St Clair's Falls & Devon Falls #TeamTraveler

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔයාලා හැමෝම නුවරඑළියේ ගිහිල්ල ඇති. නුවරඑලිය කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ග්‍රේගරි වැව, අඹේවෙල ෆාර්ම් එක. එතනින් එහාට අපි හිතන්නේ නුවරඑළියේ බලන්න දෙයක් නෑ කියල. ඒත් අපි අද එළකිරි සංචාරකයා තුලින් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නුවරඑළියේ ඉදන් පැයක විතර දුරින් තියෙන ගොඩක් දෙනෙක් අහල තිබුනට තවම දැකලා නැති ලංකාවේ ලස්සන දියඇලි දෙකක් ලගටයි.......

    ඔයාලා නුවරඑළියේ සංචාරයේ යනවා නං නුවරඑළියේ ඉදන් මේ මාර්ගය ඔස්සේ ඔයාලට පැයකින් විතර තලවකැලේට ලගා වෙන්න පුළුවන්.

    12342306464_d2072958cb_z.jpg


    එහෙමත් නැත්නං ඔයාලට හැටන් වල ඉදන් තලවකැලේ හරහා නුවරඑලියට යන්න පුළුවන් මේ දියඇලි 2ම බලාගෙන.

    12342307134_777bf618eb_z.jpg


    හැමදාම දකින තැන් ටිකට යනවට වඩා මේ වගේ දිය ඇල්ලක් බලන්න ටිකක් දුර ගියාට පාඩුවක් වෙන එකකුත් නෑ.

    මම නං මගේ ගමන පටන් ගත්තේ තලවකැලේ නතර වෙලා හිටපු දවස් අතරතුරයි. උදේ පාන්දරම මම මගේ යාලුව TKNanayakkara එක්ක ගමන පටන් ගත්තා. තලවකැලේ town එකේ ඉදලා පොඩි දුරක් හැටන් පැත්තට යනකොට තමයි මේ දියඇලි දෙකම අපිට හම්බ වෙන්නේ.

    12342272354_47a953a981_c.jpg


    12342275114_51a0aa972d_c.jpg



    මුලින්ම අපි ගියේ Devon's fall එක බලන්න. හැටන් - තලවකැලේ පාරටත් මේ දිය ඇල්ල පේනවා. ඒත් අපිට පාරෙන් විතරක් බලල මදි හින්ද තව ටිකක් ලගට යන්න තීරණය කළා. ඔයාලටත් පුළුවන් මේ දේවාලයට යන පාර දිගේ ඇවිදගෙන ඇල්ල හොදට පේන හරියට යන්න.


    12341801175_5b7d1e5c5e_c.jpg



    12341822645_ba404bd90b_c.jpg



    12341954873_8e59856b90_c.jpg



    12341810445_a4499c01dc_c.jpg



    12342246734_f003581b78_c.jpg


    ඔන්න අපි ඒ දේවාලය ගාවට ආවා.

    12341932123_b3886fd530_c.jpg


    මේ තියෙන්නේ එතනට ඇල්ල පේන විදිහ.

    12341787955_b814eb7405_c.jpg



    12342227744_644b49682e_c.jpg



    12341941343_6a34df75c1_c.jpg



    12342264024_bc98508b9c_c.jpg



    12341924363_a3d93d1da1_b.jpg


    එදා වතුර පාර ගොඩක් සැරයි. නැත්නං අපි ඇල්ල උඩට යන්නයි හිතාගෙන හිටියේ. එදා ගියා නං තවම වැටෙන්න තිබ්බ. :dull::dull:

    12341944053_acd0a1b5ba_c.jpg



    ඊට පස්සේ අපි පාර දිගේ එන ගමන් එතන තියෙන St.Clair Tea Castle එකට යන්නත් අමතක කලේ නෑ.

    12342201784_0570fdddd8_c.jpg



    12341760195_e99489de3b_c.jpg



    12341764585_33653e6188_c.jpg



    12341921833_226f8004f9_c.jpg



    මේ තියෙන්නේ Tea Castle එක උඩට ඇල්ල පේන විදිහ.

    12342180404_0154e4828e_c.jpg



    12341769535_d5c8cbbedd_c.jpg


    එතන ඉදන් තවත් 1 km විතර තලවකැලේ පැත්තට ආවම තමයි ඔයාලට St.Clair's falls එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ එන අතරමගදී දැක්ක ලස්සන.....

    12341735955_279c485520_c.jpg



    12342194194_2c2d03df36_c.jpg



    12341951663_f07151e399_c.jpg



    12341968193_71e5014dc4_c.jpg



    12342197974_bb7181ef5d_c.jpg



    12341869973_dbb24369bd_c.jpg


    St.Clair's දිය ඇල්ල කියන්නේ ටික කාලෙකට කලින් ගොඩක් කතාබහට ලක් උන දිය ඇල්ලක්. ඒකට හේතුව තමයි ඉහල කොත්මලේ විදුලි බලාගාරය හින්ද St.Clair's දිය ඇල්ල වහන්න වෙන එක. පරිසර සංවිධාන කොච්චර උත්සහ කලත් St.Clair's දිය ඇල්ල ආරක්ෂා කරගන්න බැරි උනා.
    ඒත් අපි යන දවසේ අපි ගොඩක් වාසනාවන්ත උනා.ඒ දවස් වල ගොඩක් වැස්ස හින්ද එදා ජලාශයේ වාන් දොරටු ඇරලා තිබුනේ. ඒ හින්ද අපිට මෙන්න මේ වගේ ලස්සනට St.Clair's දිය ඇල්ල බලාගන්න පුළුවන් උනා.

    12341854873_bc9d79b0f7_c.jpg



    12342142034_24264025fb_c.jpg



    12341834983_8bb102528c_c.jpg


    මේ දිය ඇල්ල ඔයාලට කෝච්චියෙන් බදුල්ලට යද්දිත් දැකගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ යාලුවෙක් කෝච්චියේ යද්දී ගත්තු photo එකක්. මේ වාන් දොරටු වහල තියෙන දවසක.

    901135_10201550460821291_1722802267_o.jpg


    St.Clair's දිය ඇල්ලත් අපිට පාරෙන් විතරක් බලල මදි හින්ද තේ වත්තක් මැදින් පුළුවන් තරන් පහලට බැස්සා.

    12342172414_42ffec8218_c.jpg



    12341700295_a465019909_c.jpg



    12341728205_089aa9b587_c.jpg


    ඔන්න අපි යන්න පුළුවන් ලගටම ගියා. මෙතනින් පහලට හෙල.

    12341708305_d1986defd2_c.jpg



    12341862583_93905123fa_c.jpg



    12341842833_b5687d1d2f_c.jpg



    12341716005_07fcd66fd8_c.jpg


    මම....:cool::cool:

    12342135434_6539948959_c.jpg


    ඔන්න අපේ එදා දවසේ ගමනත් ඒ විදිහට ඉවර උනා. ලගදීම තවත් සංචාරයකින් ආයෙත් හම්බවෙමු.....



    9706616405_733734e4ba_n.jpg






    Read our all articles and old posts
    http://www.teamtraveler.info





    We Highly Appreciate Your Ideas..
    send your Suggestions and ideas :-

    [email protected]


     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Superb Brooo ...

    wate gahala ennalu ubata + dennna...

    Pics tika dakiddith ethanta giya wagemai.. keep rocking with Team Traveler..

    oya patte gal walin paniddi parissamin honde :P
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ara ihala kotmale magula nisa santha clair allata una deyak aparade
    lankawe thiyana pattama diya ella munta mewai watinakamk nathi hati
    aparade