නෙ බාබත් එකක් කියල.. ඔය ලොකු ලොකු හෝටල්වල බාබත් පිට්ටු කියල විකුණන්නෙ ඔය පණු ගුලිය.. ඒක උනත් හරියට තම්බල නොදුන්නොත් මිනිහගෙ ආමාශෙට පණු කෝෂ ඇතුල්වෙන්න පුළුවන්..

    දැන් එතකොට මුදලාලි ගෙවල්වල හදන බල්ලන්ටත් අඩුගානට මස් අරන් ගිහින් තම්බල දෙනව නේද ගොඩක් අය??
    අඩුගානට කිව්වෙ මහත්තයො ඉතින් එතකොට අපි දෙන්නෙ අර මම කිව්ව මස්වලත් ජරාම එක තමයි.. ඒ කිව්වෙ අපිරිසිදුම එක.. ගොඩ වෙලාවට ඕකෙ පටිපනු කෝෂ එහෙම පුරෝල තියෙනව.. ඇහැට පේන්නෙ නෑ.. ඕක ගිහිල්ල තම්බල බල්ලට දුන්නට කොච්චර තැම්බුවත් ඕකෙ ඒ පණුකෝෂවලට මුකුත් වෙන්නෙ නෑ.. අන්තිමට බල්ල ඕක කෑවම උන් බල්ලගෙ බඩ ඇතුලෙත් ඉක්මනින් බිත්තර දාල ප්‍රජාව බෝ කරනව.. අන්තිමට ඒ බල්ල අතපාත ගාන මිනිස්සුන්ටත් නොදැනිම එයාලට පටපනු ලෙඩේ හැදෙනව..
    තව ටෙටනස් කියන ලෙඩෙත් හැදෙනව උන්ට.. ඒකෙන් මිනිස්සුන්ට තියන බලපෑමනම් මම දන්නෙ නෑ.. ඒත් ඔය පිටගැස්ම හරකුන්ටත් හැදෙනව..

    දැනට ඔය ඇති නේද.. ඔය කතාකරේ ‍ෆීල්ඩ් එකේ බර එක්ස්පීරියන්ස් එකක් තියන මුදලාලි කෙනෙක්.. සල්ලි අරන් එන්න බැංකුවට යනව කියල යන්තම් ෂේප් උනා.. ආයි ඉතින් අවුරුදු දෙක තුනකට ඒ පැත්තෙවත් යනව බොරු.. මොනව උනත් ඔයගොල්ලන්ට මේ දේවල් කියවල හරි දේ දකින්න පුළුවන්නම් මට ඕන එච්චරයි..
    තව දෙයක් මගේ යාළුවනේ.. මම ඔයගොල්ලන්ට මහන්සිවෙලා මෙහෙම හෙළිදරව්වක් කරාම සමහර අය මේක කොපි කරන් මගෙ නම අයින් කරල උන්ගේ වගේ දාල පොරවල් වෙනව.. හරි දුකයි හිතට ඒ වෙලාවට.. නම නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් මහන්සියට වටිනාකමක් දෙන එකනෙ මනුස්සකම කියන්නෙ..


    එහෙනම් තවත් හෙළිදරව්වක් කරනකම් ඉවසල ඉන්න.. සමාජයෙ ඔයාල නොදන්න ගොඩක් පැතිකඩවල් ආවරණය කරල ඔයාලට කියල දෙන්න මම ලෑස්තියි.. මම ඔබේ මිතුරු, විශ්ව වංශනාත්.. සුභ දවසක් වේවා!!


    Source:FB​


    ane me leda okkoma bota hadiyan :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    i don't eat beef not b'cos of any religious stuff i just don't like to eat beef and pork .
    but i know where the good place is..

    try BAREFOOT restaurant in Bamba , if it is ok ill tell u more :P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ey ban me harak mas kana ekata minissu oya tharam tharaha? thaman kanne neththam kata wahagena hitapallako, kana anith ewunta wali danne nethuwa.. yakage aanduwakne.. umbala kanne ne kiyala anith ewunuth noka inna oni da? haraka merunoth witharada pow? anith saththu ( kukulo, eluwo, maalu) saththu neweda? gon part..

    anyway.. thread eka dapu ekata kiyanne. lankawe harak mas quality eewa newe, masata hadana hark pita ratawal wala wenama innawa. kiri walata hadana ewungeth mas quality new kiyala mama inna rate suddek kiwwa.hondama harak mas kanna oni nam ekko US, UK< AUS, brazil, NZ wage ratawal walata yanna oni.
     

    katare

    Junior member
  • May 31, 2008
    37
    6
    8
    ey ban me harak mas kana ekata minissu oya tharam tharaha? thaman kanne neththam kata wahagena hitapallako, kana anith ewunta wali danne nethuwa.. yakage aanduwakne.. umbala kanne ne kiyala anith ewunuth noka inna oni da? haraka merunoth witharada pow? anith saththu ( kukulo, eluwo, maalu) saththu neweda? gon part..

    anyway.. thread eka dapu ekata kiyanne. lankawe harak mas quality eewa newe, masata hadana hark pita ratawal wala wenama innawa. kiri walata hadana ewungeth mas quality new kiyala mama inna rate suddek kiwwa.hondama harak mas kanna oni nam ekko US, UK< AUS, brazil, NZ wage ratawal walata yanna oni.
    thx machan