අද දින ලොකු පුතා ගේ පාසැලේ ඔරියන්ටේෂන්ය. අලි මදිවාට හරක් කිව්වැහේ දෝණි ගේ නර්සරිය ද අද ඇරඹිණි. බිරින්දෑ දෝණිය සමග යවා මම පුත්තරයා පාසැලට ගෙන ගියෙමි. ගිය 7 වෙනිදා ගිය විට දුන් උපදෙස් පරිදි අරලි මල්, දිග ඉරටු, ටින් බෙර දෙකක් ආදී සන්නං මන්නං ද රැගෙන ගියෙමි.
පුත්රයා ගේ පන්ති භාර ගුරුතුමිය අභිරාම රුවැත්තියක් බව වෙසෙසින් සදහන් කරමි.11 වන විට පාසැල නිමවී කොළුවා පැමිණියේය. හොදම කමෙන්ට් එක මෙයයි....
“තාත්ති අපේ මැඩම් ලස්සන වුනාට කටහඩ ටිකක් ටකරං වගේ“
උදේ 6.15ට නිවසින් පිටවී, 7.30 වන විට ෆුල් ට්රැෆික් එකේ රිය පැද, 11 ආයේ නහර රියදුරන් සමග රිය පදවා, කොළුවා ගෙදර දමා 2ට සේවා ස්ථානයට පැමිණියෙමි.
දැන් ආයේ 17 සිට උදේට මේ කට්ට කෑ යුතුයැ.
දීගයේ රග දැනේනේ දූ දරුන් ලත් තැනේයා - මෙය විල්කි කොලින්ස් ලියූ සුදු වත හැදි කත (Lady in White by Whilky Collins) පොතේ තිබූ කියමනකි.......
සකියෙනි, තොප ගේ නව පාසල් වාරයේ කට්ට කෙසේ ද?![]()


සුපුරුදු ලෙසට උදේ සවස පාසල් යමි. 19 සිට තුන් පාරක් යාමට සිදුවේ. ලොක්කට පාසල 1 ට නිමවන අතර 19 පොඩ්ඩට පාසල් වාරය පටන්ගත් පසු 11.30 ට නිමවේ.....
පට්ට ට්රැෆික් එකේ තුන් පාරක් යන එක නම් පට්ටම ආතල්ය.......





නාකි විසේ....... 


මම නම් සෙනසුරාදා නුවරඑළි යමි යලිත් 
?
bus labba tai labbitai enna kiwwa ae gamana yanna
kiyapan balanna hethuwa