සුභ උදෑසනක් පල්සර් කුකුළණි......
හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා......
ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා......

මෙන්න වංගුව.... ඈදිලා ගියපු පාර......
මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ.....

එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ......
සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි.....

ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා.....
සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ.......
ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා.....

ඌ ගෙදරට ආවා.....
බයික් එකේ ක්රෑෂ් බාර් එක තුවාලයි.......

සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා......