උවමනාවට වඩා පිට රටට ආවැඩීම වගේම උවමනාවට වඩා ලන්කාවේ ඉතිහාසේ ගැන වර්නනා කිරීමත් අපි දැන් මේ ඉන්න තත්වෙට හේතුවක්..
70-80 ගනන් වල තිබුන ප්‍රශ්නේ තමා කලු සුද්දො වෙලා කලිසම් කොට් ඇදගෙන සුද්දගේ ඒවම කියවපු එක. ඒකත් ජාතියට හෙනයක්, අදටත් ඉන්නවා වයසක පොරවල් when i was in british government කියලා කතාව පටන් ගන්න. උන්ට වැරදුනේ සුද්දා කරේ තිය ගන්න ගිහින්.. ඒ වගේම අද ඉන්නවා සෙට් එකක් නැශනල් කිට් එක ගහගෙන සින්හල කියලා පොර ටොක් දෙන හරියට ලොකේ පාලනය කරන්නේ සින්හල උන් වගේ, දාගැබ් ලන්කාවේ විතරක් නෙමෙයි, චීන මහා ප්‍රාකාරෙත් ලන්කාවේ උන් ගිහින් ගැහුව ගානට 2500ක ඉතිහාසේ කබල් ගානවා, අන්න එහෙම සෙට් එකක් තමා 90 අගබාගේ ඉදන් අද වෙනකන් මේ රට කන්නේ..
ඔව් මචං උඹේ කතාවට මෙතනදී මමත් එකඟ වෙනවා .මොකද සමහර එවුන් ඉන්නවා උන්ට අනුව ඔක්කොම කරලා තියෙන්නේ රාවණා නැත්තම් අපේ රටේ වෙන කවුරුහරි එකෙක් .මේ විදියට මුන් පොර ටෝක්ස් දුන්ට උන්ගේ ළමයි ඉගෙන ගන්නේ මෙව්වයේ නෙමේ .උදාහරනයක් ලෙස දැන් ගමු මහින්ද රාජපක්ෂ ..එයා ඇඳන් ඉන්නේ සරම ,දේශීය කුරහන් සාටකේ බෙල්ල වටේ .ඒයාගේ හෙංචයියෝ දෙන්නේ දේශීය පොර ටෝක්ස් .හැබැයි එයාගේ ළමයි ඉගෙන ගත්තේ ක්‍රිස්තියානි ඉස්කොලේක .උසස් අධ්‍යාපනය හැදෑරුවේ එංගලන්තේ .අන්න ඒ වගේ තමා අනික් උනුත් .අද තියෙන කළු සුද්දන්ගේ සොරූපය අන්න ඒ වාගේ .උන් කරඟේ සුද්දත් එක්ක අපිව තරහා කරවලා හැමදාම ගොබ්බ මොඩල් එකේ තියන්න .මොකද ඊලඟ පරම්පරාවල් එන කොට උන්ගේ ළමයින්ව උන් වෙනම හරිගස්සනවා අපිව පාලනය කරවන්න .සුද්දා 100 % k ම හරියි කියන්න බැහැ .ඒත් අපි මෙහෙම අපේ වංසෙ කබල් ගා ගා ඉන්න එකෙන් නම් කවදාවත් දියුණුවක් නම් නැහැ .මොකද ඉතිහාසේ ගැන අපිට පම්පෝරි ගහන්න පුළුවන් උනේ ඉතිහාසේ හිටිය මිනිස්සු දෙයක් කරපු නිසා .ඒත් අපේ උන් අද කරන්නේ රටට කිසි දෙයක් නොකර වංසේ කබල් ගා ගා ඉන්න එකයි අපේ රටෙන් පිට රටවල් වලට ඒ රටවල් වල දියුණුවට අවශ්‍ය කරන මිනිස් ශ්‍රම ප්‍රමානය සපුරන්න වැදගත් ලෙස උගත් වහලුන් සහ වැඩි ඉගෙනීමක් කියලා එකක් නැති නූගත් වහලුන් අපනයනය කරන එකයි විතරයි .









