ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..
පාවිච්චි කරපු එකක් ගන්නයි හිටියේ. හැමෝම බැන්නා කවුරු මොනවා කරපුවද දන්නේ නැති නිසා ගෙවන්න හරි අලුතෙන් එකක් ගනින් කියල. ගත්තා කිව්වට තාම ගත්තේ නෑ. අද හවස ගිහින් සල්ලි බැන්දා Assetline එකට. ආසාව තිබ්බේ 180 එකකට. එත් සල්ලි නැති නිසා 150 තමයි සල්ලි බැන්දේ. අතින් 190000/= ක් දුන්නා. ඉතිරි ටික 6000 ගානේ අවුරුදු දෙකෙන් ගෙවන්නයි ගත්තේ. මගේ යාලුවෙක් ඇපේට අත්සන් කරේ. ඒ බුරුවා ගෙනල්ලා තිබ්බේ මාස ගානක් පරණ ලයිට් බිලක්. ඒ නිසා හෙට උදේට ඇවිත් අලුත් බිලක් දීලා බයික් ඒක අරන් යන්න කිව්වා. නැත්තන් මෙලහකට ගෙනල්ලනේ කොලු පැටියව..
දැන් මට කියන්න ඕනේ යාලුවනේ ඒක නෙවෙයි. ඇත්තටම ආසාව තිබ්බට මම බයික් ගැන වැඩිය දන්නේ නෑ. ඇත්තටම දන්නෙම නෑ වගේ තමයි. දැන් මම හෙට උදේ යනවා කොල්ලව ගන්න. ගිහින් මම මොනවද බලන්න ඕනේ බයික් එකේ? රේස් කරලා බලන්න ඕනෙද? ලයිට් දාල බලන්න ඕනෙද?
අනේ දන්නා ඈයෝ මට පොඩ්ඩක් කියල දුන්නොත් පින් සිද්ද වෙනවා. කොල්ලට නොන්ඩි නොවී බයික් ඒක අරන් එන්න.

පරිස්සමින් පදින්න මචෝ...
මම ගන්නකොට 2,75,660/= ඒත් මම ගත්තේ 2,73,660/= කට.....