මොනවද මේ නැව්..?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා... අද මම ලෝක ආර්ථිකයට ගොඩක් වැදගත් වගේම ලොකු බලපෑමක් කරන නැව් ගැන පොඩි විස්තරයක් දැම්මා ඔන්න..සමහරුනම් මේවා ගැන දන්නවා ඇති නැති අයට දැනගන්නයි මේ විස්තරේ.මේ නැව් විවිධ අන්ශ වලට කොටස් වෙනවා භාවිතය අනුව.
    මම එහෙනම් පටන් ගන්නම්කෝ


    1. Passenger Ships
    4470cruise_ship.jpg

    මේ තියෙන්නේ Cruiser Ship එකක්.මෙවා පාවිච්චි වෙන්නේ නම් ඉතින් පොහොසත් අයගේ සුඛෝපභෝගී ජීවිත වල නිවාඩු දවස් ගෙවන්න වගේ තමයි.ඇතුලේ නැති පහසුකමක් නැහැ.swimming pool,grounds,clubs,Bars,Casino හැමදේම වගේ තියෙනවා.සේවකයෝ ඉන්නවා හැමදේටම.තරු හෝටලයකට වඩා පහසුකම් විදින ගමන් රටවල් කීපයක සන්චාරය කිරීමේ අවස්ථාව ලැබෙනවා මේ මගී ප්‍රවාහන නෞකාවක යන අයට.

    2. Container Ships
    trein.jpg

    මේ තියෙන්නේ Container Ship (බහාලුම් නෞකාවක්).ගොඩක් අය මේවානම් දැකලා ඇති මොකද අපේ කොලඹ වරායත් බහාලුම් වරායක් නිසා.මේවා භාණ්ඩ ප්‍රවාහන නැව්.මේ නැව් ඉක්මනින් වරායක් ඇතුලට ගිහින් කෙටි කාලයකින් පිට වෙනවා.

    3.Bulk Ships
    cargo-ships-capesize-bulk-carriers-36593-3332937.jpg

    මේ තියෙන්නෙ Bulk Ship එකක්.මේවගේ විවිධ දේවල් ප්‍රවාහනය කෙරෙනවා.මම මේ නැවක Cargo hold එකක් ඇතුලේ පොටෝස් මගේ කලින් ත්‍රේඩ් එකක දාලා තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?p=16178545#post16178545,
    ගල් අගුරු,යපස්,යකඩ,තිරිගු,සීනි,සිමෙන්ති වගේ දේවල් මේ නැව් වල ප්‍රවාහනය කෙරෙනවා.Container නැව් තරම් Speed නම් නැහැ.

    4.Car Carriers
    Car_carrier.jpg

    pic_vessel.jpg

    මේවානම් තවත් වැදගත් නැව් ජාතියක්.මේවට තමයි Car carriers එහෙමත් නැතිනම් Ro Ro Carriers කියන්නේ.අපි හැමෝම භාවිතා කරන වාහන ප්‍රවාහනය කරන්නේ මේ නැව් වල තමයි.වාහන අහුරලා තියෙන්නේ කොහොමද කියලා idea ekak 2nd photo එකෙන් ගන්න පුළුවන් හරිම උසයි වගේම හොද වේගයක් තියෙනවා මේ නැව් වලට.

    5.Cattle Carriers
    Tiertransporter_2408_W708.jpg

    sheep%2Bbeing%2Bloaded.jpg

    මේ තියෙන්නේ Cattle Carrier(සත්ව ප්‍රවාහන නෞකාවක්). මේ ගැනනම් ඉතින් විස්තරයක් නැහැ.හරිම ජරා වගේම ඉවසන්න බැරි ගදයි මේවගේ.මොකද සත්තුනේ මුන් මැරෙනවා පවා අතරමගදි

    6.Tanker Vessels
    lng-tanker-350x350.jpg

    Gas Tanker
    sifa-9441245-crude_oil_tanker-ship-1370.jpg

    Crude oil tanker
    මේවගේ වටිනාකම වගේම අරන් යන Cargo වල වටිනාකම ගැනත් කියන්න ඕනි නැහැනේ.crude oil,chemical,gas ප්‍රවාහනයට මේවා භාවිතා වෙනවා.එ වගේම මේ නැව් ප්‍රවාහනය කරන්නේ Dangerous cargo.Risky හරිම.වේගය අඩුම නැව් ජාතියක්.

    පස්සේ තව විස්තර දාන්නම් මේක හොදයි කියලා හිතෙනවානම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.නොදන්න දෙයක් දැනගත්තනම් රෙප් එක්කුත් දීලා යන්න කැමතිනම්.:yes:.

    00020408.gif
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,823
    2,382
    113
    පට්ට පෝස්ට් එක මාත් පට්ට ආසයි නැව් වලට
    රෙප් +++
     
    • Like
    Reactions: crazyasa

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තව එකක් මම එකතු කරන්නම්, මේ තියෙන්නේ පාවෙන විදුලි බලාගාරයක්.. ලන්කාවට අර කරන්ට් කපන කාලේ මේකක් ගේන්න හිතුවා ඒ කාලේ ආන්ඩුව..

    fgg.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව එකක් මම එකතු කරන්නම්, මේ තියෙන්නේ පාවෙන විදුලි බලාගාරයක්.. ලන්කාවට අර කරන්ට් කපන කාලේ මේකක් ගේන්න හිතුවා ඒ කාලේ ආන්ඩුව..

    fgg.jpg

    elaz..