ඔයාලා හැමෝම නුවරඑළියේ ගිහිල්ල ඇති. නුවරඑලිය කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ග්‍රේගරි වැව, අඹේවෙල ෆාර්ම් එක. එතනින් එහාට අපි හිතන්නේ නුවරඑළියේ බලන්න දෙයක් නෑ කියල. ඒත් අපි අද එළකිරි සංචාරකයා තුලින් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නුවරඑළියේ ඉදන් පැයක විතර දුරින් තියෙන ගොඩක් දෙනෙක් අහල තිබුනට තවම දැකලා නැති ලංකාවේ ලස්සන දියඇලි දෙකක් ලගටයි.......
ඔයාලා නුවරඑළියේ සංචාරයේ යනවා නං නුවරඑළියේ ඉදන් මේ මාර්ගය ඔස්සේ ඔයාලට පැයකින් විතර තලවකැලේට ලගා වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නං ඔයාලට හැටන් වල ඉදන් තලවකැලේ හරහා නුවරඑලියට යන්න පුළුවන් මේ දියඇලි 2ම බලාගෙන.
හැමදාම දකින තැන් ටිකට යනවට වඩා මේ වගේ දිය ඇල්ලක් බලන්න ටිකක් දුර ගියාට පාඩුවක් වෙන එකකුත් නෑ.
මම නං මගේ ගමන පටන් ගත්තේ තලවකැලේ නතර වෙලා හිටපු දවස් අතරතුරයි. උදේ පාන්දරම මම මගේ යාලුව TKNanayakkara එක්ක ගමන පටන් ගත්තා. තලවකැලේ town එකේ ඉදලා පොඩි දුරක් හැටන් පැත්තට යනකොට තමයි මේ දියඇලි දෙකම අපිට හම්බ වෙන්නේ.
මුලින්ම අපි ගියේ Devon's fall එක බලන්න. හැටන් - තලවකැලේ පාරටත් මේ දිය ඇල්ල පේනවා. ඒත් අපිට පාරෙන් විතරක් බලල මදි හින්ද තව ටිකක් ලගට යන්න තීරණය කළා. ඔයාලටත් පුළුවන් මේ දේවාලයට යන පාර දිගේ ඇවිදගෙන ඇල්ල හොදට පේන හරියට යන්න.
ඔන්න අපි ඒ දේවාලය ගාවට ආවා.
මේ තියෙන්නේ එතනට ඇල්ල පේන විදිහ.
එදා වතුර පාර ගොඩක් සැරයි. නැත්නං අපි ඇල්ල උඩට යන්නයි හිතාගෙන හිටියේ. එදා ගියා නං තවම වැටෙන්න තිබ්බ.

ඊට පස්සේ අපි පාර දිගේ එන ගමන් එතන තියෙන St.Clair Tea Castle එකට යන්නත් අමතක කලේ නෑ.
මේ තියෙන්නේ Tea Castle එක උඩට ඇල්ල පේන විදිහ.
එතන ඉදන් තවත් 1 km විතර තලවකැලේ පැත්තට ආවම තමයි ඔයාලට St.Clair's falls එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ එන අතරමගදී දැක්ක ලස්සන.....
St.Clair's දිය ඇල්ල කියන්නේ ටික කාලෙකට කලින් ගොඩක් කතාබහට ලක් උන දිය ඇල්ලක්. ඒකට හේතුව තමයි ඉහල කොත්මලේ විදුලි බලාගාරය හින්ද St.Clair's දිය ඇල්ල වහන්න වෙන එක. පරිසර සංවිධාන කොච්චර උත්සහ කලත් St.Clair's දිය ඇල්ල ආරක්ෂා කරගන්න බැරි උනා.
ඒත් අපි යන දවසේ අපි ගොඩක් වාසනාවන්ත උනා.ඒ දවස් වල ගොඩක් වැස්ස හින්ද එදා ජලාශයේ වාන් දොරටු ඇරලා තිබුනේ. ඒ හින්ද අපිට මෙන්න මේ වගේ ලස්සනට St.Clair's දිය ඇල්ල බලාගන්න පුළුවන් උනා.
මේ දිය ඇල්ල ඔයාලට කෝච්චියෙන් බදුල්ලට යද්දිත් දැකගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ යාලුවෙක් කෝච්චියේ යද්දී ගත්තු photo එකක්. මේ වාන් දොරටු වහල තියෙන දවසක.
St.Clair's දිය ඇල්ලත් අපිට පාරෙන් විතරක් බලල මදි හින්ද තේ වත්තක් මැදින් පුළුවන් තරන් පහලට බැස්සා.
ඔන්න අපි යන්න පුළුවන් ලගටම ගියා. මෙතනින් පහලට හෙල.
මම....

ඔන්න අපේ එදා දවසේ ගමනත් ඒ විදිහට ඉවර උනා. ලගදීම තවත් සංචාරයකින් ආයෙත් හම්බවෙමු.....
Read our all articles and old posts
http://www.teamtraveler.info

FBI එකෙනුත් ඇවිල්ල නේ ඇල්ල බලන්න ..