මා දකිනා සොදුරු දසුන් ඔබත් සමග බෙදාගන්න...
මා අසනා මියුරු මියැසි ඔබෙ තුරුලට වී අහන්න....
මා දෙනුවන් පියවෙන තුරු උකුලේ හිස තියාගන්න..
ඒ සුවයෙන් මට පුලුවන් සුරලෝකයෙ පියාඹන්න....
ගිටාරයේ තත් වයමින් හෙමිහිට ගීයක් ගයන්න...
ඒ ගීයට උදව් දෙමින් අත්පොඩියක් ලබා දෙන්න...
සංගීතය ආදරයට මුසුකරමින් සිනාසෙන්න...
ඒ සිනහව ලොව දිදුලන පහන් ටැඹක් වී නැගෙන්න...
කෙහෙල් කොලේ ඔතා ගෙනා බත් කොට්ටය ලිහාගන්න...
අඹ ගහ යට බංකුව ලග අපි දෙන්නට වාඩි වෙන්න.....
කිසිම දිනක නොලද රසක් මේ පංගුවෙ තියා ගන්න...
ආසයි මට ඔයා අතින් බත් ඩිංගක් කවා ගන්න....
දුහුල් සළු පිලින් හැඩ වූ සුර දෙව්ලිය මෙහෙට එන්න..
ඔය සුදුමුදු ඇගිලි තුඩින් මට කිතියක් කවා ගන්න...
තව චුට්ටක් ලගට වෙලා තොදොල් බසින් කථාවෙන්න...
ජීවිතයෙම මිහිරි මතක මේ මොහොතේ ලබාගන්න...
අතීතයේ හීන තුලින් අනාගතය එළි වෙන්නේ...
අද පතනා පැතුම් තුලයි හෙට අප ජීවත් වෙන්නේ....
බලාපොරොත්තුව හද බැදි විශ්වාසය සමගින්නේ....
ආත්මයෙන් ආත්මයට අපිම අපට හිමි වෙන්නේ.....
අඩ අදුරේ මේ ගෙවෙනා මොහොතක් කල්පයක් වෙන්න...
අද රැය නොම පහන් වෙලා සදු අහසේ බලය ගන්න...
හිනා නොවී මෙහෙ ඇවිදින් බිදුවක් මට කියා දෙන්න....
මා මනසේ රැදෙන සිතුම් වචන වලට නගා ගන්න.....

Last edited: